ධාරණ ශක්තිය ගෙන දෙන යෝග ව්‍යායාම්

ධාරණ ශක්තිය ගෙන දෙන යෝග ව්‍යායාම්

ප්‍රවීණ යෝගාචාර්ය

රෝලන්ඩ් විතානගේ

අද අප ඔබට ඉදිරිපත් කරනුයේ බාලාසනයේ තවත් ප්‍රභේදයකි. බාල යනු සංස්කෘත භාෂාවෙන් ළදරුවා හැඳින්වීමට යෙදෙන නාමයයි. ළදරුවෙක් මවු කුසේ සිටින ආකාරයෙන් මෙම ආසනයෙන් දිස් වේ.

ඔබ පළමුවන ඡායාරූපයේ දිස්වන ආකාරයට දෙපාදයේ විලුඹ ප්‍රදේශය ළංකර ඒ මත වාඩි වී ඉදිරියට නැවී නළල බිම තබන්න. එසේ තත්පර තුනක් පමණ සිට දැන් ඔබ දෙවන ඡායාරූපයේ දිස්වන ආකාරයට දෑත් දෙකේ මැණික් කටුව ප්‍රදේශයෙන් අල්ලා මඳක් ඉහළට ඔසවන්න. එසේ තත්පර දෙකක් පමණ සිට තෙවන ඡායාරූපයේ දිස්වන ආකාරයට දෑත් දෙක ඉහළටම ඔසවා තත්පර තුනක් පමණ සිට නිදහස් වන්න.

ප්‍රතිඵල

මෙම ආසනයේ යෙදීම තුළින් ඔබගේ හිස ප්‍රදේශයට මනාලෙස රුධිර සැපයුම හේතු කොට ගෙන මතක ශක්තිය ධාරණ ශක්තිය සහ දෙනෙත් වල දීප්තිමත්භාවය ද වැඩි දියුණු වේ. එමෙන්ම උදර ප්‍රදේශයේ බැඳෙන අමතර මේද දහනයට ද උපකාරී වේ. එමෙන්ම කොඳු ඇට පෙළේ නම්‍යතාවයට ද ඉවහල් වේ.

නිරූපණය - හේෂාදි ශෙනුර්්‍යා