කොඳු ඇට පෙළේ නම්‍යතාවයට වැඩි දියුණු වීමට

කොඳු ඇට පෙළේ නම්‍යතාවයට වැඩි දියුණු වීමට

ප්‍රවීණ යෝගාචාර්ය

රෝලන්ඩ් විතානගේ

යෝග ඉතිහාසයේ සඳහන් වන ආකාරයට මෙම ආසනය මෙම නාමයෙන් හැඳින්වනුයේ ආසනයේ යෙදෙන තැනැත්තාගේ හෝ තැනැත්තියගේ ශරීරය මවුකුසේ සිටින ළදරුවකුගේ ආකාරයෙන් දිස්වන බැවිනි.

අප දැන් ආසනයට පිවිසෙන ආකාරය විමසා බලමු. ඔබට ඡායාරූපයේ දිස්වන ආකාරයට ඔබගේ දණහිස් දෙක ලංකර ශරීරය ඉදිරියට කොන්ද නවා නළල ප්‍රදේශය ආස්තරණය මත තබා ගනිමින්, ඔබගේ දෑත් දෙක ද ඡායාරූපයේ දිස්වන ආකාරයට අල්ල උඩට හරවා තබා ගනිමින් තත්පර පහක් පමණ සිට සෙමින් හිස ඔසවන්න. නැවත දෙවරක් පමණ ආසනයේ ඒ ආකාරයෙන් යෙදෙන්න.

සැලකිය යුතුයි

ආධුනිකයකුට එකවර මෙම ඡායාරූපයේ දිස්වන ආකාරයට යෙදිමට ඇතැම්විට නොහැකි විය හැකිය. ඔබ ටිකෙන් ටික පුහුණු වීමට උත්සාහ කරන්න.

ආසනයේ ප්‍රතිඵල

කොන්දේ වේදනා සමනය කර ගැනීමට උපකාරි වේ. එමෙන්ම කොඳු ඇට පෙළේ නම්‍යතාවය වැඩි දියුණු වීමට ද උපකාරී වේ. හිස ප්‍රදේශයට මනාලෙස රුධිර සැපයුම හේතු කොටගෙන මුහුණේ පැහැපත් බව ආදිය වැඩි දියුණු වේ. මතක ශක්තිය ධාරණ ශක්තිය වැඩි දියුණු වේ.