පොළොන්නරුව දිස්ත්‍රික් මහ රෝහලේ වකුගඩු රෝගීන්ට සිදු කෙරෙන සුව සහන සේවාවන්

පොළොන්නරුව දිස්ත්‍රික් මහ රෝහලේ වකුගඩු රෝගීන්ට සිදු කෙරෙන සුව සහන සේවාවන්
 

පොළොන්නරුව දිස්ත්‍රික් මහා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය
නිහාල් ගුණතිලක මහතා

කිසියම්වු රෝගයක් වැළඳී එයට ප්‍රතිකාර ගෙන සුවය ලබනවාට වඩා වැදගත් වන්නේ එම රෝගයෙන් ආරක්ෂාවීමය. විශේෂයෙන් බෝවන රෝගවලින් ආරක්ෂාවීම ඉතා අපහසු කටයුත්තක් වුවද බෝ නොවන රෝග වලින් ආරක්ෂා වීමට අප සියල්ලන්ටම හැකියාව පවතී. ජානමය තත්ත්වයන් මත හෝ වෙනයම් හේතුන් මත හෝ වේවා බෝ නොවන රෝගයක් වැළඳීමට ඉඩ ඇති වුවද රෝගය පිළිබඳ දැනුවත් වීම ආරක්ෂා වීම මඟින් මෙන්ම රෝගය තිබේදැයි කළින් හඳුනා ගැනීම ඉක්මන් සුවය ලබා ගැනීමට තිබෙන හොඳම මගයි.

රජරට මෙන්ම කෘෂි ජනපදයේ පසුගිය කාලවකවානුව තුළ බෙහෙවින් අසන්නට දකින්නට ලැබුණ වකුගඩු රෝගය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉතාමත් කතාබහට ලක්වු ප්‍රධානතම මාර්‍ත¡ෘකාවක් බවට පත්වු රෝගයකි.හඳුනා නොගත් වකුගඩු රෝගය ඛ්ම්ච්උ ද නමින් හැඳින්වෙන මෙම වකුගඩු රෝගය වැළඳී ඇත්දැයි කල්තියා හඳුනාගැනීමෙන් මුල් අවදියේදීම ප්‍රතිකාර වෙත යොමු විම රෝගය සුව කරගැනීමට ගත හැකි යෝග්‍යතම ක්‍රියාමාර්ගයයි.

එය ඕනෑම බෝ නොවන රෝගයකට මෙන්ම වකුගඩු රෝගයට ද පොදු ධර්මතාවයකි. ඒ බව සනාථ කරමින් පොළොන්නරුව දිස්ත්‍රික් මහ රෝහල සිය වගකිම මැනවින් ඉටු කරමින් පොළොන්නරුව දිස්ත්‍රික්කය පුරා සැරිසරමින් රුදුරු වකුගඩු වසංගතයට මුහුණ දුන් පිරිස සොයා ගියහ.

රජරට කෘෂි ප්‍රදේශවල ගොවිතැන් බත් කරවමින් ජීවනෝපාය රැකගත් පිරිස කොතරම් ප්‍රමාණයක් මේ රුදුරු වකුගඩු ව්‍යසනයට ගොදුරු වී ඇත්දැයි හඳුනා ගැනීම මෙහි මුලික කාර්්‍යභාරය විය. හාර ලක්ෂ හැත්තෑපන්දහසක් පමණ ජනප්‍රජාවක් වෙසෙන පොළොන්නරු දිස්ත්‍රික්කයේ ප්‍රදේශවල මේ වන විට 1,76048 ප්‍රමාණයකට දැනටමත් වකුගඩු රෝගය තිබේදැයි හඳුනා ගැනීමේ පරීක්ෂණ සිදු කොට අවසන් කර ඇත. එයින් 917ක් වකුගඩු රෝගීන් ලෙස හඳුනාගෙන ඇත.

නන් දෙසින් වකුගඩු රෝගීන් රෝහල්වලට වාර්තා වීම නිසා වකුගඩු රෝගීන් දෙස බොහෝ දෙනාගේ නෙත් යොමු විය. ඒ අරඹයා ප්‍රථමයෙන් වකුගඩු රෝගීන් හඳුනා ගැනීමේ පරීක්ෂණ සිදු කළේ 2003 වසරේදීය.

මහනුවර රෝහලේ වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය තිලක් අබේසේකර මහතා කවදත් වකුගඩු රෝගීන් වෙනුවෙන් සිය කාලය ශ්‍රමය කැප කළ වෛද්‍යවරයකු විය. ඔහුත් සමඟ මෙම රෝගීන් හඳුනා ගැනීමේ වෛද්‍ය සායනයට මුලින් එක් වූයේ පොළොන්නරුව දිස්ත්‍රික් මහා රෝහලේ් නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් ගුණතිලක මහතාය. ඒ සමඟම වෛද්‍ය සීපා ද එක් වීය. ප්‍රථමයෙන් සිදු කළ වකුගඩු රෝගීන් හඳුනාගැනීමේ පරීක්ෂණයේදී වකුගඩු රෝගීන් 46 ක් 2003 වසරේදී හඳුනාගත් අතර මසකට වරක් සිදු කළ මේ වකුගඩු රෝග හඳුනාගැනීමේ පරීක්ෂණවලින් රෝගී ගණනාවක් හමු වූ අතර කුඩා දරුවන් ද ඒ අතරින් හඳුනා ගැණිනි.

බොහෝප්‍රදේශවල රෝගීන් ඒකරාශි කොට බස් රථයක් මඟින් ප්‍රවාහනය කර මෙම පරීක්ෂණ සිදු කරන ලදී. මුත්‍රා පරීක්ෂා මෙන්ම උතබපච ඉධභදඤ ඉජචද පරීක්ෂණ සිදු කර රෝගය තහවුරු කෙරුණ අතර ප්‍රවාහනය කළ හැකි වර්ගයේ ර්‍ථධබචඡතඥ අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් මෙම සායන සඳහා භාවිතා කෙරුණි.

පසුව හඳුනාගත් වකුගඩු රෝගීන් සංඛ්‍යාව වැඩි වීමත් සමඟම රෝහලේ වකුගඩු ඒකකය පුළුල් විය.

දිනපතා මෙම රෝහලේ ඩයලයිසිස් ඒකකය පැය 24 පුරා ක්‍රියාත්මක වන අතර රෝගියකුට ඩයලයිසිස් කිරීමට පැය 4 ක කාලයක් පමණ ගත වේ. බොහෝ අවස්ථාවලදී රෝගීන්ට රුධිර කාන්දුකරණය ක්‍රියාවලිය අවසන් වූ පසු රෑ බෝවන අවස්ථා එමට පවතින බැවින් ඔවුන්ට තම නිවෙස් කරා යෑම අති දුෂ්කර තත්ත්වයක පවතී. එයට හේතුව වන්නේ ගමනාගමන පහසුකම් රාත්‍රියේදී අවම වීමත්, ප්‍රධාන වශයෙන් වන අලි උවදුරින් මෙම රෝගීන්ට බැට කෑමට සිදුවන නිසාත්ය. ගිරාඳුරුකෝට්ටේ, අරනගන්විල, මහියංගනය, බකමුණ වැනි ප්‍රදේශවල සිට පැමිණෙන වකුගඩු රෝගීන්ට රුධිර කාන්දුකරණයෙන් පසු රාත්‍රියේදී හෝ සවස් කාලයේදී නැවත ගම්බිම් කරා යාමේදී ඔවුන්ගේ ජීවිත වල් අලින්ට ගොදුරු වීම වැනි අනාරක්ෂිත තත්ත්වයකට පත්වන බැවින් ඔවුන්ගේ අසරණ ජීවිත ආරක්ෂාකර දීමට රෝහල් පරිශ්‍රය තුළ ඔවුන්ට රාත්‍රිය ගත කිරීම සඳහා සියලු පහසුකම් සහිත ඇඳි පුටු ලබා දී ඇත. රූපවාහිනී යන්ත්‍ර පවා සවි කර ඇත්තේද රෝගින්ගේ හිතසුව පිණිසය.

විශේෂයෙන් රුධිරකාන්දුකරණයට භාජනය වු රෝගීන්ට රෝහලින් නොමිලේ ආහාර ලබා දීම ද මෙම රෝහලෙන් සිදු කෙරෙන උතුම්වු සද්කාරයකි.

රුධිර කාන්දුකරණයට ලක්වන රෝගීන්ට ලැබෙන ප්‍රධානතම සහනය වන්නේ ඔවුනට ලැබෙන ප්‍රවාහන පහසුකම්ය.රෝගීන් රුධිර කාන්දුකරණයට භාජනය වූ පසු නැවත නිවෙස් වෙත ගෙන යෑම මෙන්ම රෝගීන් රෝහලට රැගෙන ඒම සඳහා විශේෂිත වූ ප්‍රවාහන සේවාවක් නොමිලේ සැපයීම රෝගීන් වෙනුවෙන් කෙරෙන උතුම් වූ සද්කාරයකි.

මේ සද්කාරයට දායක වන්නේ අප අතරින් වියෝ වූ ජනපි‍්‍රය කලාකරුවකු වු සිරිල් ධර්මවර්ධන මහතා අනුස්මරණය කරමින් පිංකම් රැසකට යොමු වි සිටින සිරිල් ධර්මවර්ධන පදනමින් ලබා දෙන නොමිලේ ප්‍රවාහන සේවයයි.

රුධිර කාන්දුකරණයට ලක් වු වකුගඩු රෝගීන් ඈත දුර බැහැර ගම් ප්‍රදේශවල සිට පැමිණීමේදි, හිමිදිරි පාන්දරින් සැතපුම් ගණන් ගෙවා පොදු ප්‍රවාහන සේවාවකින් පැමිණියහොත් ඔවුන්ගේ රෝගී තත්ත්වය උත්සන්න වීමට පවා තිබෙන ඉඩකඩ බොහෝය. ඒ බව මනාව වටගාගත් රෝහල් පරිපාලනය සමග අත්වැල් බැඳගනිමින් සිරිල් ධර්මවර්ධන පදනමේ සභාපති ඔහුග් පුත් බිනර ධර්මවර්ධන මහතා මේ පුණයකර්මයට දායක වී ඇත්තේ සිය මව සමඟිනි.

සිරිල් ධර්මවර්ධන පදනමේ නොමිලේ ලබා දෙන ප්‍රවාහන සත්කාර සේවා ව්‍යාපෘතිය සඳහා යොදාගනු ලබන්නේ සුව පහසුකම් සහිත අනර්ඝ මර්සිඩීස් බෙන්ස් වර්ගයේ ගිලන් රථය. ලෝකයේ දියුණු රටවල රෝගීන් ප්‍රවාහනය සඳහා යොදා ගන්නා උසස් තත්ත්වයේ පවතින මෙම ගිලන් රථවල තිබෙන නවීන පහසුකම් නිසා රෝගියාගේ ආරක්ෂාව, සුව පහසු ගිලන් ඇඳ ද්විත්ව වායු සමීකරණවලින් යුක්ත වන අතර රෝද පුටු පහසුකම් ද රෝගීන් වෙනුවෙන් නොමිලේ සැපයේ. වෘත්තීය මට්ටමේ රියදුරන්, උපස්ථායකයින්ගෙන් යුක්තව, පරිපූර්ණ සුහදශීලි සේවාවක් රෝගීන්ට මේ මගින් සැපයේ. මෙවැනි රෝගීන්ට යතුරුපැදි, ත්‍රීවිලර් පොදු ප්‍රවාහන මඟින් නැවත නිවෙස් කරා යෑමේදී ඇතිවන අපහසුතා මෙන්ම, විෂබීජ ශරීරගත වී ආසාදනයන්ට ගොදුරුවිම ආදියෙන් රෝගීන් ආරක්ෂා වීම් ද මෙයින් සිදු වේ.

විශේෂයෙන් ආර්ථික අපහසුතාවලට ගොදුරු වූ ඇතැම් රෝගීන්ට සහ ඔවුන්ගේ පවුලේ අයට එදිනෙදා වේල පිරිමසා ගැනීම පවා ඉතා ගැටලුකාරී තත්ත්වයක්ව පවතී. මෙවැනි තත්ත්වයේ පසුවන රෝගීන්ට රෝහලෙන් ලබාදෙන ආහාරය ඔවුන්ට ලැබෙන මහඟු පිනක් බැව් නම් සැබෑවකි.

2017 වසර වන විට පොළොන්නරුව වකුගඩු රෝග සායනයට පැමිණි රෝගීන් සංඛ්‍යාව 21603 ක් බව රෝහල් වාර්තාවල සඳහන් වී ඇති අතර වකුගඩු සායන 6 ක් දිනපතා මෙම රෝහලේ ක්‍රියාත්මක වේ.

දීප්ති ෆොන්ූසේකා

ඡායාරූප - සුසන්ත විජේගුණසේකර