දරුවකු ගැන හිතන ඔබට ප්‍රොජෙස්ටරෝන් නැතිවම බැහැ

වාතය හා පිත නසන කෙසෙල්

ගාල්ල දිස්ත්‍රික් ආයුර්වේද රෝහලේ

විශේෂඥ වෛද්‍ය

මුදිතා නානායක්කාර

ශීත ගුණයෙන් සපිරි ආහාරයක් ලෙස කෙසෙල් හඳුනාගත හැකි අතර ආයුර්වේදයේදී රසයෙන් මධුර (පැණි) ගුණය ඇති බර ආහාරයක් ලෙස ද හැඳින්වේ. මෙහි විශේෂත්වය නම් වාතය හා පිත සමනය කිරීමයි. ශරීර සෞඛ්‍යයට හිතකර මට්ටමේ පලතුරක් වුවද සෙම වර්ධනය වන පලතුරක් වීම නිසා කෙසෙල් බොහෝ පුද්ගලයන් ප්‍රතික්ෂේප කිරීමට හේතුව ද එයම වේ.

කෙසෙල්වල ඇති පෝෂණ සහ ඖෂධීය ගුණ

ප්‍රතිශක්තිකරණ ශක්තිය වැඩි කරන ඇන්ටිඔක්සිඩන්ට් පවතී. විටමින් ඕ6 මෙහි අඩංගු වීම නිසා ශාරීරික වේදනා කැක්කුම් අඩු වේ. සිරුරේ රුධිරය අඩු වීමට ද කෙසෙල් හේතු වෙයි. කෙසෙල් 100ඨ ක විටමින් ඛ් අඩංගු වන්නේ 8.7ථඨ කි. පොටෑසියම් අධික ප්‍රමාණයක් කෙසෙල්වල ඇත. උදා.100ඨ ක අඩංගු වන්නේ පොටෑසියම් 358ථඨ කි. මේ අනුව හදවත් රෝගවලට හා අධික රුධිර පීඩනයට සුදුසු වෙයි.

කෙසෙල් වර්ග අතුරින් ආයුර්වේදයේ වැඩිපුරම ඖෂධ නිෂ්පාදනයට යොදා ගන්නා වර්ගය ලෙස සුවඳැල් කෙසෙල් වර්ගය යොදා ගනී. කෘෂ අය පුෂ්ටිමත් කරවීමට නිපදවන “රාජ තර්පනය” නැමැති රසායන ඖෂධය නිෂ්පාදනය කරනු ලබන්නේ සුවඳැල් වලිනි. මෙම කෙසෙල් වර්ගයේ පවතින අධික කැලරි ප්‍රමාණය ඊට හේතුවයි. සුවඳැල්වලින් සෙම වර්ධනයක් සිදු නොවන නමුත් ශක්තිය වැඩිවීමක් වෙයි.

සෙම වර්ධක ආනමාළු මොනවාද?

ආනමාළු වර්ග අතුරින් සපුමල් ආනමාළු වර්ගය සෙම වර්ධනය කිරිම අඩු ප්‍රමාණයකින් සිදු කරයි. සෙම ඇති පුද්ගලයන් මෙම ආනමාළු වර්ගය ගැනීම නිසා අධිකව සෙම වර්ධනය වීමක් සිදු නොවේ.

අධිකව සෙම වර්ධනය වන්නේ ඇඹුල් කෙසෙල් වර්ගයේය. උපරිමව සෙම වර්ධනය වීමක් වෙයි. උදාහරණ ලෙස පීනස රෝගියෙක් එක ඇඹුල් කෙසෙල් ගෙඩියක් කෑ විට තිබෙන මට්ටමට වඩා එය දෙගුණයකින් වැඩි වෙයි. මේ අනුව සෙම් රෝගීන් ඇඹුල් කෙසෙල් ගැනීමෙන් වැළකී සිටීම සුදුසුයි.

සෙම ඇතිවීම අඩුවෙයි

ඇම්බුම් කෙසෙල් වලින් සෙම තරමක් දුරට වර්ධනය වෙයි. නමුත් ඇඹුල් කෙසෙල් තරම්ම අධිකව වර්ධනය නොවෙයි.

ජාන වර්ධනය කළ cavendish  නම් කෙසෙල් වර්ගය තුළින් කිසිම ගුණයක්

නැති බව ආයුර්වේදයේ සඳහන් කරයි. නමුත් එම කෙසෙල් නරක් නොවී තබාගත හැකියි. හේතුව ජාන වැඩි දියුණු කිරීමයි. පිත දුෂ්‍ය වීම නිසා චර්ම රෝග හට ගැණුන විටදී රත් කෙසෙල් හොඳ ඖෂධයක් වෙයි. මින් සෙමට බලපෑමක් වේ යැයි විශ්වාස නොකෙරේ.

කෝලි කුට්ටුවල කැලරි ප්‍රමාණය වැඩියි. එසේම පුෂ්ටිමත් භාවය ඇති වේ. මෙය දියවැඩියා රෝගීන්ට සුදුසු නැත. සෙම වැඩිපුර වර්ධනය වීම සිදුවන්නේ නැත.