අසාධ්‍ය තත්ත්වයට පත්වන තෙක් රෝග ලක්ෂණ මතු නොවන හෙපටයිටිස් C

අසාධ්‍ය තත්ත්වයට පත්වන තෙක් රෝග ලක්ෂණ මතු නොවන හෙපටයිටිස් C

කොළඹ ජාතික රෝහලේ

කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය

ප්‍රදීප් කුමාරසිංහ

මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වීමෙන් ද, හෙපටයිටිස් C රෝග ආසාදිතයකු භාවිත කරන ලද ඉදිකටු භාවිත කිරීමෙන් ද හිමෝපියාව වැනි රුධිරය පාරවිලනය කෙරෙන රෝගවලදී ද, හෙපටයිටිස් C ආසාදිතයකුගේ රුධිරය පාරවිලනය කිරීමෙන් ද මෙම රෝගය බෝ විය හැකිය. එසේම ලිංගික සම්පේ‍්‍රෂණයකදී බෝ වීමද තවත් ක්‍රමයක් වේ. නමුත් ලිංගිකව බෝ වීමේදි හෙපටයිටිස් ඕ රෝගය බෝ වන ප්‍රතිශතයට වඩා හෙපටයිටිස් C බෝ වන ප්‍රතිශතය අඩුය.

හෙපටයිටිස් C යනු අව්ඒ කාණ්ඩයට අයත් වෛරසයකි. මෙම වෛරසය ශරීරගත වූ සැණින් රෝග ලක්ෂණ මතු නොවේ. වෛරසය ශරීරගත වූවන්ගෙන් 90%කට රෝග ලක්ෂණ මතු නොවී කාලාන්තරයකට පසුව සිරෝසිස් ලෙස එසේත් නැත්නම් රෝගය තවදුරටත් වර්ධනය වී අක්මාවේ පිළිකාවක් ලෙස රෝගය උග්‍ර අවස්ථාවට පැමිණේ. වසර ගණනාවක් වෛරසය සමඟ ජීවත් වන රෝගියා මේ පිළිබඳ කිසිවක් නොදැනීම රෝගයේ තිබෙන භයානකම තත්ත්වයයි. නමුත් රෝගීන්ගෙන් 10% ක ප්‍රමාණයකට ද රෝග ලක්ෂණ මතු වීමක් දක්නට ලැබේ. මෙහිදී උණ සහ ඇස් කහ වීම වැනි අක්මා රෝගවල පොදු ලක්ෂණවලට අමතරව ආතරයිටිස් ලක්ෂණ මතු කරමින් සන්ධි ඉදිමීම, සහ වකුගඩු ආසාදනයකට ලක්විමට ද ඉඩ ඇත.

ඇතැම් විට උණ ඇති වී නැති වී යන තත්ත්වයක් ඇති වේ. බොහෝවිට මෙවැනි රෝගයකින් පෙළෙන්නේ දැයි සොයා ගත හැකි වන්නේ මෙඩිකල් චෙක් අප්/ මෙඩිකල් ස්ක්‍රීනින්ග් (Medical Check up/Medical Screening  වෛද්‍ය පරීක්ෂණයන් සඳහා යොමු වීමෙනි. එසේ නොමැති නම් වැලඳුන වෙනත් රෝගයක් සඳහා සිදු කෙරෙන වෛද්‍ය පරීක්ෂණයකදීය.

අක්මා එන්සයිම සොයා බැලෙන SGOT/SGPT  පරීක්ෂණයේදී අක්මාවේ එන්සයිම වැඩි වී ඇති බව වෛද්‍ය පරීක්ෂණ වාර්තාවේ සඳහන් වේ නම් වෛද්‍යවරයා සැක කරන රෝග කිහිපයක් ඇත. රෝගියාගේ Fatty Liver තත්ත්වය නිසා හෝ Hepatitis තත්ත්වය නිසා අක්මා එන්සයිම ප්‍රමාණය වැඩි වී ඇත්දැයි ඔහු සොයා බලනු ඇත.

හෙපටයිටිස් C රෝගය තහවුරු කර ගැනීමට කළ යුතු රුධිර පරීක්ෂණයක් ඇත. එය හඳුන්වන්නේ හෙපටයිටිස් C වෛරල් ඇන්ටිබොඩි (Hepatitis C Viral antibody) පරීක්ෂණය යනුවෙනි. ඒ සමඟම හෙපටයිටීස් Hepatitis C Viral  නැමැති පරීක්ෂණයෙනන් ද රෝගය හඳුනාගත හැකිය. මෙම වෛරස විනාශ කිරිමට ප්‍රතිවෛරස් ඖෂධ ඇත. හෙපටයිටිස් C වෛරසය සිරුරට ඇතුල් වී වාහක තත්ත්වයේ පවතින රෝගයක් නිසා රෝග ලක්ෂණ නොමැතිව 85% - 90% දක්වා රෝගීන්ට සිරෝසිස් තත්ත්වයට එළැඹීමට ඉඩ ඇත. එයිනුත් 10% - 15% දක්වා අක්මා පිළිකා ඇති වේ. හෙපටයිටිස් ඕ සහ C එකම ආකාරයට බෝ වන රෝග දෙකක් බැවින් හෙපටයිටිස් C වැළඳුණ යම් කෙනෙක් වේද, ඔහුට හෙපටයිටිස් C ද වැළඳීමේ ප්‍රවණතාව ද වැඩිය.

මෙම රෝග දෙකම ලිංගික සම්පේ‍්‍රෂණය, මත්ද්‍රව්‍ය එන්නත් කිරීම (එන්නත් කටු භාවිතයෙන්) හා රුධිරය මඟින් බෝ වන රෝග බැවින් මේ රෝග දෙකටම ගොදුරු වන්නේ එකම කාණ්ඩයකට අයත් පිරිසකි. එසේම මෙම කාණ්ඩයට අයත් පුද්ගලයෝ මත්පැන් භාවිත කරන අය වෙති. එබැවින් මෙම් කාණ්ඩයට අයත් පුද්ගලයන්ගේ ජීවන ක්‍රමය දෙස බැලූ විට මේ පුද්ගලයන්ට හෙපටයිටිස් ඕ සහ හෙපටයිටිස් C යන රෝග දෙකම වැළඳී තිබීමට තිබෙනන ප්‍රවණතාව වැඩිය. මේ අය මත්පැන්වලට ඇබ්බැහි වීම නිසා, අක්මාව අක්‍රිය වීමට මත්පැන් දැඩිලෙස බලපාන බැවින්, එවැනි අයට හෙපටයිටීස් ඕ ඇති වූ විට එය උග්‍ර අතට හැරිමට තිබෙන ඉඩකඩද වැඩිය.

බෙහෙවින්ම සංකීර්ණ රෝගයක් වන හෙපටයිටිස් C රෝගයට එකවරම ප්‍රතිකාර ලබා දි සුව අතට පත් කිරීම අනෙකුත් රෝග මෙන් පහසු කාර්යයක් වන්නේ නැත. එබැවින් ප්‍රතිකාර ආරම්භ කරනුයේ විවිධ පරීක්ෂණ සිදු කොට රෝගයේ විවිධ අවස්ථාවන් සහ රෝගයේ වර්තමාන තත්ත්වය පරීක්ෂා කිරීමෙන් අනතුරුවය. විශේෂයෙන් අක්මාවෙන් කුඩා කැබැල්ලක් ගෙන (බයොප්සි) පරික්ෂණයකට බඳුන් කොට එහිදී ලබා ගන්නා දත්ත වාර්තා අනුව රෝගියාට කිනම් ආකාර ඖෂධ ලබාදිය යුතුද? නැද්ද? යන්න වෛද්‍යවරයා විසින් තීරණය කෙරේ. එයට හේතුව වන්නේ මෙම රෝගයට ලබාදෙන ඖෂධ සිරුර තුළ ක්‍රියා කරන්නේ රෝගී තත්ත්වයේ යම්කිසි අවස්ථාවකදී පමණක් වන බැවිනි.

ලීවර් බයොප්සි පරීක්ෂණය සිදු කරන්නේ ඒ අවස්ථාව සහ තත්ත්වය හරියාකාරව සොයා ගැනිමටය. රෝගියාට ඇති වී තිබෙන රෝග අවස්ථාවට සරිලන ආකාරයට ඖෂධ ලබා දේ. මේ සඳහා හෙපටයිටිස් C ප්‍රති වෛරස් ඖෂධ තුන් වර්ගයක් එකතු කර රෝගියාට ලබාදෙන අතර ඖෂධ මාස 6 සිට අවුරුද්දක් පමණ කාල පරාසයක් තුළ රෝගියා ලබාගත යුතුය.