සිහිය අවුල් වෙලා  මතකය අමතකයි!

සිහිය අවුල් වෙලා  මතකය අමතකයි!

ස්නායු - සම්ප්‍රේෂණ බලපෑම අවහිර කරන “ප්‍රති - කොලිනර්ජික්” වර්ගයේ ඖෂධ ද සිහි විකල් කිරීමට සමත්ය. මෙම හානිය ඇති කරන ඖෂධ අතර වෛද්‍ය නිර්දේශයකින් තොරව ලබාගත හැකි (ඕවර් ද කවුන්ටර්) ඖෂධ මෙන්ම වෛද්‍ය නිර්දේශ මඟින් ලබාදෙන ඖෂධ ද ඇතුළත්ය.

මේ අතර ඔබ පෙළන අධික රුධිර පීඩනය, දියවැඩියාව, හෘද රෝග, ආතරයිටීස් ආදිය සඳහා ගනු ලබන ඖෂධ පිළිබඳව ද වෛද්‍යවරයා සමඟ කතාබස් කර මොළය අවුල් කරන ඖෂධ ඇත්දැයි සොයා බැලීම හිතකර ක්‍රියාවකි.

විටමින් බී - 12 (සයනකොබලමින්) ඌනතාව

සිරුර තුළ රුධිරය සෑදීමට, රුධිරයේ ගුණාත්මකභාවය සුරැකීමට සහ ස්නායු පද්ධතියේ නිසි ක්‍රියාකාරිත්වයට අත්‍යවශ්‍ය වූ විටමිනයක් ලෙස බී - 12 විටමිනය හැඳින්විය හැකියි. ශාකමය ආහාර වලින් ලද නොහැකි බී - 12 විටමිනය ලද හැක්කේ මස්, මාළු, කිරි හා කිරි ආහාර, බිත්තර ආදී සත්ව මූලයන්ගෙන් සැපයෙන ආහාර මඟිනි. මේ නිසාම සත්වමය ආහාරයන්ගෙන් තොරව ශාකමය (එළවළු හා පලතුරු) වලින් පමණක් යැපෙන අයහට විටමින් බී 12 ඌනතාවය ඇති වීමේ හැකියාව ඉහළය. තත්වය වඩාත් භයානක කරනුයේ වයසට යත්ම ආහාරයෙන් සැපයෙන බී -12 විටමිනය අවශෝෂණය ද (ඇඟට උරා ගැනීම ද) දුර්වල වීමය.

මෙම තත්ත්වය පේශි දුර්වලතාවය ඇති කිරීමට මෙන්ම සිහිය අවුල් කිරීමට ද හේතුවෙයි.

“ස්ලීප් - ඇප්නියා” හි බලපෑම

“ස්ලීප් ඇප්නියා “ යනු නිද්‍රාබාධ තත්ත්වයකි. එහිදී නින්දේදී වරින් වර හුස්ම ගැනීමට අවහිර වී නින්ද කැඩෙයි. දිවා නිදන්නන් මෙම තත්ත්වයට වැඩිපු ගොදුරු වෙයි. මහ හඬින් ගෙරවීම ද ....... ගැටලුවකි. සිතීමේ අවුල් ඇති කිරීමට පමණක් නොව හෘදයාබාධ හා ආඝාත තත්ත්ව අවදානමට ද මෙය තර්ජනාත්මක ලෙස බලපානු ලබයි.

කාංසාව සහ විෂාදය

සිතට වදදෙන කනස්සල්ලෙන් පිරි කාංසාව මෙන්ම සති 2 කට වඩා කාලයක් පවතින අන්ත දුක්වීම හා බලාපොරොත්තු සුන් වූ අවස්ථාව ලෙස හඳුන්වන විෂාදය ද මෙහිදී ගැටලු මතු කරයි. මෙම තත්ත්වයන් දෙකම අපගේ සිතිමේ ක්‍රියාවලිය හා ගැටී අප අවට සිදුවන දෑ පිළිබඳව යථාවබෝධය ලබා ගැනීමට නොහැකි කරයි. තීරණයක් ගැනීමේ ක්‍රියාවලියට මෙන්ම සිහිය තබා ගැනීමේ හැකියාවට ද මෙම මනෝ රෝග තත්ත්වයන් බලපායි.

සිහිය අවුල් වීම සමහර පැරණි මතක රටාවට යාමට ඔබට උදව් කරන ප්‍රධානම ක්‍රියාවක් වන්නේ නිසි නිදි රටාවකට යාමය. පැය 7 - 8 ක් දිගටම නිදාගැනීමට වඩා එකම වේලාවක නින්දට ගොස් එකම වේලාවක අවදි වීමට දෛනික ජීවිතය හැඩගස්වා ගැනීම මෙහිදී වැදගත්ය. දහවලින් පසු කෝපි, කොකෝවා වැනි පාන වලින් ඈත් වීමද මෙහිදී ප්‍රතිඵල දායකය.

ඇවිදීම හා ව්‍යායාම කිරීම ද මෙහිදී මතකයට පණගෙන දෙන ක්‍රියාවලියකි. සතියකට මිනිත්තු 150 ක පමණ කාලයක් මධ්‍යස්ථ මට්ටමින් ඇඟ වෙහෙසවීමට ක්‍රියාකිරීම මෙහිදී ප්‍රමාණවත්ය. මෙම උත්සාහය මොළයට සිදුවන රුධිර ගමනාගමනය ඉහළ නැංවීමට, හොඳින් නිදා ගැනීමට උදව් වනවා පමණක් නොව සිතීමේ හැකියාව වර්ධනයට ද සහාය වෙයි.

ඖෂධ භාවිතයේ අතුරු ඵලයක් !

නිද්‍රාජනකමය බලපෑමක් ඇති සියලු ඖෂධ මෙහිදී මෙම චෝදනාවට ලක් වෙයි. එවැනි ඖෂධ අවධාරණය බිඳහෙලා මතකය අවුල් කිරීමට සමත්. ස්නායු - සම්ප්‍රේෂණ බලපෑම අවහිර කරන “ප්‍රති - කොලිනර්ජික්” වර්ගයේ ඖෂධ ද සිහි විකල් කිරීමට සමත්වේ.

මෙම හානිය ඇති කරන ඖෂධ අතර වෛද්‍ය නිර්දේශයකින් තොරව ලබාගත හැකි (ඕවර් ද කවුන්ටර්) ඖෂධ මෙන්ම වෛද්‍ය නිර්දේශ මඟින් ලබාදෙන ඖෂධ ද ඇතුළත්ය.

ආහාර රටාව ගැන සැලකිලිමත් වීම ද වැදගත්

පෝෂ්‍යදායී හා සෞඛ්‍යයට හිතකර ආහාර වේලක් නොගැනීම කය පමණක් නොව සිත ද දුබල කරයි. එහෙයින් නොපාහින ලද ධාන්‍ය, මාළු, පියලි ඇට, එළවළු හා පලතුරු අඩංගු ආහාර වේලක් කය සිත දෙකම ප්‍රාණවත් කිරීමට සමත් වෙයි. රතු මස් (හරක් , එළුමස්) අධික මේදය, අධික ලුණු හා අධික සීනි භාවිතය, මත්පැන් පානය හා දුම්පානය සිහිය පමණක් නොව ගත ද අවුල් කරයි.

දිනපතා හැකි පමණ පිරිසිදු ජලය පානය ද ගත සිත ප්‍රබෝධමත් කරන බව අමතක නොකළ යුතුය.

මේ අතර ඔබ පෙළන අධික රුධිර පීඩනය, දියවැඩියාව, හෘද රෝග, ආතරයිටීස් ආදිය සඳහා ගනු ලබන ඖෂධ පිළිබඳව ද වෛද්‍යවරයා සමඟ කතාබස් කර මොළය අවුල් කරන ඖෂධ ඇත්දැයි සොයා බැලීම හිතකර ක්‍රියාවකි.