Fruit Salad වල ඇති ඖෂධීය ගුණ

Fruit Salad වල ඇති ඖෂධීය ගුණ

පළාත් ආයුර්වේද රෝහල - රත්නපුර

කිරිඇල්ල ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි -නිලංගනී අබේගුණසේකර

Fruit Salad කී පමණින් දිවට රසයක් ගෙනෙන ප්‍රණීත ආහාරයක් ලෙස හැඳින්විය හැකියි. දිව පිනවනවා වගේම මනා ඖෂධීය ගුණයන්ගෙන් යුතු Fruit Salad කුඩා දරුවන් බොහෝ පි‍්‍රයකරන අතුරුපසකි. එහි පවතින විනිවිද යන වර්ණවත් බවට ඔවුන් විශේෂිත කැමැත්තක් දක්වයි. වර්තමානයේ වස විසෙන් පිරි ආහාර රටාවත් සමඟ පොර බදන සමාජයට මෙවන් ප්‍රණීත හා ගුණාත්මක අතුරුපසකට යොමුවීමෙන් ඔබගේ සෞඛ්‍යමත් ජීවිතය නඟා සිටුවිය හැකියි.

සිරුරේ ශක්තිය වඩවා ගත හැකි පෝෂ්‍යදායී සියලුම පෝෂක පදාර්ථ අඩංගු අතුරුපසක් ලෙස Fruit Salad භාවිතා කළ හැකියි. මෙහිදී ඔබ වස විසෙන් තොර කෘෂි රසායන නොයෙදු අලුත් පලතුරු වර්ග තෝරා ගැනීම සෞඛ්‍යට හිතකරය. එනිසා එසේ ප්‍රනීත Fruit Salad වීදුරුවක ඇති ඖෂධීය වටිනාකම දැනගන්නට ඔබත් කැමති ඇති. එහි පවතින විවිධ රසැති පලතුරු වර්ගයන්ගේ ගුණාත්මකවභාවය පිළිබඳව ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලංගනී අබේගුණසේකරගෙන් අසා දැන ගනිමු.

මිදි

කුඩා දරුවන් බොහෝ පි‍්‍රය කරන පලතුරකි. දිවට ප්‍රණීත මිදි Fruit Salad වීදුරු තුළින් සොය සොයා කෑමට තරම් පි‍්‍රයයි. ඒවා හැපෙන විට දැනෙන ප්‍රණීත රසය ඉතා ඉහළ මට්ටමක පවතී. ඕනෑම වයස් මට්ටමක අයට මිදි රසවිඳිය හැකි පලතුරකි. රෝගීන්ට දිය හැකි මනා පෝෂණයකින් යුතු පලතුරක් ද වේ. මෙය ඖෂධ නිෂ්පාදනයට අතීතයේ පටන් යොදා ගෙන ඇති බව සඳහන්. මිදි ඔබේ ඉචතචඤ වීදුරුවෙන් අපමණ ගුණ ලබාදෙන බැවින් එය ශක්තිජනක පානයක් ලෙස ද ඉචතචඤ වලට අමරතව භාවිතා කළ හැකියි.

රුධිර සංසරණ පද්ධතියේ දෝෂයන්ට ගුණාදායක මිදි රුධිර සංසරණ ක්‍රියාවලිය හොඳින් සිදු කරයි. කෑම රුචිය ඇති කරයි. හෘදයට හිතකරයි. වෙරිකෝස් වේන් රෝගයට ඉතාම සුදුසු පලතුරකි. එමඟින් අස්ථාවර ඉදිමුම් තත්ත්ව නැති කරයි. මලබද්ධය වළකාලයි. ඇස් පෙනීමේ දියුණුව වැඩි කරයි. ඇසේ පීඩාව දුරු කරයි.

රාත්‍රී අන්ධභාවය දුරු කරයි. පිළිකා අවදානම අඩු කරයි. ශරීරයේ ශක්තිය වැඩි කරයි. අක්මා රෝගවලට ගුණයි. කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරයි. විටමින් බහුලයි. ඒවා උරාගැනීමේ හැකියාව වැඩි කරයි. සිරුරේ ප්‍රතිශක්තිය වැඩි කරයි.

කෙසෙල්

කුඩා අවධියේ සිට දරුවන් ආශා කරන පලතුරකි. එහි රසයට ඔවුන් කැමති නිසා ඕනෑම අවස්ථාවක ලබාදිය හැකියි. ආහාර හොඳින් දිරවීමට පහසු කෙසෙල් සිරුරේ කාමලාව නැති කරයි. පලතුරක් ලෙස කෑමෙන් ක්ෂණික ශක්තිය ලබාදේ. පිළිකා නසන ගුණය ඇත. විශේෂයෙන් අන්ත්‍ර පිළිකා, පියයුරු පිළිකා හා වකුගඩුවල ඇතිවන පිළිකායි. අම්ල පිත්ත රෝගයේදී කෙසෙල් හොඳ ඖෂධයක් ලෙස ක්‍රියාකරයි. බඩ දැවිල්ලට කෙසෙල් සුදුසුය. ආමාශයේ ඇතිවිය හැකි තුවාල සුව කිරීමට උදව් වේ. එසේ ම සමේ ඇතිවන තුවාලවලට ද හොඳ ඖෂධයකි. නීරක්තියට සුදුසු පලතුරකි. මුත්‍රාශයේ ගල් නැති කරයි. පිත්තාශයේ ගල් නැති කරයි. සිරුර සිසිල් කරයි. මල බද්ධය දුරු කරයි. මල හොඳින් පිට කරයි. ආර්ශස් රෝග අවස්ථාවට සුදුසු පලතුරකි. මොළයේ වර්ධනය ඇති කරයි. මතක ශක්තිය වැඩි කරයි. අතුරුපසේ කෙසෙල් තිබීමෙන් ඔබ මෙන්ම ඔබේ දරුවාද ප්‍රබෝධමත්ව තබයි. උගුර දැවිල්ල නැති කරයි. සිරුරේ ඉදිමුම නැති කරයි. ස්නායු පද්ධතියට ගුණයි. බුද්ධි වර්ධනයට යෝග්‍යයි.

ඇපල්

විටමින් ඒ බහුලයි. එසේම විටිමින් ඛ් හා ඛනිජ ලවණ ඇත. පොටෑසියම්, කැල්සියම් බහුලව ඇත. බොහෝ පෝෂණ ගුණ ඇත. ප්‍රතිඔක්සිකාරක ගුණය ඇත. සම පැහැපත් කරයි. ඇස් දීප්තිමත් කරයි. ඇසේ විඩාව දුරු කරයි. මලබද්ධයට හිතකරයි. මල හොඳින් පිට කරයි. රුධිර සංසරණ ක්‍රියාවලියට උදව් වෙයි.

කෑම රුචිය අති කරයි. කෙස් වඩවයි. කෙස් දීප්තිමත් කරයි. සිරුරේ වර්ධනය ඇති කරයි. දාහය නිවයි. සිරුර සිසිල් කරයි. සිරුරේ සමබරතාවය රැක දෙයි. ශරීර ශක්තිය වැඩි කරයි. බලය වඩයි. සමේ රෝග දුරු කරයි. බෝ වන රෝග වලින් ඈත් කරයි. ප්‍රතිශක්තිකරණය ඇති කරයි. හෘදයට හිතකරයි. අම්ලපිත්ත රෝගයට යෝග්‍යයි. දියරමය ආහාරයක් ලෙස ඇපල් භාවිතා කළ හැකියි. ලේ වඩවයි. අක්මා රෝගවලට ගුණයි. ආමාශගත සියලු රෝග දුරු කරයි. රාත්‍රී අන්ධතාවය දුරු කරයි. කුඩා දරුවන් මෙන්ම මහල්ලා දක්වා ප්‍රබෝධයෙන් තැබීමටත්, මානසික තෘප්තිමත්භාවය ළඟා කර දීමටත් පලතුරු සලාදයේ කොටසක් ව ඇපල් පැවතීම ඉතා වැදගත් වේ. දිවට මිහිරි රසයක් ගෙනෙන ඇපල් මානසික ආතතිය දුරු කර දෙයි.

අඹ

පලතුරු සලාදයට නැතිවම බැරි පලතුරක් ලෙස අඹ හැඳින්විය හැකියි. කුඩා දරුවන් මේ රසයට කැමතියි. දීප්තිමත් සිරුරකට අඹ හොඳ පලතුරකි. ප්‍රතිඔක්සිකාරක ගුණය ඇති අඹවලින් මලබද්ධය දුරු කරයි. නිතර දෙවේලේ අඹ සුදුසු නැත. නමුත් අඹ කෑමෙන් ශරීරයේ අන්ත්‍රවල, පියයුරුවල හා පිරිමින්ගේ පෞරුෂ ග්‍රන්ථිවල ඇතිවන පිළිකා වළකාලයි. අඹ වල විටමින් ඒ බහුලව ඇත. ඒ නිසා ඇස් පෙනීම හොඳින් සිදු වේ. සම පැහැපත් කරයි. රාත්‍රියට ඇස් පෙනීම දියුණු කරයි. එනම් රාත්‍රී අන්ධතාවය දුරු කිරීමයි. වීදුරුමස් රෝගවලට හා සීතා ද රෝගයට ගුණදෙයි. වීදුරුමස් ශක්තිමත් කරයි. පෙණහලුවල හා මුඛ පිළිකාවන් නැති කරයි. පිළිකා සෛල නසයි. හෘදයේ මාංෂපේශීන් ශක්තිමත් කරයි. සිරුර විෂබීජවලින් ආරක්ෂා කරයි. හෝර්මෝන ක්‍රියාකාරීත්වය නිසි ලෙස සිදු කරයි. ලේ වඩවයි. ශරීරයේ රුධිර සංසරණය හොඳින් සිදු කරයි. සිරුරේ යම් විසක් පවතී නම් ඒවා නැසීමට උදව් වෙයි. ගර්භණීන්ට ගුණ දෙයි. ශරීරයේ ඇති දියර ප්‍රමාණය පාලනය කරයි. රුධිරය කැටි ගැසීම වළකයි. මන්දපෝෂණය නැති කරයි.

ගස්ලබු

විටමින් A බහුලව පවතින ගස්ලබුවල විටමින් C,E, ද ඇත. විටමින් K ඇත. ප්‍රෝටීන් අඩු ප්‍රමාණයක් ඇත. කොලෙස්ටරෝල් නැත. සෝඩියම්, ෆෝලේට්, අඩුවෙන් ඇත. බීටා කැරොටීන් මෙන් ම තන්තු ඇත.

වීදුරුමස්වලින් ලේ ගැලීම නැති කරන අතර දියවැඩියාවට ගුණදෙයි. ආහාර දිරවීම පහසු කරයි. ආහාර රුචිය ඇති කරයි. ආමාශගත රෝගවලට ගුණදෙයි. කුඩා දරුවන්ගේ පණු රෝග දුරු කරයි. විෂබීජ නාශකයි. ශරීරයේ ප්‍රතිශක්තිය ඇති කරයි. වකුගඩු ආරක්ෂා කරයි. රුධිරය ඝනව තබයි. බර අඩු අයට ගුණදෙයි. සිරුරේ වේදනාව නැති කරයි. අක්මාවේ හා ප්‍රදාහ නැති කරයි. මුත්‍රා පිටවීම පහසු කරයි. මුත්‍රා මාර්ගයේ ආසාදන දුරු කරයි. බඩ දැවිල්ලට ගුණදෙයි. සම පැහැපත් කරයි. ඇස් පෙනීම වැඩි කරයි. රාත්‍රී අන්ධතාවය නැති කරයි. සම දීප්තිමත්ව තබයි. හිසකෙස් ශක්තිමත් කරයි. තරබාරුව මට්ටුකරයි. ජීර්ණය හොඳින් සිදුවන නිසා ආන්ත්‍රයික රෝග දුරුකරයි. මලබද්ධය නැති කර දෙයි. අර්ශස් රෝගය දුරු කරයි. මනා රූ සපුවකට අවශ්‍ය පෝෂණය මින් ලබාගත හැකියි.

අන්නාසි

පාරේ තොටේ නිතර දැකිය හැකි අන්නාසි කුඩා දරුවන් බොහෝ පි‍්‍රයකරන පලතුරකි. අන්නාසි වෙළෙන්දා පසුපස දිවයන කුඩා ළමුන් ඔහුව වටකරගෙන සිටින ආකාරය මා මෙන්ම ඔබ ද දැක ඇතිවාට සැකයක් නැත. ඒ තරම්ම දරුවන් කැමති පළතුරක් බැවින් මෙවායින් විවිධ රසකැවිලි ද නිපද වී ඇත. රසය වගේම ගුණයත් ඒ මට්ටමින් ම ඇත. මෙහි පැණි රස ගතිය නිසා දරුවෝ වැඩියෙන් ඉල්ලති. විටමින් හා ඛනිජ ලවණ බහුලය. තන්තු ඇත. මෙහි මේදය අඩංගු නැත. විටමින් ඒ හා ඛ් බහුලයි. සිරුර ප්‍රාණවත් කරයි. මුඛයේ නැවුම්බව ඇති කරයි. ආහාර රුචිය ඇති කරයි. මෙහි ඇති ප්‍රනීත රසය නිසා දිව පිනවයි. හොඳින් මුත්‍රා පිට කරයි. පොඩි දරුවන්ගේ පණු රෝගවලට ගුණදෙයි. උදරයේ අපහසුතා මඟ හරවයි. තුවාල සුවකිරීමේ ගුණයක් ඇත. ප්‍රදාහ නාශකයි. පිළිකා සෛල වර්ධනය අඩු කරයි. ආමාශයේදී ආහාර ජීර්ණය කරන්නට අවශ්‍ය එන්සයිම ස්‍රාවය වීම වැඩි කරයි. රුධිර කැටි ඇතිවීම වළකයි. ආහාර දිරවීමට උදව් කරයි.