පිරිසුදු නැති මුඛය ලෙඩ ගොඩක්

පිරිසුදු නැති මුඛය ලෙඩ ගොඩක්

දත් මැදීමෙන් පසුව බුරුසුව යොදාගෙන දිවද මැද වතුරෙන් සෝදා පිරිසුදු කරගන්න. එය ආහාර රසය හොඳින් දැනීමට උදව් වනවා පමණක් නොව මුඛය ගඳ ගැසීමෙන් ද වළක්වාලීමට සමත් වෙයි.

මුඛය සහ එහි තුළ ඇති දත්, විදුරුමස් හා දිව සෞඛ්‍යමත්ව තබා ගැනීමට ඔබ කළ යුත්තේ එකම එක දෙයකි. එය නම් දවසට 2 වරක් නැතිනම් උදය ආහාරයෙන් පසුව හා රාත්‍රී ආහාරයෙන් පසු නින්දට යාමට පෙර හොඳ තත්ත්වයේ දත් බුරුසුවක ආධාරයෙන් දත් මැදීමය.

දත් මැදීමට පෙර දත් ඇඳි දෙක සහිත මුඛය කොටස් 4 කට බෙදාගන්න. එය මනසින් - සිතින් කළ හැකිය. මෙම එක් කොටසකට තත්පර 30 බැගින් යොදමින් අඩු කරමින් මිනිත්තු 2 ක කාලයක් දත් මදින්න. මිනිත්තු 5 ක් දත් මැදීමට වෙන් කළ හැකි නම් වඩාත් උචිතය.

බුරුසුව දත් ඇන්ද මත එහා මෙහා යැවීමෙන් පළක් නැත. විදුරුමසට අංශක 45 ක කෝණයකට සිටින සේ බුරුසුව අල්ලාගෙන එය ඉහළට - පහළට ගමන් කරන ආකාරයෙන් කෙටි පහරවලට යන්න.

බුරුසුව ගෙවී හෝ කෙඳි නැවී හෝ නොමැති බවට සහතික වන්න. ඔබගේ නාසයට කෙළින්ම බුරුසුවේ මිටෙහි පසුපස අල්ලාගෙන කෙළින් සිටින විට බුරුසුවෙහි කෙඳි කිසිවක් හෝ ඔබට නොපෙනිය යුතුය. එසේ පෙනෙන්නේ නම් බුරුසුවට සමුදීමට කාලය එළැඹ ඇත.

දත් මැදීමට දත් බෙහෙත් (දන්තාලේප) අවශ්‍යම නැත. එහෙත් දත් මැදීම ප්‍රසන්න කාර්යයක් කිරීමට එය හේතු වී ඇත. විශේෂ ගැටළුවක් නොමැති නම් ෆ්ලෝරයිඩ් මිශි‍්‍රත දත් බෙහෙතකින් මුං හෝ කඩල හෝ ඇටයක ප්‍රමාණයක් බුරුසුවෙහි කෙදි මත තැබීම ප්‍රමාණවත්ය. දත් මැද පළමු වාරයේ කෙළ ගැසීමත් සමඟ දන්තා ලේපයේ ද වැඩි ප්‍රමාණයක් පිටතට යන බව අත්දැක ඇතිවාට සැකයක් නැත. කරාබු නැටි, කුරුදු මිශි‍්‍රත දන්තාලේප මෙන්ම මින්ට් මිශ්‍ර දන්තාලේප ද මුඛයට නැවුම් බවක් ගෙනදීමට සමත්ය. දත් මැදීමෙන් පසු බුරුසුව හොඳින් සෝදා තෙත ඉවත් වීමට බීකරයක්, වීදුරුවක් හෝ වීදුරු බෝතලයක, මිට පහළට හා කෙඳි උඩට සිටින සේ තබන්න. ආවරණයක් ඇත්නම් ඉන් කෙඳි ආවරණය කරන්න.

බුරුසුව දිග අතට තැබීමෙන් එහි විෂබීජ තැවරිය හැකිය. කැරපොත්තන්, ගෝනුස්සන් වැනි කෘමින් මඟින් අපවිත්‍ර විය හැකිය.

දත් මදින බුරුසුව පියන වැසූ භාජනයක තැබීමෙන් වළකින්න.

බුරුසුව භාවිතයට ගෙන තෙමසක් පමණ යනවිට හෝ කෙදි මැල වී නැවී යන විට අලුත් බුරුසුවකට මාරු වන්න.

දිව පිරිසුදු කරන්න

දත් මැදීමෙන් පසුව බුරුසුව යොදාගෙන දිවද මැද වතුරෙන් සෝදා පිරිසුදු කරගන්න. එය ආහාර රස හොඳින් දැනීමට උදව් වනවා පමණක් නොව මුඛය ගඳ ගැසීමෙන් ද වළක්වාලීමට සමත් වෙයි.

මුඛය පිරිසිදු කිරීමට දියරමය මුඛ දෝවනයක් භාවිතා කරන්නේ නම් එය මද්‍යසාරයෙන් තොර බව ලේබලය කියවා තේරුම් ගන්න. මුඛය තෙත්ව තැබීමටත්, මුඛය ගඳ ගැසීම වළක්වාලීමටත් මුඛ දෝවන දියර සමත්ය.

ඖෂධ නිසා මුඛය වියළීම

සමහර ඖෂධ නිසාද මුඛය වියලීම සිදුවිය හැකිය. එහෙයින් කිසියම් ඖෂධයක් ගන්නා විට මුඛය වියැළී යන බවක් හැඟේනම් ඒ බව වෛද්‍යවරයාට දැන්වූ විට ඖෂධය හෝ මාත්‍රාව හෝ වෙනස් කරනු ඇත.

මුඛය වියලි බොහෝ අය සීනි රහිත චුයිංගම් හැපීම සිදු කර සහනය ලබයි.

දුම්පානයෙන් වළකින්න

දුම්පානය මුඛයේ පැවැත්මට සහ සෞඛ්‍යයට අහිතකරය. බුලත්විට සැපීම ද, දුම්පානය ද මුඛ පිළිකා ඇති කරයි. මුඛය තුළ ශ්ලේෂ්මල පටල විනාශ කර ආහාර රස දැනීමට ද බාධා කරයි.

කෘත්‍රිම දත් දමා ඇත්නම්

ඔබ කෘත්‍රිම දත් දමා ඇත්නම් නින්දට යන විට ඒවා ගලවා ආරක්ෂාකාරී ලෙස තබන්න. කෘත්‍රිම දත් ද දවසකට දෙවරක් බුරුසුවකින් මැද පිරිසිදු කළ යුතු බව අමතක නොකරන්න.

මුඛ සෞඛ්‍යය සුරැකීම සිරුරේ සෞඛ්‍යය රැක ගැනීමේ අංගයක් බව සලකන්න.


ඔබේ සුවයට...

හිසරදයට

  •  සියඹලා ගෙඩියක බොර නළල දෙපැත්තේ ගාන්න.
  •  උණු වතුරින් තවන්න.
  •  රතුළූණු ,ඉඟුරු සමඟ අඹරා නළල දෙපැත්තේ ගාන්න

විසප්පුවට

  •  රන්කුඹල් මැටි දෙහි ඇඹුලෙන් ගලගා ගාන්න.
  •  හෙන්දිරික්කා අලය උණඅලුපල්ලේ පුච්චා දෙහි ඇඹුලෙන් ගලගා ගාන්න.

පාසල් පොත් බෑගය නිසා දරුවන්ට ඇතිවන කොන්දේ අමාරුවට පිළියමක්

බොහෝ දරුවන්ට ඇතිවන කොඳු ඇට පෙළේ වක්‍රයට හේතුවන කරුණු අතර ප්‍රධාන වන්නේ විශාල බර පොත් බෑග් උරහිසේ එල්ලා ගෙන දිගු කාලයක් වැරැදි ඉරියව්වල සිටීමය.

පිළියම වන්නේ පිටේ එල්ලාගෙන යන පොත් බෑග් පාවිච්චි කිරීමයි. නමුත් හැකිතාක් එම බෑගයේ බර ද අඩු කළ යුතුය. දරුවා භාවිතා කරන්නේ උරහිසේ එල්ලාගෙන යන බෑගයක් නම් වරින් වර උරහිස් දෙකට මාරු කරමින් එල්ලාගෙන යෑමට දරුවාට උපදෙස් ලබා දෙන්න.