ආහාර ජීර්ණ පද්ධතිය අක්‍රමවත් වුවහොත් අනිකුත් ඉන්ද්‍රියයන් රෝගි විය හැකියි

ආහාර ජීර්ණ පද්ධතිය අක්‍රමවත් වුවහොත් අනිකුත් ඉන්ද්‍රියයන් රෝගි විය හැකියි

පෑලියගොඩ රන්පත වෙද මැදුර

ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ගුවන් පාලම අසල

ආයුර්වේද වෛද්‍ය

රන්පත රුවන් රත්නායක

ඉක්මනින් ප්‍රතිකාර කළ යුතු ගැස්ට්‍රයිටිස්

වර්තමානයේ බහුලව දක්නට ලැබෙන ලෙඩ රෝග අතර ගැස්ට්‍රයිටිස් යනු ප්‍රමුඛතම රෝගී තත්ත්වයකි. ඇතැම් දෙනා මේ පිළිබඳව එතරම් සැලකිල්ලක් නොදැක්වූවත් කාලයත් සමඟ ශරීරයේ අනෙකුත් ඉන්ද්‍රියයන්ට මෙන්ම පද්ධතීන්ට ද සිදුවන්නේ යහපතක් නොවේ. නමුත් ඊට පෙර වඩාත් සුදුසු නිවැරැදිම වෛද්‍ය ප්‍රතිකර්ම ඊට සිදු කළ යුතු අතර වර්තමානයේදී ආයුර්වේද වෛද්‍ය ක්‍රමය මඟින් ඊට ලැබී තිබෙන සහයෝගය ඉතා ඉහළය. මේ ඒ පිළිබඳ ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා දැක් වූ අදහස්.

ශරීරය සැකසී ඇති පද්ධති සියල්ල සලකා බැලු විට ආහාර ජීර්ණ පද්ධතියට සුවිශේෂී තැනක් හිමිවේ. පුළුල්ව සිතා බැලුවහොත් අන් සියලුම පද්ධතීවලට වඩා ශරීරයේ තිබෙන පද්ධති අතුරින් වඩාත් වැදගත්ම පද්ධතිය වන්නේ ආහාර ජීර්ණ පද්ධතියයි. ඊට හේතුව වන්නේ මෙම පද්ධතිය මඟින් ශරීරයේ සෙසු පද්ධතීන් වලට පෝෂණය සැපයීමයි. එම ක්‍රියාවලිය ඉතා වැදගත් මෙන්ම ප්‍රධානතම කාර්යභාරයක් වශයෙන් හඳුන්වා දිය හැකියි.

මිනිසාගේ ශරීරයේ කුඩාම තැනුම් ඒකකය වන සෛලවලට පෝෂණය සැපයීමට නම් ශරීරය තුළට ලබා ගන්නා ආහාර සෛලවලට උරාගත හැකි මට්ටමේ සරල කොටස් බවට පත්විය යුතුයි. එම ක්‍රියාවලිය නිසි ආකාරව සිදුවීමට ජීර්ණ පද්ධතිය තුළ අතරමඟ නතර නොවී ගන්නා ලද ආහාරවල පෝෂක කොටස් සෛලවලට උරාගත හැකි අවසාන ඵල බවට පත් කරන්නේ ජීර්ණ පද්ධතියේ මුලිකත්වයෙනි. එසේ වීමට නම් ආහාර ජීර්ණ පද්ධතිය තුළ සිදුවන සියලු ක්‍රියාවන් යහපත් විය යුතුයි. නමුත් ගැස්ට්‍රයිටිස් රෝග තත්ත්වය විවිධ ස්වරූපවලින් පවතින විට ආහාර ජීර්ණ පද්ධතියේ යහපත් වූ ස්වභාවික ක්‍රියාවන් අක්‍රමවත් වේ.

යම් ලෙසකින් ආහාර ජීර්ණ පද්ධතිය ගැස්ට්‍රයිටිස් නිසා අක්‍රමවත් වුවහොත් එතැන් සිට අනෙකුත් සියලුම පද්ධතීන්වලට අහිතකර බලපෑම් ඇති වේ.

ආහාර ගැනීමෙන් පසුව උගුරට එන ස්වභාවය, බඩේ දැවිල්ල, බඩ පුරවා දැමීම, ආමාශයේ තුවාල, පපුව හිර වීම වැනි ලක්ෂණ ඇති විට පමණක් ගැස්ට්‍රයිටිස් රෝගය ඇතැයි ඇතැමුන් සිතනි. නමුත් මෙම ලක්ෂණ ඇතිව හෝ නැතිව ආහාර ජීර්ණ පද්ධතියේ මතුවන විවිධ සංකූලතා හේතුවෙන් ලබා ගන්නා ආහාර නිසි පරිදි ජීර්ණය නොවිය හැකියි. මේ නිසා විවිධාකාර වූ ගැටලු රැසකට මුහුණ දීමට සිදුවිය හැකියි.

එසේ වු විට ඇතිවන ගැටලු අතර හිස කැක්කුම, ක්ලාන්ත ස්වභාවය, පිට කොන්දේ කැක්කුම, ඇඟ පත අපහසුතා, අලස බව, අධික ලෙස කේන්තියාම, ශරීරය අප්‍රාණික බව, නිතර නිදිමත හෝ නින්ද නොයාම, මල මුත්‍රා පිටවීමේදී ඇති අපහසුකම් හා අක්‍රමිකතාවයන් ආදී ලක්ෂණයයි.

මේ ආකාරයට ගැස්ට්‍රයිටිස් හෝ වෙනත් ආහාර ජීර්ණ පද්ධතියේ දුර්වලතාවයන් ඇති වී ශරීරය තුළට ලබා ගන්නා ආහාර සිරුරට අවශෝෂණය කළ හැකි අවසාන ඵල බවට පත් නොවේ. එනම් ඒවා විසක් ලෙස රුධිරය හා මුසු වේ. ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ “ආම” ලෙස හඳුන්වන්නේ මෙයයි. මෙම ආම තත්ත්වය යනු සැබෑ ලෙස නොදිර වූ ආහාර රසයයි.

යම් ලෙසකින් එම විස තත්ත්වය ඇසුරු කළේ වකුගඩු ආශි‍්‍රත මුත්‍රා පද්ධතිය නම් වකුගඩු ආබාධ, මුත්‍රා රෝග, ආදිය ඇතිවිය හැකියි. ශරීරයේ අධෝ භාගය ආක්‍රමණය කළේ නම් අක්‍රමවත් මල පිටවීමේ හෝ අර්ශස් තත්ත්වයක් ඇති විය හැකියි. එසේම අග්න්‍යාශය ඇසුරු කළ විට දියවැඩියාව ආශි‍්‍රත රෝග තත්ත්වද හදවත ආශි‍්‍රතව නම් හදවත් රෝග ද, සම ඇසුරු කළේ නම් වාත රක්ත, පළු දැමීම, කැසීම ආදී සමේ රෝග ද ආදී වශයෙන් ඒ ඒ පද්ධතීන්ට හා ඉන්ද්‍රියයන්ට ආවේණික වූ රෝග තත්ත්වයන් ඇති කරවයි.

සමස්තයක් වශයෙන් සලකා බැලු කල මෙම සියලු උපද්‍රවයන් ඇති කිරීමට මුලික හේතුව වන්නේ ගැස්ට්‍රයිටිස් හෝ ආහාර ජිර්ණයේ විවිධ ආක්‍රමිකතාවන් බැවින් එම තත්ත්වයන්ට හේතු වූ කරුණු සොයා ප්‍රතිකාර යොදන දියුණු ආයුර්වේද වෛද්‍ය ක්‍රමයකට යොමු වුවහොත් මෙම තත්ත්වයන් නිට්ටාවටම සුවකරගත හැකියි.

ආයුර්වේද වෛද්‍ය ක්‍රම මඟින් රෝග නිට්ටාවට සුව වන බව බොහෝ අය දන්නා නමුත් ප්‍රතිකාර සඳහා යොමු නොවන්නේ එම ප්‍රතිකාර ක්‍රම අදාළ ඖෂධ වර්ග සොයාගෙන කපා කොටා පිරිසුදු කොට නියමිත පරිදි තම්බා සකස් කර ගැනීම වත්මනේ පවතින කාර්ය බහුලත්වය හමුවේ අපහසු වන බැවිනි.

ඊට පිළියමක් ලෙස පෑලියගොඩ රන්පත වෙද මැදුර වෙත පැමිණෙන ඔබට නවීන තාක්ෂණානුකූලව භාවිතයට පහසුවන පරිදි නිර්මාණශීලීව නිසි ප්‍රමිතියකට නිපද වූ පුර්ණ වශයෙන් නිෂ්පාදිත ඖෂධ ලබා දීමට හැකිබව පවසන්නේ පෑලියගොඩ රන්පත වෙදමැදුරේ රුවන් රත්නායක වෛද්‍යතුමාය.