වකුගඩුරෝගීන්ගේ ජිවිතවලට සුව සහනය සලසන ඩයලයිසිස් ප්‍රතිකාරය

වකුගඩුරෝගීන්ගේ ජිවිතවලට සුව සහනය සලසන ඩයලයිසිස් ප්‍රතිකාරය

පොළොන්නරුව දිස්ත්‍රික් මහ රෝහලේ

වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රජීව දසනායක

රුධිර කාන්දුකරණය සඳහා නුසුදුසු පුද්ගලයින් හෘදයේ ක්‍රියාකාරීත්වය ඉතාම දුර්වල වූ පුද්ගලයින් කුඩා දරුවන් ඉතා මහලු පුද්ගලයින් රුධිර කාන්දුකරණය සඳහා කැතීටරයක් හෝ ෆිස්ටියුලාවක් නැති රෝගීන්

කිසියම් පුද්ගලයකු තමන්ට වකුගඩු රෝගය ඇතැයි දැනගත් පසුව ජීවිතය පිළිබඳව තබා තිබූ බලාපොරොත්තු අතහැරිම කිසිසේත්ම අවශ්‍ය නොවේ. ඒ වර්තමානයේදි වකුගඩු රෝගයෙන් මිදීමට මෙන්ම එය පාලනය කිරීමට ද විවිධ ප්‍රතිකාර ක්‍රම ඇති නිසාය. මෙහිදී වඩාත්ම වැදගත් වන්නේ තීව්‍ර හෝ නිදන්ගත වකුගඩු රෝගය යන අවස්ථා දෙකෙහිදීම රෝගයට ගොදුරු වූ මුල් අවස්ථාවේදීම ඒ බව හඳුනාගැනීමය.

එසේ වුවහොත් ඇතැම්විට එම රෝගී තත්ත්වය නිට්ටාවටම සුව කළ හැකි වනු ඇත. උදාහරණයක් ලෙස දියවැඩියා රෝගය නිසා හට ගන්නා වකුගඩු රෝගයේදී මුත්‍රා සමඟ micro albamin පිටවන අවස්ථාවේදී ඒ බව හඳුනාගෙන නිසි ප්‍රතිකාරවලට යොමු වූවොත් එම රෝගී තත්ත්වය නිට්ටාවටම සුව කළ හැකි වනු ඇත. වකුගඩු රෝගය මුල් අවස්ථාවේදී හඳුනා ගැනීම අතිශය වැදගත් වන්නේ එබැවිනි.

වකුගඩු රෝගී වී ඇතැයි දැනගත්තද, යළි වකුගඩු මුල් තත්ත්වයට පත් කළ නොහැකි වුවත්, රෝගය තවදුරටත් නරක අතට හැරීම වැළැක්වීම සඳහා මෙන්ම, රෝගියාගේ ජීවිතය පහසු කිරීම සඳහා ප්‍රතිකාර ක්‍රම කීපයක්ම ඇත. මෙහිදී වඩාත්ම ප්‍රත්‍යක්ෂ ආරක්ෂාකාරී ප්‍රතිකාර ක්‍රමය වන්නේ ජීවී වකුගඩුවක් බද්ධ කිරීමය. මෙහිදී මොළය මියගොස් සිටින පුද්ගලයකුගේ වකුගඩුවක් බද්ධ කළ හැකිය. එසේම පවුලේ සමීපතම ඥාතියකුට තම වකුගඩු දෙකෙන් එකක් පරිත්‍යාග කළ හැකිය.

අනෙක් ප්‍රතිකාර ක්‍රමය වන්නේ ඖෂධ පමණක් ලබාගෙන රෝගය පාලනය කර ගැනීමය. මෙය එතරම් සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක් ලෙස හැඳින්විය නොහැකිය. බොහෝවිට ඖෂධ පමණක් ලබා ගැනීම මඟින් රෝගියාගේ ආයුකාලය කෙටි වේ.

වකුගඩු රෝගියකු සඳහා කරන තවත් ප්‍රතිකාර ක්‍රමයක් වන්නේ වකුගඩුවලින් සිදු වූ රුධිර පිරිසිදු කිරීමේ කාර්ය කෘත්‍රිම ලෙස සිදු කිරීමය. මෙය දීර්ඝකාලීනව කිරීමට සුදුසු ප්‍රතිකාර ක්‍රමයක් ලෙස හැඳින්විය නොහැකිය. මෙම කෘත්‍රිම ලෙස රුධිරය පිරිසිදු කිරීමේ ප්‍රතිකාරය හෙවත් ඩයලයිසිස් (Dialysis) ප්‍රතිකාර ක්‍රමයයි. මෙම ප්‍රතිකාර ක්‍රමය ප්‍රධාන වශයෙන් ප්‍රභේද දෙකකි. ඉන් පළමුවැන්න, රුධිර කාන්දු කරණ ක්‍රියාවලියයි. (Haemo Dialysis) දෙවැන්න පරිථාන කාන්දු ක්‍රියවාලිය (Peritoneal  Dialysis) යි. ඩයලයිසිස් ප්‍රතිකාර ක්‍රමය ප්‍රධාන වශයෙන් භාවිතා වන්නේ වකුගඩු බද්ධ කිරීමට අකමැති, බද්ධ කිරීමට වකුගඩුවක් පරිත්‍යාග කිරීමට අයකු සොයා ගැනීමට අපහසු මෙන්ම වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මය සිදු කිරීම පිළිබඳව ගැටලු ඇති පුද්ගලයන්ටය. මෙම ක්‍රියාවලිය වකුගඩුවේ කාර්ය කෘත්‍රිමව සිදු කිරීමට සමාන නිසා මෙම ප්‍රතිකාර ක්‍රමයේම රැඳී සිටින්නේ නම් ජීවිත කාලය පුරාම මෙය සිදු කළ යුතුය. එක්වරක් දෙවරක් හෝ මාසයක් කිරීමෙන් මෙම ප්‍රතිකාර ක්‍රමය නැවැත්විය නොහැකිය. එහෙත් සතියකට 3 වරකට වඩා (Haemo dialysis) ප්‍රතිකාර ක්‍රමය සිදු කිරීම වෛද්‍යවරු නිර්දේශ කරන්නේ නැත.

රුධිර කාන්දුකරන ක්‍රියාවලිය (Haemo dialysis)

රුධිර කාන්දුකරණය සිදු කරන්නේ ඒ වෙනුවෙන්ම නිර්මාණයෙන් ඇති විශේෂිත වූ යන්ත්‍රයක උපකාරයෙනි. එම උපකරණය ච්ඪචතරලඥප ලෙස හැඳින්වේ. මෙම විශේෂ උපකරණ ඇත්තේ දැඩි සත්කාර ඒකක වැනි විශේෂිත වෛද්‍ය ඒකක තුළය. රුධිර කාන්දුකරණයේදී රෝගියාගේ ශරීරයේ තිබෙන රුධිරය එක් පසෙකින් යන්ත්‍රයට ඇතුළු කරන අතර අනෙක් පසින් රසායන ද්‍රාවණයක් ඇතුළත් කෙරේ. කෘත්‍රිම වකුගඩුව හෙවත් ච්ඪචතරලඥප උපකරණය තුළදී රුධිරය සහ රසායනික ද්‍රාවණය එකිනෙක මිශ්‍ර වීමකින් තොරවම ලවණ හුවමාරුවක් සිදු කරගනී. පිරිසිදු වූ රුධිරය නැවත රෝගියාගේ සිරුර වෙත යැවේ. මෙම එක් ඩයලයිසිස් ප්‍රතිකාරයක් සඳහා පැය 4 ක පමණ කාලයක් ගත වන අතර රෝගියාගේ ශරීරයේ අවශ්‍යතාවය අනුව මෙම ප්‍රතිකාරය සිදු කරන වාර ගණන සතියකට වරක් දෙවරක් හෝ තුන් වරක් විය හැකිය.

Haemo dialysis ප්‍රතිකාර ක්‍රමයේදී රුධිරය ශරීරයෙන් පිටතට ගැනීමටත් පිරිසිදු වූ රුධිරය නැවත සිරුර තුළට ඇතුළු කිරීමටත් විවිධ උපක්‍රම භාවිතා වේ. මෙහිදි තාවකාලිකව සිරුරට සවි කරන ලද ප්ලාස්ටික් කැතීටරයක් මඟින් හෝ සිරුරේ (බොහෝවිට බාහුවක) සිදු කරනු ලබන සුළු ශල්‍යකර්මයක් මඟින් නිර්මාණය කරගන්නා ධමනියක ස්වරූපය ගත් ශිරාවක් මඟින් ද මෙම ක්‍රියාවලිය සිදු කළ හැකිය. ඩ්ඥචථධ dialysis ප්‍රතිකාරය රෝගියකුට ලබා දීම සඳහා ඒ සඳහා විශේෂ පුහුණුවක් ලත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක සේවය අවශ්‍ය වේ.

පරිතාන කාන්දුකරණය Peritoneal  Dialysis

මෙහිදී විශේෂිත උපකරණයක් භාවිතා වන්නේ නැත. මෙම කාන්දුකරණ ක්‍රියාවලිය සඳහා පුහුණුව ලත් වෛද්‍ය කාර්ය මණ්ඩලයක සහාය අවශ්‍ය නොවේ. මෙය රෝගියාටම කරගත හැකිය. එහෙත් ඒ පිළිබඳව නිසි පුහුණුවක් ලබා ගැනීම අවශ්‍ය වේ. යම් හේතූන් නිසා රුධිර කාන්දුකරණය නුසුදුසු රෝගීන්ට මෙම පරිතාන කාන්දුකරණය භාවිතා කළ හැකිය.

මෙහිදී ඉදිරිපස උදර කුහරයේ බිත්තිය විද, උදර කුහරයට ඇතුළු කරන ලද ප්ලාස්ටික් නලයක් තුළින් විශේෂිත වූ පරිතාන කාන්දු කරන ද්‍රාවණය ඇතුළු කරනු ලැබේ. පැය කීපයක් උදර කුහරය තුළ මෙම ද්‍රාවණය තිබෙන විට මෙම ද්‍රාවණය සහ පරිතානයට යටින් ඇති රුධිර නාල අතර ලවණ සහ ජලය හුවමාරුවක් සිදු වේ. පැය කීපයක් ඉක් වු පසුව යම් සමතුලිත තත්ත්වයකට පත් වූ එම ද්‍රාවණය ඉහත සඳහන් කළ ප්ලාස්ටික් බටය හරහා උදර කුහරයෙන් ඉවත් කරනු ලැබේ. මෙම ක්‍රියාවලිය දිනකට 3 වරක් හෝ 4 වරක් සිදු කර ගැනීමෙන් නයිට්‍රජනීය අපද්‍රව්‍ය, ලවණ, අම්ල සහ අප ජලය ශරීරයෙන් ඉවත් කරගත හැකිය.

පරිතාන කාන්දුකරණය වකුගඩුවල ක්‍රියාකාරීත්වය ඉතාම දුර්වල රෝගීන් සඳහා සුදුසු නොවිය හැකිය.

එහෙත් පරිතාන කාන්දුකරණ ක්‍රියාවලිය වඩාත් වැදගත් වන්නේ රෝගීන්ට මෙම ප්‍රතිකාරය නිවසේදීම කරගත හැකි නිසාය. එසේම විශේෂිත වූ ස්ථානයක් , විශේෂිත වූ උපකරණයක්, පුහුණුවලත් කාර්ය මණ්ඩලයක් මේ සඳහා අවශ්‍ය නොවන නිසාය. එහෙත් පරිතාන කාන්දුකරණ ක්‍රියාවලිය සඳහා රෝගියා සූදානම් කළ යුතු අතර ඒ සඳහා රෝගියාට පුහුණුවක් ද ලබාදිය යුතුය.

පරිතාන කාන්දුකරණ ක්‍රියාවලියේදි රෝගීන් වෛද්‍ය උපදෙස් අනුව ඉතාම පිරිසිදුව මෙම ප්‍රතිකාරය කරගත යුතුය. ඒ, යම් හෙයකින් විෂබීජයක් ශරීරගත වුවහොත් එය බරපතළ තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි නිසාය.