නින්දෙන් ගෙරවීමේ රෝගය (Sleep Apnea) හඳුනාගන්නා Sleep study පරීක්ෂණය

නින්දෙන් ගෙරවීමේ රෝගය (Sleep Apnea) හඳුනාගන්නා Sleep study පරීක්ෂණය

නින්දෙන් ගෙරවීම රෝගයක් බව පසුගිය කලාපවලින් අපි ඔබ දැනුවත් කළා. නින්දෙන් ගෙරවීමේදී සුවදායක නින්දක් ඔබට අහිමි වන බව වෛද්‍ය පර්යේෂණවලින් අනාවරණය වී හමාරයි.

නින්දෙන් ගෙරවීම නිසා නිතර අවදිවීම සිදුවන අතර ආතතිය, දියවැඩියාව, හෘද රෝගවලට හා අධික තරබාරුකමට මඟ පාදන බව වෛද්‍යවරුන් සොයා ගෙන ඇත. අධික ලෙස ගෙරවීමේ Sleep Apnea තත්ත්වයෙන් පෙළෙන්නන්ට මුඛය නාසය සහ පෙණහලු අතර වාතය ගමන් කරන මාර්ගය අර්ධ වශයෙන් හෝ පුර්ණ වශයෙන් අවහිර වීම සිදුවීම ස්වභාවිකය.

එබැවින් නින්දෙන් ගෙරවීම නිසා ඇතිවන ස්වසන අපහසුතා නිසි ආකාරයට සොයා ගැනීම සඳහා නිද්‍රා රෝග පරීක්ෂණයක් Sleep Study සිදු කර ගෙරවීමේ පරාසය නිරීක්ෂණය කළ යුතුය. එසේම ගෙරවීම නිසා නින්දට ඇතිවන බාධා මේ මඟින් නිරීක්ෂණය කළ හැක.

Sleep Study පරීක්ෂණය ආකාර දෙකකට සිදු කෙරේ. එක් අවස්ථාවක් වනුයේ රෝගියා රෝහල්ගත කර එක් රාත්‍රියක් පුරා මෙම Sleep Study පරීක්ෂණය සිදු කිරීමයි. එය පූර්ණ පරීක්ෂණයක් වන අතර එය හඳුන්වන්නේ Polysomnography නමිනි.

මෙම Sleep Study පරීක්ෂණයේදී වෛද්‍යවරයකු විසින් රෝගියා නිරීක්ෂණය කරමින් සිටින අතර EEG මොළයේ ක්‍රියාකාරීත්වය රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය, EOG - ECG ඇතුළු දත්ත ගණනාවක්ගේ නිසි ක්‍රියාකාරීත්වය හඳුනාගත හැක. විශේෂයෙන් ගැඹුරු නින්ද සහ නින්දේ ආරම්භක තත්ත්වයන්හිදී ඇතිවන ගැටලු පරීක්ෂාවට ලක් කෙරේ.

තවද හෘද ස්පන්දනය, හෘද රිද්මය, ස්වසන වේගය සහ ක්‍රියාකරීත්වය, සිරුරේ පපුවේ සහ උදරයේ මාංශ පේශිවල ක්‍රියාකාරීත්වය, පෙණහලු තුළට ගමන් ගන්නා වායු ප්‍රමාණය ස්වාස නාලයේ ඇතිවන අර්ධ හෝ සම්පූර්ණ අවහිරතා මෙන්ම තවත් සාධක යනාදිය රෝහල් ගත වී සිදු කෙරෙන Sleep Study පරීක්ෂාවෙන් නිරීක්ෂණය කළ හැක. එසේම පාද චලනය වන ආකාරය නිද්‍රා රෝග පරීක්ෂණයෙන් හඳුනාගත හැකි තවත් විශේෂත්වයකි.

නමුත් ගෙරවීම තිබෙන රෝගීන් වෛද්‍යවරයෙකු වෙත යොමු වීමේදී වෛද්‍යවරයා විසින් Sleep Study පරික්ෂාවක් වෙත රෝගියා යොමු කිරීමේදී රෝගියාට සුදුසු රෝහලේදී සිදු කෙරෙන Sleep Study පරීක්ෂාවක් ද එසේ නොමැති නම් නිවසේදී සිදු කරන Sleep Study පරීක්ෂාවක් දැයි තීරණය කරණු ඇත.

විශේෂයෙන් නිවසේදී සිදු කෙරෙන Sleep Study පරීක්ෂාව රෝගියාට ඉතා පහසුවෙන් කළ හැකි පරීක්ෂාවකි. අදාළ මෙවලම් (කට්ටල) ඡායාරූපයේ පෙනෙන ආකාරයට සවි කර පැය 6 ක් හෝ ඊට වැඩි කාලයක් අනිවාර්යයෙන්ම රෝගියා නිදා ගැනීම සැලැස්වේ.

වෛද්‍ය උපදෙස් අනුව නිවසේ සිදු කරන Sleep Study පරීක්ෂණය ටෙක්නොමෙඩික්ස් ආයතනය මඟින් ඔබට සිදු කරගත හැක.මෙහිදී රෝගියා පෙළෙන Obstrative Sleep apnea තත්ත්වය හඳුනාගත හැක. ගෙරවීමේදී ස්වාස නාලය හිරවීම, ස්වසනය ඇන සිටීන කාල සීමාව පිළිබඳ සොයාගත හැකි අතර විශේෂයෙන්ම රෝගී තත්ත්වයට අනුකූලව වෛද්‍යවරයා විසින් නිවසේදි Sleep Study කිරිමට නිර්දේශ කරණු ඇත.

නිවසේදී Sleep Study සිදු කරන ආයතනයක් වන ටෙක්නෝමෙඩික්ස් ආයතනයෙන් මෙම පරීක්ෂණය සිදු කර ගැනීමේදී මේ පිළිබඳ හසල දැනුමක් ඇති ශිල්පියකු ඔබ නිවසට පැමිණ රෝගියාට ඒ සඳහා අවශ්‍ය මෙවලම් සියල්ල සවි කරනු ඇත. මෙහිදී රෝගියාට ඉතා පහසුවෙන් තම නිවෙසේ තමාගේ සයනයේ සිට සුපුරුදු පරිදි නිදා ගැනීමට හැකි අතර මුණින් අතට හැර උඩුබෙලි අතට පැත්තකට මේ ඕනෑම අතකට නිදා ගැනිමේ පහසුව රෝගියාට ඇත. නිවසේ සිදු කෙරෙන නිද්‍රා පරීක්ෂණයේදී නිදා ගැනීමේ අපහසුතා මඟහරවා රෝගියාට පහසුවෙන් නිදා ගැනීමට හැකියාව පවතී. විශේෂයෙන් තමන්ගේ නිවැසියන් සමඟ සිටිමින් මේ පරීක්ෂණය තව නිවසේදීම කරගත හැකිවීම නිසා බිය මුසු හැඟීම් කිසිවක් රෝගියාගේ සිත් තුළ ජනිත නොවේ.

රෝගියා නිදා ගන්නා ආකාරය, තිගැස්සී අවදිවන අයුරු, ස්වසනයට බාධා ඇති වීම්, ස්වසනය ටික වේලාවකට නැවතීම ආදී සියල්ලක්ම මෙම යන්ත්‍රයට පටිගත වනු ඇත.

එවිට වෛද්‍යවරයාට ගෙරවීමේ පාරාසය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබාගත හැක.

මෙම වාර්තාව අනුව සැත්කමකින් තොරව සුදුසු නිවැරදි ප්‍රතිකාර ක්‍රමය වෙත වෛද්‍යවරයා ඔබ යොමු කරනු ඇත.

ලබන සතියේ සැත්කමකින් තොරව ගෙරවීමේදී හුස්ම හිරවීම වළක්වන විශේෂිත ප්‍රතිකාර ක්‍රමය