තක්කාලිවල පිළිකා නසන ගුණයක් තිබෙනවා ද?

තක්කාලිවල පිළිකා නසන ගුණයක් තිබෙනවා ද?

බොරැල්ල ආයුර්වේද ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍ය

මංගලා මහලේකම

පලු මතුවීම, කැසීම, වමනය, ඩයරියා වැනි අසාත්මිකතා රෝග නිසා ඔබගේ ආහාර පිඟානෙන් සමුදෙන්නට වන ආහාර අතර තක්කාලි ප්‍රධාන තැනක් ගනී. නිතර නිතර නාසයෙන් සොටු දියර ගලන සහ නිතර කිවිසුම් යෑම වැනි පීනස තත්ත්ව වලදී ද තක්කාලි ආහාරයට ගන්නට බියක් දක්වයි. බඩදැවිල්ල ඇතුළුව ඉහත දැක්වූ අසාත්මිකතාවලට බියවීම ඊට හේතුවකි.

එහෙත්, තක්කාලි සිරුරට ගුණදෙන එළවළුවක් හා පලතුරක් ලෙස ක්‍රියාකරන බව ඇතැම් විට නොදන්නවා විය හැක. නමුත් තක්කාලි වලින් යම් යම් අසාත්මිකතාවන් සිදු වුවත් එය අවම කරගත හැකි ක්‍රම ද නැත්තේ නොවේ. තක්කාලි ලිප තබා පිස ගැනීම නිසා ඇසිඩ් ගතිය අඩු වේ. බොහෝ අසාත්මකතාවන්ට මේ ඇසිඩ් බලපාන බැවින්, එමඟින් එය අවම කරගත හැකි බව විශ්වාසයක් පවතී. නමුත් පිසීමේදී තක්කාලිවල පවතින බහුල විටමින් වර්ග විනාශ වනු ඇත. ඒ අතර විටමින් ඛ් ප්‍රධාන තැනක් ගනී. මේ අනුව තක්කාලි පිස ව්‍යංජනයක් ලෙස ගන්නා විටදී බඩදැවිල්ල, හම කසන, පලු දැමීම වැන්්නවුන්ට නිතර නිතර නොව එක වේලකට හෝ දෙකකට කෑමට බියවිය යුතු නැත. අමුවෙන් සලාද ලෙස ගන්නා විටදී විදුරුමසින් ලේ ගලන්නෙකුට හෝ කොලෙස්ටරෝල් ඇත්තෙකුට සුදුසුයි.

තක්කාලිවලින් විශේෂිත ආහාර

තක්කාලි උපයෝගී කරගෙන විවිධ මාදිලියේ ආහාර වර්ග දැකගත හැකියි. සෝස්, චට්නි, ජෑම් මින් සාදන කෑම වර්ග අතර වේ. ඊට අමතරව අමුවෙන් සලාද වශයෙන් කෑම මේසයට පැමිණෙන්නේ වෙනත් අමුද්‍රව්‍යද එක් කරගෙනයි. උදා - සලාද කොළ, බී ලුණු, පිපිඤ්ඤා වේ. මේ වනවිට තක්කාලි බීම ඉතා රසවත් ප්‍රණීත ගුණ පානයක් ලෙසද ප්‍රයෝජනයට ගනී.

ව්‍යංජන රසවත් කරයි - පෝෂණ ගුණ විවිධයි

ව්‍යංජනයක් රසවත් කරන්නට දමන අඩුම කුඩුමවලට අමතරව තක්කාලි එකතු කිරීම නිසා එහි රසවත් හා වර්ණවත් භාවයද ලැබේ. රත් නොකර සලාද වලදී අමු තක්කාලිවල පවතින විටමින් වර්ග සියල්ලම බලපෑමකින් තොරව සිරුරට නිසි පෝෂණය ලබා දේ.

පිසීමේදී කොහිල, පොළොස්, මස් වර්ග හා කරවල වැනි ව්‍යංජනවලට තක්කාලි එකතු කිරීම නිසා රසයෙන් පිරි ගුණවත් ආහාරයක් අපට ලබාගත හැකියි. විටමින් ඛ් විනාශ වුණත් ඇසිඩ් ගතිය අඩුවෙන් තිබීම මෙහිදී විශේෂිතයි.

රත් වුණාට රසයෙන් අඩු නොවේ

තක්කාලිවල බහුලව ඇති විටමින් ඛ් විනාශ වීම රත් වීමේදී සිදුවේ. නමුත් රසවත් බවේ නම් අඩුවක් නැත. රත් කිරීමේදී ලැබෙන ඇසිඩ් අඩුවීම නිසා ඔබට තක්කාලි අනුභවය ඉඳහිට හෝ කළ හැකියි.

පෝෂණීය කාණ්ඩ

තක්කාලිවල විටමින් ඒ හා ඛ් බහුලව ඇති බව පර්යේෂණ සාක්ෂි දරයි. ඒ වගේම කැල්සියම්, පොටෑසියම් ද බහුලව ඇත. මෙහි කැලරි පදාර්ථ අඩුවෙන් ඇත. ඒ වගේම මේදය ද අඩුවෙන් ඇත. තන්තු සුලබව ඇති අතර ඛනිජ ලවණ වැඩියි.

ඖෂධීය වටිනාකම

තක්කාලි ප්‍රතිඔක්සිකාරකයක් ලෙස කටයුතු කරයි. පිළිකා මර්දන නාශක ගුණය ඇත්තේ මේ ප්‍රතිඔක්සිකාරක ගුණය පවතින බැවිණි. ආහාර මාර්ග පද්ධතියේ ඇති පිළිකා, පුරස්ථි ග්‍රන්ථිවල ඇතිවන පිළිකා, පියයුරු පිළිකා, ගර්භාෂ ගත පිළිකා සහ අගන්‍යාසයේ පිළිකා තක්කාලිවලින් ගුණ දෙයි. ඒ වගේම ඇස් පෙනීම වැඩි දියුණු කිරිම ද සිදු වේ. මුඛයේ නාසයේ ශ්ලේෂ්මල ස්‍රාව වැඩි කරයි. සම පැහැපත් කරයි. තුවාල සුව කිරිමේ බලය ඇත. විදුරු මස්වලින් ලේ ගැලීම නවත්වන්නට තක්කාලි සමත් වෙයි. විෂබීජ නාශක ගුණයද ඇත.

තක්කාලි ගෙඩියේ ඇති කෘමි නාශකවල විස

තද ගතියට මෙන්ම අලංකාරව ඇති පිට පොත්ත ගෙඩිය ආරක්ෂා කරන සිවියක් බඳුය. වගා සමයේදී ඉසින පලිබෝධනාශක තක්කාලි ගෙඩියේ තැන්පත් වීම නිසා ඒවා අප සිරුරට සුදුසු නැත. පරිභෝජනයට පෙර ගලායන වතුරින් තක්කාලි ගෙඩිය හොඳින් සෝදා හරින්න. පොත්තේ බැඳි ඇති විස ද්‍රව්‍ය ඉවත් වනතුරු හොඳින් සෝදා ඔබගේ අවශ්‍යතාවයට ගත හැකියි.

හදවත් රෝගීන්ගේ සුවයට

ඔබගේ හෘද ස්පන්දන වේගය පාලනය කිරිම තක්කාලි මඟින් ඉටු කරන බව සොයාගෙන ඇත. එසේම රුධිර පීඩනය පාලය කිරිම ද සිදුවේ. ලේ පිරිසුදු කරයි. මේ අනුව හෘද රෝග සෑදීමේ අවදානම අඩු කරයි. අනවශ්‍ය මේද කොටස් ඉවත් කරයි. ඒ අනුව කොලෙස්ටරෝල් ඇති අයටද ගුණදායක වේ.

පෝෂණීය ගුණ විවිධයි

තක්කාලි පිස ගැනීමේදී විටමින් ඛ් විනාශ වන නිසා ඉන් ලැබෙන ගුණ සිරුරට ලැබෙන්නේ නැත. නමුත් එහි පවතින ඇසිඩ් අඩු වන නිසා අසාත්මිකතා හැදෙන්නට තිබෙන බලපෑමද අවම වේ. මේ හේතුව නිසා පෝෂණීය තත්ත්ව දෙආකාරයකට බලපාන බව පැහැදිලි වේ. අමුවෙන් ගැනීමේදී ලැබෙන විටමින් ඛ් නිසා විදුරුමසින් ලේ ගලන අයට සුදුසු බැව් පෙනී යයි.

වෙනත් ප්‍රයෝජන

දත් ශක්තිමත් කිරිම, ලේ වැඩීම, තක්කාලි ආහාරයට ගැනීම නිසා සිදුවේ. අස්ථි වර්ධනය හා ශක්තිමත් කිරීම ද සිදුවේ. මුඛ රෝග නැති කරයි.

පෝෂණය ආහාරයට මුසුවීම

අප ගන්නා විවිධ අමු ආහාර පිළියෙල කිරීමේදී තක්කාලි මුසු කිරීමෙන් පෝෂණීය ගුණය මෙන්ම රසයද වැඩි කරගත හැකියි. ඒ අනුව ගොටුකොළ සම්බෝලයට, පොල් සම්බෝලයට, සලාදයට, ලුණු මිරිසට තක්කාලි එකතු කර රසවත් ගුණවත් අහාරයක් සදාගත හැකියි.