තද අව් රශ්මියේ බොහෝ වේලාවක් සිටීමෙන් උණුසුම් ආඝාතය ඇතිවිය හැකියි

තද අව් රශ්මියේ බොහෝ වේලාවක් සිටීමෙන් උණුසුම් ආඝාතය ඇතිවිය හැකියි

ගර්ම කලාපිය රටක ජිවත්වන අපිට උණුසුම කියන්නේ අනේක විධිවලින් විඳින්න කැමති දෙයක්. සීතල පළාතකට ගියොත් උණුසුමක තියෙන වටිනාකම අපට දැනෙනවා. පරිසරය වෙනස් වන ආකාරයට අපේ සිරුරේ උෂ්ණත්වය වෙනස් වෙනවා කියල අපි දන්නවා.

ඉර අව්වට පිච්චිලා මිය යන බව අසා තිබුණත්, සිරුර විජලනය වීමෙන් හට ගන්නා උණුසුම් ආඝාතය නිසා මිය යන බවක් නම්, අපි මෙතෙක් අසා තිබුණේ නැහැ. අඩු වයසේ දරුවන්, වයෝවෘද්ධ පිරිස් ආදී අයට පරිසරයේ උෂ්ණත්වය සමග ක්ෂණිකව වෙනස් වෙන්න තරමක් අපහසුයි. මේ අතර නිතර අව්වේ සිටීමට සිදුවන, සේවකයෝ, ක්‍රීඩකයෝ වැනි අය ට උෂ්ණත්වය සමග හැඩගැහෙන්නට සිද්ධ වෙනවා එසේ නොවුණහොත්, ඔවුන් සාමාන්‍ය ශරීර උෂ්ණත්ව වෙනස් වීම මත ඇතිවන රෝගී තත්වයන්ට නතු වෙනවා.

අව්වේ සිටීම නිසා යම් පුද්ගලයෙකුට කිසියම් අපහසුතාවයක් හෙවත්, දැවිල්ලක්, ඉදිමීමක්,කැසීමක්, සම රතුපාට වීමක් හෝ කෙණ්ඩ පෙරළීමක් ඇති වුවහොත්, වහාම අව්වෙන් මිදීමට කටයුතු කරන්න ඕනෑ. මොකද අව්ව නිසා ඇතිවන රෝග තත්වයන් සමහරක් සදහා ක්ෂණික ප්‍රතිකාර ලබාදිය යුතු නිසා.

අලස ගතිය,ඇස් පෙනීම අඩුවී යන බව දැනීම,අධික පිපාසය, පාචන ගතිය, අත් කකුල් හිරි වැටීම වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කළොත්, එවැනි තත්වයකදී, සාමාන්‍ය ප්‍රතිකාර ලබා දිය හැකි වෙනවා, . නමුත් එවැනි තත්වයකදී වුවත්, මුලික ප්‍රතිකාර ලෙස ශරිරය සිසිල් කිරීම සදහා ජලය පානය කරවීම, පවන් ගැසීම හැකියාවක් ඇත්නම් වඩා යෝග්‍යය. සීතල පරිසරයක (A/C) රෝගියා තැබීම කළ යුතුවෙනවා.

අව් රශ්මියේ වැඩිපුර සිටීමෙන් ඇතිවන රෝග ගණනාවක් අතුරින් එක රෝගයක් නමි උණුසුම් ආඝාතය (heat stroke) කියන්නේ. එහිදී තත්පරය වැනි සුළු කාලයත් අතිශයින් වැදගත්. දේහයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 41 ට වඩා ඉහළ යාම හරහා මෙම රෝගී තත්වය ඇතිවෙනවා.රෝග ලක්ෂණ ලෙස අධික තෙහෙට්ටු බව, සිහිමද ගතිය, එකවර සිහි නැතිවීම දැක්විය හැකිය.

එවන් විටක රෝගියාගේ මුණයට ජලය දැමීම සුදුසු නැහැ. ඇලට හරවා, සිරුරේ උෂ්ණත්වය අඩු කිරීමට පවන් ගසන්න,සිසිල් කිරීම පිණිස සිරුර තෙමන්න. සිහිය පැමිණි විට ජලය හෝ තැඹිලි වතුර බොන්නට දෙන්න. මේ අවස්ථාවේ පැණි බිම ලබා දීම කොහෙත්ම සුදුසු නෑ. වෛද්‍ය ප්‍රතිකාර මත ඒ සියල්ල සිදු කළ හැකියි. වෛද්‍යවරයෙකු වෙත යාමට කාලය ගතවන්නේ නම් මුලික ප්‍රථමාධාර ලබා දීමට කටයුතු කිරීමෙන් මරණය වලක්වා ගත හැකි බව සිහි තබා ගන්න,.

දිගු කාලීනව අව්වේ කටයුතු සිදු කිරීමට සිදුවන අයෙකු නම්, පැය දෙකෙන් දෙකට හෙවනට යාමටත්, වරින් වර ඇඟ සිසිල් වන සේ ජලය පානය කරන්නටත් කටයුතු කිරීම වැදගත්. ක්‍රීඩාවල හෝ ඉදහිට අව්වේ ව්‍යායාම කරන්නන් උදේ 7ත් 10 ත් අතර සහ සවස 3 ත් 6 ත් අතර එම ව්‍යායාම්හි නියැලීමට හිතට ගන්න. ඒ ඔස්සේ අනවශ්‍ය ලෙස උණුසුම් ආඝාතයට ගොදුරුවීමෙන් වැලකී සිටිය හැකි වේ.

තද ගිනි රශ්මියේ බොහෝ වේලාවක් ක්‍රීඩාවල යෙදෙන  Warm - up  වල යෙදෙන ක්‍රීඩකයන්ට ද මේ තත්ත්වය ඇතැම්විට උදාවිය හැක. නිසි ප්‍රතිකාර නොලැබුණහොත් මරණය පවා සිදුවිය හැක.