සෑම නගරාසන්න ප්‍රදේශයකම ඔසුසලක් ආරම්භ කිරිම සෞඛ්‍ය ඇමැතිතුමාගේ බලාපොරොත්තුවයි

සෑම නගරාසන්න ප්‍රදේශයකම ඔසුසලක් ආරම්භ කිරිම සෞඛ්‍ය ඇමැතිතුමාගේ බලාපොරොත්තුවයි

නිසි ප්‍රමිතියෙන් යුතු ඖෂධ සාධාරණ මිලකට ලබාදෙන ලංකාවේ ප්‍රධානතම ඖෂධ හල වනුයේ ශි‍්‍ර ලංකා ඖෂධ නීතිගත සංස්ථාව බව සමස්ත ප්‍රජාව අනිවාර්්‍යයෙන්ම පිළිගන්නා කරුණකි. රෝග සුව කරගැනීමට ප්‍රතිකාර ලබා ගැනීමේදි රෝගියාගේ මුදල් පසුම්බියට ප්‍රතිලාභ ලබා දෙමින් ඖෂධ නීතිගත සංස්ථාව සිදුකරන අමිල මෙහෙවර අනුපමේයයි. එය එසේ ඉටු කරන රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පිළිබඳ ජනතාව තැබූ විශ්වාසය වර්තමානයේ දෙගුණ තෙගුණ වී ඇත.ඒ බව සනාථ කරමින් රෝග නිවාරණයට අත්‍යවශ්‍යව නිසි පිළියම ලෙස නිසි ප්‍රමිතියානුකූල ඖෂධ රෝගියාට ලබා දීමෙන් ලැබෙන සුවය අතිමහත්ය. මේ බව පැවසුවේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ක්‍රියාකාරි අධ්‍යක්ෂ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ර්.ඩ්.ර්. රූමි මහතා.

අතිශයින් සාධාරණ මිලකට ඖෂධ අලෙවි කරමින් විශාල ලාභයක් නොලබා වැඩි මිලට ඖෂධ අලෙවි නොකිරීමට සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අසරණ රෝගීන් වෙනුවෙන් ඖෂධ 48 ක මිල අඩු කිරිම නිසා ජනතාව ලැබුණේ විශාල සහනයක්.

ඇත්ත වශයෙන්ම ඖෂධයක් අවශ්‍ය රෝගියෙකුට ඉර්‍ථඛ් ඖෂධවලින් රෝගියාට සුවයක් ලැබෙනවා. ඒක සේවයක්. නිසි ප්‍රමිතියෙන් යුක්ත නිසා තමයි ලෙඩ රෝගවලට ඉර්‍ථඛ් ඖෂධ නිසා ඉක්මන් සුවයක් ලැබෙන්නේ.

ඕනෑම පුද්ගලයෙකු රෝගී භාවයෙන් මිදීමට ලබාගත හැකි හොඳට පිළියමයි වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවීමයි. වෛද්‍යවරයා විසින් රෝගියා පරීක්ෂා කර ඖෂධ ලබා දෙනුුයේ නිසි මාත්‍රාවට, නිසි වේලාවට ලබා ගැනීමේ අවශ්‍යතාවය රෝගියාට පැහැදිලි කරමින්.

ඖෂධ සහ සැත්කම් සඳහා අවශ්‍ය භාණ්ඩ ආනයනය කරමින් සියලුම රජයේ රෝහල්වලට සහ පෞද්ගලිකව රෝහල්වලට බෙදාහැරිම, ෆාමසිවලට ලබාදීමත්, ලංකාව පුරා පිහිටා ඇති ඔසුසල් ජාලය මඟින් බෙදාහැරීමේ ඖෂධ නීතිගත සංස්ථාවෙන් සිදු කෙරෙන ප්‍රධානතම කාර්යන්ය.

1972 ආචාර්ය සේනක බිබිලේ මැතිතුමාගේ පුරෝගාමීත්වයෙන් ඇරඹී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මුලින් පිහිටා තිබුණේ කොළඹ ග්‍රෙගරි පාෙර්ය. ඔසුසල පිහිටුවන ලද්දේ කොළඹ 7 ඇස්වාට්ටුව මං සන්ධියේය.

ඔසුසල විසින් ආනයනය කරනු ලබන ඖෂධ සහ සැත්කම් සඳහා අවශ්‍ය වන්නා වූ සියලුම භාණ්ඩ සෞඛ්‍ය අමාත්‍යංශයේ ඖෂධ සැපයීමේ අංශ්‍ය හරහා සියලුම රජයේ රෝහල්වලට, පලාත් රෝහල්වලට ලබාදීම සිදු කෙරෙනවා.

2015 වත්මන් රජයේ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ඉදිරි දැක්ම මත 2020 වන විට ලංකාවේ සෑම නගරාශ්‍රිත ප්‍රදේශයක්ම දිප ව්‍යාප්තව ආවරණය වන පරිදි ඔසු සල් ආරම්භ කිරිම ඔහුගේ එකම බලාපොරොත්තුවයි.

තමන්ට හිතු මුදලට ඖෂධ අලෙවි කිරීමේ ඒකාධිකාරියක් පවත්වාගෙන තිබූ අවධියක සෞඛ්‍ය අමාත්‍යතුමා විසින් ඖෂධ 48 ක මිල අඩු කිරීම (මිලිග්‍රෑම් ප්‍රමාණය අනුව සහ කරල් - පෙති අනුව බැලූ කල 300 ක් පමණ වේ.) නිසා ජනතාවට විශාල වාසියක් සිදු වී තිබේ.

ඔසුසල් සඳහා කොතරම් ඉල්ලුම තිබෙනවාද කිවහොත් විශාල ලෙස ඖෂධ ඔසුසල් හරහා මිලදී ගන්නා සංඛ්‍යාව ඉහළ මට්ටමක පවතිනවා.

මහජනතාවගේ සුවය පතා කොළඹ 7 ඇස්වාට්ටුවේ වර්ථමානයේ තිබෙන ඔසුසල නවීකරණය කර තට්ටු ගණනාවකින් යුක්ත විශාල කොඩනැගිල්ලක් බවට පත් කිරීමේ කටයුතු මේ දිනවල සිදු කරමින් සිටිවා. ජනතාවට පහසුවෙන් පොලිම්වල කාලය නාස්ති නොකර, අපතේ යැම වළක්වා ලිම සඳහා මෙම පියවර ගෙන තිබෙනවා.

ඔසුසල් ආරම්භ කරන්නට කියා අපට ලැබෙන ඉල්ලීම් අපමණයි. අපට තිබෙන එක් ගැටලුවක් වන්නේ ඖෂධවේදීන්ගේ හිඟය ලංකාවේ ඖෂධවේදය හදාරණ පිරිස අඩුයි. ඒ රික්තය පිරවීමට අවශ්‍යයි. සියලුම ඔසුසල්වල සේවය කරන්නේ ඉතාමත් හොඳින් ඖෂධවේදය හදාරා රජයේ ඖෂධවේදීන් ලෙස ලියාපදිංච වූ අයයි. අතිශයින් සුපරික්ෂාකාරී ඖෂධ ලබාදීම අපේ ඔසුසල්වල ඖෂධවේදීන් විසින් සිදු කෙරෙනවා. එය ඔසුසලෙහි ප්‍රමිතිය නංවන්නට විශ්වාසය රැක ගන්නට ඉමහත් රුකුලක් වෙනවා

පූර්ණ විද්‍යාත්මක පදනමක් මතයි ඖෂධ නිෂ්පාදනය කෙරෙන්නේ වෙළඳපොලට නිකුත් කිරීමට ප්‍රථමයෙන් සියල්ල අධික්ෂණය කරනවා. ප්‍රමිතිකරණයට ලක් කිරීමෙන් අනතුරුවයි බෙදාහැරීම විකිණීම සිදුකෙරේන්නේ ඇත්ත වශයෙන්ම ඖෂධයක් අවශ්‍ය රෝගියෙකුට ඉර්‍ථඛ් ඖෂධවලින් රෝගියාට සුවයක් ලැබෙනවා. ඒක සේවයක්. නිසි ප්‍රමිතියෙන් යුක්ත නිසා තමයි ලෙඩ රෝගවලට ඉර්‍ථඛ් ඖෂධ නිසා ඉක්මන් සුවයක් ලැබෙන්නේ. අතිශයින් සාධාරණ මිලකට ඖෂධ අලෙවි කරන්නේ අපියි. විශාල ලාභයක් ලබාගෙන වැඩි මිලට ඖෂධ අලෙවි කිරීම සාධාරණ නැහැ. ඒ නිසා තමයි සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අසරණ රෝගීන් වෙනුවෙන් ඖෂධ 48 ක මිල අඩු කළේ. ඖෂධ මාෆියාවෙන් ජනතාව බේරා ගැනීමට.

ඇතැමුන් පැවසුවේ ඖෂධ වර්ගවල මිල අඩු කිරීමෙන් ඖෂධ හිඟයක් ඇති වී රෝගීන් අනතුරේ කියා හඬක් නැගුවත් ඒ සියල්ලම පුස්සක් බවට පත් වුණා. ඇත්තටම ඖෂධ මාෆියාවට හොඳට උත්තර රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවයි.

ශ්‍රී ලංකාවේ ඖෂධ බෙදාහැරීමේ විශාලතම ජාලය සතුªවන්නේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවටයි, ගබඩා කිරීමේ පහසුකම්, රසායනාගාර, තත්ත්ව ආරක්ෂක පහසුකම් විකුණුම් ජාලය, බෙදාහැරීමේ ජාලය සතුව ඇත්තේ ඉර්‍ථඛ් එකටයි. ඕනෑම ඖෂධ සමාගමක් සමාගම තරඟ කළ හැක්කේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට බව මම වගකීමෙන් ප්‍රකාශ කරනවා.