ඔබ සුපිරි සෞඛ්‍ය තරුවක්ද?

ඔබ සුපිරි සෞඛ්‍ය තරුවක්ද?

ඔබ අප හැමගේම එකම ප්‍රාර්ථනාව ඉහළම සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවීමය. ඒ බව දැනගන්නට පුළුවන්ද? මෙහි පහත දැක්වෙන සාධක විමසා බලන්න. ඉන් වැඩිහිටි ඔබට ගැලපේ නම් ඒ ඉලක්කයට ඔබ සමීපය.

පළමු උත්සාහයෙන්ම ඉදිකටුවට නූල දැමිය හැකිද?

මුල් උත්සාහයේදීම ඉදිකටු තුඩට නූලක් දැමිය හැකිනම් ඔබට ඔබ ගේ ඇස් පෙනීම ගැන සතුටු විය හැකිය.

ඇස් පරීක්ෂා කිරීමට වෛද්‍යවරයා ගියවිට ඔබේ ඇසේ ප්‍රෙෂර් එක ගැනත් සොයා බලන්න. ග්ලූකෝමා ලෙස හැඳින්වෙන තත්ත්වය මතු වුවහොත් එය සුවක කළ නොහැකිය. දුර පෙනීම, ළඟ පෙනීම අඩුවීම මෙන්ම තිමිරය සඳහා පහසු ප්‍රතිකාර තිබුණත් ග්ලූකෝමාවට එවැනි ප්‍රතිකාරයක් නැත. මුල් උත්සාහයෙන්ම ඉදිකටු තුඩට නූල දැමූ ඔබ දැන් සුපිරි සෞඛ්‍යයේ තවත් කඩ ඉමක් පසුකළ තාරකාවකි.

ඔබේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළද?

ඔබ මවිත වේවි! රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාම හදවත් රෝගවලට කවුළු විවෘත කිරීමක් නොවේදැයි ඔබ ඇසිය හැකිය.

නැත. මා සඳහන් කළේ “හොඳ” කොලෙස්ටරෝල් මට්ටම ගැනය. නැතිනම් එච්.ඩී.එල් (ඩ්ච්ඹ්) හෙවත් අධි ඝනත්ව ලිපොප්‍රෝටීන නම් කොලෙස්ටරෝල ගැනය. මේ වර්ගයේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ නම් ඔබගේ රුධිර නාළ තුළ මේද තැන්පත් වීමට (හෘදයාබාධයක් හෝ ඇතිවීමට පවත්නා හැකියාව විරලය. එහෙයින් රුධිරය ඩෙසි ලීටරයකට මිග්‍රෑ 90 කට වඩා ඉහළ මට්ටමකින් හොඳ කොලෙස්ටරෝල් තබා ගැනීමට හැකිනම් ඔබත් හොඳම සෞඛ්‍ය තරුවකි.

හදවත සනීපෙන් ද?

නිදි ඇඳෙන් නැගිටීමට පෙර එක් අතක ඇඟිලි වලින් අනෙක් අතේ නාඩි අල්ලන්න. තත්පර 15 ක කාලයක් තුළ වැටෙන නාඩි ප්‍රමාණය 4 න් වැඩි කරන්න. ඒ මිනිත්තුවක කාලයකදී හද ගැහෙනා වාර සංඛ්‍යාව මිනිත්තුවකට වාර 60 කට වඩා අඩු නම් ඔබ සුපිරි තාරකාවකි.

අඩු තරමින් ඔබට සමීප මිතුරන් දෙදෙනකුවත් සිටී ද?

මෙහිදී සමීප මිතුරන් යැයි පැවසුවේ ඔබ සම සමඟ එකට වැඩ කරන අය, අසල්වැසියන් හෝ උදයට - සවසට ඔබට අත වනාගෙන “හලෝ” යයි කියා යන අය නොවේ.

සමාජ විද්‍යාඥයන්ගේ අදහස නම් බොහෝ කාන්තාවන් මෙහිදී බය නැතුවම “ඔව්” යයි කියන බවයි. ඒ වඩා සමීප ඇසුරු ඇති කරගෙන ඒවා පවත්වා ගෙන යාමට ඔවුන් සමත් බැවිණි. ඔබ වයස අවුරුදු 35 ක පමණ පිරිමියකු නම් ඔබට මෙවැනි සමීප කල්්‍යාණ මිතුරන් දෙදෙනා නම් කළ හැකිනම් ඔබ ද කදිම සමාජශීලී හා මිත්‍රශීලි යහපත් සෞඛ්‍යයක් කරා ඇදෙන අයෙක් බව කිව හැකිය.

සැතපුම් 2 ක් මිනිත්තු 28 කදී ඇවිදීමට සමත්ද?

මිනිත්තු 10 -12 කදී. සැතපුමක් දුර දිවීමට අප බොහෝ දෙනෙකුට හැකිය. ඔබත් යෝග්‍යතාවය මැනීමට දුවන ඉරියව්වට වඩා ඇවිදින ඉරියව්ව යෝග්‍යය. ඒ ස්වීඩනයේ පර්යේෂකයන් පවසන්නේ වයස අවුරුදු 40 ක පුද්ගලයකුට මිනිත්තු 30 කදී සැතපුම් 2 ක් ඇවිදීමට හැකිනම් ඉහළ සෞඛ්‍ය තත්ත්වයක් අඟවන බවය. ඒ දුර මිනිත්තු 28 කදී ඇවිදිය හැකිනම් ඔබ සෞඛ්‍ය තාරකාවකි.

මේ ප්‍රශ්න දෙකටම පිළිතුර “ඔව්” නම් ඔබට සතුටු විය හැකිය.

ප්‍රශ්න දෙක මෙසේය.

1. ඔබ උදෑසන වැඩට යන්නේ සතුටින්ද? උනන්දුවෙන්ද?

2. ඔබ සවසට ගෙදර එන්නේ සතුටින් ද? උනන්දුවෙන්ද?

සෞඛ්‍යය හා මේ ප්‍රශ්න දෙක අතර ඇති සහ සම්බන්ධය කුමක්දැයි ඔබ අසාවි. මේ ප්‍රශ්න දෙකටම “ඔව්” යැයි පිළිතුරු දුන් ඔබ ජිවිතය සමතුලිත කරගෙන ඇත. ආතතියෙන් තොරවූ එදිනෙදා ජිවිතයක් හිමි ඔබට හෘදය රෝගයක්, අධික රුධිර පීඩන තත්ත්වයක් ඇති වීමට ඉඩක් නෙැමැති තරම්ය.