අසුන්දර සබඳතා නිසා ඇතිවිය හැකි ලිංගාශි‍්‍රත රෝග

අසුන්දර සබඳතා නිසා ඇතිවිය හැකි ලිංගාශි‍්‍රත රෝග

සමාජ රෝග එසේ නැතිනම් “වැජයිනල් ඩිසීසස්” ලෙස මෙයට ටික කලකට පෙර හැඳින්වූ මෙම රෝග සමූහය අද හැඳින්වෙන්නේ ලිංගිකව සම්පේ‍්‍රෂණය වන රෝග ලෙසය. මෙම ආසාදිත පුද්ගලයකු සමඟ ලිංගික සම්බන්ධකම් පැවැත්වීම මඟින් නිරෝගී පුද්ගලයකුට වැළඳෙන බැවිනි. මෙවැනි රෝග ගණනාවක්ම පැවතිය ද ඉන් කිහිපයක් ගැන අද අප විමසමු.

ලිංගික හර්පීස්

වෛරස් ආසාදනයකි. එය හැඳින්වෙන්නේ හර්පීස් සිම්ස්ලෙක්ස් ධ්ධ් වන වර්ගයේ වෛරසය ලෙසය.

රෝගය ආසාදනයට ලක්වන අයෙකුගේ මුළු ජීවිත කාලය පුරාම වෛරසය ශරීරගතව පවතින අතර එය වරින් වර නැවත ඇතිවීමේ අවදානමක් පවතියි. ප්‍රථම වරට වෛරසය ශරීරගතව දින 3 -10 ක් අතරතුරදී ලිංගික ප්‍රදේශයේ දැවිල්ලක් හා වේදනාවක් ඇති වෙයි. ඒවා බිඳී තුවාල ඇති වෙයි. උණ, කැසීම, වේදනාව ලක්ෂණ කරගත් මෙම ආසාදනය ඇති වූ විට රෝගියා බොහෝ සේ වේදනාවට පත් වෙයි.

ගොනෝරියාව නොවන මුත්‍රා ප්‍රද්‍රහය

බැක්ටීරියානු රෝග කාරක කිහිපයක්ම මෙම රෝගය ඇති කළ හැකි නමුදු වැඩිපුරම චෝදනාව එල්ල වන්නේ ක්ලැමීඩියා නම් බැක්ටීරියාව වෙතය.

මුත්‍රා දැවිල්ල, ලිංගේන්ද්‍රියේ සුදු පැහැ ස්‍රාවයක් පිටවීම, යටිබඩ හා වෘෂණ කෝෂ වේදනාව දැනීම ආදිය මෙහි රෝග ලක්ෂණය.

ලිංගික ඉන්නන්

හියුමන් පැපිලෝමා වෛරසය ආසාදිත රෝගී අයෙකු සමඟ ලිංගික සබඳතා පවත්වා මාස හයකට පමණ පසුව විවිධ හැඩයෙන් යුත් ඉන්නන් ලිගේන්ද්‍රීය හා එහි අවට දැකිය හැකිය.

හියුමන් පැපිලෝමා වයිරස ආසාදනය කාන්තාවන්ට වඩා තර්ජනාත්මක වන්නේ එය ගැබ්ගෙල පිළිකා ඇති වීමේ අවදානම ඉහළ නැංවෙන බැවිනි.

ට්‍රයිකොමොනයිසිස්

ට්‍රයිකොමොනයිසිස් වැජිනේලිස් නම් එක සෛල පරපෝෂිත ජීවියකු මෙහි රෝග කාරකයයි.

කාන්තාවකගේ ලිංග ප්‍රදේශය කැසීම, මුත්‍ර දැවිල්ල, මෙන්ම පෙණ සහිත දුඟද ගමන ස්‍රාවයක් බැහැර වීම ආසාදනය සිදු වී දින 30 කට පමණ පසුව සිදුවිය හැකිය.

මුත්‍ර දැවිල්ල හා වෘෂණ කෝෂ ආශි‍්‍රත වේදනාව පිරිමි රෝගීන් තුළින් දැකීම කලාතුරකින් සිදුවෙයි. එක් අයකුට රෝගය ඇත්නම් දෙදෙනාම ප්‍රතිකාර ගැනීම මෙහිදී වැදගත්ය.

එච්.අයි.වී. , සෙංගමාලය වැනි තත්ත්වයන් ද ලිංගිකව සම්පේ‍්‍රෂණය විය හැකි රෝගය.

උපදංශය

උපදංශය ගැන බොහෝදෙනා දන්නේ “සපිලිස්“ ලෙසය. මෙහි රෝග කාරකය බැක්ටීරියාවකි. නමින් “ට්‍රිපොනිමාපැලිඩම්ය.” ආසාදන සිදු වී දින 90 -100 ක් අතර කාලයකදී ලිංගේන්ද්‍රියයෙහි තුවාලයක් ඇති වෙයි. එම තුවාලය මෙන්ම ඉකිලි ප්‍රදේශයේ ඇතිවන කුද්දැටි ද වේදනාවකින් තොරය. මෙම පළමු අදියරේදී නිසා ප්‍රතිකාර නොලද හොත් උපදංශ දෙවන අවස්ථාවට පත්වෙයි. සමේ දද, වසාගැටිති, උණ හා සමහරවිට මුඛය ඇතුළු ප්‍රදේශවල මරණ ද ඇතිවෙයි. උපදංශයේ වඩාත්ම භයානක එය තුන්වන අදියරට පත්වීමය. හෘදය රෝග සහ ස්නායු ගත රෝග ඇතිවීම මෙහිදී සිදුවිය හැකිය.

උපදංශය මුල් අවස්ථාවේදී හඳුනාගැනීම රෝගය ඉතා පහසුවෙන් සුව කරගත හැකිය.

සුදුබිංදුම

මෙය වඩාත් ප්‍රචලිතව ඇත්තේ ගොනෝරියා නමිනි. නයිසීරියා ගොනෝරියේ නම් තවත් බැක්ටීරියානු රෝග කාරකයෙක් මෙයට සම්බන්ධය. මුත්‍ර දැවිල්ල, නිතර මුත්‍ර පිට කිරීමේ අවශ්‍යතාවය, යටිබඩ ප්‍රදේශයේ වේදනාව මෙහි රෝග ලක්ෂණ වුවද ප්‍රධාන රෝග ලක්ෂණය වනුයේ ලිංගේන්ද්‍රියෙන් ඍජුව මිශි‍්‍රත ස්‍රාවයක් පිටවීමය.

ගර්භණී සමයේදී සුදබිංදුම ඇති වුවහොත් දරු ප්‍රසූතියේදී බිළිඳු ඇස් මත තැවරී අන්ධභාවය ඇති කළ හැකි බැවින් රෝගී ගැබිනි මවක් හඳුනා ගතහොත් ස්වාභාවික දරු ප්‍රසුතිය වළක්වා, සැත්කමක් මඟින් දරු ප්‍රසූතිය සිදු කිරීම සාමාන්‍යයෙන් සිදු වෙයි.

මෙය දිලීර රෝග කාරකයක් වන කැන්ඩිඩා ඇල්බිකන් මඟින් ඇති කරනු ලබන්නකි. කාන්තාවකට මෙම රෝගය ඇති වූ විට සුදු පැහැ කැටි සහිත ස්‍රාවයක් ලිංගේන්ද්‍රියයෙන් පිටවෙයි.

මෙම රෝග කාරකයා දිලීරයක් බැවින් එහි බීජාණු පරිසරයේ ද පැවතිය හැකි බැවින් ලිංගික සබඳතාවයකින් තොරව වැළඳීමේ හැකියාව පවතින ආසාදනයකි.

තුසිත මලලසේකර