ගැස්ට්‍රික් මානසිකත්වයෙන් මිදෙන්නට බැරිද?

සතුට විනෝදය සමඟ අධ්‍යාපනික වටිනාකමක් ඔබට ලබාදෙන සීතාවක උද්භිද උද්‍යානය

බොහෝමයක් රෝගවල මූලාරම්භය මානසික ආතතියයි. විශේෂයෙන් බෝ නොවන රෝගවන දියවැඩියාව, හෘදයාබාධ, අධි රුධිර පීඩනය වැනි රෝග මෙන්ම හිසරදය, ගැස්ට්‍රයිටීස් වැනි රෝග වැළඳීමේ අවදානමක් ඇති කරන සතුරකු ලෙස මානසික ආතතිය හඳුන්වාදිය හැකිය.

දරාගත නොහැකි වැඩ කන්දරාවක් තුරුළු කරන් සිටින වැඩිහිටියන් මෙන්ම විභාග ආතතියෙන් පීඩා විඳි ඔබගේ දූ දරුවන් සමඟ මේ අගෝස්තු නිවාඩුවේ සතුට පී‍්‍රතිය විනෝදය සමඟින් අධ්‍යාපනික වටිනාකමක් මෙන්ම පාරිසරික පද්ධති, ශාක, කුරුල්ලන් ආදිය පිළිබඳ දැනුවත්කමක් ජීවිතයට එකතු කරගන්නට දූෂිත පරිසරයෙන් මිදී නිදහසේ සුපිරිසුදු වා රැල්ලක හුස්ම පොද විඳ ගනිමින් පරිසර හිතකාමි බවින් යුත් අවිස්සාවේල්ල සීතාවක උද්භීද උද්‍යානය කරා ඔබ කැඳවාගෙන යන්නටයි මේ සූදානම.

අක්කර 106 කින් යුතුව පාළුවට ගිය රබර් වත්ත සීතාවක උද්භිද උද්‍යානය බවට පත් වූයේ 2008 වසරේදීය. කොළඹ දිස්ත්‍රික්කයේ එකම උද්භිත උද්‍යානය සීතාවක උද්භිද උද්‍යානයයි. භූ විෂමතාවලින් යුත් ජෛව විවිධත්වයෙන් හෙබි සිසිල් දේශගුණික තත්ත්වයෙන් පොහොසත් වූ මෙම භූමි භාගයේ අක්කර 60 ක තේ ගස් සරුසාරව වැඩී ඇත.

විශේෂ ස්තූතිය
සම්පත් සත්නාපිටිය කෘෂිකර්ම උපදේශක

රබර් පොල් මෙන්ම තේවලට අමතරව තාල වර්ගයේ ගස්, මී වන වර්ගයේ පැළෑටි කුඹුක් ගස් මෙන්ම කැලෑවට ආවේනික වූ දැවැන්ත වෘක්ෂ ලතාවන්ගෙන් අනූන වූ මෙම භූමි භාගය පාසල් දරුවන්ට, උද්භිද විද්‍යාවද හදාරන විශ්ව විද්‍යාල සිසුන්ට මෙන්ම වයස් සීමාවකින් තොරව පරිසරය පිළිබඳ බොහෝ දෙයින් දැනුවත්කම ලබන්නට හැකි ලෙස නිර්මාණය වී ඇත.

උද්භිද උද්‍යානයක ප්‍රධාන කාර්යභාරය වනුයේ වඳවී යන ශාක විනාශ වන්නට ඉඩ නොදී සංරක්ෂණය කිරීමය. ඒ සංරක්ෂණය සීතාවක උද්භිද උද්‍යානය තුළ නිතැනින්ම සිදුවන්නකි. තෙත් කලාපීය ශාක සංරක්ෂණය මෙන්ම වැව් පොකුණු ද මෙහි අපූරුවට නිර්මාණය කර ඇත්තේ දුටුවන් නෙත් සිත පැහැර ගන්නා අයුරිනි. දරුවන්ට විනෝදාස්වාදයක් ලබා දීමට වැවෙහි ඔරු පැද විනෝද වීම සඳහා පැඩ්ල් බෝට්ටු ඇත.

කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටා තිබුණ ද ඇතැම් දිනවල හිමිදිරි පාන්දර මීදුමින් වැසෙන මෙම භූමියේ දිස්වන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ දේශගුණයයි.

වන වදුළින් හමා එන සිහිල් සුළං රැල්ල සිරුර වටා දැවටෙන්නේ ගමන් වෙහෙස විඩාව නිවාලමින්.

මෙහි නැරඹිය යුතු ස්ථාන අතර මී වන උයන, පුෂ්පෝදානය වැව්, පොකුණු, ජපන් උයන (ජපන් ඡභඵඩ ශිල්ප ක්‍රමයට වවා ඇති සිහින් කූරු සහිත ශාක වන උද්‍යානය (තෙත් කලාපීය රූස්ස ගස් සහිතය.) කුඹුක් උයන (කුඹුක් ගස්වලින් පිරී ඇත.) ඖෂධ උයන (ඔසු පැල), රෝස උයන (රෝස මලින්) නැරඹුම් මැදිරිය ද විශේෂිතය.

තෘණ තැනිතලාව, වනාන්තරය, පොකුණ 5 ක්, වැව් 2 ක්, ආදියෙන් මෙය සමන්විතය සීතාවක උද්භිද උද්‍යානය වටා සැරිසැරීමට අවම වශයෙන් කිලෝ මීටර් 2 1/2 පමණක දුරක් යා යුතුය. නමුත් විඩාවක් නොදැනෙන්නේ රූස්ස ගස් සෙවණේ ගමන් මාර්ගය සාදා ඇති නිසාය. එසේම කුඩා දරුවන්ට ගෝල්ෆ් කාර්වල නැගී මෙම උද්භිද උද්‍යානය වටා සවාරියක් යා හැක. මෙම උද්භිද උද්‍යානය වට වී ඇත්තේ කඳු වළල්ලකිනි නැරඹුම් මැදිරිය ගොඩ වූ විට අති මනරම් ලෙස අපේ නෙතු ගැටෙන්නේ මේ කඳු වළල්ලයි.

ලංකාවට ආවේනික විවිධ පක්ෂීන්ගේ ලැගුම්හල බවට මෙය පත් වී ඇත. විසිහතර පැය පුරාම කඳු ගැටවලින් ගලා එය දිය දහරා නිසා වැව් නිරන්තරයෙන් ජලයේ පිරී පවතී. මිරිදිය මසුන් විශාල සංඛ්‍යාවක් වැවි පොකුණුවල දක්නට ලැබේ.

රත්නපුර දිස්ත්‍රික්කය, කොළඹ දිස්ත්‍රික්කය මායිම් වන කොඩි කන්දට මුහුණලා මෙම උද්‍යානය පිහිටා ඇති අතර නැරඹුම් මැදිරි ගිය විට එය දර්ශනීය ලෙස නෙත ගැටේ.

සීතාවක උද්භිද උද්‍යානයට යා හැකි කෙටිම මග වන්නේ කොළඹ රත්නපුර මාර්ගයේ පුවක්පිටිය දුම්රියපොල ස්ථානයෙන් බැස දකුණු දෙසට තුම්මෝදර පාරේ කිලෝ මීටර් 6 ක් ගිය තැනය.