ශ්‍රවණ ආධාරකවල පවතින වෙනස්කම් හඳුනාගනිමු

ශ්‍රවණ ආධාරකවල පවතින වෙනස්කම් හඳුනාගනිමු

අධ්‍යක්ෂ, වික්‍රමාරච්චි ශ්‍රවණ සහ කථන පුහුණු ආයාතනය

මිහිර වික්‍රමාරච්චි

ශ්‍රවණ ආධාරකවල පවතින වෙනස්කම් ප්‍රධාන වශයෙන් ආකාර දෙකක් යටතේ වර්ගිකරණයට ලක් කළ හැකිය. එහිදී අතීත ශ්‍රවණ ආධාරක වලට වඩා නවීන ශ්‍රවණ ආධාරකවල පවත්නා විශේෂත්වයන් පිළිබඳ කෙතරම් කතාබහට ලක් කළත් එහි පවත්නා පහසුකම් පිළිබඳ ලබා ගන්නා අවබෝධය ප්‍රමාණවත් නොවන නිසා ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැන ගැනීමට අපි කල්පනා කළා. ඒ වගේම ඒ උපකරණවල ආරක්ෂාව සඳහා ඒවා පළඳින පුද්ගලයන් අතින් ඉටුවිය යුතු කරුණු කීපයක් පිළිබඳ දැනුවත් වෙමු.

මේ උපාංගවල දියුණුව කෙතරම්ද කිව්වොත් නවීන තාක්ෂණික උපකරණ හා සමඟ සම්බන්ධ වීමේ අතිනවීන තාක්ෂණික ශිල්ප ක්‍රමයකට හිමිකම් කීම මෙහි එක් විශේෂත්වයක්. ඒ වගේම තෝරා ගන්නා උපකරණයක පරිගණක තාක්ෂණය මාර්ගයෙන් නිසි ආකාරයට සම්බන්ධ කර හොඳින් විමසා බැලීමකින් තොරව භාවිතයට ගැනීම එතරම් නුවණට හුරු ක්‍රමවේදයක් නොවේ. තවද නවීන ශ්‍රවණ ආධාරක සතුව පමණ වූ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේ පද්ධති ප්‍රමාණයක්ද තිබෙනවා.

ඊට අමතරව ඒවා භාවිතා කරන තැනැත්තා කොපමණ කාල ප්‍රමාණයක් ශ්‍රවණ ආධාරක පැළඳ සිටිනවාද කොපමණ වේලාවක් ක්‍රියාත්මකව තබා ගන්නවාද ආදී තොරතුරු පිළිබඳ මෙම ඩිජිටෙල් තාක්ෂණයෙන් නිම වූ ශ්‍රවණ ආධාරක නැවත පරිගණකයට සම්බන්ධ කිරීමෙන් දැන ගත හැකිය. ඒ අනුව නැවත මෙම උපකරණයේ ක්‍රියාකාරීත්වය විමසා බැලීමට වගේම තමාගේ අවශ්‍යතා අනුව එහි ක්‍රියාකාරීත්වය හැඩ ගැසෙන ආකාරය පිළිබඳව දැනගත හැකි වීමද විශේෂිතයි. ඒ අනුව වැඩ කරන පැය ප්‍රමාණය, යම් කාර්යයක නිරත වී සිටිනවා නම් ඒ අවස්ථාවට අදාළ වන ශ්‍රවණ තත්ත්වයන්, බැටරිය භාවිතා කරන ආකාරය ආදිය පිළිබඳ නිතර පරීක්ෂාකර බලා ගන්න පුළුවන්.

ඒ වගේම ඝෝෂාව වැඩි පරිසරයක සිටිනවා නම් ඊට අනුකූලව ශ්‍රවණ ආධාරක හැඩ ගැසීමට තරම් බුද්ධිමත් භාවයක් ඉලෙක්ට්‍රොනික උපකරණයක් වුවද ඊට හැකියාවක් තිබේ. ඒ නිසාම මේවායේ ක්‍රියාකාරීත්වය අති නවීන මට්ටමකින් පවතින නිසා මේවායේ මිලද තරමක් ඉහළ යාම සාමාන්‍ය දෙයක්. අතීතයේ භාවිතා කළ වයරයක් යොදාගෙන කන තුළට දමා ගෙන සිදු කළ අපහසු කාර්යය මේ වන විට නවීන ශ්‍රවණ ආධාරක නිසා ඉතා පහසු මට්ටමට වර්ධනය වී ඇත.

මේ පිළිබඳව කෙතරම් හොඳ ප්‍රතිචාර හිමිවනවාද කියතොත් කෘත්‍රිම මොළයක් හා සමානව ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන මීට හොඳ පිළිගැනීමක් මේ වන විටත් හිමි වී හමාරයි. ඒ වගේම මේ උපකරණය ඉතා සූක්ෂම ලෙස ක්‍රියාත්මක කිරීමේ හොඳ හැකියාවක් ඊට හිමියි. වර්තමානයේ දක්නට ලැබෙන වෙනත් තාක්ෂණික උපකරණ වලට වඩා ඉතා ඉහළ තාක්ෂණයක් සහිත මෙය බොහෝ විට කරාඹු ඒ වගේම, බ්ලුටූත් වැනි දේ ආකාරයටද නිපදවා තිබේ. ඒ වගේම ඉතාම කුඩාවට නිපදවා තිබීමෙන් පැළඳීමේ අපහසුතාවකට මුහුණ දීමට සිදු නොවේ.

ආසියාවේ අතීතයේ භාවිත වූ ඇනලොග් තාක්ෂණයට අනුව නිපදවූ ශ්‍රවණ ආධාරක වෙනුවට ඩිජිටෙල් තාක්ෂණයට අනුව නිපයූ බ්ලුටුත් වැනි උපාංග සහිත වූ නිසා මෙම ශ්‍රවණධාරක ජංගම දුරකථන හා අනෙකුත් තාක්ෂණික මෙවලම් වලට සම්බන්ධ කළ හැකි වීමද විශේෂිතයි.

ඒ වගේම මෙම උපකරණයේ කන් යොමුව කන තුළට සම්බන්ධ කරන නිසා කනෙහි ඇති කළාදුරු එහි රැදීමට පුළුවන්. ඒවා නිසා පිරිසිදු කිරීමක් නොමැති වුවහොත් එම ශ්‍රවණ ආධාරක වලට යම් බලපෑමක් එල්ල විය හැකිය. ඒ වගේම එහි බැටරිය තෙමීම ද ඉඩ නොදීමට වැදගත්.

මෙය වාතයත් සමඟ සම්බන්ධ වී සිදුවන ප්‍රතික්‍රියාවන් සමඟ ක්‍රියා කිරීමට පටන් ගන්නවා.

නමුත් යම් ලෙස බැටරිය තෙමී ගිය විට එහි රසායනවල ක්‍රියා කාරීත්වය අඩ පණ වී යන්නට පුළුවන්. කුඩා කාලයේ කන් නෑසීම සිදු වුවහොත් ඒ තුළින් තමාගේ මව් භාෂාව ඉගෙන ගැනීමට මෙන්ම කථනයටද බාධා ඇතිවිය හැකිය.