ක්ලාන්තයක් ඇතිවූ විට කළ යුතු දේ

ක්ලාන්තයක් ඇතිවූ විට කළ යුතු දේ

රාගම ශික්ෂණ රෝහලේ වෛද්‍ය

මහින්ද හේමප්‍රිය

අම්මේ නංගි කලන්තෙ දාල වැටිලා. සිහිය නැහැ වගේ.

දුවේ දුවලා ගිහින් වතුර ටිකක් ගේන්න

දුවගේ මුහුණට වතුර ටිකක් ඉහලා ටික වෙලාවකින් තමයි දුවට සිහිය ආවේ.

මෙවැනි සිද්ධින් ඔබ ජිවිතයේ හොඳාකාරව දැකලා ඇති. වතුර ටිකක් ඉස්ස පමණින් සිහිය ආවත් ක්ලාන්තය ඇතිවන්නේ කුමන හේතු පදනම් කරගෙනද කියා ඔබ දැනගැනිම ඉතා අවශ්‍ය කාරණාවක්.

හදිසියකින් යම්කිසි පුද්ගලයකුට ක්ලාන්තයක් ඇතිවුවිට එය නිසි ලෙස හඳුනා ගැනීම, සිදු කළ හැකි ප්‍රතිකාර විධි හා මෙය වැළැක්වීම වැනි කාරණා ගැන අද අපි කතා කරමු.

අපගේ ශරීරයේ අපේ පාලනයකින් තොරව ක්‍රියාත්මක වන ස්වයං සාධක ස්නායු පද්ධතියට අයත් ප්‍රත්‍යානුවේගී ස්නායුවක ක්‍රියාකාරීත්වය නිසා, ක්ලාන්තය සිදුවනවා. නමුත් මේ ආකාරයට ඇතිවන ක්ලාන්තයට අමතරව තවත් විවිධ වූ වෛද්‍යමය හේතු කාරණා නිසාද සිහි නැතිව ඇද වැටෙන්න පුළුවන්.මේ නිසාම සාමාන්‍ය ක්ලාන්තයක්, වෙනත් හේතුවකට ඇතිවිය හැකි ක්ලාන්තයකින් වෙන් කරවා ගැනීම වෛද්‍යවරයකුට හැකියාවක් තිබෙනවා.

රෝගියා විසින් දෙනු ලබන රෝග විස්තරය අනුව වලිප්පුව, කරකැවිල්ල, රුධිර සීනි අඩුවීම, හිස බර ගතිය ආදී ලෙස වූ වෙනත් කාරණා නිසාද ක්ලාන්තය ඇතිවිය හැකියි. විශේෂයෙන් නිතර නිතර ක්ලාන්තයට ලක්වන පුද්ගලයන් වෛද්‍ය උපදෙස් හා අවවාද ලබා ගත යුතු වෙනවා.

වළක්වාගත හැකි අවස්ථා

මෙලෙස ඇතිවන ක්ලාන්ත තත්ත්වයට ඇති ප්‍රතිකාර ක්‍රම ගැන කතා කරන කොට පළමුවෙන්ම සිතිය යුතු කාරණය වන්නේ “වැළැක්වීමයි” මෙහිදී වැළැක්විය යුත්තේ ක්ලාන්තයට හේතුවිය හැකි යැයි රෝගියා අත්දැක ඇති කාරණා හා අවස්ථා ආදියයි. (ඒමධඪඤචදජඥ ධට බපඪඨඨඥපඵ) මේවා වන්නේ රුධිරය දැකීම, රුධිරය සිරින්ජයකට ලබා ගැනීම බලා සිටීම, වැඩි වේලාවක් සිටගෙන සිටීම, එකවරම සිට ගැනීම, දැඩි ඔසප් වේදනා, නින්ද නොමැති වීම, බඩගින්නේ සිටීම, විජලනය, තද උෂ්ණාධික පරිසරයක සිටීම, ආදී කාරණා ඒ අතර වනවා.

නමුත් දැඩි ආවේග හා ශෝකජනක අවස්ථාවන් (ඡ්යබපඥථඥ ඥථධබඪධදඵ) හදිසි අනතුරුවලින් ලේ ගැලීම ආදිය ප්‍රයෝගිකව වැළැක්වීම හෝ පාලනයක් කළ නොහැකි දෙයක් වන බව මතක් කළ යුතුව තිබෙනවා.

ලවණ අඩංගු දියර පානය කිරිමට දෙන්න

ඒ වගේම එන්නතක් ලබාදීමේදී සිහි නැතිවන අයට කකුලක් මත අනිත් කකුල දමා තද කරගෙන සිටීමෙන් (ඛ්පධඵඵඪදඨ තඥඨඵ චදඤ බඪඨඩබඥදඪදඨ බඩඥථ) රුධිර ගමන අඩු වී ක්ලාන්තය ඇතිවීම අවම කළ හැකි වනවා. ඒ වගේම ක්ලාන්තය ඇතිවිය හැකි අවස්ථාවලට මුහුණ දීමට පෙර හොඳින් දියර පානයක් කිරීම මඟින් (විශේෂයෙන් ලුණු හා ලවණ අඩංගු දියර) රුධිර පරිමාව තරමක් වැඩිකර අඩු රුධිර පීඩනයට මුහුණ දිය හැකි වෙනවා.

මීට අමතරව අධික රුධිර පීඩන ඖෂධ ප්‍රතිකාර මඟින්, සිට ගන්නා විට ක්ලාන්තය ඇති කරනා අවස්ථාවල ඒ පිළිබඳව වෛද්‍ය උපදෙස් ගැනීම වැදගත්.

මේ අයුරින් ප්‍රථමාධාර දෙන්න

සම්පූර්ණ සිහි නැතිවීමකදී, උගුරේදී දිව පහළට වැටී සිදුවන හුස්ම ගැනීම අවහිර වීම වැළැක්වීමට (හිස පසෙකට හැරවන සේ) බිම දිගාකර තබා නිකට ප්‍රදේශයෙන් හිස මඳක් ඉහළට එසවීමත් ජීවිතය බේරා ගන්නා ප්‍රථමාධාර ක්‍රියාවක් ..

නිතර නිතර සෑදෙන ක්ලාන්තවීම සඳහා ඖෂධ ප්‍රතිකාර නියම කෙරෙන බවද මතක තබා ගත යුතුයි. කෙසේ වෙතත් මේ සඳහා අදාළ හේතුව දැනගැනීම සඳහා විශේෂඥ වෛද්‍ය උපදෙස් අවශ්‍ය වෙනවා.

අවසාන වශයෙන් පැවසිය යුත්තේ, කෙටි කාලයකට සීමාවන ක්ලාන්තයන් ශරීරයට එතරම් බලපෑමක් හෝ විශේෂ රෝගයක රෝග ලක්ෂණ වීමට ඇති ඉඩකඩ අඩු අතර ඇදගෙන වැටීමේදී සිදුවිය හැකි බාහිර අනතුරු හා තුවාල විම් නම් සමහර අවස්ථාවල බරපතළ තත්ත්වයන් ඇති කරන බැව් සඳහන් කළ යුතයි.

ක්ලාන්තය ඇතිවූ විට ඔබ කළ යුතු දේ

වඩාත් වැදගත් ක්‍රියාමාර්ගය වන්නේ ක්ලාන්තය ඇතිවිම පිළිබඳ පෙර ලකුණු දැනෙන පුද්ගලයකු නම් වහාම හිස පොළොවට සමාන්තර වන සේ බිම දිගාවීම දෙපා පොළොවෙන් ඉහළට ඔසවා ගෙන තැබීමට කටයුතු කිරිමත් හෝ එවැනි දෙයක් කිරීම අපහසු අවස්ථාවක අවම වශයෙන් ඉඳගෙන සිටියදී තම හිස බිමට දමාගෙන සිටිමත් යන කරුණුයි.