කොන්දෙ නම්‍යතාවය දියුණු කරන චන්ද්‍ර නමස්කාර ආසනය

කොන්දෙ නම්‍යතාවය දියුණු කරන චන්ද්‍ර නමස්කාර ආසනය

ප්‍රවීණ යෝගාචාර්ය

රෝලන්ඩ් විතානගේ

චන්ද්‍ර නමස්කාරයේ තවත් ආකාරයක්

පුරාණ ඉන්දියානු ජනතාව ස්වභාව ධර්මයාට ගරු කිරීම සහ නමස්කාර කිරීම ඔවුන්ගේ දෛනික ජීවිතයේ කොටසක් බවට පත් වී තිබුණේය. පසුකාලීනව යෝග ක්‍රමයට එම ක්‍රමවේද එකතු කරගන්නා ලදී.

අද අප ඔබට ඉදිරිපත් කරනුයේ චන්ද්‍ර නමස්කාරයේ ප්‍රභේදයකි. ඔබ පළමුවන ඡායාරූපයේ දිස්වන ආකාරයට ඔබගේ වම් පාදය හැකිතාක් ඉදිරියෙන් තබාගන්න.

ඔබගේ දකුණු පාදය ද ඡායාරූපයේ පෙනෙන ආකාරයට තබාගන්න. නාස්පුඩු උපයෝගී කර ගනිමින් දීර්ඝ ලෙස ආශ්වාස කර එම වායුව රඳවා තබා ගනිමින් දෑත් දෙක ඉහළට ඔසවා නමස්කාර විලාශයෙන් තබාගෙන ගෙල මඳක් පිටුපසට නවා ඒ දෙස බලා සිටින්න. මේ ආකාරයෙන් තත්පර තුනක් පමණ සිට ප්‍රාශ්වාස කර ආසනයෙන් මිදෙන්න.

ඊට පසුව දෙවරක් පමණ වම් පස පාදය උපයෝගි කරගනිමින් යෙදෙන්න. ඒ ආකාරයෙන්ම දකුණු පස පාදය උපයෝගි කරගනිමින් ද තෙවරක් යෙදෙන්න. ඔබගේ පහසුව සඳහා මෙහි සමීප උඩුකය ඡායාරූපයක් ද ඉදිරිපත් කරමු.

සැලකිය යුතුයි

මෙම ආසනයේ යෙදෙන විට ඔබ ආයාසයෙන් බලෙන් කොන්ද සහ ගෙල පිටුපසට නැමීම සුදුසු නොවන බව මතක තබාගන්න.

ප්‍රතිඵල

කොන්ද ප්‍රදේශයේ නම්‍යතාවය දියුණු වේ. එමෙන්ම හිස පිටුපසට නැමීම හේතු කොටගෙන මතක ශක්තිය ධාරණ ශක්තිය ද වැඩි දියුණු වේ. දෙනෙත්වල දීප්තිමත් භාවය වැඩි දියුණු වේ.

නිරූපණය - හේෂදී ෂෙනුර්්‍යා