දිවි නසාගැනීම් වළක්වාගත නොහැකිද?

දිවි නසාගැනීම් වළක්වාගත නොහැකිද?

1996 වසර අපේ පුංචි ශි‍්‍ර ලංකාව මුළුමහත් ලෝකයාගේම අවධානයට පාත්‍ර වූ වසරක් විය. ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලද ජයග්‍රහණය හේතු කොටගෙන ලෝක කුසලානය හිමිකර ගනිමින් කීර්තිමත් රටක් ලෙස අභිමානයට පාත්‍රවීම අප රට ලද ඉමහත් ගෞරවයකි. ජයග්‍රහණයකි.

නමුත් එවන් වූ කිර්තියක් ලද රටක එම වසරේදිම ලෝකයේ දෙවැනි ස්ථානය ලබාගත් තවත් වාර්තාගත ක්‍රියාදාමයක් සිදුවිය. ඒ දිවි නසා ගැනිම් පිළිබඳ වැඩිම සංඛ්‍යාවක එනම් ලක්ෂයකට පුද්ගලයන් 47 ක් එම වසර තුළ වාර්තාවිමයි. සමස්ත ප්‍රජාව මේ පිළිබඳ දැනුවත් වී නොතිබුණද කොටින්ම කියතොත් වර්තමානයේ ඩෙංගු රෝගය නිසා මරණයට පත් වූ සංඛ්‍යාවට වඩා වැඩි සංඛ්‍යාවක් දිවිනසා ගැනිම් නිසා ඉක්ම ගොසිනි.

අපගේ ජීවිතයේ අයිතිය ඇත්තේ අපට පමණක් නොවේ. සමස්ත ප්‍රජාවටම එහි අයිතිය හිමිය. තනි කැමැත්තට, හිතුවක්කාරකමට, ආවේගශිලිභාවයට, තම ජිවිතයෙන්ම පළිගැනිමේ චේතනාවට, ලැජ්ජාව දරාගත නොහැකිව සමාජයට මුහුණදිමට නොහැකිව. ජිවිත ප්‍රශ්න ගැටලු අභිමුඛයේ අසරණවිම ආදි සංකීර්ණ හේතුන්වල ප්‍රතිඵලයක් ලෙස දිවි නසාගැනීම නැමැති අඥාන තීන්දුව මෙයට ස්ථීර විසඳුම බව ඔවුන් සිතති.

නමුත් ශි‍්‍ර ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ කරන ලද සමීක්ෂණ වාර්තා අනුව දිවි නසාගැනිමට ප්‍රධානතම හේතු දෙකක් ඇත. ඒ විෂාදය (දැඩි මානසික ආතතිය) සහ මත්පැනට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවිමයි.

එසේම විෂාදය සහ මතට ඇබ්බැහිවිම යන දෙකම සුව කළ හැකි රෝග වේ. එසේනම් එම රෝග සඳහා ප්‍රතිකාර ගෙන සුවය ලබා ජීවිතය ජයගෙන නිසි පෞරුෂ වර්ධනයකින් යුතුව, දිවි නසාගැනිමට තිත තබා ජීවිතයේ වටිනාකම පිළිබඳ සිතනු මිස සිය දිවි හානිකර ගැනිම වැනි බියගුළු ක්‍රියාවල යෙදිම අණුවන බෙලහීන පෞරුෂ ගති ලක්ෂණයකි.

කෘමිනාශක පානය

එවකට දුෂ්කර ග්‍රාමීය පෙදෙස්වල බොහෝ විට වාර්තා වූ දිවි නසාගැනිම් වර්තමානයේ නගරයටද සංක්‍රමණය වි ඇත. දිවි නසාගැනිම් එවකට බොහොමයක් වාර්තා වූයේ කෘමිනාශක පානය කිරිමෙනි. ඒ හේතුව නිසා රජය විසින් කෘමි නාශක ආනයනය කිරිම අවම කරන ලද අතර ආනයනය කරන ප්‍රමාණයේ සාන්ද්‍රණය තනුක කිරිමක් ද සිදු කළේ මෙලෙස අකාලයේ දිවි තොර කර ගන්නා පිරිස අවම කිරිම සඳහාය.

වර්තමානයේ ඖෂධ අධි මාත්‍රාව ලබා ගැනිමෙන් දිවි හානි කර ගැනිමේ ප්‍රවණතාවයක් පවති. ඇතැමුන් කල් ගිය බෙහෙත් තුණ්ඩු හෝ වැඩිහිටියන්ගේ තුණ්ඩු පෙන්වා පාමසිවලින් ඖෂධ ලබාගෙන එකවර අධි මාත්‍රාව පානය කරති. පැරසිටමෝල් ඖෂධය පාමසිවලින් ර්‍ණමඥප ජභදබඥප ඤභඵඨ ලෙස මිල දී ගත හැකි ඖෂධයක් බැවින් ඒවා අධි මාත්‍රාව ලබාගැනීම ද ඇතැමුන් සිදු කරති. මෙවන් තත්ත්වයන් යටතේ රෝහල්ගත කරන රෝගින් ගේ දිවි ගලවා දිමට වෛද්‍යවරුන් උපරිමයෙන් වෙර දරන අතර අධි මාත්‍රා ඖෂධ ගත් රෝගියකු බේරා ගැනිමට ලක්ෂ ගණනක මුදලක් සෞඛ්‍ය දෙපාර්තමෙන්තුවට වැයවේ.

කාන්තාවන්ට වඩා පිරිමින් ඉදිරියෙන්

දිවි නසාගැනිමේ ප්‍රතිශතය වඩාත් වැඩි කාන්තාවන්ට වඩා පුරුෂයන් අතරය. උපතින්ම දරාගැනිමේ හැකියාව දෝතින් දරා ජන්මය ලබන කාන්තාවන්ට වඩා ශක්තිමත් දේහ පරිනාමයෙන් යුක්ත වුවද ඇතැම් පුරුෂ පක්ෂය දරා ගැනිමේ ශක්තිය අතින් දුර්වලවිම සහ මත්ද්‍රව්‍ය හා මත්පැනට ඇබ්බැහිවිම, ආර්ථික දුෂකරතා, පවුල් ආරවුල්, ප්‍රේමය බිඳ වැටිම්, මානසික ගැටලු, විෂාදය, ආදිය මෙයට හේතුවිය හැක.

එසේම පුරුෂ පක්ෂය දෙස බැලුවිට වැඩිහිටි පුරුෂ පක්ෂය අතර ද දිවි නසාගැනිම සඳහා යොමුවීමේ ප්‍රතිශතයක් දැකිය හැක. පවති. එලෙස සිදුවන්නේ බොහෝ විට මානසික ගැටලු පදනම් කරගෙනය. දුක් මහන්සිවී උස් මහත්කර හදාවඩාත් දරු මුණුබුරන් විසින් වැඩිහිටියන් කොන් කිරිම, ප්‍රතික්ෂේප කිරිම, නොසැලකිම, තාඩන පීඩන, අවමන් කිරිම්, මහලු වියේදි තමාට රැකවරණය අහිමිවිම, වැනි ජිවිතය ගැන දැඩි කලකිරුණු ස්වභාවයක් ඔවුන් තුළින් විද්‍යාමානවේ. මේ තත්ත්වට එකම විසඳුම දිවි තොරකර ගැනිම යැයි ඔවුන් සිතති.

කාන්තාවන්ගේ හේතු සාධක

කාන්තාවන්ගේ දිවි නසාගැනිමේ වයස් පරතරය සංඛ්‍යාත්මව බැලිමේදි පැහැදිළි වන්නේ වයස අවු. 30 ට අඩු සහ අවු. 15-25 දක්වා තරුණ වයසේ වෙසෙන කාන්තාවන් මේ සදහා යොමු වි ඇති බවය. විශේෂයෙන් පේ‍්‍රම සබඳතා බිඳ වැටිම් , ලිංගික අපචාරවලට ගොදුරු වූ යෞවනියන්. අඩුවයසින්් ගැබ්ගත් දැරිවියන්, ලිංගික හිංසනයට ගොදුරු වූ යුවතියන් අ.පො.ස (සා.පෙළ- උසස් පෙළ ) අසමත් වී බලාපොරොත්තු බිඳ වැටුණු දූ දරුවන් තම ලැජ්ජාව ඉවසාගත නොහැකිව මෙවැනි ව්‍යසනවලට ගොදුරු වෙති. එසේම විවාහක තරුණ කාන්තාවන් මේ සඳහා යොමු වන්නේ අඹු සැමි අරගල, ප්‍රශ්න ගැටලු, සැමියාගේ බේබදුකම. ලිංගික සබඳතා දුරස්විම, ආර්ථික උද්ධමනය, දරිද්‍රතාවය, වැඩි දරු උපත්, ආදි හේතුන් නිසා වේ.

මාපිය දූ දරු ඝට්ටන

එදා සමාජය තුළ දක්නට ලැබුණු කුටුම්භ සංස්කෘතිය වර්තමානයේ දකින්නට නැත. තාක්ෂණ මෙවලම් නිවස සහ පවුල ග්‍රහණය කරගෙන තිබෙන බැවින් පවුල තුළ අන්තර පුද්ගල සබඳතා බිඳ වැටී ගොස් මව්විය දූ දරුවන් අතර ඝට්ටන ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවති. පාරසරික වෙනස්කම් , දූ දරුවන් තාක්ෂණික මෙවලම්වලට ඇබ්බැහි විම (දුරකථන, අන්තර්ජාලය, සමාජ වෙබ් අඩවි. මුහුණු පොත) ආදිය නිසාත් වැඩිහිටි පිරිස සාම්ප්‍රදායික තීන්දු තීරණවල එල්බගෙන සිටිම නිසා වෙනස්වන ලෝකයට අනුගතවිමට තිබෙන අකමැත්ත නිසාද වැඩිහිටියන් සහ දරුවන් අතර වර්තමානයේ බහුල ලෙස ඝට්ටන වර්ධනය වෙමින් පවති.

යොවුන් පරපුරේ හද ගැස්මේ රාවය හඳුනාගත නොහැකි වැඩිහිටි පරපුරත්, මව්පියන්ට ගෞරව නොකරන ආවේගශීලි බවින් යුතු අකිකරුකමින් හැසිරෙන දරු පරපුරත් නිසා වර්තමාන සමාජයේ පවුල් සංස්ථාව තුළ අධික ඝට්ටන පවති. එවැනි ඝට්ටනවල අනිසි ප්‍රතිඵල ලෙස දරුවන් ජිවිතයෙන් සමු ගන්නා අවස්ථාද නැතුවා නොවේ.

පාසලේ කීර්තිය රැක ගන්නට

එසේම පසුගිය කාලවල මාධ්‍ය මගින් හෙළි වූ ප්‍රවෘත්ති අනුව දරුවන්ගේ දිවි නසා ගැනිම්වලට පාසලේ ගුරුවරුන් විදුහල්පතිවරුන්ද වගකිව යුතු වන්නේ ළමා මනස තේරුම්ගත නොහැකිව ඇතැම් ගුරුවරුන් දරුවන්ට පාසලේදි ප්‍රසිද්ධියේ දඬුවම් දීම නිසා ලැජ්ජාව දරාගත නොහැකිව ඇතැම් දරුවන් ජිවිතයට සමු දුන් අවස්ථාද හේතු කොටගෙනය. අපට අසන්නට ලැබි ඇත.

එක්තරා බාලිකා පාසලක අ.පො.ස උසස් පෙළ සිසුවිියකගෙන් අති විශිෂ්ඨ සාමාර්ථ බලාපොරොත්තුවෙන් සිටින විදුහල්පති ඇතුළු ආචාර්යවරුන් එම දරුවාට ඒ 3 සාමාර්ථ ලබා ගන්නා ලෙස දැඩි මානසික පීඩනයකට ලක් කොට ඇත්තේ උසස් පෙළ අංක එකේ පාසල ලෙස පාසලේ කීර්තිය රඳවා ගැනිමටය. අවසානයේදි දරුවාට ඇති වූ මානසික පීඩනයට මානසික වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ගැනිමට පවා සිදුවිය. මෙලෙස පාසලේ කීර්තිමත් නාමය රැක ගැනිමට දරුවන් ආයුධ බවට පත් කරන මෙවැනි ආචාර්යවරුන් නිසා දරුවාගේ ජිවිතය අවසානයේ කෙළවර වන්නේ දිවි නසා ගැනිමෙන්ය.

ඉවසන්න බැහැ.

මෙලෙස දිවි නසා ගැනිම්වලට යොමුවන ඇතැම් අයට මුලික වන්නේ ඒ මොහොතේ ඇති වූ ක්ෂණික ආවේගය දරාගත නොහැකි වීමය. දිවි නසා ගැනිමට තිරණ ගන්නේ ඇතැම් විට තව කෙනෙකුට පාඩමක් ඉගැන්විමට හෝ තමා ගැන අනුකම්පාව ලබා ගැනිමට විය හැක. එසේ නොමැති නම් වීරත්වයක් ආරෝපණයකර ගැනිමට ආදි හේතු පදනම් වි ඇත.

දිවි නසා ගැනිම සඳහා වස පානය කරන ලද පුද්ගලයන් වහාම රෝහල්ගත කිරිමෙන් පසු ඇතැමකුගේ ජිවිත බේරා ගැනිමට නොහැකි වුවද වෛද්‍ය ප්‍රතිකාරවල ප්‍රබලත්වය නිසා ඇතැම් ජිවිත බේරා ගැනිමට හැකිවූ අවස්ථාද නැතුවා නොවේ. එවැනි පුද්ගලයන්ගෙන් විමසා බැලු විට පවසන්නේ මම මැරෙන්න හිතාගෙන නොවෙයි වස බිව්වේ. ඉවසන්න බැරි නිසයි. මෙච්චර දුකක් විඳින්න වෙන බව දන්නවා නම් මම වසස බොන්නේ නැහැ.

මේ පිළිබඳ විශ්ලේෂණාත්මකව සොයා බැලිමකදි ප්‍රත්‍යක්ෂ වනුයේ පුද්ගලයා සිය කැමැත්තෙන් වස පානය නොකළ බවයි. යම් කෙනෙකු දිවි නසා ගැනිමට තිරණය කරන විට එය මඟහරවා ගැනිමට අනෙකුත් පාර්ශවය විසින් යම්කිසි විකල්ප මාර්ගයක් යොම කළේ නම් එය වළක්වාගත හැකිව තිබුණු බවයි.

මානසික උපදේශන සේවාව

පෘතග්ජනයන් ලෙස මෙවැනි තත්ත්වයකට පත්වු පුද්ගලන් දෙස කාරුණික හැඟීිමකින් බැලිම අපගේ යුතුකමය. ඔවුන් මානසික උපදේශන සේවාවන් වෙත යොමු කරවිම වඩාත් උචිත පියවරකි. එසේත් නොමැතිව ඇවිලෙන ගින්නට පිදුරු දැමීමෙන් සිදුවන්නේ ඒ පුද්ගලයා තවදුරටත් පීඩනයට පත්කිරිමයි. පවුලක මෙවැනි පුද්ගලයන් සිටි නම් ඔවුන් ආතතියෙන් මුදවා ගැනිමට යහපත් වටාපිටාවක් එනම් පරිසරය, නිවස, පවුල් පසුබිම, තුළ ස්ථාපිත කළ යුතුවේ. යහපතත මිතුරු හවුලක් ගොඩ නගා දෙමින් මනස සන්සුන් කරදිමට වැඩිහිටියන් වග බලාගත යුතුවේ. බොහෝ දුරට මානසික වෛද්‍යවරයකු හෝ මානසික උපදේශකවරයකු වෙත ඔවුන් යොමු කිරිම වඩාත් උචිතය. එය කිසි විටක ලැජ්ජා සහගත තම අභිමානයට කැලලක් ඇතිවන කටයුත්තක් නොවේ . ජිවිතයක් බේරා ගැනිමට දරන ප්‍රයත්නයක් පමණි. කය මෙන්ම මනසද රෝගීවිම සාමන්‍ය සිද්ධාන්තයකි .

යොවුන් මිතුරු සායන

මෙවැනි මානසික ආතතියෙන් පෙළෙන එසේම විෂාදයෙන් පෙළෙන්නන්, දිවි නසා ගැනිමෙන් වළක්වා ගැනිම සඳහා ලංකාව පුරා රජයේ රෝහල්වල යොවුන් මිතුරු සායන ස්ථාපිත කර ඇත. ඒවායින් නොමිලේ උපදේශන සේවාවන් සැපයේ. මානසික සෞඛ්‍ය සායනය, රජයේ රෝහල් මෙන්ම පෞද්ගලික රෝහල්වලදීද ක්‍රියාත්මක වේ. තවද රාජ්‍ය නොවන සංවිධාන වන සුමිත්‍රයෝ, කාන්තා පිහිට වැනි සංවිධානවලින්ද මෙම සේවාව සැපයේ.

තවද පාසල් මට්ටමින් ද පාසල් උපදේශන සේවා සහයද දරුවන්ට ලබා ගත හැක.

තමාට ඉතාමත් හිතෛෂිවන්ත පුද්ගලයකු සමග තමන්ගේ දුක බෙදා ගැනීමෙන් පිළිසරණක් ලබාගත හැක. විවිධ ආගම්වල පුජ්‍ය පක්ෂය, පැවිදි පක්ෂය සමඟ තමන්ගේ ගැටලු පැවසීමෙන් ඔවුන් විසින් අධ්‍යාත්මික ගුණ වගාවකින් ඔබ පෝෂණය කර පවතින ව්‍යාකූල තත්ත්වයෙන් මුදවා ගැනිමට අවශ්‍ය අවවාද අනුශාසන ලබා දේ.

ජිවිතය යනු රෝසමල් යහනාවක් නොවේ. කටු කොහොලින් පිරි අති දුෂ්කර ගමනකි. එයට මුහුණ දිමට මනා පෞරුෂයක් තමා විසින්ම ගොඩනගා ගත යුතු අතර ධනාත්මක චින්තනයකින් සියල්ල දැකිය හැකි මනසක් පවත්වා ගැනීම වටී. අභියෝගවලට මුහුණ දිමට එය හොඳම ශක්තියයි. ස්වයං තිරණ තින්දුවල එල්බගෙන කෙටි පාරාසයක් තුළ(ඊභදදඥත ඍඪඵඪධද) නොසිටිමින් හෘදසාක්ෂියට එකඟව නිවැරදි යහපත් තිරණ ගැනිම ඔබට මෙන්ම සමස්ත ප්‍රජාවටද යහපතකි. එවිට බියගුල්ලකු සේ ගැටලුවලින් පැන නොගොස් ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී ජිවිතය ජයගන්නට ඔබට හැකිවේවි.

දිවි නසා ගැනිම රැල්ලක් බවට පත්ව ඇති අවස්ථාද නැතුවා නෙවේ. එයට වගකිව යුත්තන් අතර ප්‍රමුඛවම සිටින්නේ මාධ්‍යයි. ඇතැම් මාධ්‍ය දිවි නසාගැනිම් විචිත්‍රවත් ලෙස හෝ අතිශයින් සංවේදි පුවතක් ලෙස සවිතස්තරාත්මකව රූප මාධ්‍ය මෙන්ම මුද්‍රිත මාධ්‍ය ඔස්සේ පළ කිරිම දිවි නසාගැනීම්වලට මූල ද්‍රව්‍ය සපයන්නකු ලෙස ඇතැම් මාධ්‍ය ක්‍රියාකරන අන්දම ඔබ දැක ඇත. මෙවැනි ප්‍රවෘත්ති මුල් පිටුවේ පළ කරමින් එයට අනවශ්‍ය ප්‍රචාරයක් ලබා දීම මෙන්ම මියගිය පුද්ගලයාගේ හෝ ජීවත්ව සිටින නැදෑයින්ගේ පින්තුර පළ කරමින් ජිවත්ව සිටින අය දැඩිි අපහසුතාවයකට සහ අසහනකාරි තත්ත්වයකට පත් කිරිමට හේතුවක් වේ.

එසේම දිවි නසාගත් චරිතයට වීරත්වයක් ආරෝපණය කරමින් මෙය වීර ක්‍රියාවක් බවට පත් කිරිම නිසා ඒ පිළිබඳ අන් අය තුළ ද පෙළඹවිමක් ඇති කරවන බැවින් එය මාධ්‍ය විසින් නොකළ යුත්තකි.

සෞඛ්‍ය අධ්‍යාපන කාර්යංශයේ දේශනයක් ඇසුෙරිනි