කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ උගුර කන නාසය පිළිබඳ සිදු කෙරෙන ශල්‍යකර්ම

කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ උගුර කන නාසය පිළිබඳ සිදු කෙරෙන ශල්‍යකර්ම

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ උගුර කන නාසය පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය සංජීවනී රූපසිංහ

කන ආශි‍්‍රත ශල්‍යකර්ම

කන් බෙරය ආශි‍්‍රතව ඇතිවිය හැකි සිදුරු

කන හා සම්බන්ධිත රෝග තත්ත්ව පිළිබඳ විමසා බැලිමේදි බොහෝදෙනෙකුට ඇතිවිය හැකි රෝග තත්ත්වයක් වශයෙන් මෙය හඳුනාගත හැකියි. මැද කනේ අසාදන තත්ත්වයක් නිසා හෝ කනට සිදුවූ අනතුරක් නිසා කන් බෙරයේ සිදුරක් ඇතිවිය හැකියි. මෙසේ කනේ සිදුරක් ඇති විට කන ආසාදනයට ලක් වී කන පිටුපස පිහිටා තිබෙන මැස්්ටොයිඩ් (Mastoid) අස්ථිය දක්වා පැතිරී යා හැකියි. ඇතැම්විට මෙම ආසාදනය මොළය දක්වා ද පැතිරිය හැකි බැවින් ශල්‍යකර්මයක් මඟින් කන් බෙරය තුළ පිහිටා ඇති සිදුර ආවරණය කළ යුතු අතර මැස්ටොයිඩ් අස්ථියට විසබීජ ඇතුල් වී ඇත්නම් ශල්‍යකර්මයක් මඟින් එයද පිරිසුදු කළ යුතුයි.

Cholestea toma  

මෙය ඉතා භයානක රෝග තත්ත්වයකි. මෙහිදී සිදු වන්නේ වරින් වර කනේ ස්‍රාවයන් ඇති වීමයි. ඒ වගේම මෙම ස්‍රාවය තරමක දුගන්දයකින් ද යුක්තයි. ඕනෑම වයසක පසුවන අයෙකුට මෙය වැළඳිය හැකි අතර මූලිකව අදාළ රෝගී තත්ත්වය පරීක්ෂා කර බලා නිවැරදිව හඳුනාගත යුතුයි. ඒ වගේම ප්‍රතිජීවක ඖෂධ ලබා ගැනීමෙන් පමණක් රෝගී තත්ත්වය සුව කරගත නොහැක. මෙය Cholesteatoma තත්ත්වය යැයි ස්ථීරව හඳුනාගත හොත් ඊට පිළියම් යෙදිය හැක්කේ ශල්‍යකර්මයක් මඟින් පමණි. එවැනි අවස්ථාවකදි මැද කන හා Mastoid අස්ථියේ ශල්‍යකර්මයක් මඟින් මෙය ඉවත් කළ යුතු අතර මැද කන හරහා පැතිරී ගියහොත් ශ්‍රවණ අස්ථිකා ඛාදනය වී ශ්‍රවණයට බාධා පැමිණවිය හැකියි. අදාළ රෝග තත්ත්වය නිසා යම් ලෙසකින් ශ්‍රවණ අස්ථිකා දුර්වල වුවත් එය අලුත්වැඩියා කිරීමට හැකි වුවත් එය ඉතාම අපහසු වේ. ඒ නිසා මුල් අවස්ථාවේම රෝග තත්ත්වය හඳුනා ගැනීමත් හඳුනාගත් අවස්ථාවේම ප්‍රතිකාර ලබා ගැනීමත් සිදු කළ යුතුයි.

ශ්‍රවණ අස්ථිකා සඳහා සිදු කෙරෙන ශල්‍යකර්ම

ශ්‍රවණ අස්ථිකා ඝනවන්නේ (ඔටොස්කෙලෙරෝසිස්) Otosclerosis නැමැති තත්ත්වය නිසයි. ශ්‍රවණ අස්ථික සම්බන්ධ ගැටලු තිබෙන විට ශ්‍රවණ ඌනතා ඇති කරනු ලබන අතර ශ්‍රවණ පරික්ෂණ මඟින් මේ තත්ත්වය හඳුනාගත හැකියි.

නාසය සඳහා සිදු කෙරෙන ශල්‍යකර්ම

මෙම එන්ඩස්කොපි ශල්‍යකර්ම නාසයේ පිටතින් කිසිදු කැපුමක් නොමැතිව සිදු කරනු ලැබේ. නාසයේ සයිනස් කෝටරක ප්‍රදාහ තත්ත්වයේදී වගේම නාසයේ ඇතිවන මස් දළු ඉවත් කිරීම සඳහා ද මෙම ශල්‍යකර්ම සිදු කරනු ලැබේ. ඒ වගේම නාසා වාරයේ (නාසයේ මැද බිත්තියේ) තිබෙන වෙනස්කම් නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා ද මෙම ශල්‍යකර්මය සිදු කරනු ලැබේ.

Epiphora

මෙම තත්ත්වයේදී කදුළු නාලය අවහිර වීම නිසා ඇසෙන් නොනවත්වා කඳුළු ගැලීමක් සිදු වේ. කඳුළු නාලය ඇසේ සිට නාසය දක්වා ගමන් කරන අතර ඒ සඳහා පිටතින් කැපුමක් නොයොදා Endonasal DCR නැමැති ශල්‍යකර්මය හරහා පිළියම් යොදනු ලැබේ.

කථන චිකිත්සක ඒකකය (Speech Therapy unit)

මෙම ඒකකය ද උගුර කන නාසය ඒකකය හා අනුබද්ධිත අතර මෙහිදි භාෂා හා කථන පුහුණුව ලබා දේ. කුඩා දරුවාගේ සිට වැඩිහිටියන් දක්වා ඕනෑම අයෙකුට මෙහිදී කථන පුහුණුව ලබා ගත හැකියි.

රෝග හඳුනා ගැනීමේ පරීක්ෂණ

උගුර කන නාස ඒකකය රෝග හඳුනා ගැනිමට අදාළ පරීක්ෂණ සිදු කරනු ලැබේ. විශේෂයෙන්ම ස්වර තනතු ආශි‍්‍රත රෝග තත්ත්ව නිසිලෙස තහවුරු කරගත හැකි Nasal Endoscopy පරීක්ෂණය මෙහිදී ප්‍රධාන වශයෙන් සිදු වන පරීක්ෂණයක්. එහිදී ස්වර තන්තුවේ ව්‍යුහය හා ක්‍රියාකාරිත්වය පරීක්ෂා කර බලා ඊට අවශ්‍ය ඖෂධීමය ප්‍රතිකාර ද ශල්‍යකර්ම ද යන්න තීරණය කරනු ලැබේ.

Audiology unit

මෙම ඒකකය හරහා ශ්‍රවණය සම්බන්ධ සියලුම පරීක්ෂාවන් සිදු කෙරෙයි.

Fiberoptic endoscopic evaluation of swallowing (FEES) නාසයට යෙදූ බටයක් හරහා ආහාරපාන ලබාදෙන ස්නායු ආබාධ සහිත රෝගීන් පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් වේ. ඔවුන්ගේ ස්නායු නිසි පරිදි ක්‍රියාකාරී නොවීම නිසා ආහාරපාන පිට උගුරේ යාමක් (Aspiration) නිරන්තරව සිදුවිය හැකියි. එවැනි විටෙක පෙනහලු ආශි‍්‍රතව aspiration pnenmonia තත්ත්වයක් ඇති වේ. එවැනි අවස්ථාවක පිටතින් ආහාර ලබාදීම කෙතරම් ආරක්ෂාකාරී ද යන්න විමසා බැලිය යුතු අතර මෙම FEES පරීක්ෂණය හරහා ඒ පිළිබඳ පරික්ෂා කරනු ලැබේ.