මූලය හඳුනා නොගත් වකුගඩු රෝගය නිවාරණය සඳහා වන ජාතික වැඩසටහන

මූලය හඳුනා නොගත් වකුගඩු රෝගය නිවාරණය සඳහා වන ජාතික වැඩසටහන

1990 දශකයේ දී පමණ රජරට ප්‍රදේශයෙන් වාර්තා වූ මූලය හඳුනා නොගත් වකුගඩු රෝගය මේ වන විටත් ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක රැසකට ව්‍යාප්තව ඇත. මේ නිසා රට තුළ සමාජ,ආර්ථික හා සෞඛ්‍ය ගැටලු රාශියක් හටගෙන ඇති අතර එය ජාතික ගැටලුවක් බවට පත්ව තිබේ. මෙම ගැටලුවට පිළියම් සෙවීම සඳහා අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සෘජු අධීක්ෂණය හා උපදෙස් යටතේ වකුගඩු රෝග නිවාරණ ජාතික වැඩසටහන, වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යසාධන බලකාය විසින් ක්‍රියාත්මක කරනු ලබයි.

ප්‍රධාන ඉලක්ක

ඐ ශ්‍රී ලාංකීය ජනතාව නිදන්ගත වකුගඩු රෝගය පිළිබඳව දැනුවත් කර චර්යාත්මක වෙනසකට භාජනය කිරීම

ඐ රෝගීන් පෙර හඳුනාගැනීම හා අවශ්‍ය ප්‍රතිකාර සඳහා යොමුකිරීම

ඐ ප්‍රතිකාර කිරීමට අවශ්‍ය මානව හා යටිතල පහසුකම් සම්පාදනය

ඐ වකුගඩු රෝගයට ගොදුරු වූ රෝගීන්, ඔවුන්ගේ පවුල් සහ ප්‍රජාව සඳහා සුබසාධන ක්‍රියාමාර්ග දියත් කිරීම තුළින් ඔවුන් දිරිමත් කිරීම හා ජීවන තත්වය නගා සිටුවීම

ඐ අවදානම් දිස්ත්‍රික්ක සඳහා පිරිසුදු පානීය ජලය සම්පාදනය කිරීම

ඐ වසවිසෙන් තොර ගොවිතැන ප්‍රවර්ධනය හා සෞඛ්‍යාරක්ෂිත ආහාර රටාවකට ජනයා හුරුකිරීම

ඐ වකුගඩු රෝගයට අදාළව සක්‍රීය නිරීක්ෂණ දත්ත පද්ධතියක් ස්ථාපිත කිරීම හා යාවත්කාලීන කිරීම

ඐ වකුගඩු රෝගයට හේතුකාරක වන මූලයන් නිශ්චිතව හඳුනාගැනීම හා ඊට අදාළ ප්‍රතිකාර ක්‍රම වැඩි දියුණු කිරීම

වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකාය විසින් මේ සම්බන්ධ පාර්ශවකාරී අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා අනෙකුත් රාජ්‍ය, රාජ්‍ය නොවන අංශයන් සම්බන්ධීකරණය කරමින් ඉහත ඉලක්ක සපුරාගැනීම සඳහා ක්‍රියාත්මක වන අතර අදාල අංශ හා එක්ව වකුගඩු රෝග නිවාරණය වෙනුවෙන් පහත ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු ලබයි.

1. දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම

2. වකුගඩු රෝගීන් හඳුනාගැනීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම

3. පිරිසුදු පානීය ජල සම්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම

4. සෞඛ්‍ය අංශයේ යටිතල පහසුකම් සංවර්ධනය

5. සමාජ සුබසාධන වැඩසටහන් දියත් කිරීම

6. පර්යේෂණ කටයුතු වේගවත් කිරීම

දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම

මේ යටතේ වකුගඩු රෝගය ඇතිවන ආකාරය, පැතිරීම හා වැළැක්වීම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සිදුකරයි. එහිදී විද්‍යුත්, මුද්‍රිත හා වෙනත් කලා මාධ්‍ය හරහා දැනුවත් කිරීම් සිදුකිරීමට අමතරව ජාතික වැඩසටහන් හරහා දිස්ත්‍රික් මට්ටමෙන් හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමෙන් මහජනතාව හා පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබේ.

මේ වන විට වකුගඩු රෝග නිවාරණය සම්බන්ධව දිස්ත්‍රික් මටට්මින් ජාතික වැඩසටහන් 04ක් සහ ප්‍රාදේශීය මටට්ටමේ එක් ජාතික වැඩසටහනක් පවත්වා ඇති අතර අදාල වැඩසටහන්වලට සමගාමීව වකුගඩු රෝග නිවාරණ වැඩසටහන් හා සුබසාධන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලද අතර විශාල පිරිසක් ප්‍රතිලාභ ලබා ඇත.

වකුගඩු රෝගී පූර්ව පරීක්ෂාවන් සිදුකිරීම

මේ යටතේ වකුගඩු රෝගී අවදානම් දිස්ත්‍රික්කයන්හි පහත පරිදි වකුගඩු රෝගීන් පෙර හඳුනාගැනීමේ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබේ.

සෞඛ්‍ය අංශයේ යටිතල පහසුකම් සංවර්ධනය

මේ යටතේ වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යසාධන බලකායේ මූල්‍ය ප්‍රතිපාදන මත වකුගඩු රෝගීන් සඳහා සුබසාධන මධ්‍යස්ථාන 3ක් ඉදිකරමින් පවතී.

1. “මෙත්සිරි සෙවණ” වකුගඩු රෝගී සුබසාධන ඒකකය

2. මහනුවර වකුගඩු රෝගී සහන සත්කාරක හා සුබසාධන මධ්‍යස්ථානය

3. ගිරාඳුරුකෝට්ටේ වකුගඩු රෝගීන් සවිබලගැන්වීමේ, ආර්ථික සුබසාධන, අධ්‍යාපනික හා තොරතුරු කේන්ද්‍රය

රෝගියා, පවුල සහ ප්‍රජාව සඳහා සුබසාධනය

ඐ වකුගඩු රෝගයෙන් මව/පියා අහිමි වූ අ.පො.ස. (උ/පෙ) හදාරන දරුවන් 240ක් සඳහා ජනාධිපති අධ්‍යාපනික ශිෂ්‍යත්ව ලබාදීම

ඐ සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශය හරහා නිදන්ගත වකුගඩු රෝගී අවදානම් ප්‍රදේශවල අඩු ආදායම්ලාභී වකුගඩු රෝගීන් 20,091ක් වෙත රු.5000.00ක ජීවනාධාර මුදලක් ලබාදීම.

ඐ අඩු ආදායම්ලාභී වකුගඩු රෝගීන් සඳහා නිවාස 10ක් ඉදිකිරීම හා නිවාස අමාත්‍යාංශය හරහා අඩු ආදායම්ලාභී වකුගඩු රෝගී පවුල් 638ක් සඳහා නිවාස ආධාර ලබාදීම .

ඐ ඊට අමතරව මනෝ සමාජයීය උපදේශන සේවා සැපයීම, ස්වයං රැකියා සඳහා යොමුකිරීම හා වකුගඩු රෝගීන් සඳහා සෞඛ්‍යාරක්ෂිත කාමර ඉදිකිරීම සිදුකරයි.

පිරිසුදු පානීය ජල සම්පාදනය

මේ යටතේ ප්‍රති ආශ්‍රැතිකරණ ජල පද්ධති ස්ථාපිත කිරීම, වැසි ජල ටැංකි හා ගෘහස්ත ජල පෙරණ උපකරණ ලබාදීම හා වකුගඩු රෝගී අවදානම් ප්‍රදේශ වෙත පිරිසුදු නල ජල පහසුකම් ලබාදීමට අවශ්‍ය කටයුතු සම්පාදනය සිදුකරයි.

මෙම කාර්යසාධන බලකාය හරහා පිරිසුදු පානීය ජල සම්පාදනය සඳහා සිදුකර ඇති ව්‍යාපෘතීන්හි සාරාංශය පහත පරිදි වේ.

සමීක්ෂණ, පර්යේෂණ හා ප්‍රතිපත්ති සම්පාදනය

මේ යටතේ 2016 හා 2017 වර්ෂ තුළ පහත වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත.

ඐ චීන විශේෂඥ දැනුම හුවමාරු කරගැනීමේ වැඩමුළුව

ඐ නෙදර්ලන්ත ජල විශේෂඥයින් විසින් වකුගඩු රෝගී අවදානම් ප්‍රදේශවල ජල මූලාශ්‍ර පරීක්ෂාවට ලක්කිරීම

ඐ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පවත්වන ලද වකුගඩු රෝග නිවාරණ කාර්යයන් පිළිබඳ සමුළුව

ඐ නිදන්ගත වකුගඩු රෝගයට මූලය හඳුනාගැනීමේ පරීක්ෂණ පාර්ශවකරුවන්ගේ සම්මේලනය

ඐ ඉන්ද්‍රියන් බද්ධකිරීම හා ඉන්ද්‍රියන් පරිත්‍යාගය පිළිබඳ ජාතික වැඩමුළුව

ඐ වකුගඩු රෝගය සඳහා හේතුවන සමාජ හා ආර්ථික හේතු සාධක සෙවීම සඳහා වූ පර්යේෂණය

ඐ රුධිර කාන්දුකරණය පිළිබඳ හෙදියන් පුහුණු කිරීම

ඐ නිදන්ගත වකුගඩු රෝගීන්ගේ පවුල්වල සුබසාධනය නංවාලීම සඳහා ගතහැකි ක්‍රියාමාර්ග සොයාබැලීමේ සමීක්ෂණය

ඐ ඕස්ට්‍රේලියානු න්‍යෂ්ටික විද්‍යා හා තාක්ෂණ සංවිධානය (ඒව්ඉඊර්‍ණ) මගින් පවත්වන ලද වකුගඩු රෝගයට මූලය හඳුනා ගැනීමේ පර්යේෂණ පිළිබඳ සමාලෝචනය හා ඉදිරි කටයුතු පිළිබඳ වැඩමුළුව

ජාතික වකුගඩු අරමුදල

වකුගඩු රෝග නිවාරණය සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් සඳහා සහ වකුගඩු රෝගීයා, පවුල සහ ප්‍රජාවගේ සුබසාධනය උදෙසා ක්‍රියාත්මක කරන වැඩසටහන් සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සපයාගැනිම සඳහා “ජාතික වකුගඩු අරමුදල” පිහිටුවා ඇත.

රුපියල් ලක්ෂ 2කින් අරම්භ කළ ජාතික වකුගඩු අරමුදල මේ වන විට රු මිලියන 540 ඉක්ම වූ අරමුදලක් බවට පත්කර ඇති අතර මින් සිදු කරන කාර්යයන් අතර,

ඐ රු.මිලියන 291 ක ඇස්තමේන්තුගත මුදලක් සහිත අනුරාධපුර රෝහලේ නේවාසිකාගාර සංකීර්ණය ඉදිකිරීම

ඐ රු.මිලියන 382 ක ඇස්තමේන්තුගත වටිනාකමකින් යුතු මහනුවර මහ රෝහලේ නේවාසිකාගාර සංකීර්ණ ඉදිකිරීම

ඐ වකුගඩු රෝගයෙන් මව හෝ පියා අහිමි වු පවුල්වල උසස් පෙළ හදාරන සිසු සිසුවියන් සඳහා වන ජනාධිපති ශිෂ්‍යත්ව ක්‍රමය සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සැපයීම ප්‍රධාන වේ.

“ජාතික වකුගඩු අරමුදල ”
ගිණුම් අංකය -
0077 591 955
ලංකා බැංකුව
තැප්‍රොබේන් ශාඛාව