ඇතැම් බෙහෙත් බඩු කඩවල කල් ඉකුත්වූ ඖෂධ විකිණෙනවා

අවිස්සාවෙල්ල ආයුර්වේද මධ්‍යම
බෙහෙත් ශාලාවේ වෛද්‍ය
එම්.ඩී.ඒ. නයනාත

සැහැල්ලු ජීවිතය අප සිත වගේම ගත ද වෙහෙස බවින් දුරස් කරයි. ඒ තුළින් ලබන මානසික සුවය නිසා නිතැනින්ම අපට නිරෝගිමත් ජීවිතයක් ළඟා කර දෙන්නේ අප නොදැනුවත්වමය. මේ නිරෝගිකම දුරස් වුනොත්?.... ජීවිතයේ සතුට ඈත් වෙන්නේද අප නොදැනුවත්වමය. නමුත් රෝගයකදී ආයුර්වේද වෛද්‍ය විද්‍යාවෙන් මනා ඖෂධ වට්ටෝරු වගේම ආහාර වට්ටෝරු ගැන කියා දී තිබේ. නමුත් ඒවා සකසා ආහාරයට ගත යුත්තේ අප විසින්මයි. ඒ යුගය දැන් අවසන් වී ඖෂධ වෙළඳසැල් බිහිව පවතියි. ඒ අතර ආයුර්වේද රෝහල් තුලම ප්‍රමිතියානුකූලව නිෂ්පාදනය වන ඖෂධ නිසිලෙස පාරිභෝගිකයාට නිකුත් වෙයි.

එත් අද හතු පිපෙන්නා සේ බිහිවෙන ආයුර්වේද බෙහෙත් වෙළඳසැල් තුළින් ලැබෙන ඖෂධ නිසි ප්‍රමිතියකින් යුතුද? ඒ ගැන අපි අසා දැන ගනිමු. වෛද්‍ය එම්.ඩී.ඒ. නයනාතගෙන්.

බෙහෙත් තුණ්ඩු

මේ තුණ්ඩු ක්‍රමය විශේෂයෙන් දැකිය හැක්කේ ගමේ වෙද මහතා ළඟයි. ගමේ වෙද මහතා ප්‍රතිකර ලබා දෙන රෝගීන් සමඟ සම්බන්ධ වන්නේ බෙහෙත් සීට්ටුව, බෙහෙත් වට්ටෝරුව හෝ මේ බෙහෙත් තුණ්ඩුව මඟින්. රෝගියා ඊළඟට පිවිසෙන්නේ වෙද මහතා ලබාදෙන බෙහෙත් ඖෂධවලට අමතරව එහි නොමැති අනෙකුත් ඖෂධ සොයා ගැනීමටයි. වෙද මහතා ළඟ නැති ක්ෂාය ටික හෝ අරිෂ්ට වර්ග ගැනීමට බෙහෙත් තුණ්ඩුව යොමු කරන්නේ බෙහෙත් බඩු සැලවෙතයි.

වෛද්‍ය නිර්දේශය

රෝගියෙකුගේ ඖෂධ වෛද්‍යවරයා විසින් දෙනු ලබන්නේ මහත් වගකීමෙනි. නිසි ප්‍රමිතියකට නිෂ්පාදනය වූ ඖෂධ කල්තබා ගත යුතු කාලසිමාවන් ඉක්මවා නොගිය, විවිධ කෘමි හා වෙනත් විෂ සතුන්ගෙන් ආරක්ෂා කරගත් කිසියම් ක්‍රමවේදයකට සැකසූ ඖෂධ වර්ග මිස අනාරක්ෂිත අපිරිසිදු ද්‍රව්‍යයන් මුසු ඖෂධ භාවිතයට සුදුසු නොවේ. බෙහෙත් බඩු අතර අමුවෙන් ගත යුතු ද්‍රව්‍ය හා දින ගණනක් වියළි ස්වභාවයට පත් වූ ඖෂධ පවා ගත යුත්තේ ඉතා පිරිසුදුවය. ඒවා කෘමියන්ගෙන් ආරක්ෂා කරගත යුතුයි. සමහර ඖෂධ වර්ග දින ගණන් ගත වූ පසු පල් වී දුගඳ හැමීමකට ලක්විය හැකියි. ඉන් විෂබීජ එකතු වී අනිසි ප්‍රතිඵල ලබාදී රෝගය සුව වීම පමා කරයි. රෝග සුවයට මෙවැනි පරණ ඖෂධ සුදුසු නොවන බව වෛද්‍යවරු සඳහන් කරන්නේ ඉන් හරියාකාරව රෝගයට නිසි ප්‍රතිඵල ලබාගත නොහැකි නිසයි. ඒ නිසා නිසි ප්‍රමිතියෙන් සැදුම්ලත් ඖෂධ ලබා ගැනීම පාරිභෝගික ඔබගේ වගකීමයි.

කල් ඉකුත් වූ ඖෂධ

වර්තමාන බෙහෙත් බඩු කඩවල ගබඩා කර ඇති බෙහෙත් ඖෂධ සුරක්ෂිතව ඇතිදැයි යන්න සැක සහිතයි. බොහෝ ඖෂධ, කල් ඉකුත් වූ ඖෂධ වුනොත්? එය ගැටලුවකි. සමහර අවස්ථාවල ගබඩා කර ඇති කාමරයේ කැරපොත්තන්, හූනන්, මීයන් සැරිසරමින් එම ඖෂධ හරහා ගමන් කරමින් මුත්‍රා, මලපහ කරති. ඒවා සුරක්ෂිත වී ඇතිදැයි අප දන්නේ නැත. නමුත් පැමිණෙන රෝගීන්ට ඒවා ලබා දෙන්නේ කිසිදු වග විභාගයකින් තොරවය. සමහර විට ඔබ නිවසට ගොස් රැගෙන ආ බෙහෙත් මුල් ටික පිරික්සන විට දින ගණන් ගත වී ගොස් පුස් දුමාරය විහිදී යන අයුරු දැකිය හැකියි. මේවා සිරුරට හිතකර ද නැද්ද යන්න අප සිතා ගත යුතුයි. නමුත් නිසි ප්‍රමිතිකරණයෙන් යුතු බෙහෙත් සැල් හුදෙක් රෝග සුවය පිණිසම පවත්වාගෙන යයි. ඉන් ලැබෙනුයේ මහඟු සේවයකි.

පහසුව ගැන පමණක් සිතීම

මෙහිදී ඔබ සැලකිලිමත් විය යුතු තවත් කරුණක් වන්නේ කොතරම් මිලෙන් අඩු වුණත් නිසි ඖෂධීය ගුණය ආරක්ෂා වන ඖෂධ ලබා ගැනීමටයි. වට්ටෝරුවේ ඇති සමහර ඖෂධ ඔබට ඔබේ ගෙවත්තෙන් පිරිසිදුවට ලබාගත හැකි නම් පහසුව තකා බෙහෙත් සැලට මුදල් දී එය ගැනීමෙන් සිදුවන්නේ නිකරුනේ මුදල් වියදමකි. පිරිසිදුවට ඔබටම ලබාගත හැකි නම් කල් ඉකුත් වූ ඖෂධ ගන්නේ කුමකට ද? ඔබගේ නිවසේ ඇත්තේ තවමත් අලුත් ඖෂධ වර්ග නම් අවශ්‍ය වෙලාවට පමණක් ඔබේ ගෙවත්තේ ගහෙන් කඩා හෝ මුලින් උදුරා ප්‍රයෝජනයට ගත හැකියි.

ඖෂධ සුරක්ෂිතභාවය

වියළි ඖෂධයක් තිබිය යුතු කාලයක් ඇත. නමුත් රස ඖෂධවලට දින නියමයක් නැත. ඒවා අඩු මාත්‍රාවෙන් ඉක්මනින් ක්‍රියා කරයි. එවැනි ඉක්මන් ක්‍රියාකාරිත්වයට හේතු වන්නේ සුද්ද රසදිය අන්තර්ගතවීම නිසාය. අමු ඖෂධ හා වියළි ඖෂධ අතර වෙනස්කම් පවතියි. අමු ඖෂධ ඉක්මනින් නරක් විය හැකියි. ඒවා එවෙලේම කොටා යුෂගෙන බීමට පුළුවන. නමුත් වියළි ඖෂධ ඉක්මනින් දිරවයි. මල් වර්ග, මල් රේණු වැනි ඖෂධ මාස 2 ක් වත් අඩුම තරමින් තබාගත හැකියි. මෙලෙස ධභබඤචබඥඤ නැතිව ඉතා සියුම්ව සකසා සුරක්ෂිත ඇසුරුම්වල බහා තබන ඖෂධවල ගුණාත්මක භාවය රඳා පවත්වා ගත හැකියි.

වර්තමානයේ බොහෝ පිරිස් යොමු වී ඇත්තේ ආයුර්වේද රෝහල් කරා යාමටයි. එවිට බෙහෙත් තුණ්ඩු රැගෙන ඖෂධ හලට යන පිරිස් වැඩි වී ඇත. එවැනි හේතු කාරණා මත ආයුර්වේද රෝහල වෙත එන පිරිසගේ නැඹුරුතාව ඉහළ මට්ටමක පවතී. ඒ නිසා නිසි ක්‍රමවේදයකින් යුතුව මේ බෙහෙත් වෙළඳසැල් පවත්වා ගත යුතුයි.