ඔසප් දිනවල දැනෙන අසහනය රෝග ලක්ෂණයක්ද?

ඔසප් දිනවල දැනෙන අසහනය රෝග ලක්ෂණයක්ද?

රාගම ශික්ෂණ රෝහලේ වෛද්‍ය

මහින්ද හේමප්‍රිය

ඔසප් සිදුවීම කාන්තාවන් සඳහා එතරම් ප්‍රසන්න ක්‍රියාවලියක් නොවන බව අමුතුවෙන් කිව යුතු නැහැ. සාමාන්‍යයෙන් ඔසප් දිනවල සිදුවන බඩේ වේදනාව, අපහසු ගතියට අමතරව තවත් විශේෂ වූ රෝග ලක්ෂණ කීපයක් සමහර කාන්තාවන් විසින් අත්විඳිනු ලබනවා. ඔසප් ආසන්නයේ ඇතිවන මෙම අසහනකාරී රෝග ලක්ෂණ සමූහය Premenstrual Syndrome නම් වූ රෝග තත්ත්වයක් ලෙස සලකා බැලෙනවා.

සමහර පරීක්ෂකයන් විශ්වාස කරන්නේ මොළයේ මධ්‍ය ස්නායු පද්ධතියට අදාළ රාසයනික ද්‍රව්‍ය, ස්ත්‍රී ලිංගික හෝර්මෝන සමඟ ක්‍රියාකර මෙම රෝග ලක්ෂණ ඇති කරන බවයි.

කෝපි වැනි පානයන් අඩු කිරීම, සීනි භාවිතය අඩු කිරීම, ලුණු අධික ආහාරවලින් වැළකීම හෝ ලුණු අඩුවෙන් ගැනීම, කෙඳි සහිත ආහාර වැඩියෙන් ලබා ගැනීම සහ අවශ්‍ය විවේකය, නින්ද ආදිය ද වැදගත් වේ. කැල්සියම් හා විටමින් ච් අධික ආහාර මඟින් සමහරවිට සහනයක් ලැබෙනවා.

මානසික වෙහෙසකර බව (stress) කාංසාව, චකිතය, නින්ද නොයෑම, හිසරදය, උණ ගතිය මානසික මට්ටම ඉහළ පහළ යාම, සවේදී බව යන ලක්ෂණයන් ද දකින්නට ලැබෙනවා. මෙම ලක්ෂණ කාන්තාවගෙන් හෝ කාන්තාවට වාගේම ඔසප් චක්‍රයෙන් චක්‍රයට ද වෙනස් විය හැකි වෙනවා. කෙසේ වෙතත් මෙම රෝග තත්ත්වයෙන් පෙළෙන අයට මෙම රෝග ලක්ෂණ දැනෙන විට ඒ පිළිබඳව කලින්ම කිව හැකි තත්ත්වයක් තිබෙනවා

මෙම රෝග තත්ත්වය සාමාන්‍යයෙන් කාන්තාවකට දැනෙනා ඇඟ පුරවා දැමීමේ ස්වභාවය, පියයුරු වේදනාව, බඩේ වේදනාව, කොන්දේ වේදනාව ආදී වශයෙන් වූ ඔසප් වේදනාවන්ට වඩා වෙනස් දෙයකි. මෙහිදී ඇතිවන රෝග ලක්ෂණ ඔසප් සිදුවීමට දින දහයක් හෝ සතියක් පමණ ආසන්නයේ ආරම්භ වී ඔසප් සිදුවීම කෙටි කාලයකට පෙර හෝ කෙටි කාලයකට පසුව “අතුරුදහන්” වන ස්වභාවයක් ගන්නවා. මෙහිදී ඇතිවන රෝග ලක්ෂණ කාන්තාවගෙන් කාන්තාවට වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් කාන්තාවන්ගෙන් 5% ක පමණ පිරිසකට මෙම තත්ත්වය ඉතා තදින් හෝ බරපතළ ලෙස පීඩා ගෙන දෙන බව සඳහන් කළ යුතු වෙනවා. මෙහිදී ඇතිවන රෝග ලක්ෂණ පිළිබඳව විමසා බලමු.

මෙම තත්ත්වයේදී එකිනෙකට වෙනස් රෝග ලක්ෂණ 3ක් ප්‍රධාන වෙනවා හෝ ඒ යටතට ගැනෙනවා. අධික නොසන්සුන් බව, මානසික ආතතිය සහ අප්‍රසන්න බවක් දැනිම ඒ රෝග ලක්ෂණයි.

මීට අමතරව මානසික වෙහෙසකර බව (stress) කාංසාව, චිකිතය, නින්ද නොයාම, හිසරදය, උණ ගතිය මානසික මට්ටම ඉහළ පහළ යාම, සවේදී බව යන ලක්ෂණයන් ද දකින්නට ලැබෙනවා. මෙම ලක්ෂණ මම මුලින් සඳහන් කළ පරිදි කාන්තාවගෙන් හෝ කාන්තාවට වාගේම ඔසප් චක්‍රයෙන් චක්‍රයට ද වෙනස් විය හැකි වෙනවා. කෙසේ වෙතත් මෙම රෝග තත්ත්වයෙන් පෙළෙන අයට මෙම රෝග ලක්ෂණ දැනෙන විට ඒ පිළිබඳව කලින්ම කිව හැකි තත්ත්වයක් තිබෙනවා. මෙම රෝග තත්ත්වය ඇති වීම සඳහා සමහර කාරණා අවදානම වැඩි කරනු ලබනවා. ඒ අතර කෝපි වැනි පානයන් බහුලව ගැනීම, මානසික පීඩනය සහිත ජීවිත, වයසට යාම, විෂාදය කලින් සෑදී ඇති අය, පවුලේ තවත් අයකුට මෙම රෝග තත්ත්වය පැවතීම, සමහර ආහාර වර්ග හා විටමින් අඩුකම වැනි දේ දකින්න ලැබෙනවා. මෙම රෝග තත්ත්වය ඇතිවන හේතුව හෝ ආකාරය පිළිබඳ හරිහැටි වැටහීමක් නැහැ. “ආරය” හෙවත් ජානමය වශයෙන් හේතුවන බලපෑමක් ඇති බව නම් වටහාගෙන තියෙනවා.

ඊට අමතරව, සමහර පරීක්ෂකයන් විශ්වාස කරන්නේ මොළයේ මධ්‍ය ස්නායු පද්ධතියට අදාළ රාසයනික ද්‍රව්‍ය, ස්ත්‍රී ලිංගික හෝර්මෝන සමඟ ක්‍රියාකර මෙම රෝග ලක්ෂණ ඇති කරන බවයි.

හෙරොයින් වැනි මත්ද්‍රව්‍ය භාවිතා කරන අය, එම මත්ද්‍රව්‍ය නොලැබෙන විට ඇතිවන අසහනකාරී බව (Withdrowal symptoms) සහ මෙහිදී ඇති වන රෝග ලක්ෂණවලට යම් සමාන බවක් ගන්නා නිසා. මොළයේ ඊට අදාළ Beta endorphin නම් වූ රසායනිකය අඩු වීම නිසාද සිදුවිය හැකි බැව් විශ්වාස කෙරෙනවා. කෙසේ වෙතත් මෙම රෝග තත්ත්වයට ඇති හේතුව තවමත් පර්යේෂණ මට්ටමේ ඇති එකක් බැව් සඳහන් කළ යුතු වෙනවා. මෙම රෝග තත්ත්වයට ප්‍රතිකාර කිරීම විවිධ ක්‍රම මඟින් සිදු කෙරෙනවා. නිරෝගිමත් ජීවිතයක් ගත කළ හැකි උපදෙස් මේ අතර ප්‍රධාන වෙනවා. කෝපි වැනි පානයන් අඩු කිරීම, සීනි භාවිතය අඩු කිරීම, ලුණු අධික ආහාරවලින් වැළකීම හෝ ලුණු අඩුවෙන් ගැනීම, කෙඳි සහිත ආහාර වැඩියෙන් ලබා ගැනීම සහ අවශ්‍ය විවේකය, නින්ද ආදිය ද වැදගත් වේ. කැල්සියම් හා විටමින් D අධික ආහාර මඟින් සමහරවිට සහනයක් ලැබෙනවා. ඖෂධ ප්‍රතිකාර ලෙස වෛද්‍යවරුන් SSRI නම් වූ කාණ්ඩයට අයත් පෙති වර්ගත්, විටමින් B 6 හා මැග්නීසියම් වැනි ඛනිජ වර්ග අයත් පෙති වර්ගත් භාවිතා කරනු ලබනවා.

මීට අමතරව වේදනා නාශක පෙති වර්ගත්, උපත් පාලන හෝර්මෝන පෙති වර්ගත් යොදා ගනු ලබනවා. කෙසේ වෙතත් මෙම රෝග තත්ත්වය වසර ගණනාවක් එක දිගට පැවතිය හැකි වුවත්, ජීවිතයේ මැද භාගයේදී ඔසප් වීම අභාවයට යන විට රෝග ලක්ෂණ ද පහව යනවා. එතෙක් රෝග ලක්ෂණය අනුව ඒ ඒ ප්‍රතිකාර ලබා ගැනීම මඟින් සතුටුදායක ප්‍රතිඵල අත් කරගත හැකි වෙනවා.