Night club ගිහිං Boy friend  ගේ යාළුවන්ගේ අතින් අතට පත් වුණා

Night club ගිහිං Boy friend  ගේ යාළුවන්ගේ අතින් අතට පත් වුණා

ජීවිතයේ දී අපට විවිධ මිනිස්සු ආශ්‍රය කරන්නට ලැබෙනවා. ඒ අය මොන විදිහට කොයි වෙලාවක අපේ ජීවිත වලට එනවාද? අපේ ජීවිත වලින් යනවද කියලා අපිටවත් සමහර වෙලාවට හිතාගන්න බැහැ. ඒ විතරක් නෙවෙයි ඒ කිසිම කෙනෙක් ජීවිතයේ අවසානය වෙනකම් අපිත් එක්ක රැඳෙන්නෙත් නැහැ. ඒ නිසා කිසිම වෙලාවක ඒ, එන යන මිනිස්සු ගැන අපේ හිත්වල ලොකු ඉඩකඩක් වෙන් කරන්ටත් වුවමනා නැහැ. ඒත් ඔවුන් අපට කියාදෙන පාඩම් කවදාවත් හිතෙන් මකා දමන්නටත් හොඳ නැහැ. මේ කථාවේ ධනංජිට, රොමේෂ්ගේ පෙනුමත් එයාගේ පරණ පෙම්වතා හෂාන් වගේ නොපෙනුනා නම් සමහරවිට එයාගේ ජීවිතේ වෙනස්ම පැත්තකට හැරෙන්න තිබුණා.

හේෂාන් එක්ක තිබුණු සම්බන්ධය නොසිතුව විදිහට කෙළවර වෙයි කියලා ධනංජි හීනෙකින්වත් හිතුවේ නැහැ. ගමේ කවුරුත් ධනංජිව මුණගැහෙන හැම වෙලාවකදීම හේෂාන් ගැන අහන එක එයාට තවදුරටත් දරාගෙන ඉන්න බැරි වුණු හින්දා කොළඹ ගාමන්ට් එකක රස්සාවකට එන්න තීරණය කළා. කොළඹ ආවට පස්සේ එයාගේ ජීවිතේ ගමේ ගත කරපු ජීවිතේට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් එකක් බවට පත් වුණා. බෝඩිමේ යාළුවෝ එක්ක බොහෝම විනෝදෙන් කාලය ගත කරන කොට යාළුවන්ට ආදර සම්බන්ධකම් ගැන තිබුණු අත්දැකීම් එක්ක හේෂාන් නිසා ධනංජිට ඇති වුණු ප්‍රශ්නේ එතරම් දෙයක් නොවෙයි කියලා එයාටම හිතුණා.

මේ විදිහට කාලය ගත වෙන කොට ධනංජි තමන්ගේ මේ ජීවිතේට ඉබේටම වගේ හුරුවුණා. හැමදාම යාළුවෝ එක්ක වැඩට යන්න බස් හෝල්ට් එකට ආවහම කට්ටියගේ කෑ ගැහිල්ලට අහල පහළ කවුරුත් ඉන්නේ නැහැ. ඒත් මුලදී මුලදී ගාමන්ට් එකට යනකොට කට්ටිය ගොඩක් හිටියට පහු වෙනකොට පස්සේ පස්සේ ධනංජි වැඩට යන කොට එතරම් පිරිසක් ඉතුරු වුණේ නැහැ. සමහර දවස්වලට ධනංජි තනියම වැඩට ගියේ.

බස් හෝල්ට් එකට වෙලා බස් එක එනකම් වෙන කරන්න දෙයක් නැති නිසා ධනංජිට පාළුව මකාගන්න තිබුණේ ළඟ තියෙන මොබයිල් ෆොන් එක. තනියම ඉන්න දවසක එයා ළඟින්ම වගේ කාර් එකක් නතර කළා. ඒ වෙලාවේ ධනංජි උඩ ගිහින් බිම වැටුණේ මොනවා වුණාද කියලා හිතාගන්න බැරිව. ඉස්සරහ වීදුරුව පත් කරලා කාර් එකේ හිටපු කෙනා එයාත් එක්ක හිනා වුණා. ඒ දවසේ තමයි ධනංජි මුලින්ම රොමේෂ්ව දැක්කේ...

මුලදි ඒ තරම් හොඳ මූණක් නොපෙන්වුවත් එයාව දැක්කම ධනංජිට එයාගේ අතීතය මතක් වුණා. රොමේෂ් හරියටම හේෂාන් වගේමයි. රොමේෂ් හැමදාම මේ විදිහට ධනංජිව බලන්න බස්හෝලට් එකට එන්න පටන් ගත්තා. ධනංජි රොමේෂ් එක්ක කථා කරන්න තරමක් බය වුණත් හේෂාන් වගේ කියලා හිතුණු නිසා රොමේෂ්ගේ හිනාව මඟහරින්න එයාට පුළුවන් වුණේ නැහැ. ධනංජි රොමේෂ් එක්ක පටන් ගත්ත මේ සම්බන්ධය පේ‍්‍රමයකට පෙරළෙන්න එතරම් කාලයක් ගත වුණේ නැහැ.

රොමේෂ් බිස්නස් කාරයෙක්. පුදුම විදිහට එයාට සල්ලි තිබුණා. ධනංජි මුලදි රොමේෂ්ට ආදරය කළේ එයා හේෂාන් වගේ පෙනුමක් තිබුණු නිසා වුණත් රොමේෂ් ගත කරපු සල්ලිකාර ජිවිතේට එයාත් ටිකෙන් ටික හුරු වුණා. රොමේෂ් පුරුද්දක් විදිහට නයිට් ක්ලබ් යන්න පුරුදු වෙලයි හිටියේ. ධනංජිත් එයත් එක්ක නයිට් ක්ලබ් යන්න පටන් ගත්තා විතරක් නෙවෙයි රූම්ස්, ගෙස්ට් හවුස්, හෝටල්වල රාත්‍රිය ගත කළේ රොමේෂ් එක්ක එකටමයි. ඒ විතරක්ම නෙවෙයි රොමේෂ්ගේ යාළුවෝත් ක්ලබ් එකට එන්න පුරුදු වෙලා හිටියා. ඒ හැමෝටමත් ගෑණු ළමයි හිටියා. මේ අය මත් වුණු වෙලාවට එක් එක්කෙනාගේ ගෑණු ළමයි හුවමාරු කර ගත්තා. අවසනාවන්ත විදිහට ධංනජි රොමේෂ්ගේ යාළුවන්ගේ අතින් අතට ගියා. ඒ ජීවිතේට මොනතරම් එයා හුරු වුණාද කියනවා නම් රස්සාව කරන්නවත් එයාට වෙලාවක් තිබුණේ නැහැ.

කොහොම වුණත් කාලය ටික ටික ගත වෙලා යනකොට රොමේෂ් ධනංජිගෙන් ටිකින් ටික ඈත් වුණා. ඒත් ඒ ගැන එතරම් ගාණක් ධනංජිට නොතිබුණේ ඒ වෙනකොටත් රොමේෂ්ගේ යාළුවෝ ගණනාවක් එක්ක එයා සම්බන්ධකම් පවත්වලා තිබුණු නිසා. අවසානයේදී දන්නෙම නැතිව ධනංජි ලිංගික ශ්‍රමය සපයන කාන්තාවක් බවට පත් වුණා.

ධනංජිට අත් වුණු මේ ඉරණම ලිංගාශි‍්‍රත සායනයකින් ඇසෙන කථාවක් වුණේ අවසානයේදී එයා ඩ්ධ්ඍ ආසාදිත කාන්තාවක් බවට වුණාට පස්සේ... ඒත් ධනංජි ඩ්ධ්ඍ ආසාදිතයෙක් බව සොයා ගන්නට මූලික වුණේ රොමේෂ්ගේ යාළුවෙක් ඩ්ධ්ඍ පරීක්ෂා කරගන්නට සායනයට ආව වෙලාවේ. පස්සේ එයා ආශ්‍රය කළ කාන්තාවන් අතරේ හිටපු, එක් කාන්තාවක් වුණේ ධනංජි. අවසනාවට ඇයට ඩ්ධ්ඍ ආසාදිතයෙක්. එයාගේ කථාවෙදී ලිංගික සම්බන්ධතා පවත්වන කොට ඒවා ආරක්ෂිතව සිදු කරන්නේ කොහොමද? කොන්ඩම්ස් වැනි දේ ගැන පවා ධනංජිට හරි අවබෝධයක් තිබුණේ නැහැ.