ලිංගාශි‍්‍රත සායනයකින් ඇසුණු සත්‍ය කතාවක්

ලිංගාශි‍්‍රත සායනයකින් ඇසුණු සත්‍ය කතාවක්

අනියම් පෙම්වතාගේ ඇසුර නිසා ලිංගාශි‍්‍රත රෝගයක් වැළඳිලා

ජාතික ලිංගාශි‍්‍රත රෝග හා ඒඩ්ස් මර්ධන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ

වෛද්‍ය සිසිර ලියනගේ

ජීවිතේ කාලෙන් කාලෙට අපට හැඟෙන, දැනෙන දේවල් විවිධාකාරයි. ඒ දේවල් සමහර වෙලාවට හොඳ දේවල් කියලා හිතුණත් තවත් කාලයක් ගතවෙලා ඒවා වැරදියි කියලත් හිතෙන්නට පුළුවන්. ඒත් ඒවා හරි වුණාත් වැරදි වුණත් සිතට දැනෙන විදිහට කටයුතු කරන්නට ගියොත් නම් සමහර වෙලාවට අපට ඒ තීරණ ගැන පසුතැවෙන්නටත් සිදුවේවි. මේ නිසා හැකි තරම් හදවතින් හැඟීම් බරව කටයුතු කරන්නට අවශ්‍ය වුණත් තීරණයක් ගන්න කොට නම් බුද්ධියට මුල් තැනක් දෙන්නට අවශ්‍ය බව අප කවුරුත් හොඳින්ම වටහා ගත යුතුයි.

මේ කථාවට මුල පුරණ කොට මොරීන්ට නම් කීයටවත් තමන් මේ කරන්නේ හරි දෙයක් නෙවෙයි කියලා හිතෙන්නටත් නැතිව ඇති. මොරින් ගේ මහත්තයා රස්සාව කළේ ඩුබායිවල එයාලට දරුවෝ දෙන්නෙක් හිටියේ ලොකු දුව ඉස්කෝලේ 04 වසරේ. චුටි දුව මොන්ටිසෝරි යන්න පටන් ගත්තා විතරයි. මොරීන් එක්ක විවාහ වෙන්න කලින් ඉඳලා රිචඩ් ඒ කියන්නේ මොරින්ගේ මහත්තයා වැඩ කළේ පිටරට. කසාද බැන්දට පස්සේ දරුවෝ දෙන්නා ටිකක් ලොකු වෙනකම් ලංකාවට වෙලා හිටියත් ඒ දෙන්නා ඉස්කෝලවලට දැම්මට පස්සේ රිචඩ් නැවතත් රට යන්නේ මොරින්ට හැමදේම බලාගන්නට අවශ්‍ය දේවල් හදාලා දීලා. රිචඩ් මොරීන්ට පුදුම විදිහට ආදරේ කළේ ඒත් මේ පාර රට ගියාට පස්සේ රිචඩ්ට නිතරම එයාලා ගැන හොයලා බලන්න බැරි වුණා. ඒ වෙන දෙයක් හින්දා නෙවෙයි වෙනදාට වැඩිය එයාට හොඳටම වැඩ. ඒත් පුළුවන් හැම වෙලාවකම ගෙදරට කථා කරන්න රිචඩ් අමතක කළේ නැහැ. කොහොමහරි රිචඩ් ලංකාවෙන් ගියාට පස්සේ මොරීන් දරුවෝ දෙන්නත් එක්ක ගෙවන ජීවිතේට හොඳට හුරු වුණා. ලොකු දුව උදේට ස්කූල් වෑන් එකට දැම්මාම හවස ගෙදර එනකම් මොරින්ට පොඩි දරුවට කැපවෙන්න සිද්ධ වුණා. චූටි දූ මොන්ටිසෝරි එක්කගෙන ගිහිං ආයේ ගෙදර ඇවිත් යන්න අමාරු නිසා මොරින් ඒ ළඟ තැනක අනිත් අම්මලත් එක්ක කාලේ ගත කළා. ඒත් එයා කොහොමටත් වැඩිය කාත් එක්කවත් කථා කරන්න ගියේ නැහැ. වැඩි දවසක් යන්න කලින් තවත් දරුවෙකුගේ තාත්තා කෙනෙක් දරුවා එක්කගෙන යන්න මොන්ටිසෝරියට එන්න පටන් ගත්තා.

කවුරුත් එයාට කිව්වේ මහේෂ් කියලා. වයස අවුරුදු 40ක් වුණත් මහේෂ් හොඳ උස මහත කඩවසම් කෙනෙක් නිසා එයාට ඒ තරම් වයස බව පෙනෙන්නට තිබුණේ නැහැ. දරුවා මොන්ටිසෝරි එක්කගෙන ඇවිත් මොරින් වගේම තවත් දරුවන්ගේ අම්මලා ඉන්න තැන ටික දවසක ඉදං මහේෂුත් රැඳුනේ තමන්ගේ දරුවා එක්කගෙන යන්න වුවමනා නිසයි. මහේෂ් අනිත් අයට වැඩිය මොරීන් එක්ක කථා කරන්න කැමති බව මොරින් ටිකෙන් ටික තේරුම් ගත්තා. මුලදී මුලදී දැන හැඳුනුම්කමක් විතරක් වුණත් මේ සම්බන්දේ දුරදිග ගියා. දරුවගේ ගෙදර වැඩ අහගන්න කියලා මහේෂ් මොරීන්ගේ දුරකථන අංකය පවා ඉල්ල ගත්තට පස්සේ දෙන්නා නිතරම කථා බහ කරලා පේ‍්‍රම සම්බන්ධයක් පටන් ගත්තා.

මහේෂ්ගේ වයිෆ් වැඩකළේ රාජ්‍ය ආයතනයක. කාලයක් හමුදාවේ ඉඳලා පස්සේ පෞද්ගලික ආයතනයක සෙකියුරිට් කෙනෙක් විදිහට මහේෂ් රෑ වැඩ කළා. මේ නිසා දවල්ට වයිෆ් වැඩට ගියාම දරුවාව මොන්ටිසෝරි එක්කගෙන යන එක පැවරුණේ මහේෂ්ට, මහේෂ් මොරීන් එක්ක කරන කථා බහ මොන්ටිසෝරිය ළඟදී අනිත් අම්මලාගේ සැකේට හේතු වුණු හින්දා මහේෂ්ගේ යෝජනාවකින් මොරීන් ගෙස්ට්හවුස් එකකට යන්නට කැමති වුණා.

“බයවෙන්න එපා මොරීන් අපි ගෙස්ට්හවුස් එකකට ගිහින් මොනවහරි බීලා.කථා කරලා එමු. මෙතන ඉඳලා අපිට කථා කරන්නවත් පුළුවන්ද?”

මුලදී අකමැත්තෙන් ගියත් පස්සේ පස්සේ මොරීන්ට මේ දේ සාමාන්‍ය දෙයක් වුණා. මේ සම්බන්ධය කථාබහට, කෑම බිමට විතරක් නෙවෙයි. ලිංගික සම්බන්ධකමක් දක්වාම ගෙනියන්න තරම් දුරදිග ගියා. මේ ගැන අනිත් දරුවන්ගේ අම්මලා අතරේ යන්තම් කසු කුසුවක් තිබුණත් මහේෂ්ටත් මොරීන්ටත් ඒ ගැන ගාණක් තිබ්බේ නැහැ.

මේ කථාව ටිකෙන් ටික වෙනත් පැත්තකට හැරුණේ දවසක් දරුවව ගෙනියන්න මහේෂ්ගේ මෝනා ආපු දවසක. අනිත් දරුවන්ගේ අම්මලා මේ ආරංචිය එයාගේ කනේ තියන්න එතරම් කාලයක් ගත්තේ නැහැ. මේ කථාව ඇහුණු වෙලාවේ දවසක් මහේෂ්ගේ වයිෆ් උදේ වැඩට යනවා කියලා ගිහින් හොරෙන් මහේෂ්ගේ පස්සෙන් ගිහින් මේ ගැන හොයා බැලුවා.

එදත් සුපුරුදු විදිහට දරුවෝ මොන්ටිසෝරි දලා මහේෂ් මොරීන් ගෙස්ට් හවුස් එකකට යන හැටි මහේෂ්ගේ වයිෆ් දැක්ක වෙලාවේ එයාට තමන්ගේ දෑස් අදහගන්න බැරිව ගියා. තමන්නට ඇතිවුණු කේන්තියට ඒ දෙන්නට බැණලා, තර්ජනය කළත් මේ ප්‍රශ්නේ පොලීසියට ගෙනිච්චේ නැහැ. පස්සේ රිචඩ්ට මේ බව දන්වනවා කියලා මොරීන්ට තර්ජනය කරලා සම්බන්දේ නවත්තන්න පොරොන්දු කර ගත්තට පස්සේ මහේෂ්ගෙත් මොරීන්ගෙත් කථාව නිමා වෙනවා.

ඒත් ලිංගික සම්බන්ධකම්වලදී අනවශ්‍ය ගැබ් ගැනීම් වළක්වන්න බෙහෙත් පාවිච්චි කළත් ඇතිවෙන්නට පුළුවන් අනෙකුත් අවදානම් ගැන අවබෝධයක් මහේෂ්ටවත් මොරීන්ටවත් තිබුණේ නැහැ.

මේ සිද්ධිවලට පස්සේ කාලයක් ගත වෙලා රිචඩ් ලංකාවට ආවට පස්සේ දරුවන්ගේ ඉස්කෝල මාරු කරන්නට වුවමනා බව කියලා එයාට පදිංචි වෙලා හිටපු පළාතෙන් වෙනත් පළාතකට පදිංචියට ගියත් මොරීන්ට තමන් ගත කළ ජීවිතේ එක නරක ප්‍රතිඵලයක් මතුවෙලා තිබුණා. මොරීන් මේ නිසා ලිංගාශ්‍රීත සායනයට යොමෙු වුණු වෙලාවේ එයාට ගොනෝරියාව නැමති ලිංගාශි‍්‍රත රෝගී තත්ත්වය තිබෙන බව සොයා ගන්නට ලැබුණා. රෝග ලක්ෂණ වුණේ ලිංගාශි‍්‍රත ප්‍රදේශය ආශි‍්‍රත ස්‍රාවයක් ඇතිවීම, වාසනාවට ඩ්ධ්ඍ වගේ දරුණු තත්ත්වයක් නොවැළඳුණත් රෝගයට හේතුව දැනගන්න වෛද්‍යවරුන්ට කාලයක් ගත කරන්නට සිද්ධ වුණා. රෝගයට ප්‍රතිකාර ලබාදීලා නැවත වරක් අනවශ්‍ය සම්බන්ධකම් ඇති කර නොගන්නට උපදෙස් ඇතිව ඇය පිටවෙලා ගියත් ඇගේ මේ කථාව රිචඩ්ට දරුවන්ට තවමත් රහසක්. මුලදී රිචඩ් එක්ක විතරක් ලිංගිව සම්බන්ධ වුණු බව කීවත් මහේෂ් නිසා අනවශ්‍ය ඇසුරක පැටලිලා තමන්ගේ ජීවිතේට ඇතිවුණු ගැටලුව ගැන මොරීන් කථා කළේ හැඩූ කඳුලින්.....