ජොබ් එකකට යන්න ගත්තු මෙඩිකල් රිපෝට් එකේ ඒඩ්ස් පොසිටිව්
ලිංගාශි‍්‍රත සායනයකින් ඇසුණු සත්‍ය කතාවක්

ජොබ් එකකට යන්න ගත්තු මෙඩිකල් රිපෝට් එකේ ඒඩ්ස් පොසිටිව්

ජාතික ලිංගාශි‍්‍රත රෝග හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ

වෛද්‍ය සිසිර ලියනගේ

ජීවිතේ අපට මුහුණ දෙන්නට වන ප්‍රශ්න කිසිම වෙලාවක අපේ තරාතිරම, අධ්‍යාපන මට්ටම ගැන හිතලා නෙවෙයි බලපෑම් ඇති කරන්නේ. ඒ වුණත් හිතන්නෙවත් නැති විදිහට ජීවිතේට ඇතිවෙන මේ ගැටලු නිසා කිසිම වෙලාවක අපේ සිතේ ශක්තිමත් බව නම් නැති කරගන්න අවශ්‍ය නැහැ. ඒ වුණත් අවාසනාවට වගේ මොනතරම් උසස් විදිහට ඉගෙන ගත්තත් ජීවිතේට ඇති සමහර ප්‍රශ්නවලට සමහර අය උත්තර හොයන්නේ මරණයෙන්.

සමාධි කියන්නේත් උපතින්ම වාසනාව, අහිංසකම උරුම කරගත් දැරියක්. ඒත් තමන්ගේ ජීවිතේට ඇති වුණු ප්‍රශ්නවලට සමාධි පිළිතුරක් ලබා ගත්තේ මරණය තුරුළු කරගෙන.

ඈත ගම්බද පරිසරයක ජීවත් වුණු සමාධි අහිංසක දරුවෙක්. අම්මා තාත්තා දෙන්නම ගමේ ඉස්කෝලේ ගුරුවරු. පවුලේ එකම දරුවා වුණු එයාට ආදරය කරුණාව අඩුවක් නැතිවම තමන්ගේ අම්මාගෙනුත් තාත්තාගෙනුත් ලැබුණා. කිසිම වෙලාවක මේ ගුරු මව්පියෝ සමාධිට නරකක් නපුරක් කරලා නැහැ. අම්මාගෙත් තාත්තාගෙත් හීනය සැබෑකරමින් සමාධි විශ්ව විද්‍යාලයට තේරුණා. මේ ආරංචිය හින්දා සමාධිගේ තාත්තාට තිබුණෙ පුදුම සතුටක්. කාලය හරිම ඉක්මනට ගත වෙලා සමාධි විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන්නට කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුළත් වුණා.

විශ්ව විද්‍යාල ජිවිතේ මුලින් මුලින් තරමක් කටුකයි කියලා හිතුණට පහුවෙන කොට ඒ තරම් වටිනා කාලයක් නැති බව කවුරුත් ඇත්දැකීමෙන්ම දන්නා කරුණක්. කැම්පස් එකකට අලුතින් ආපු ගැහැනු ළමයින්ට බැල්ම හෙලන ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෝ අතර බොහෝම කඩවසම් අය හිටියට සමාධිට ඒ අය දිහා බලන්නවත් අවසර තිබුණේ නැහැ. කොහොම හරි මේ විදිහට කෙමෙන් කෙමෙන් කාලය ගතවෙලා කනිෂ්ඨ ශිෂ්‍යයෝ ජ්‍යෙෂ්ඨයෝ බවටත් පත් වුණා. සමාධිට කලින් බැච් එකේ අයියා කෙනෙක් සමාධිගේ බැච් එකේ ගැහැනු ළමයෙක්ට පුදුම විදිහට කරදර කළා. පස්සේ ඒ ළමයාව තමන්ගේ ගර්ල් ෆ්රෙන්ඩ් කියලා මුළු කැම්පස් එක පුරාම ප්‍රසිද්ධ කළා. මුලදි විහිළුවට වගේ පටන් ගත්ත මේ සම්බන්ධය සුන්දර විශ්ව විද්‍යාල පේ‍්‍රමයක් වුණා.

විශ්ව මේ ආදර කථාවේදී වීරයෙක්. විශ්ව සමාධිලා ගේ බැච් එකේ ළමයෙක් එක්ක යාළු වෙලා කියලා මුළු කැම්පස් එකම දැනගෙන හිටියේ. ගමේ ඉඳලා ඇවිත් තමන්ගේ එකම හීනය ජයගන්න හදන සමාධිට පේ‍්‍රමය කියන්නේ අමුත්තෙක්ම විතරක් වුණා. තවත් පිරිමි ළමයි කිහිපදෙනෙක්ම බැල්ම දැම්මත් එයාගේ මුළු අවධානයම යොමු වුණේ ඉගෙන ගන්න. කාලය ගතවෙලා විශ්ව විද්‍යාල අධ්‍යාපනය හමාර කරලා සමාධි රජයේ වැදගත් රැකියාවක නිරත වුණා. විශ්ව රස්සාව කරන කාලයේත් කැම්පස් එකේදී යාළුවෙලා හිටිය ගැහැනු ළමයා එක්ක තිබුණු සම්බන්ධය කාලයක් ගෙන ගියා.

මේ වෙනකොට සමාධිත් උපාධිය අරගෙන විශ්ව විද්‍යාල අධ්‍යාපන හමාර කරලා හිටියේ. නමුත් තමන්ගේ ඉංශ්‍රීසි දැනුම තවමත් හරියට නැති නිසා ගමේ යන්නේ නැතිව කැම්පස් එකේම කෝස් එකක් කරන්න සමාධි පටන් ගත්තා. විශ්වත් මේ පාඨමාලාවට සම්බන්ධ වුණේ අහම්බෙන් වගේ. සමාධි විශ්ව ගැන අහලා තිබුණත් දැකලා තිබුණත් ඒ දවස්වල ඒ තරම් අවධානයක් විශ්ව ගැන තිබුණේ නැහැ. ඒත් මේ හමුවීම මුලදී මුලදි යාළුකමක් හැඳුනුම්කමක් විතරක් වුණාට කෙළවර වුණේ විශ්ව සමාධි සමඟ විවාහ වෙලයි. විවාහ වෙලා කාලයක් යනකොට සමාධිත් උපාධියක් තියෙන කෙනෙක් නිසා නිකම්ම ගෙදරට වෙලා ඉන්න කැමති නොවුණු නිසා රැකියාවකට යන්න තීරණය කළා. ඒත් රජයේ රැකියාවක් බලාපොරොත්තු වුණත් ඒ හීනේ ඉෂ්ඨ කරගන්න තවත් කාලය ගත කරන්න එයා කැමති වුණේ නෑ. ඒ නිසාම පෞද්ගලික ආයතනයක හොඳ තනතුරක් හිමි කරගන්නයි සමාධි උත්සාහ කළේ. රස්සාව හරිගියත් දැන් නීති රීති හරි තදයි. ජොබ් එකට ඇප්ලයි කරන කොට එයට අදාළ ලියකියවිලි අතරේ වෛද්‍ය සහතිකයක් ද වුවමනා වුණා.

මේ සහතිකය නිසා තමන්ගේ මුළු ජීවතයම වෙනස් කියලා සමාධි නිකටමත් හිතන්න නැතිව ඇති. “දෙවියනේ මගේ මෙඩිකල් රිපෝට් එකේ ඩ්ධ්ඍ පොසිටිව් නේ? එහෙම වුණේ කොහොමද?

සමාධිට මේ ගැන අදහා ගන්න බැරිවුණා. තමන්ගේ සැමියා හැරුණු විට වෙනත් කෙනෙක් ආශ්‍රය කරලාවත් නැහැ. ඒමේ කොහොමද මට ඩ්ධ්ඍ හැදුණේ. සමාධි වැඩිදුර පරීක්ෂණයට ලිංගාශි‍්‍රත රෝග සායනයට යොමු කළත් එයාට ඩ්ධ්ඍ ඇති වුණේ කොහොමද කියන්න තරම් හේතුවක් නොදන්න නිසා විශ්ව පරීක්ෂා කරන්න වෛද්‍යවරු තීරණය කළා. ඒ පරීක්ෂණයේදී විශ්වටත් ඩ්ධ්ඍ වැළඳිලා තිබුණත් තමන් මේ තත්ත්වය වැළදුණේ ලිංගාශි‍්‍රත සබඳකමකින් කියන දේ මුලදී මුලදී ප්‍රතික්ෂේප කළා.

මේ ගැටලුව විශ්වගේත් සමාධිගේත් ජීවිත තව තවත් අවුලෙන් අවුලට ඇද දැමිමා. සමාධි නිතරම ජීවිතේ ගත කළේ කලකිරීමෙන්. හැමදාම විශ්ව එක්ක රණ්ඩු ඇති කරගත්තා. මුලදී තමාට මේ තත්ත්වය ඇති වුණේ ලිංගික සබඳතාවකින් කියලා පිළිගන්න අකමැති වුණත් පස්සේ තමන්ගේ බිරිඳට මේ ගැන නොකියන පොරොන්දුව පිට තමන්ගේ අතීත සිදුවීම් ගැන විශ්ව හෙළි කළා.

“ඩොක්ට මම කැම්පස් යන කාලේ ගර්ල් කෙනෙක් ආශ්‍රය කළා. සමාධිත් එයා ගැන දන්නවා. ඒත් අපි මේ විදිහට හැසිරුණා කියලා එයා දන්නේ නැහැ. මම ජොබ් එකට ආව අලුතත් ටික කාලයක් එයා එක්ක හිටියා. ඒත් ඒ සම්බන්ධය දැන් නම් නැහැ.”

මේ කථාව කොහොම වුණත් ඇත්ත නැත්ත මොන දේ වුණත් සමාධි තමන්ගේ අනාගතේ ගැන දැක්ක සිහින මාලිගා හැමදේම විනාශ කරගෙන විශ්ව එක්ක ඒ තරම් කාලයක් ජීවත් වුණේ නැහැ. රෝගය හඳුනා ගත්තට පස්සේ බොහෝදෙනා වෛරස් ප්‍රමාණ අඩු කරගෙන තමන්ගේ ජීවිත ආරක්ෂා සහිතව ඉදිරියට අරගෙන ගියත් අවාසනාවක තරම කොයි තරම් ද කියනවා නම් සමාධි තමාට ඇති වුණු මේ ප්‍රශ්නේ විසඳ ගත්තේ ජීවිතේ අහිමි කර ගනිමින්.