කම්මුල්ගාය නිසා පිරිමින් වඳ භාවයට පත් වෙනවාද?

කම්මුල්ගාය නිසා පිරිමින් වඳ භාවයට පත් වෙනවාද?

බලන්න දොස්තර මහත්තයා මේ දරුවගේ මූණ ඉදිමිලා හරියට බකමූණා වගෙයි. බකමූණු ලෙඩේවත්ද?

දකුණු පළාතේ පිටිසර ගම්වල උදවිය කම්මුල්ගාය හෙවත් ර්භථනඵ නමැති රෝගය හඳුන්වන්නේ බකමූණු ලෙඩේ යනුවෙනි. කම්මුල්ගාය රෝගය වැළඳුණ විට බකමූණාගේ මෙන් හකු පාඩා ඉදිමෙන බැවින් ඒ නම රෝගයට හොඳින් ගැලපේ. එහෙත් එම රෝගයේ රෝගකාරකයා බකමූණාට කිසිදු සම්බන්ධයක් නැත.

කම්මුල්ගායට හේතුකාරක වන රෝග කාරකයා කවරෙක් ද?

වයිරසයක් පියවි ඇසකට තියා කුඩා දේ ලොකු කර බලන අන්වීක්ෂයකින්වත් නොපෙනෙන එහෙත් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයක් මඟින් දැක බලාගත හැකි කුඩාම කුඩා ක්ෂුද්‍ර ජීවියෙක් හඳුන්වන්නේ ර්භථනඵ ඍඪපභඵ කියලයි.

වැඩිපුර හැදෙන්නේ කාටද?

ලොව පුරාම පැතිරී පවත්නා මෙම රෝගය වැඩිපුරම වැළඳෙන්නේ පාසල් යන වයසේ දරුවන්ටයි. අවුුරුදු දෙකට අඩු දරුවන්ට වැළඳෙන්නේ ඉතාමත් කලාතුරකින්. තරුණයන්ට සහ වැඩිහිටියන්ට හැදෙන්නේ ද කලාතුරකින්. ඒකට හේතුව පැපොල,සරම්ප මෙන් කුඩා කාලයේදී මෙම රෝගය වරක් හැදුණාම එම රෝගය සඳහා ප්‍රතිශක්තියක් අප ශරීරය තුළ වර්ධනය වන නිසා පසු කලෙක එම රෝගය නොවැළඳීමයි. කුඩා කාලයේදී කම්මුල්ගාය රෝගය නොවැළඳුණා නම් ඒ තැනැත්තාට පසුකලදී එම රෝගය ලෙහෙසියෙන් වැළදෙන්නට පුළුවනි.

වයිරසය ශරීරගත වෙන්නේ කොහොමද?

කම්මුල් ගාය රෝගය වැළඳුණු රෝගියකුගේ ආශ්වාස ප්‍රශ්වාස වාතය මඟින් සහ ස්පර්ශය මඟින් තවත් කෙනෙකුට වරසය ඇතුල් වෙන්න පුළුවනි. සතුන්ගේ ශරීරයේ මේ වරසය වර්ධනය නොවෙන නිසා සතුන්ගෙන් (බකමූණන්ගෙන්) මේ රෝගය බෝ වෙන්නේ නැහැ.

වයිරසය ශරීරගත වී රෝග ලක්ෂණ මතුවන්නේ කොපමණ කාලයක් ගතවුණාට පසුවද?

වයිරස ශරීරගත වී රෝග ලක්ෂණ මතුවන තුරු ගතවන කාලය හඳුන්වන්නේ බීජෞසන සමය හෙවත් Incubation period කියලා. කම්මුල්ගාය රෝගය සඳහා බීජෞසන සමය දින 17ත් 28ත් අතර කාලයක්.

එතකොට කම්මුල්ගාය රෝගියකුගෙන් තවත් කෙනෙකුට වයිරසය පැතිරෙන්න පුළුවන් කොයි කාලයේදීද?

රෝගය තවත් කෙනෙකුට බෝ කළ හැකි කාලය හඳුන්වන්නේ ආසාදිත සමය හෙවත් Period of Infectivity  යනුවෙනුයි. ප්‍රධාන රෝග ලක්ෂණය වන කනට යටින් පැරොටිඩ් නමැති ඛේඨ ග්‍රන්ථියේ ඉදිමුම ප්‍රදර්ශනය වීමට දින 3කට පෙර සිට ඉදිමුම මතු වී දින 3ක් ගතවන තුරු (දින 6ක් ඇතුළත) රෝගියාගෙන් රෝගය තවත් කෙනෙකුට බෝ විය හැකියි. රෝග ලක්ෂණ මතුවීමට දින 3 පෙර කාලය කෙසේ වෙතත් රෝග ලක්ෂණ මතු වී දින 4ක් පමණ, ඒ කියන්නේ කම්මුලේ ඉදිමීම අඩුවන තුරු රෝගී වූ දරුවන් පාසල් යැවීම සුදුසු නැහැ.

කම්මුල්ගාය රෝගයේදී ඇත්තටම ඉදිමෙන්නේ කුමක්ද?

වයිරසය ප්‍රධාන වශයෙන් ආසාදනය ඇති කරන්නේ කනට යටින් සහ ඉදිරියෙන් පිහිටි පැරොටිඩ් නමැති ඛේඨ ග්‍රන්ථියෙයි.

මෙහිදී එක පැත්කක් හෝ දෙපැත්තෙන්ම බේඨ ග්‍රන්ථිය ඉදිමීම සිදුවන්නට පුළුවනි.

සමහර විට යටි තල්ලේ පිහිටි ඌර්ධවහනුක ඛේඨ ග්‍රන්ථියත් ආසාදනය වී ඉදිමෙන්න පුළුවනි.

පිරිමින්ට කම්මුල්ගාය හැදුණාම ඒ අය සමහරවිට වඳභාවයට පත්විය හැකි බව මා අසා තිබෙනවා. එහි ඇත්තක් තිබේද?

ඔව්. හැබැයි ඉතාත් කලාතුරකින්. කම්මුල්ගාය හදන වයිරසය ඔහුගේ වෘෂණ කෝෂවලටත් වින කරන්න පුළුවනි. වෘෂණ කෝෂ දෙකම ඒ නිසා විනාශ වුවහොත් පමණයි, ඒ තැනැත්තා වඳභාවයට පත්වන්නේ.

වෘෂණ කෝෂ ඉදිමුම හා වේදනාව ඇති වුවහොත් වහාම වෛද්‍යවරයෙකු හමුවීමයි නුවණට හුරු.

කම්මුල්ගාය ඇති වුණ රෝගීන්ට ඇති විය හැකි වෙනත් සංකූලතා මොනවාද?

කම්මුල්ගාය සෑදී දින 10ක් පමණ ගිය පසු දරුවා අධික හිසදරයක්, උණ සහ බෙල්ලේ කැක්කුම ගැනත් කියයි. නම් ඒ වයිරසය මොළයට ඇතුළු වීම නිසා ඇති වූ Ecephalitis  හෝ Meningitis  නම් මොළයේ ආසාදනය නිසා විය හැකිියි.

ඉතාමත් කලාතුරකින් වයිරසය අග්න්‍යාශයටත්, ඩිම්බ කෝෂවලටත් (ස්ත්‍රීන්ගේ) හෘදයටත්, පියයුරුවල කිරි ග්‍රන්ථිවලටත්, අක්මාවටත්, හන්දිවලටත් ආසාදනය ඇති කළ හැකියි. එවිට එම ඉන්ද්‍රිය ප්‍රදේශයේ වේදනාවක් ඊට අදාළ රෝග ලක්ෂණත් මතුවිය හැකියි.

එවන් සංකූලතාවයන් හට ගත් විට වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයකු හමුවීමයි නුවණට හුරු.

කම්මුල්ගාය හැදුණ විට නිවසේදී කළ හැකි ප්‍රතිකාර ලබන සතියේ

මාවනැල්ල ගමගේ රෝහලේ

ජ්‍රජා සෞඛ්‍ය පිළිබඳ විශේෂඥ වෛද්‍ය

ආරියසේන යූ ගමගේ