කොස් ඇටවලින් රසැති කෑම

ප්‍රතිශක්තිය නංවන - මොළය වර්ධනය කරන

කොස් ඇටවලින් රසැති කෑම

කොස් ඇට කළු පොල් මාළුව

අවශ්‍ය ද්‍රව්‍ය

කොස් ඇට 30

පොල් මේස හැඳි 4

හාල් මේස හැඳි 3

කරදමුංගු කරල් 2

කරාබු නැටි 2

පොල්කිරි කෝප්ප (මිටිකිරි) 1

දිය කිරි කෝප්ප 4

අමු මිරිස් කරල් 2

සුදු ලූනු බික් 5

කරපිංචා ඉති 2

මිරිස් කුඩු තේ හැඳි 1

තුනපහ කුඩු තේ හැඳි 1

කහ කුඩු තේ හැඳි 1/2

රස අනුව ලුණු කුඩු

සාදන ආකාරය

කොස් ඇටවල පොතු ඉවත් කර කුඩාවට කපා ගන්න. ඉන්පසු අමු මිරිස්, කරපිංචා, සුදුලූනු, කුඩාවට කපා එයට එකතු කරන්න. මිරිස් කුඩු, තුනපහ කුඩු, කහ කුඩු, ලුණු සියල්ල කොස් ඇට සමඟ මිශ්‍ර කර දිය කිරි ද දමා හොඳින් තම්බා ගන්න.

ඉන්පසු පොල්, හාල් කරදමුංගු, කරාබු නැටි, කුරුඳු පොතු සියල්ල රන්වන් පැහැ වනතුරු කබලේ බැදගන්න. හොඳින් බැදගත් පසු ඒ සියල්ල බ්ලෙන්ඩරයක් ආධාරයෙන් හොඳින් අඹරා ගන්න. පසුව මිටි කිරි ද එයට එකතු කර මිශ්‍රනයක් සාදාගන්න.

පසුව කොස් ඇට දිය කිරෙන් තැම්බුනු පසු ඉහත සාදාගත් මිටිකිරි මිශ්‍රණය එකතු කර විනාඩි 5 ක් පමණ ලිප තබා තම්බා ගන්න.


කොස් ඇට අග්ගලා

අවශ්‍ය ද්‍රව්‍ය

කොස් ඇට (හොඳින් පිරිසුදු කරගත්) 30

කිතුල් පැණි කෝප්ප 1

පොල් කෝප්ප 1/2

අවශ්‍ය ප්‍රමාණයට ලුණු කුඩු

සාදන ආකාරය

කොස් ඇට හොඳින් සෝදා පිරිසුදු කරගෙන කබලේ බැදගන්න. ඉන්පසු වංගෙඩියකට දමා කොස් ඇට හොඳින් කුඩු කරගන්න. පසුව කිතුල් පැණි, පොල්, ලුණු ද දමා හොඳින් මිශ්‍ර කර ගුලි සාදාගන්න.


කොස් ඇට මැල්ලුම

අවශ්‍ය ද්‍රව්‍ය

පැසුණු නැති කොස් ඇට 30

රතු ලුනු බික් 2

අබ තේ හැඳි 1

අමු මිරිස් කරල් 3

ලුණු කුඩු (අවශ්‍ය ප්‍රමාණයට)

පොල් තෙල් මේස හැඳි 11/2

පොල් ස්වල්පයක්

කරපිංචා ඉති 2යි

සාදන ආකාරය

කොස් ඇට පොතු ඉවත් කර හොඳින් පිරිසිදු කර තම්බා ගන්න. ඉන්පසු වතුර පෙරා කොස් ඇට ටික දිග් අතට තීරු කපාගන්න. ඉන්පසු අමු මිරිස් කුඩාවට ලියා, කරපිංචා කුඩාවට ලියා, කහකුඩු, පොල්, ලුණු කුඩු සියල්ල හොඳින් කලවම් කර තීරු කපාගත් කොස් ඇටවලට මිශ්‍ර කරගන්න. පසුව තෙල් තාච්චියක් ලිප තබා එය අබ ඇට ද දමා කොස් ඇට මිශ්‍රණය දමා විනාඩි 2 -3 ක් තම්බා ආහාරයට ගන්න.


කොස් ඇට ව්‍යංජනය

අවශ්‍ය ද්‍රව්‍ය

කොස් ඇට 500g

දියකිරි කෝප්ප 4

මිටිකිරි කෝප්ප 1

බැදපු තුනප මේස හැඳි 2

මිරිස් කුඩු තේ හැඳි 1 1/2

අමු මිරිස් කරල් 4

කහ කුඩු තේ හැඳි 1/2

කරපිංචා ඉති 2

ලුණු ස්වල්පයක්

කුරුදු පොතු කැබලි 2

සියඹලා ස්වල්පයක්

රතුලූණු, සුදුලූණු බික් 4

සාදන ආකාරය

කොස් ඇට පොතු ඉවත් කර තුනපහ, මිරිස් කුඩු, අමු මිරිස් කපා, කහ කුඩු, කරපිංචා, ලුණු අවශ්‍ය ප්‍රමාණයට, කුරුඳු පොතු, සියඹලා, රතුලූණු හා සුදු ලූනු කුඩාවට කපා සියල්ල කොස් ඇට සමඟ මිශ්‍ර කර දියකිරි දමා ලිප තබා හොඳින් තම්බා ගන්න. දියකිරි සිඳීගෙන එනවිට මිටිකිරි දමා හොඳින් පැසුනු පසු ලිපෙන් බා ගන්න.