වියෝ දුක තුනී වුණේ නැත්නම් මනෝ ප්‍රතිකාර වෙත යොමුවන්න

වියෝ දුක තුනී වුණේ නැත්නම් මනෝ ප්‍රතිකාර වෙත යොමුවන්න

මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය

මාලිකා වීරසිංහ

එදිනෙදා ජිවිතයේදී ඇතැම් වෙලාවට අපි බලාපොරොත්තු නොවන ආකාරයේ කරදරවලට, ගැටලු වලට අපට මුහුණ දීමට සිදු වේ. සමීපතමයන්ගේ මරණ, මාරාන්තික මට්ටමේ රෝග (පිළිකා වැනි), තමන්ට, එසේත් නැතිනම් පවුලේ කෙනෙකුට ඇතිවන ගැටලු මීට දැක්විය හැකි උදාහරණයි. නමුත් මෙසේ ඇතිවන ගැටලුවලට විවිධ අය මුහුණ දෙන්නේ විවිධ ආකාරයටයි. බොහෝදුරට මෙවැනි අවස්ථා සඳහා මුහුණ දීම තරමක් අපහසු වුණත් කාලයත් සමඟ එම සිදුවීම ඉතාමත් සාමාන්‍ය මට්ටමේ සිදුවීම් බවට පත් වේ. එසේ වුවත් තවත් සමහර පිරිසකට ඒවා දරා ගැනීමට නොහැකි වීම නිසා විවිධාකාර ගැටලුවලට මුහුණ දීමට සිදුවනු ලැබේ. අවම වශයෙන් එදිනෙදා ජීවිතයේ කටයුතුª පවා නිසි ආකාරව කර ගැනීමට නොහැකි මට්ටමට පවා මේ තත්ත්වය දරුණු මට්ටමකට පත්විය හැකියි. ඒ නිසා මෙවැනි සිදුවීමකට මුහුණ දෙන පුද්ගලයකුගේ මානසික මට්ටම කුමනාකාරදැයි විමසා බලමු.

සාමාන්‍යයෙන් පුද්ගලයකුගේ මිය යාම සාමාන්‍ය දෙයක් වුවත් ඒ තැනැත්තාගේ සමීපතමයන්ට එය දරා ගැනීම තරමක ගැටලුකාරී අත්දැකීමක්. එවැනි අවස්ථාවකදී මූලික වශයෙන් පුද්ගලයකු සිදු කරන මානසික හැසිරීම පියවරයන් 5 ක් වශයෙන් පැහැදිළි කළ හැකියි. මෙවන් සිදුවීමකදී මෙම හැසිරීම් රටා සාමාන්‍ය පුද්ගලයකු තුළ දැකිය හැකි ඒවා බවද සඳහන් කළ යුතුයි.

Denial

තමාට සමීපතම අයෙක් මිය ගිය අවස්ථාවකදී එම ආරංචිය අසන තැනැත්තා මූලිකව මෙම තත්ත්වයට පත්වීම සිදු වේ. ඒ නිසා අදාළ පුද්ගලයා මිය ගිය බව පිළිනොගන්නවා වගේම ප්‍රතික්ෂේප ද කරනු ලැබේ. “එහෙම වෙන්නේ කොහොමද? අද උදේත් මේ හොඳට හිටියානේ? ඒක නම් කීයටවත් වෙන්න බැහැ. මේ ආකාරයට අදාළ කම්පනයට මුහුණ දෙන තැනැත්තාට තමා අවට කුමක් සිදුවනවාද? සැබැවින්ම සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව පවා මේ සිදුවීම නිසා මොහොතකට අමතක වී යනු ලැබේ. මේ තත්ත්වය බොහෝදුරට පැයකට 2 කට සීමා වීම හෝ එසේ නැතිනම් දවස් ගණනාවක් පුරා හෝ පැවතීමට හැකියි. මෙය ඉතා ස්වාභාවිකව පවතින තත්ත්වයක්.

Anger

ඉහත පැහැදිළි කළ කම්පන තත්ත්වයට දෙවනුව මෙම තත්ත්වයට පුද්ගලයෙක් මුහුණ දිය හැකියි. බොහෝදුරට මේ කේන්තිය මැරුණු පුද්ගලයා දෙසට යොමුවීම සාමාන්‍යයෙන් සිදුවිය හැකියි. “ඇයි එයා මාව දාලා ගියේ? ඇයි මට මෙහෙම කළේ. එසේත් නොමැති නම් මෙම තරහාකාරී හැඟීම තමා අවට සිටින ඥාතියෙකුට නැතිනම් පවුලේ අයෙකුට ද එල්ල විය හැකිය. “අපි අම්මව මේ ඉස්පිරිතාලෙට ඇතුල් කළේ නැතුව වෙන තැනකට ගියා නම් බේරගන්න තිබුණා.” මීට අමතරව අදාළ මරණයට මුල් වූ වෙනත් ස්ථාන හා පුද්ගලයන් උදා ලෙස රෝහල්, හෙදියන් අවම වශයෙන් වෛද්‍යවරු පවා චෝදනාවට ලක් වෙන්නට පුළුවන්. මෙම තරහා මුසුව නැගෙන චෝදනාවන් කිසිදු පදනමක් නොමැතිව බොහෝදුරට එල්ල වේ.

Bargaining 

ඉහත තත්ත්වය කෙටිකාලීනව පැවතීමෙන් අනතුරුව තුන්වෙනුව පුද්ගලයකුට මුහුණ දීමට සිදුවන්නේ තමාගේ සිත තුළ පවතින වරදකාරී හැඟීම සමඟ කේවල් කිරිමේ තත්ත්වයටයි. “අනේ දෙවියනේ මම මීට පස්සේ මෙහෙම දෙයක් වෙන්න දෙන්නේ නැහැ. මට මෙයාව ආපහු දෙන්න.” මිය ගිය තැනැත්තා සමඟ රණ්ඩු ඇතිකර ගැනීම වැනි සිතුවිලි මූලික කරගෙන මෙවැනි අදහස් මීට දැක්විය හැකි උදාහරණයි.

Depression

විෂාද තත්ත්වය මෙවැනි පුද්ගලයකු මීළඟට මුහුණදෙන 4 වැනි තත්ත්වයයි. හැඬීම, වැළපීම, නැති වුණු කෙනා ඉන්නවා වැනි හැඟීම් ඇතිවීම වැනි දරා ගැනීමට අපහසු වේදනාවක් විටින් විට ඇති වේ. මෙය තරමක කාලයක් පුරාවට පවතිනු ලැබේ. බොහෝදුරට මාස 06 ක් අවුරුද්දක් වැනි කාලයක් පුරා ද මෙම තත්ත්වය පැවතිය හැකියි. මේ තත්ත්වයේදී තමාගේ වැඩ අතපසු වීම, සැමවිටම නැතිවුණු කෙනා ගැන දුක් වීම සිදු කරනු ලැබේ.

Acceptance

ඉහත තත්ත්වයට පසුව අවසාන වශයෙන් යම් අයෙක් මෙම තත්ත්වයට පත් වේ. මෙම අවස්ථාවේදි අදාළ පුද්ගලයා කෙසේ හෝ හිත හදාගෙන ජිවත් වීමට හුරුවනු ලැබේ. “කමක් නැහැ. දැන් මොනවා කරන්න ද?” ලෙසින් තමාගේ සුපුරුදු ජිවිතයට හුරුවනු ලැබේ.

මෙසේ තමාට සමීප අයෙකුගේ මරණයක් වූ විට මානසිකව ඇතිවන මෙම සාමාන්‍ය තත්ත්වය normal grief reaction  ලෙසින් හැඳින්වේ. මෙම තත්ත්ව ඇතැම් අවස්ථාවල අසාමාන්‍ය මට්ටම් දක්වා වර්ධනය වීමේ ඉඩ කඩක් ද තිබේ.

අසාමාන්‍ය තත්ත්වයන්

සාමාන්‍ය පුද්ගලයකුට ඇතිවන පෙර පැහැදිළි කළ කම්පන තත්ත්වය ඇතැමු විට දවසකින් දෙකකින් අඩු වුණත් තවත් සමහර පිරිසකට මෙම තත්ත්වය සතියක් දෙකක් ගත වුණත් අඩු නොවන තත්ත්වයක් තිබේ.

“නෑ එයා තවම ජීවත්වෙලා ඉන්නවා ආදී වශයෙන් සැලකිය යුතු කලක් ගත වුණත් අදාළ සිදුවීම මනෝ විද්‍යාත්මකව කිසිවිටකත් පිළිනොගැනීම මෙහි අසාමාන්‍යතාවයි.

විෂාද තත්ත්වය ද දිගින් දිගටම පැවතීම ද මෙහිදී දැකගත හැකි තවත් අසාමාන්‍යතාවකි. සාමාන්‍යයෙන් මෙම තත්ත්වය ද යම් කලක් පැවතී, තුනී වී යාම සාමාන්‍ය තත්ත්වය වුවද දිගින් දිගටම අවුරුදු ගණනාවක් පවා පැවතීම අදාළ තැනැත්තාගේ සාමාන්‍ය ජීවිතයට ගැටලුවක්වේ. මීට අමතරව ඉහත හේතුව මූලික කරගෙන ඇති වන සුළු විෂාදය තත්ත්වය බරපතළ මට්ටමේ රෝග අවස්ථාවක් දක්වා ද වර්ධනය විය හැකියි. එවැනි අවස්ථාවකදී තමාගේ මුළු ජීවිතය පිළිබඳවම කලකිරීමක් ඇති කරගනු ලැබේ. තමාගේ ඉදිරි ජීවිතයේ බලාපොරොත්තු නොමැතිකම, ජීවිතය එපා වීම, නිතරම දුක සිතීම, නින්ද න