වැරදි ආහාර ක්‍රම පිත්තාශයේ ගල්වලට හේතුවක්

වැරදි ආහාර ක්‍රම පිත්තාශයේ ගල්වලට හේතුවක්

පෑලියගොඩ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ගුවන් පාලම අසල රන්පත වෙදමැදුරේ

ආයුර්වේද වෛද්‍ය

රන්පත රුවන් රත්නායක

 

වෛද්‍ය රන්පත රුවන් රත්නායකගේ

දුරකතන අංකය 071 300 90 88

පිත්තාශයේ ගල් ඇති වීම පිළිබඳ පැහැදිලි කළොත්

මෙහිදී උදරයේ දකුණු පැත්තේ ඇතිවන වේදනාවන් පිට කොන්ද ප්‍රදේශය දක්වා විහිදී යනු ලැබේ. එවැනි රෝගීන්ට තුනටිය ආශි‍්‍රත කැක්කුම් ඇති වේ. බොහෝදුරට මෙම රෝගී තත්ත්වය කාන්තාවන්ට සුලබව දැකගත හැකි වේ. ඇතැම්විට පිත්තාශය තුළ හට ගන්නා මෙම ගල් පිත්ත නාලය ඔස්සේ පහළ බඩවැල දක්වා ගමන් කරනු ලැබේ. ඇතැම්විට එසේ පැමිණෙන ගල් අවහිර වුණොත් රෝගියාට විවිධාකාර පීඩාකාරී තත්ත්ව සඳහා මුහුණ දීමට සිදු වේ. ශරීරය සීත කිරිම, වමනය, වෙව්ලීම,පිත උගුරට පැමිණීම, ඒ පීඩාකාරී තත්ත්ව වේ. තවත් පිරිසකට පිත්තාශයේ හටගන්නා ඇතැම් ආසාදන නිසා සෙංගමාල තත්ත්ව ඇතිවී ශරීරය කහපාට වීම වැනි රෝග ලක්ෂණ ඇතිවිය හැකියි.

මුත්‍රාශයේ ගල් ඇති වීමට හේතු

ආහාර ජීර්ණයේදී ඇතිවන විෂමතාවන් හා වැරදි ආහාර ක්‍රම පිත්තාශයේ ගල් හා මුත්‍රාශයේ ගල් ඇති වීමට හේතු වේ. විශේෂයෙන් විරුද්ධ ආහාර ගැනීමෙන් මේ තත්ත්වය උග්‍ර අතට පත් වේ. තවද වැරදි ආහාර ගැනීමෙන් ඇතිවන රසායනික සංයෝගයන්ගේ ප්‍රතිඵලයක් ලෙසින් හටගන්නා ඔක්සලේට් පදාර්ථ ද මීට හේතු වේ. උදාහරණ ලෙස තක්කාලි සමඟ හාල්මැස්සන් ආහාරයට ගැනීම නිසා ඔක්සලේට් පදාර්ථ ඇති වේ.

මෙවැනි රෝග සඳහා පවතින පිළියම්

ආයුර්වේද වෛද්‍ය ක්‍රමය අනුව නැවත එම ගල් ඇති වීමට බලපාන තවත් හේතුවක් වන්නේ ආහාර ජීර්ණයේ ඇතිවන යම් යම් දුර්වලතාවයන්ය. ආහාර ජීර්ණයේ විෂමතාවන් බැහැර කර ඉතා හොඳින් ආහාර ජීර්ණය පහසු වන පරිදි ජීර්ණ පද්ධතිය සැකසීම ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමය යටතේ සිදු වේ. එවැනි වෛද්‍ය ක්‍රමයක් භාවිතා කිරීමෙන් නැවත මුත්‍රා ගල් ඇති වීම, මෙන්ම අතුරු ආබාධ ඇති වීමද සිදු නොවේ. වකුගඩු මඟින් ඉතා හොඳින් මුත්‍රා පෙරීමේ කටයුතු මෙන්ම පිත්තාශයේ පවතින සියලු අසාත්මිකතා ද දුරු වී යනු ලැබේ.

මුත්‍රාශ්මරී, පිත්තාශ්මරී රෝගයන්ට සමගාමීව පවතින අනෙකුත් රෝග තත්ත්වයන් සහ ඒවාට ඉදිරිපත් කරන නව ප්‍රතිකාර

මෙවැනි රෝග ඇතිවන බොහෝ අවස්ථාවලදී එම රෝගවලට සමගාමීව ඇතිවන විවිධ වූ වෙනත් කායික රෝග ද හට ගනී. ඇදුම, පීනස, අර්ශස්, බඩ පුරවා දැමීම, මලබද්ධය, බඩගින්න, නැති වීම හෝ අධික බඩගින්න ආශි‍්‍රත ජීර්ණ පද්ධතියේ දෝෂ (ගැස්ට්‍රයිටීස් මේ අතුරින් ප්‍රධාන තැනක් ගනී) හිසේ කැක්කුම, නින්ද නොයාම, අධික නිදිමත, අධික ලෙස කේන්ති යාම, ඇස් කන් කැසීම, උගුරේ සෙම පැටලීම, සෙම් ගෙඩි, නිතර සෙම ඇවිස්සීම, අත් පා ඇඟපත දැවිල්ල, අත් කකුල් ඇඟිලි හිරිවැටීම් ආදී බොහෝ රෝග ලක්ෂණ අවස්ථානුකූලව ඒ ඒ පුද්ගලයන්ට ආවේණික ලෙස ප්‍රමුඛ වේ. මේ අතර බොහෝ අය දියවැඩියා රෝගයෙන්ද පෙළේ. විමර්ශනශීලී ආයුර්වේද වෛද්‍ය විද්‍යාත්මක රීතීන්ට අනුව රෝග සුවපත් කිරීමේ නියැළෙන්නන්ට එක් විට එක රෝග තත්ත්වයක් හෝ ලක්ෂණයක් පිළිබඳ පමණක් සලකා බැලීමකින් තොරව ඉහත සියලු ලක්ෂණයන් හෝ රෝග තත්ත්වයන් පිළිබඳව පුළුල්ව සොයා බලා සැලසුම්සගතව ප්‍රතිකාර කිරීමෙන් එවන් වූ සියලු රෝග නිට්ටාවටම සුව කරගත හැකිය.

වත්මන් සමාජයේ බුද්ධිමත් විමර්ශනශීලි සියල්ලන්ම පාහේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය පිළිබඳව තිරසාර විශ්වාසයක් ගොඩනගාගෙන තිබුණ ද මෙම වෛද්‍ය කර්මයන්හිදි අමුද්‍රව්‍ය සොයා කපා කොටා සකස් කරගෙන කෂාය තැම්බීම සහ වෙනත් ඖෂධ පිළියෙල කර ගැනීම නිසායාකාරයෙන් සිදුකර ගැනීමට අපහසු වීම නිසා මෙම විශිෂ්ට වූ වෛද්‍ය ක්‍රමයට අවතීර්ණ නොවේ.

නමුත් ඉපැරණි ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන අපගේ හෙළ වෙදකමෙහි සශ්‍රීක මූලාශ්‍රයන්ගෙන් පෝෂණය වූ රන්පත වෙද පරපුරෙහි විස්මිත වෙදකම් නිර්මාණශීලිව යාවත්කාලීන කර ඇත්තේ රෝග නිට්ටාවටම සුවපත් කර ගැනීමට නව මඟක් විවර කරමිනි.

ඕනෑම කාර්යබහුල අවස්ථාවන්හිදී රැකියාවක් කරන අතරතුර පහසුවෙන් භාවිතයට ගත හැකි ලෙස නියමිත ප්‍රමිතීන්ට අනුකූලව උත්කෘෂ්ට වූ ඖෂධීය ගුණයෙන් යුතු බෝතල් ලෙස පිළියෙල කළ කසාය වර්ග, ගුලි වර්ග, කල්ක, චූර්ණ රන්පත වෙද මැදුරෙන් නිෂ්පාදනය කර ඇත්තේ විවිධ පීඩාවන්ගෙන් පෙළෙන සුවහසක ගේ රෝග පහසුවෙන් නිට්ටාවටම සුවපත් කිරීම උදෙසාය.