වකුගඩු රෝගයට ස්ථිර විසඳුමක් ලබා දෙන වකුගඩු බද්ධය

වකුගඩු රෝගයට ස්ථිර විසඳුමක් ලබා දෙන වකුගඩු බද්ධය  Kidney Transplant

රෝහලේ සිදුකළ ප්‍රථම වකුගඩු බද්ධයේ ඡායාරූප

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වාහිනී හා අවයව බද්ධ කිරීමේ ශල්‍ය වෛද්‍ය විශේෂඥ

ජෝයෙල් අරැඩ්චෙල්වම්

සාමාන්‍යයෙන් වකුගඩුවක් පරිත්‍යාග කළ අයෙක් වඩාත් ප්‍රවේසම් විය යුත්තේ රෝහලෙන් පිට ගෙවන අවස්ථාවයි. නමුත් තමාට ඒ වනවිටත් ඉතිරි වී ඇත්තේ එකම එක වකුගඩුවක් බැවින් එය ආරක්ෂා කර ගැනීමට හැකිවන පරිදි ජීවන රටාව හැඩගස්වා ගත යුතුයි. වකුගඩු ලාභියා මෙන්ම වකුගඩු දායකයා ද රෝහලේ සායනවලට කැඳවා නිතර පරීක්ෂා කර බැලීම ද මෙහිදී සිදු වේ. විශේෂයෙන් පාලනය නොවූ දියවැඩියාව, අධික රුධිර පීඩනය ආදිය ඍජුවම වකුගඩු අකර්මණ්‍ය වීමට හේතුවකි. එබැවින් වකුගඩුවක් පරිත්‍යාග කළ අයකු බෝ නොවන රෝග සඳහා සිදු කෙරෙන සැලකිලිමත්භාවය වැඩි කරගත යුතුය.

සබඳතාව මත සිදු වන්නකි. එහි එක් පාර්ශවයක් ලෙස වකුගඩුව අවශ්‍ය රෝගියා (Recipient) පිළිබඳ හඳුනාගත හැකි අතර වකුගඩු දායකයා (kidney donor) අනෙකුත් පාර්ශවය ලෙස සලකනු ලැබේ. මෙහිදී වකුගඩු දායකයා ලබාදෙන වකුගඩුව අදාළ රෝගියාගේ ඉන්ද්‍රියයන් සමඟ බද්ධ කිරීම සරලව වකුගඩු බද්ධය (Kidney transplantation) ලෙස හැඳින්වේ. සාමාන්‍යයෙන් වකුගඩු ලබා දෙන පිරිස එසේත් නැත්නම් වකුගඩු දායකයින් වර්ග දෙකකි. ඔවුන් ජීවතුන් අතර සිටින පිරිස (Live donor) ලෙසද අනෙකුත් පිරිස Deceased  donor ලෙස ද වර්ග වේ. මෙම දායකයන් වර්ග දෙක අතුරින් වකුගඩු බද්ධ කිරීම් සඳහා වැඩි දායකත්වයක් ලබා දෙන්නේ Live donorඵ එසේත් නොමැති නම් ජීවතුන් අතර සිටින වකුගඩු පරිත්‍යාශීලීන්ය.

කාලයක් පුරාවට පාලනයෙන් තොරව පවතින දියවැඩියාව, අධික රුධිර පීඩනය වැනි රෝග තත්ත්වවලින් පීඩා විඳින අයත් ඊට නුසුදුසු අය යටතට ඇතුළත්. ඒ වගේම HIV , හෙපටයිටීස් වැනි වෛරස් රෝග වලින් තොරවීමත් ඉතා වැදගත්. ඒ වගේ C.T ස්කෑන් පරීක්ෂණයක් මඟින් අදාළ වකුගඩු දායකයාගේ පරිත්‍යාග කරන වකුගඩුවට අදාළව ධමනි, ශිරා ආදී රුධිර නාලවල ගුණාත්මක භාවය පිළිබඳව ද විමසා බලනු ලැබේ.

මූලික වශයෙන් සිදු කරන්නේ රුධිර කාණ්ඩ ගැලපෙනවාද යන්න පරීක්ෂා කිරීමයි. එම රුධිර කාණ්ඩ අතර  A, රුධිර ඝනය සඳහා  A සහ O යන වර්ග ද, B  සඳහා හෝ O කාණ්ඩය ද, AB සඳහා A,B, AB,O ද “AB” සඳහා AB ඝනයේ වකුගඩු ද අවශ්‍ය වේ. මෙම රුධිර වර්ග ගැලපීමට අමතරව පටක පරීක්ෂාව ද ඉතා වැදගත් වේ. එය HLA ලෙසින් හඳුන්වන අතර ඉන් විමසා බැලෙන්නේ වකුගඩු දායකයා හා වකුගඩු ලාභියා අතර පටක ගැලපෙනවා ද යන්න පිළිබඳවයි. වකුගඩුවක් බද්ධ කළ පසු රෝගියාගේ ශරීරයෙන් එය ප්‍රතික්ෂේප වීම වළක්වා ගැනීමට ඖෂධ ගත යුතුය.

වකුගඩු බද්ධ කිරීම යනු කුමක්ද?

වකුගඩු බද්ධ කිරීම පාර්ශව දෙකක සබඳතාව මත සිදු වන්නකි. එහි එක් පාර්ශවයක් ලෙස වකුගඩුව අවශ්‍ය රෝගියා (Recipient) පිළිබඳ හඳුනාගත හැකි අතර වකුගඩු දායකයා (kidney donor) අනෙකුත් පාර්ශවය ලෙස සලකනු ලැබේ. මෙහිදී වකුගඩු දායකයා ලබාදෙන වකුගඩුව අදාළ රෝගියාගේ ඉන්ද්‍රියයන් සමඟ බද්ධ කිරීම සරලව වකුගඩු බද්ධය (Kidney transplantation) ලෙස හැඳින්වේ. සාමාන්‍යයෙන් වකුගඩු ලබා දෙන පිරිස එසේත් නැත්නම් වකුගඩු දායකයින් වර්ග දෙකකි. ඔවුන් ජීවතුන් අතර සිටින පිරිස (Live donor) ලෙසද අනෙකුත් පිරිස Deceased  donor ලෙස ද වර්ග වේ. මෙම දායකයන් වර්ග දෙක අතුරින් වකුගඩු බද්ධ කිරීම් සඳහා වැඩි දායකත්වයක් ලබා දෙන්නේ Live donorඵ එසේත් නොමැති නම් ජීවතුන් අතර සිටින වකුගඩු පරිත්‍යාගශීලීන්ය.

වකුගඩු බද්ධ කිරීම් වැඩි ප්‍රමාණයක් මේ වනවිට උතුරුමැද පළාත ආශි‍්‍රතව සිදු වේ. එම ප්‍රදේශ මූලය හඳුනා නොගත් වකුගඩු අකර්මණ්‍ය වීම් (CKDu Chronic Kidney  disease of unknown aetiology) සුලබව දක්නට ලැබිම වකුගඩු බද්ධ කිරීම් සඳහා ප්‍රධානතම හේතුව වී තිබේ. විශේෂයෙන් මෙම ප්‍රදේශ ආශි‍්‍රතව කෘෂිකාර්මික ජීවන රටාවක් තිබීම මෙම රෝගය ව්‍යාප්ත වීමට විශාල හේතුවක්. ඉහත පැහැදිලි කළ පරිදි නිශ්චිත හේතුවක් හඳුනා නොගත්ත ද ගොවිතැන් කටයුතු වලදී භාවිතා කරන වල් නාශක, කෘමි නාශක, පොහොර මඟින් පානීය ජල මූලාශ්‍ර වලට (වැව්, ඇළදොළ වලට) ආසනික් , කැඩ්මියම් වැනි මූලද්‍රව්‍ය එකතු වීම මෙම වකුගඩු අකර්මණ්‍ය වීමට ප්‍රබල හේතුවක් බව මේ වනවිටත් තහවුරු කරගෙන අවසන්.

සාමාන්‍යයෙන් වකුගඩු බද්ධ කිරීම් සඳහා හේතුවන වකුගඩු අකර්මණ්‍ය කරන රෝග හේතු අතරින් මූලය හඳුනා නොගත් වකුගඩු අකර්මණ්‍ය වීම් (CKDu)  නිසා උතුරු මැද පළාත ආශ්‍රය කරගෙන රෝහල් ගත වන පිරිස ඉතා විශාලයි. උතුරු මැද පළාත ජනගහනයෙන් 15%ක් වකුගඩු රෝගීන්වන අතර ඉන් බහුතරයක් පුරුෂ පාර්ශවයේ අයයි.

වකුගඩු බද්ධ කිරීමේදී අවධානය යොමුවන සාධක

වකුගඩු බද්ධ කිරීමෙන් අනතුරුව රෝගියකු මුහුණ දෙන ප්‍රධාන ගැටලුව වන්නේ රෝගියාගේ ශරීරය විසින් එම වකුගඩුව ප්‍රතික්ෂේප කිරිමයි. සාමාන්‍යයෙන් රෝගියකුට වකුගඩුවක් බද්ධ කිරීමට පෙර මූලිකව විමසා බැලෙන සාධක කිහිපයකි. එම පරීක්ෂණ අතර මූලික වශයෙන් සිදු කරන්නේ රුධිර කාණ්ඩ ගැලපෙනවාද යන්න පරීක්ෂා කිරීමයි. එම රුධිර කාණ්ඩ අතර A, රුධිර ඝනය සඳහා A සහ O යන වර්ග ද, B සඳහා B හෝ O කාණ්ඩය ද, AB සඳහා A,B, AB,O“O” සඳහා O ඝනයේ වකුගඩු ද අවශ්‍ය වේ. මෙම රුධිර වර්ග ගැලපීමට අමතරව පටක පරීක්ෂාව ද ඉතා වැදගත් වේ. එය HLA ලෙසින් හඳුන්වන අතර ඉන් විමසා බැලෙන්නේ වකුගඩු දායකයා හා වකුගඩු ලාභියා අතර පටක ගැලපෙනවා ද යන්න පිළිබඳවයි. වකුගඩුවක් බද්ධ කළ පසු රෝගියාගේ ශරීරයෙන් එය ප්‍රතික්ෂේප වීම වළක්වා ගැනීමට ඖෂධ ගත යුතුය. මෙසේ ප්‍රතික්ෂේප විම වැළැක්වීමට බොහෝදුරට වැඩි ඉඩකඩක් තිබෙන නිසා අදාළ රෝගියාගේ ජීවිත කාලය පුරාවටම ඒවා ලබා ගැනීමට සිදු වේ.

වකුගඩු දායකයෙක් සැලකිලිමත් විය යුතු කරුණු

සාමාන්‍යයෙන් වකුගඩු පරිත්‍යාග කරන අයෙක් සතුව රුධිර වර්ගයේ ගැලපීම, පටක ගැලපීමට අමතරව මූලිකව සැලකිලිමත් විය යුතු කරුණු රැසකි. ඒවා අතර කිසිදු වකුගඩු රෝගයක් අදාළ දායකයාට නොමැති වීම ඉතා විශේෂිතයි. මීට අමතරව කාලයක් පුරාවට පාලනයෙන් තොරව පවතින දියවැඩියාව, අධික රුධිර පීඩනය වැනි රෝග තත්ත්වවලින් පීඩා විඳින අයත් ඊට නුසුදුසු අය යටතට ඇතුළත්. ඒ වගේම HIV, හෙපටයිටීස් වැනි වෛරස් රෝග වලින් තොරවීමත් ඉතා වැදගත්. ඒ වගේ C.T ස්කෑන් පරීක්ෂණයක් මඟින් අදාළ වකුගඩු දායකයාගේ පරිත්‍යාග කරන වකුගඩුවට අදාළව ධමනි, ශිරා ආදී රුධිර නාලවල ගුණාත්මක භාවය පිළිබඳව ද විමසා බලනු ලැබේ. ඇතැම් අයගේ මෙම රුධිර නාලවල අසමාන්‍ය පිහිටීම් නිසා එවැනි අය වකුගඩු පරිත්‍යාගයට නුසුදුස්සන් ලෙස සැලකේ. ඒ වගේම වයස අවුරුදු 65 ඉක්ම වූ අයත් ඊට නුසුදුසු වන අතර ඊට හේතුව අදාළ සැත්කම ඔවුන්ට ඔරොත්තු නොදීමයි.

දායකයකුගෙන් වකුගඩුවක් ලබා ගන්නා ආකාරය

සාමාන්‍යයෙන් දායකයකුගෙන් වකුගඩුවක් ලබා ගැනීමේදී ඊට අදාළ ධමනි, ශිරා මෙන්ම මුත්‍රා මාර්ගය හා සම්බන්ධ නාල ද ලබා ගනු ලැබේ. නමුත් එසේ ලබාගත් සැණින් ඒවා රෝගියාට බද්ධ නොකරන අතර එය කල්තබා ගැනීමේ ද්‍රාවණයක සෙල්සියස් අංශක 40ඛ් ක උෂ්ණත්වය යටතේ තබාගනු ලැබේ. එම තරලය ර්‍ථපඥඵඥපමචබඪධද ඉධතභබඪධද ලෙස හැඳින්වේ. එම ද්‍රාවණය මඟින් රෝගියාට වකුගඩුව බද්ධ කරනතුරු එය ආරක්ෂා කර දේ.

වකුගඩු පරිත්‍යාග කළ අයකුගේ ප්‍රවේසම

සාමාන්‍යයෙන් වකුගඩුවක් පරිත්‍යාග කළ අයෙක් වඩාත් ප්‍රවේසම් විය යුත්තේ රෝහලෙන් පිට ගෙවන අවස්ථාවයි. නමුත් තමාට ඒ වනවිටත් ඉතිරි වී ඇත්තේ එකම එක වකුගඩුවක් බැවින් එය ආරක්ෂා කර ගැනීමට හැකිවන පරිදි ජීවන රටාව හැඩගස්වා ගත යුතුයි. වකුගඩු ලාභියා මෙන්ම වකුගඩු දායකයා ද රෝහලේ සායනවලට කැඳවා නිතර පරීක්ෂා කර බැලීම ද මෙහිදී සිදු වේ. විශේෂයෙන් පාලනය නොවූ දියවැඩියාව, අධික රුධිර පීඩනය ආදිය ඍජුවම වකුගඩු අකර්මණ්‍ය වීමට හේතුවකි. එබැවින් වකුගඩුවක් පරිත්‍යාග කළ අයකු බෝ නොවන රෝග සඳහා සිදු කෙරෙන සැලකිලිමත්භාවය වැඩි කරගත යුතුය.

ශල්‍යකර්මයට අනතුරුව රෝගියාගේ සැලකිලිමත්භාවය කෙසේ විය යුතුද?

වකුගඩු බද්ධ කිරීමෙන් අනතුරුව සාමාන්‍යයෙන් රෝගියකු දැඩි සත්කාර ඒකකයට යොමු කරනු ලැබේ. සැත්කමෙන් අනතුරුව දැඩි සත්කාර ඒකකය තුළ ගතවන පළමු දිනයේදීම මුත්‍රා පිටවන ප්‍රමාණය මෙන්ම රුධිර පීඩනය පිළිබඳව ද මූලිකවම වෛද්‍ය අවධානය යොමු කරනු ලැබේ. ඒ වගේම සැත්කමෙන් පසුව බද්ධ කළ වකුගඩුව ශරීරයෙන් ප්‍රතික්ෂේප නොවන පරිදි ඖෂධ ලබා ගැනීම ද නියමිත පරිදි සිදු කළ යුතුයි. මෙම ප්‍රතික්ෂේපය සඳහා මූලිකම හේතුව වන්නේ ශරීර ප්‍රතිශක්තිය මඟින් ඊට ඇතිවන බලපෑමයි. එබැවින් වකුගඩු බද්ධ කළ රෝගියා ලබා ගන්නා ඖෂධ මඟින් එය තාවකාලිකව අඩපණ කරනු ලැබේ. මේ නිසා ආසාදන ඉතා ඉක්මනින් වකුගඩු බද්ධ කළ රෝගියකුට ඇති වීමේ ඉඩකඩක් තිබෙන බැවින් විශේෂයෙන් ප්‍රවේසම් වීම ඉතා වැදගත්. මහජනයා බොහෝ ගැවසෙන ස්ථානවල නොරැදීම, බෝවන ඇතැම් රෝග ඇති අය සමඟ නොසිටීම මෙන්ම අවම වශයෙන් ආහාරපාන ලබා ගැනීමේදී පවා ප්‍රවේසම් වීම ඉතා වැදගත්. හේතුව මෙවැනි රෝගීන්ට ශරීර ප්‍රතිශක්තිකරණ ද දුර්වල නිසා අපිරිසුදු ආහාර මඟින් ඇතිවන ඩයරියා වැනි රෝග පහසුවෙන් ඇති විය හැකි බැවින් ඒවායින් හැකි තරම් ප්‍රවේසම් විය යුතුයි.

එමෙන්ම අදාළ සැත්කමට මුහුණ දුන් අයෙක් ජලය පානය ප්‍රමාණ පිළිබඳ ද අවධානය යොමු කිරීම ඉතා වැදගත්. උතුරු මැද වැනි පළාත් අය මෙහිදී විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි. රෝහල තුළ සිටින කාලය තුළ මුත්‍රා පාලනය ජලය ලබා දීම පිළිබඳ වෛද්‍ය අවධානය යොමු වන නිසා එය එතරම් ගැටලුකාරී නොවුන ද රෝහලෙන් පිටවූ පසුව රෝගියකුට ජලය පානය කිරීම අත්‍යවශයයි.