Stress ආතතියෙන් මිදෙන්න මගක්

Stress ආතතියෙන් මිදෙන්න මගක්

කරාපිටිය ශික්ෂණ රෝහලේ

සංවර්ධන සහකාර (මානසික සෞඛ්‍යය)

මනෝ චිකිත්සක හා මනෝ විද්‍යා උපදේශිකා

නිල්මිණී හෙට්ටිගොඩ

මොහොතක් නවතින්න.... මේ ගැනත් සිතන්න....

ඔබ අසතුටින්ද? ඔබේ ජීවිතයේ සැනසීම තෘප්තිය දුරස්වීද?

එසේ නම් ඔබටත්....?

Stress? (ආතතිය) ඇති වී තිබිය හැක.

කායික වෙනස්කම්

හිසරදය/පස්පිඬු වේදනාව, දහඩිය දැමීම, කරකැවිල්ල, ක්ලාන්ත ගතිය, තොලකට වියලීම, හෘද ස්පන්දනය වැඩි වීම, ලිංගික අපහසුතා

මානසික වෙනස්කම්

නිතර තරහයාම, දුක්බර බව, ආත්ම විශ්වාසයේ අඩු බව, උදාසීන බව, අවධානයේ අඩු කම නිසා අමතක වීම.

හැසිරීමේ වෙනස්කම්

කෝපය, තරහ පාලනය කර ගැනීමට අසමත් වීම, නින්ද අක්‍රමවත් වීම, ඵලදායි බව අඩුවීම, අන් අය සමඟ සුහදව කටයුතු කිරීමට අපහසු විම, කලබලකාරී බව, සාමාන්‍ය දෛනික ක්‍රියාකාරකම් වලින් ඈත් විම.

Stress? සඳහා ඉක්මනින් නිසි ප්‍රතිකාර නොගතහොත්?

ඔබ පහත රෝග වෙත ගොදුරු වීමේ අවධානම ඉහළ යනු ඇත.

හෘදයාබාධ, අධි රුධිර පීඩනය, මානසික අව පීඩනය (විශාදය), නින්ද පිළිබඳ දිගුකාලීන ගැටලු, ආමාශය හා බඩවැල් ආශි‍්‍රත තුවාල (Gastritis), ඇදුම (Asthma),  ඉරුවාරදය (Migraine)

මේ ගැනත් ඔබ දන්නවාද.....?

දිගුකාලීනව Stress තත්ත්වයන්ට මුහුණ දීමෙන් පිළිකා වලට ගොදුරු වීමේ අවදානම ඉතා ඉහළ බව

ඔබටත් ආතතියෙන් මිදෙන්න

අවශ්‍ය ද..........?

ළඟා කර ගත හැකි ඉලක්ක පමණක් හඹා යන්න

සමබල ආහාර වේල් ලබා ගන්න

ඔබට ආතතිය ඇති කරන ඔබේ ජීවන ගැටලු හඳුනාගන්න.

ඒවාට හැකි තරම් විසඳුම් සොයන්න.

කාලය කළමනාකරණය කර ගන්න.

ප්‍රමුඛතාවය ලැබිය යුතු පිළිවෙල අනුව ඔබේ දෛනික කටයුතු පෙළගස්වා බෙදා ගන්න.

සංයම අභ්‍යාස Relaxation  විනෝදාංශ සඳහා යොමු වන්න.

අවශ්‍ය අවස්ථාවල නොපැකිලිව වෘත්තිමය සහය පතන්න.

මනෝ චිකිත්සක හා මනෝ විද්‍යා උපදේශිකා නිල්මිණී හෙට්ටිගොඩ

සංවර්ධන සහකාර (මානසික සෞඛ්‍යය)

ශික්ෂණ රෝහල, කරාපිටිය

උසස්පෙළ හදාරන ගාල්ල ප්‍රදේශයේ පිරිමි දරුවෙක් කෝච්චියට පැන සියදිවි නසා ගනී. (මධ්‍ය වාර්තාවක්)

දිවි නසා ගන්නා අයෙකු කලින් හඳුනාගත හැකිය.

දිවිනසා ගැනීමට උත්සාහ දරන ලද අය ඒ පිළිබඳව යම් ඉඟි පල කරන අය (උදා. ජීවත් වී පලක් නොමැත, මොකටද මෙහෙම ජීවත් වෙලා)

ජීවිතයෙන් පලායාම පිළිබඳව නොයෙක් විට කතා කිරීම එසේ කරන බවට තර්ජනය කිරීම

තම ජීවිතය පිළිබඳ තීරණාත්මක අවස්ථා පිළිබඳ කලින්ම තීරණයකට එළඹීම (උදා. තම දේපල බෙදා වෙන් කිරීම, අන්තිම කැමති පත්‍රයක් ලිවීම.)

ජීවිතයෙන් පලායාම පිළිබඳ සිතුවිලි වල නිතර නිමග්න වීම

දිවි නසාගත් යම් අයෙකු පිළිබඳ අත්දැකීම් තිබෙන අය (උදා. ඥාතීන්, අසල්වැසියන්, මිතුරන්)

මත්ද්‍රව්‍යය, මත්පැන් භාවිතයට පුරුදු වූ අයෙකු වීම

ආවේගශීලී බව පාලනය කිරීමට අපහසු අය.

ගැටලු විසඳීමේ හැකියාව අඩු අය හා එම ගැටලුවලින් මිදීමට කිසිදු උත්සාහයක නිරත නොවන අය.

මෑතකදී පහත තත්ත්වයන්ගේ අහිමි වීමකට ගොදුරු වූ අය

1. තම ආත්ම විශ්වාසය අහිමි වීම

2. ආදරය අහිමි වීම

3. ආදරය කල අයෙකු මිය යාම

4. සෞඛ්‍යය පිරිහීම

යමෙකුගේ ප්‍රචණ්ඩත්වය හේතුවෙන් මිය ගිය අයෙකු එම තත්ත්වයට ගොදුරු වීම ඇසින් දැක තිබීම.

ඒ හේතුවෙන් ජීවත්ව සිටින පුද්ගලයා කම්පනයට පත්ව සිටීම.

සර්ව ශුභවාදී සර්ව සම්පූර්ණ ජීවිතයක් පිළිබඳව සිතන අය. මෙවැනි අය අංග සම්පූර්ණ නොවූ කිසිවෙක් පිළිගැනීමට නොමැත. එනම් තම ජීවිතයේ යම් අඩුපාඩු සම සිතින් පිළි නොගන්නා අය.

ප්‍රජානන අක්‍රමිකතා

යමක් දෙස පුද්ගලයා දකින, බලන ආකාරය මෙහි සරල අදහස වේ. මෙහිදී ඇතැම් පුද්ගලයෝ අන් අය විසින් දෙනු ලබන සියලුම විසඳුම් යෝජනා සහයෝග ප්‍රතික්ෂේප කිරීම හා දිවිනසා ගැනීම එකම විසඳුම බව ප්‍රත්‍යක්ෂ ලෙස පැවසීම.

විශාදය හෙවත් මානසික අවපීඩනය (Depresion) තත්ත්වයෙන් පෙලෙන අය.