ජීවිතයට වද දෙන සෞඛ්‍ය ගැටලුවලින් මිදෙන්නට මගක්

ජීවිතයට වද දෙන සෞඛ්‍ය ගැටලුවලින් මිදෙන්නට මගක්

දිගටම තිබහා - පිපාසය පවතින්නේ නම් ඒ ගැන සොයා බැලීම වැදගත්ය. දියවැඩියාව, හෘද, අක්මා, වකුගඩු ආදී ඉන්ද්‍රියක අකරණය (ක්‍රියාකාරීත්වය අඩු වීම) හෝ රුධිරය ගැලීමක් වැනි කායික වෛද්‍යමය තත්ත්වයක් එයට මුල්විය හැකිය. එසේ නැතහොත් අධික රුධිර පීඩනය, හෘද අකරණයට, අසාත්මිකතා, මුත්‍රාශ ගැටලු ආදිය සඳහා ලබාදෙන ඖෂධ නිසාද නිතර පිපාසය දැනීම ඇතිවිය හැකිය.

Heart එක රැකගන්න දිනකට මිනිත්තු 15 ක් සිනාසෙන්න

හෘදය හා රුධිර නාළවල සෞඛ්‍යය රැකගැනීම පිළිබඳව වෛද්‍ය උපදෙස් පතා ගිය එක් රෝගියෙකුට ලබා දුන් වෛද්‍ය නිර්දේශය වූයේ අඩු තරමින් දවසකට මිනිත්තු 15 ක කාලයක්වත් සිනාසෙන ලෙසය. මෙම අරුම පුදුම වෛද්‍ය උපදෙස ලද රෝගියා කුමක් සිතුවේද යන්න ගැටලුවක් නොවුවත් සිනාසීම හෘදයට ගුණදායක ද යන්න සොයා බැලිය යුත්තකි.

වෛද්‍යවරයාගේ එම නිර්චෙද්ශයට හේතු වී ඇත්තේ මෑතකදී කළ අධ්‍යයනයක් මඟින් හෙළිකර ඇත්තේ සිනාසීම හෘදය හා සිරුර තුළ රුධිර ගමනාගමනයට යහපත් කරවන බැවින් එය හෘදයාබාධ වැළැක්වීමට සමත් වන බවට වූ කරුණය.

රූපවාහිනිය ඔස්සේ වුව මිනිත්තු කිහිපයක් විකට වැඩසටහනක් නැරඹූ කල රුධිර නාළ 22% කින් විස්සාරණයවීම ඉහිල් හෝ පුළුල් වීම වන බව පෙනී ගොස් ඇත. මේ අතරම යුද හා බිහිසුණු දර්ශන නැරඹීම රුධිර නාළ 35% කින් හැකිළීමට සමත්වන බව හෙළිදරව් වී ඇත. රුධිර නාළ පුළුල් වීමක් සමඟ හෘදයට හා ධමනි නාලවලට එල්ලවන බලපෑම අඩු කරමින් සිරුර තුළ පහසුවෙන් රුධිරය ගලායාම සිදු වෙයි. මෙය හරියටම එළිමහනේ ව්‍යායාමවල යෙදීමෙන් ලැබෙන වාසියට සමාන වූවකි.

එසේම සිනාසෙන විට නයිට්‍රස් ඔක්සයිඩ් නම් රසායනය වැඩිපුර නිදහස් වන අතර එය රුධිර සෛල ඉහිල් කිරීමට සමත් වූවකි. එපමණක් නොව රුධිර නාල අළුත්වැඩියා කිරීමට අවශ්‍ය එන්ඩොර්පීන් නම් රසායනික හෝර්මෝනය වැඩිපුර භාවිතා කිරීමට ද සිනාසීම දායක වෙයි. සිනාසී තර වෙනවා වෙනුවට හදවත රැක ගැනීමට ඔබට පුළුවන.

අධික පිපාසය හොඳ ලකුණක් නොවෙයි

පසුගිය පායන කාලයේදී පිපාසාව නැතිනම් තිබහා ඇති නොවුන අයෙක් සිටිය නොහැකිය. එහෙත් වැඩිපුරම පිපාසය ඇතිවන්නේ ව්‍යායාම ගැනීම, ක්‍රීඩාවක නිරතවීම, අධික ලෙස දහඩිය දැමීම, වමනය, පාචනය හෝ උණ වැනි රෝග තත්ත්වයකදී විජලනයට ලක්වීම, ලුණු අධික ආහාර ගැනීම, ප්‍රමාණවත් තරම් ජලය පානය නොකිරීම වැනි දියර අහිමි වීමට හේතු කාරක වූ තත්ත්වයක් නිසාය.

එසේ වුවත් එවැනි පැහැදිලි හේතුවක් නොමැතිව දිගින් දිගටම තිබහා - පිපාසය පවතින්නේ නම් ඒ ගැන සොයා බැලීම වැදගත්ය. දියවැඩියාව, හෘද, අක්මා, වකුගඩු ආදී ඉන්ද්‍රියක අකරණය (ක්‍රියාකාරීත්වය අඩු වීම) හෝ රුධිරය ගැලීමක් වැනි කායික වෛද්‍යමය තත්ත්වයක් එයට මුල්විය හැකිය. එසේ නැතහොත් අධික රුධිර පීඩනය, හෘද අකරණයට, අසාත්මිකතා, මුත්‍රාශ ගැටලු ආදිය සඳහා ලබාදෙන ඖෂධ නිසාද නිතර පිපාසය දැනීම ඇතිවිය හැකිය.

නිතර මුත්‍ර කිරීමේ අවශ්‍යතාව, වෙහෙස දැනීම, උදර වේදනාව, පෙනීම බොඳවීම, සහ හිසරදය සමඟ අධික පිපාසය පවතින්නේ නම් නොපමාව වෛද්‍යවරයකු හමුවීම ඉතා ප්‍රයෝජනවත්ය.

තදින් ගොරවනවා වහාම නැගිට්ටවන්න

ඔබ අසල නිදා සිටින අයෙකු (සැමියා, බිරිඳ හෝ අන් අයෙකු) තද නින්දේ සිටින විට ගොරවන්නේ නම් ඔහු හෝ ඇයව හෝ නින්දෙන් අවදි කිරීම ප්‍රයෝජනවත් ක්‍රියාවකි.

ගැඹුරු නින්ද් පසුවන විට කෙනෙකුගේ වායු මාර්ගය අර්ධ වශයෙන් අවහිර වූ විට ගැහෙන කම්පන හඬ ගෙරවීම ලෙස හැඳින්වෙයි. මෙම වායු මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වූ විට එය ඔබ්ස්ට්‍රක්ටිව් ස්ලීප් ඇප්නියා” (වායු මාර්ගය අවහිර වූ නිදි ආබාධයක්) ලෙස නම් කරයි. මෙවිට ශරීරයට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වන අතර නින්දෙන් අවදි වුවහොත් වායු මාර්ගය නැවත විවෘත වී ස්වසනය නිවැරදි වෙයි. මෙසේ නිදන අතරතුර වරින් වර නින්ද කැඩීම නින්ද නිසා ලබන විවේකය ශරීරයට අහිමි කරයි.

දිවා කලයේ නිදිමත ඒම, නොසන්සුන්තාව, වෙහෙස දැනීම ආදී තත්වයන් ඇති කර රුධිර පීඩනය ඉහළ දැමීමට, දියවැඩියාව සහ හෘද රෝග ඇති කිරීමට දායක වෙයි.

එසේම “ඔබ්ස්ට්‍රක්ටිව් ස්ලීප් ඇප්නියා” නම් අවහිරකාරී නිදි ආබාධය හෘදයාබාධ ඇති වීමට ප්‍රධාන හේතුවක් ලෙස පිළිගැනේ. මෙහි ඇති බරපතලම තත්ත්වය නම් බොහෝ මාරාන්තික හෘදයාබාධ ඇතිවන්නේ කෙනෙකු නින්දේ පසුවන රාත්‍රී කාලයේදී හා අලුයම් කාලයේදී වීමය.

එහෙයින් තදින් ගෙරවීම ඇත්නම් වෛද්‍යවරයෙකු හමු වී හෘදයාබාධ අවදානම ගැන තක්සේරු කර ගැනීම යහපත්ය.

උරහිස මිදිලද? Frozen Shoulder සඳහා ප්‍රතිකාර

කිසියම් දිනක ඔබ ඔබගේ උරහිස් සන්ධිය ශීතකරණයක හෝ අධි ශීතකරණ කුටියකට දමනු ලැබුවේද? “ෆෙ‍්‍රීසන් ෂොල්ඩර්” සඳහා ශීතකරණයක දැමීම අවශ්‍ය නොවේ. වෛද්‍ය විද්‍යාවේදී “ඇඩ්හෙසිව් නැප්සියුලයිටිස් හෙවත් අසන්තමය ප්‍රාවරද්‍රහය ලෙස නම් ලබන මෙහිදී සිදුවන්නේ උරහිස් සන්ධිය ඝනවීමය. උරහිස් සන්ධිය වටා පවතින සම්බන්ධක පටක ප්‍රාවරද්‍රහය ඝන වී තද වීම නිසා ඇතිවන කාලීන ප්‍රදාහමය තත්ත්වයක් ලෙස එය හැඳින්වීමට පුළුවන.

උරහිස් සන්ධිය ඝනවන්නේ කුමක් නිසාද යන්න ගැන පූර්ණ අවබෝධයක් තවමත් නැතත් දීර්ඝ කාලයක් තම අත සහ උරහිස අචලව (නොසෙල්වා) තබාගෙන සිටීම මෙයට හේතුව ලෙස පෙනේ. අස්ථි බිඳීමක්, තුවාල අනතුරක් හෝ ශල්‍යකර්මයකට ලක් වූ අය මෙම තත්ත්වයට වැඩිපුර ගොදුරු වෙයි. දියවැඩියාව ඇතුළු රෝග තත්ත්වයන් නිසාද මෙවැනි තත්ත්වයන් උදාවිය හැකිය. අත නොසෙල්වා සිටීම නිසා ඇතිවන මෙම තත්ත්වයේදී වේදනාව ක්‍රමයෙන් වැඩිවන අතර අත ඔසවා කරන කිසිදු ක්‍රියාවක් සිදු කළ නොහැකි තත්ත්වයට පත් වෙයි.

ඇදීම් සහ නම්‍යශීලීත්වය ඇති කරන ව්‍යායාමයන්හි යෙදීම මඟින් වේදනාව අවම කර මෙම තත්ත්වයට සහනය සැලසිය හැකිය. සමහර විට ඒ සඳහා ස්ටෙරොයිඩ් නික්ෂේෂණ විදීම හෝ ශල්‍යකර්මයට යොමුවීම හෝ අවශ්‍ය විය හැකිය.