ගැඹුරු දියේ මිනිත්තු 20 ක් හිරවී සිටි දරුවා නියත මරණින් බේරා ගනී

ගැඹුරු දියේ මිනිත්තු 20 ක් හිරවී සිටි දරුවා නියත මරණින් බේරා ගනී

අධික සීතල පැසිෆික් සාගරයේ පිහිනීම සඳහා තම මිතුරන් සමඟ වොෂිංටන් නගරයේ වෙරළට ඩේල් ඔස්ටෙන්ඩර් ගියේ එදින පැවති උෂ්ණත්වය මගහැර ගැනීමටයි. එහෙත් එය මරණය අභියසට යන ගමනක් යැයි මොහොතකට ඔහු නොසිතුවා විය හැකිය.

වෙරළේ සිට සෙමින් සෙමින් සාගර ජල කඳ කරා ගිය ඩේල් සෙසු අයට වඩා මඳක් ගැඹුරු දියඹට ගියේ සාගරයේ තත්ත්වය හරිහැටි නොදැනයි. එක්වරම ඔහු කරා පැමිණි දියවැලක් ඔහු දියඹට ඇදගෙන ගියේ මිතුරන්ගේ කෑ ගැසීම මධ්‍යයේය. අත් ඔසවා උදව් ඉල්ලා සිටි නමුත් කිසිවෙකුත් ඔහු බේරා ගැනීමට ඉදිරිපත් වූයේ නැත. ඒ අවස්ථාවේ දියඹ ජලය මත ලිස්සා යන ලෑල්ලක් මත සිටි 12 හැවිරිදි නිකොල් තිස්සෙල් ඩේල් මුහුණ පා සිටි තත්ත්වය වටහාගෙන ඉතාම අපහසුවෙන් දියවැල් සමඟ දරුණු සටනක් කොට තමා සිටි ලෑල්ල මතට ඩේල් ඇද ගැනීට සමත් වූවාය.

“මට දරුණු සටනක් කරන්න සිදු වුණා. ඩේල්ව ලෑල්ල මතට යන්තම් ඇද ගත්තාට පස්සේ මහා දරුණු රැළි සමඟ හැප්පෙන්න සිදු වුණා. ඒත් කොහොම හරි ඩේල්ව ගොඩ අරගෙන ආවා.” යැයි නිකොල් පැවසුවාය.

ඒ වනවිටත් ඩේල් ගේ හුස්ම ගැනීම මෙන්ම ලේ ගමනාගමනය ද ඇනහිට තිබිණ. වහාම වොෂිංටනයේ පූයාලුප් හි ගුඩ් සනරිටන් රෝහලට ඔහුව ඇතුළු කරන ලදී. රෝහලට ගෙනා පිරිස ඒ වනවිට තමන් විසින් ගෙනෙන ලද්දේ මළ සිරුරක් බව තීරණය කර තිබිණ.

රෝහලට ඇතුළු කළ වහාම වෛද්‍යවරුන් ඉටු කළේ ඛ්ර්‍ථඅ නොහොත් ඛ්චපඤඪධනභතථධදචපර පඥඵභඵජඪබචබඪධද නැමැති වෛද්‍ය උපක්‍රමයයි. එමඟින් හෘදය වස්තුව ක්‍රියාත්මක කරවිම සඳහා රෝගියාගේ පපුව උස් පහත් වන අයුරින් තද කිරීම හා ලිහිල් කිරීම සිදු කරනු කෙරිණි. ඒ සමඟම යන්තමින් නාඩි වැටීමක සේයාවක් වෛද්‍යවරුන්ට දැනුණ නිසා වහාම ඔරිගොන් ජනපදයේ පෝට්ලන්ඩ් හි පිහිටි ඩෝන්බෙචර් ළමා රෝහලට ගුවන් මඟින් ඩෙල් මාරු කර යවන ලදී.

එහෙත් ඩේල් ජීවතුන් අතර සිටීද නැද්ද යන්න පිළිබඳව ඔහුගේ මවුපියන් පමණක් නොව වෛද්‍යවරුන් තුළ ද දැඩි සැකයක් පැවතිණ.

මෙම රෝහලේ සේවය කළ වෛද්‍යචාර්්‍ය ෂින්පේ ෂිබාටා, ඩේල් බේරා ගැනීම සඳහා නව අත් හදා බැලීමක් සිදු කිරීමට යොමු විය. ඩ්රනධබඩඥපථඪච ප්‍රතිකාර ක්‍රමයට අනුව රෝගියකුගේ සිරුරේ උෂ්ණත්වය එක්තරා කාලසීමාක් තුළදී එක්තරා තත්ත්වයක පවත්වා ගැනීම සිදු වේ. මෙම ප්‍රතිකාර ක්‍රමය බොහෝ අවස්ථාවලදී සිදු කරනු ලබන්නේ රෝගියකුගේ රුධිරය මොළයට ගමන් කිරීම නැවතී තිබූ මොහොතකදීය. එමඟින් රුධිරය නොමැති වීම නිසා සිදුවිය හැකි පටක විනාශ වීම මෙමඟින් වැළකී යනු ඇත.

ෂිබාටා වෛද්‍යවරයා මෙම ප්‍රතිකාර ක්‍රමය නිසා ඩේල්ගේ සිරුරේ උෂ්ණත්වය අවශ්‍ය ප්‍රමාණයට පවත්වා ගැනීමට හැකි වීම නිසා මොළයට සිදුවිය හැකි හානි නැවතී තිබිණ. දින දෙකකට පසු රාත්‍රී සේවයට පැමිණි වෛද්‍යවරයාට එහි සිටි රෝහල් සේවකයන් පැවසුවේ ඔහුගේ ප්‍රතිකාර ක්‍රමයෙන් රෝගියාගේ තත්ත්වයේ වෙනසක් සිදු නොවී ඇති බවයි. ඩේල් ගේ තත්ත්වය පිරික්සීමට ගිය ෂිබාටා මඳක් ඔහු දෙස බලා “ඩේල් නැගිටින්න” යනුවෙන් දැඩි ස්වරයෙන් පවසා ඔහුගේ පපුවට අත්මිටින් දැඩි පහරක් දුන්නේ සයනය අවට සිටි ඔහුගේ මවුපියන් හා මිතුරන් බිරාන්ත වී බලා සිටියදීය.

වෛද්‍යමය හාස්කම සිදු වූයේ ඒ මොහොතේය. ඩේල් දෙනෙත් විවෘත කොට සායනයේ හිඳ ගැනීමට තැත් කළේය. මෙය ෂිබාටා තුළද, ඇති කළේ තිගැස්මකි. “මම මෙවැනි වෙනසක් බලාපොරොත්තු වුණේ නෑ” යැයි ඔහු පැවසීය.

එම අවස්ථාවෙන් පසු ඩේල් ක්‍රම ක්‍රමයෙන් කථා කිරීම, ඇවිදීම, ලිවීම, කියවීම ආදී කටයුතු වල නියැළෙන්නට විය.

ඇතැම් අය දෙවියන් විසින් සිදු කරනු ලැබුවක් ලෙස සැලකුව ද එය කෙසේ වූයේ ද යන්න වෛද්‍ය විශේෂඥයින්ට ප්‍රහේලිකාවක් විය. ඇත්ත වශයෙන්ම එය වෛද්‍යමය හාස්කමක් ලෙස ඔවුන් විසින් සලකනු ලබයි.