ත්‍රිදෝෂ බලපෑම නිසා ඇතිවිය හැකි සන්ධි ආශි‍්‍රත රෝග

ත්‍රිදෝෂ බලපෑම නිසා ඇතිවිය හැකි සන්ධි ආශි‍්‍රත රෝග

පළාත් ආයුර්වේද රෝහල මීගොඩ

වෛද්‍ය අභයතිලක දේවගිරි

ඇතැම් රෝගවලට ද පාද ඉදිමුම ඇති වේ.

උදා. වකුගඩු, මුත්‍ර රෝග හා ගර්භනී අවස්ථාව, අඩි උස පාවහන් පැළඳීම නිසා පාදවලට ලැබෙන පීඩනය මත පාද අධික වෙහෙසට පත් වේ. ශිරා ග්‍රන්ථි රෝග නිසාද පාද ඉදිමීම ඇති වේ. අධික ස්ථුලත්වය වගේම විෂබීජ ආසාදන වීම නිසාද පාද ඉදිමුමට ලක්විය හැකියි. පේශිවල දුර්වලතා නිසාද ඇති වේ. සමහරුන්ගේ ලේ හිඟකම ද මේ පාද ඉදිමුමට හේතු වේ.

දවස ගෙවන විට, දැනෙන අපහසුතා මඟහැරෙන්නේ අපට පැවරෙන රාජකාරිවල ඇති කාර්යබහුලත්වය වැඩි වීම මතයි. දිනපතා කොතෙකුත් වැඩපලක නිතරත වුණත් සිරුරේ වේදනාවවත් නොදැනෙන්නේ රාජකාරියේ පවතින අවශ්‍යතාවය දැඩිව දැනෙන බැවිනි. නමුත් අවසානයේ ඔබට විඳින්නට වනුයේ වෙහෙස වූ මනසකින් යුත් ලෙඩ වූ ශරීරයකි. අපට වැඩියෙන්ම දැනෙන වේදනාව වන්නේ ඇඟේ පතේ ඇතිවන හන්දිපත් අමාරුව කිව්වොත් මා නිවැරදියි. නමුත් ඔබට එයිනුත් වැඩිමනක් සිරුරට දැනෙන වේදනාව වන්නේ පාද ආශි‍්‍රතවය.

වයස් භේදයකින් තොරව අපට අසන්නට ලැබෙන රෝග බොහෝමයක් හට ගන්නේ පාදය ආශි‍්‍රතවයි. එවැනි රෝග තත්ත්වයන් ලෙස යටිපතුල් පැලීම, පාද ඉදිමීම, පාද කැසීම (ඇඟිලිකරු අතර), පාදවල ඇතිවන හිරිය, පාදවල දාහය, හිමිදිරියේ ඇවදිවීමේදී පාදවල දැනෙන අධික වේදනාව දැක්විය හැකියි.

පාද ඉදිමීම

හිටගෙන සිටීම බලපානු ලබන අතර ඇතැම් රෝගවලට ද පාද ඉදිමුම ඇති වේ.

උදා. වකුගඩු, මුත්‍ර රෝග හා ගර්භනී අවස්ථාව, අඩි උස පාවහන් පැළඳීම නිසා පාදවලට ලැබෙන පීඩනය මත පාද අධික වෙහෙසට පත් වේ. ශිරා ග්‍රන්ථි රෝග නිසාද පාද ඉදිමීම ඇති වේ. අධික ස්ථුලත්වය වගේම විෂබීජ ආසාදන වීම නිසාද පාද ඉදිමුමට ලක්විය හැකියි. පේශිවල දුර්වලතා නිසාද ඇති වේ. සමහරුන්ගේ ලේ හිඟකම ද මේ පාද ඉදිමුමට හේතු වේ.

ප්‍රතිකාර

රක්තමෝක්ෂණය

අභ්‍යන්තරිකව ඖෂධ ලබාදීම (ක්ෂාය, කල්ක)

මෙම රෝග තත්ත්ව අනුව රෝගයට ප්‍රතිකාර කළ යුතුව ඇත. සමහරුන්ගේ ශාරීරිකව බලපවත්නා දෝෂයන් එකිනෙකට වෙනස්ය. ඒ අනුව මෙම රෝග ඒ ඒ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් ආකාරයෙන් පවතිනු ඇත. එවිට ප්‍රතිකාර කිරීම ද වෙනස් විය හැකියි. නමුත් එකම රෝගය වුවත් පුද්ගල ප්‍රකෘතිය ඊට බලපානු ඇත.

සරල ප්‍රතිකාරයක්

පාදය ඉදිමෙනවා නම් පහතට හෙලා නොසිට කකුල ඔසවා තබන්න. ඉදිමුම අඩු වේ. ප්‍රතිකාර කරන විටදී ඇවිදීම ද වැඩිපුර නොකළ යුතුයි. එසේම බර වැඩ නොකළ යුතුයි.

රෝග

හටගන්නා ආකාරය?

ආයුර්වේදයේ මේ සියල්ලම වාත රෝග ලක්ෂණ ලෙස හැඳින්වේ. නමුත් මෙවැනි රෝග තත්ත්වයන්ට වාතය පමණක් නොව ත්‍රිදෝෂයම බලපාන බව කිව හැකියි. මේ සඳහා කිසිදු වයස් භේදයක් හෝ ස්ත්‍රී පුරුෂ භේදයක් නොමැත. සියලුම දෙනාට අධික වේදනාවක් හෝ අපහසුතාවන් ඇති වේ. වර්තමානයේ අධික විලාසිතාවන්ට හුරු වූ කාන්තාවන්ට ඉතා උස් පාවහන් භාවිතා කිරීම නිසා පාදවල මේ රෝග තත්ත්ව හට ගැනේ. ක්ෂණික ආහාරවලට හුරුවීම නිසා අධික ස්ථුලතාවය ඇති වේ. එවිට ශරීරියේ බර පාදවලට දරා සිටිය නොහැකියි. එබැවින් පාදයේ වේදනා ඇතිවීම වැළැක්විය නොහැකියි. එපමණක් ද නොව, සමහර වෘත්තිමය ස්වභාවයන් (උදා. හිටගෙන සිටීම, සොල්දාදුවන්) නිසාද පාදවලට බලපෑම ඇති වේ. අධික උෂ්ණත්වය ඇති ස්ථානවල රැකියා කිරීම නිසාද බලපෑමක් පාදයේ රෝගවලට ඇති වේ. මධුමේහ තත්ත්වය පාලනය නොකිරීම, සමහර ඖෂධ දීර්ඝකාලීනව භාවිතා කිරිම නිසාද මේ රෝග තත්ත්වයන් ඇතිවිය හැකියි. උෂ්ණාධික ආහාර ගැනීම (උදා. බලමාළු, දැල්ලන්, තක්කාලි, රඹුටන්) අහිතකරයි.

පාදය කැසීම

මීට බලපාන හේතු බොහෝයි. ඖෂධ දීර්ඝ කාලීනව ගැනීම, වකුගඩු රෝග, වෙරිකෝස්වේන්, විෂබීජ ආසාදන, දිලීර ආසාදන සමහර ආහාර වර්ග අපිරිසිදු තත්ත්වයන් යටතේ පරිභෝජනය (උදා. මස් වර්ග) සනීපාරක්ෂාව නැතිකම

ප්‍රතිකාර

ආයුර්වේද ඖෂධයක් වන පංචවල්කලයෙන් සෝදන්න. ගංසූරිය පොතු, බෝ පොතු, නික පොතු, අට්ටික්කා පොතු ආදිය ඇතුළත් පංචවල්කලය හොඳ ඖෂධයක් වන්නේය. ඒ වගේම පිංඩතෙල් ගැල්වීම, රක්ත ශෝධනය කිරීමෙන් ඉදිමුම පාලනය කළ හැකියි. ඊටම අදාළ ප්‍රතිකාරයක් පහත දැක්වේ. නිදිකුම්බා වෙනිවැල්ගැට එකට අඹරා ගෑම

පාද දාහය

මෙහිදී සිදුවන්නේ පාදයේ දැවිල්ල ඇති වීමයි. මේ තත්ත්ව නින්ද අඩුකම මත ඇති වේ. මේ රෝග තත්ත්වය ඉතාම පීඩාකාරී වේ. මෙහිදී වාත රක්ත රෝගයේදී ද දැවිල්ල ඇති වේ. තවද රුධිර හීනවීම හෙවත් ඇනීමියා තත්ත්වය නිසා පාද දාහය ඇතිවේ. මධුමේහ තත්ත්වලදි සූතිකා රෝග (දරුවා ප්‍රසූතියෙන් පසුව එන රෝග) අවස්ථාවලදී ශිරා ග්‍රන්ථි (නහර ගැට ගැසීම) රෝගයන්වලදී එයි. උෂ්ණාධික ආහාරවලින් වැළකී සිටින්න. රඹුටන්, බලමාළු, ඉස්සො, අච්චාරු වැනි ආහාර ගත්විට දාහය වැඩියි. මධ්‍යසාර භාවිතය ද මීට බලපාන තවත් හේතුවකි.

රෝග ලක්ෂණ

පාදයට වතුර දැමූ විට දැවිල්ල ගතිය වැඩි වේ.

ප්‍රතිකාර

අභ්‍යන්තරිකව වාත සමන, පිත් සමන ප්‍රතිකාර ලබාදිය යුතුයි.

රක්ත මොක්ෂණය, කූඩැල්ලන් දැමීම

එළඟිතෙල් ගැල්වීම මඟින් තාවකාලික සහනයක් ලබාදිය හැකියි.

බුළු ඇට මද එළඟිතෙලින් අඹරා ආලේපය හොඳයි.

විරේක ඖෂධ ලබාදීම

දිවුල් කිරි, තැඹිලි වතුර, ගොටුකොළ කැඳ, මොණරකුඩුම්බිය කැඳ, කෝමාරිකා, කැහිප්තතං ඉතාම සුදුසුයි. තම්පලා, වැටකොළු සුදුසුයි.

අපත්‍ය ආහාර

අබ,හරක් මස්, විනාකිරි යෙදූ ආහාර, බල මාළු, ඉස්සො, දැල්ලො, අන්නාසි පාද දාහයට සුදුසු නොවේ. මින් සිරුරේ දාහය වැඩි කර ඔබව තවත් රෝගී කරවයි.

යටි පතුල් පැලීම

පිත කෝප වූ විට ඇතිවන රෝග තත්ත්වයකි. අධික ලෙස පිත් දෝෂය කෝප කරවන ආහාර ගැනීම නිසා බහුලව දැකිය හැකියි. නමුත් අනෙකුත් වාතය හා සෙම් යන දෝෂවල බලපෑම ද ඉවහල් වනු ඇත. පතුල් පැලීම නිසා ඇවිදීමට අපහසුයි. නින්ද අඩුවෙයි.

හිසරුදාව ඇති වේ. මෙය සුව කළ හැකි රෝග තත්ත්වයකි. තෙල් ගැල්වීම්, පත්තු දැමීම්, රක්තශෝධන ක්ෂාය වර්ග භාවිතා කළ හැකියි.

සේදීමට - පංචවල්කලය යොදා සෝදන්න (නුගපොතු, බෝපොතු, ගංසූරිය පොතු, අට්ටික්කා පොතු කෝමාරිකා සමඟ අමුකහ)

තෙල් ගලවන්න.

පාද හිරිවැටීම

මෙම රෝග තත්ත්වය පාද හර්ෂ නමින් හඳුන්වයි. පාදය හිරිවැටීම ප්‍රධානවම සිදු වේ. පැරැන්නෝ මෙය හිරි වාතය යැයි කියයි. වරින් වර පාදයේ වේදනාව ඇති වී අඩු වී යයි. මෙය ස්නායුගත රෝග තත්ත්වයකි. දියවැඩියාව වැනි රෝග තත්ත්වය පාලනය නොකිරීම නිසා පාදය හිරිවැටීම ඇතිවිය හැකියි.

ප්‍රතිකාර

ප්‍රථමයෙන් මෙහි නිදන්ගත රෝගය හඳුනා එයට ප්‍රතිකාර කළ යුතුයි. ඊට අමතරව අභ්‍යන්තර ඖෂධ දීම කළ හැකියි. පසුව තෙල් ගැල්විය හැකියි. පත්තු, මැල්ලුම් බැඳීම් වැනි ප්‍රතිකාරවලට යොමුවිය හැකියි.

මේ සඳහා ආඩාතෝඩා කොළ තම්බා එම වාෂ්පය කකුලට වදින්න සලස්වන්න

ගඩොල් කැටයක් රත්කර එයට විනාකිරි දමා එහි එන වාෂ්පය කකුලට ලැබෙන්න හරින්න.