සිඟිත්තෙකුගේ මොළයේ සිදුරු සුපිරි මැලියම් යොදා වසා දැමූ අපුරු වෛද්‍ය හාස්කම

සිඟිත්තෙකුගේ මොළයේ සිදුරු සුපිරි මැලියම් යොදා වසා දැමූ අපුරු වෛද්‍ය හාස්කම

මාස 17 ක් වයසැති එල්ලා ග්‍රේස් හනිමන් නිතර ඇතිවන හිස කැක්කුමක් නිසා මහත් සේ වේදනාවට පත් වනු දුටු ඇයගේ දෙමාපියන් ඒ පිළිබඳව සිදු කළ වෛද්‍ය පරීක්ෂණයකින් හෙළි වූයේ ඇයගේ මොළයේ උපුලුවක් Aneurism ඇති වී තිබෙන බවයි. උපුලුවවක් යනු ධමනි අවශ්‍ය ප්‍රමාණයට වඩා ඉදිමී තිබීම එනම් රුධිරයෙන් පිරුණු බැලුනයක් ලෙසට ධමනිය පත්ව තිබීමයි. එල්ලා ග්‍රේස් ගේ තත්ත්වය පිළිබඳව වැඩිදුර පරීක්ෂා කිරීමෙන් දැනගත හැකි වූයේ මොළයේ පවතින ගේලන් (Vein of  Galen) නමැති ධමනියේ මෙවැනි උපුලුුවක් ඇති වී එම ධමනිය ප්‍රධාන ධමනියට සම්බන්ධ වන කේශ නාලිකාවල පවතින විකෘති භාවය නිසා ඇයගේ මොළයට කුඩා සිදුරුවලින් රුධිරය වහනය වීම සිදුවන බවයි.

එංගලන්තයේ කිසිදු රෝහලක මෙම අවදානම් ශල්‍යකර්මය සිදු කිරීමට නොහැකි වූ අතර ඒ සඳහා නිව්යෝක් නගරයේ රූස්වෙල්ට් රෝහලට ගෙන යනු ලැබූ අතර ඒ සඳහා ඩෝලර් 100000 ක් වැය කිරීමට සිදුවනු ඇති බව දැනගන්නට ලැබිණි.

මෙම වෛද්‍ය හාස්කම අතිශයින් සාර්ථක වූ අතර මෙහි සාර්ථකභාවය සනාථ කිරීම සඳහා එල්ලා ග්‍රේස්ට නිව්යෝක් නගරයේ රෝහලට ලබන වසරේ මුල් මාසයේ යාමට සිදුවනු ඇත.

දුරස්ථ පාලකයක් මඟින් ක්‍රියාත්මක වන බටයක් දරුවාගේ ඉකිලිය ප්‍රදේශයෙන් සිරුරට ඇතුළු කොට රුධිරය ගමන් කරන මාර්ගය ඔස්සේ මොළය දක්වා යැවීම

මාස 17 ක් වයසැති එල්ලා ග්‍රේස් හනිමන් නිතර ඇතිවන හිස කැක්කුමක් නිසා මහත් සේ වේදනාවට පත් වනු දුටු ඇයගේ දෙමාපියන් ඒ පිළිබඳව සිදු කළ වෛද්‍ය පරීක්ෂණයකින් හෙළි වූයේ ඇයගේ මොළයේ උපුලුවක් Aneurism ඇති වී තිබෙන බවයි.

උපුලුවවක් යනු ධමනි අවශ්‍ය ප්‍රමාණයට වඩා ඉදිමී තිබීම එනම් රුධිරයෙන් පිරුණු බැලුනයක් ලෙසට ධමනිය පත්ව තිබීමයි. එල්ලා ග්‍රේස් ගේ තත්ත්වය පිළිබඳව වැඩිදුර පරීක්ෂා කිරීමෙන් දැනගත හැකි වූයේ මොළයේ පවතින ගේලන් (Vein of  Galen) නමැති ධමනියේ මෙවැනි උපුලුුවක් ඇති වී එම ධමනිය ප්‍රධාන ධමනියට සම්බන්ධ වන කේශ නාලිකාවල පවතින විකෘති භාවය නිසා ඇයගේ මොළයට කුඩා සිදුරුවලින් රුධිරය වහනය වීම සිදුවන බවයි.

මෙම තත්ත්ව ලෝකයේ ඉතාම විරල වූ ව්‍යාධියක් බවත් දැනට ගේලන් ධමනියේ පවතින ආබාධ සහිත දරුවන් ලෝ පුරා 250 ක් වැනි සුළු ගණනක් සිටින බවත් දැක් වේ.

මොළයට ක්‍රමයෙන් රුධිරය වහනය වීම නිසා වැඩිකල් යාමට පෙර එල්ලා ග්‍රේස් දැරිය මරණයට පත් වනු ඇතැයි යන්න ප්‍රකාශ වීමත් සමඟ ඇය වහා ශල්‍යකර්මයකට භාජනය කළ යුතුව තිබිණ.

එංගලන්තයේ කිසිදු රෝහලක මෙම අවදානම් ශල්‍යකර්මය සිදු කිරීමට නොහැකි වූ අතර ඒ සඳහා නිව්යෝක් නගරයේ රූස්වෙල්ට් රෝහලට ගෙන යනු ලැබූ අතර ඒ සඳහා ඩෝලර් 100000 ක් වැය කිරීමට සිදුවනු ඇති බව දැනගන්නට ලැබිණි. එම ශල්‍යකර්මය බාරව සිටියේ අලෙක්ස් බෙලන්ස්ටයින් ශල්‍ය වෛද්‍යවරයායි.

ශල්‍යකර්මය අතිශයින් අවදානම් සහගත වූ අතර ඒ සඳහා පැය හතක පමණ කාලයක් ගත විය. මෙම ශල්‍යකර්මය සඳහා දුරස්ථ පාලකයන් පාලනය වන බටයක් උපයෝගී කරගනු ලැබූ අතර එම බටය දැරියගේ ඉකිලිය දෙසින් සිරුරේ පවතින රුධිරය සංසරණය වන මාර්ග ඔස්සේ ආමාශය, හෘදය වස්තුව පසු කරගෙන මොළය දක්වා යවනු ලැබීය. ඉන්පසුව, එම බටය තුළින් කාබනික සුපිරි මැලියම් විශේෂයක් යවා මොළයේ රුධිරය වහනය වන කුඩා සිදුරු වසා දැමීම සිදු කරන ලදී. ඒ අනුව රුධිරය වහනය වීම සම්පූර්ණයෙන්ම වසා දමන ලදී.

මෙම වෛද්‍ය හාස්කම අතිශයින් සාර්ථක වූ අතර මෙහි සාර්ථකභාවය සනාථ කිරීම සඳහා එල්ලා ග්‍රේස්ට නිව්යෝක් නගරයේ රෝහලට ලබන වසරේ මුල් මාසයේ යාමට සිදුවනු ඇත.

දැනට එල්ලා ග්‍රේස් දැරියට කිසිදු ආබාධයක් නැතිව හොඳ සෞඛ්‍යයෙන් යුතුව අනාගතයට සාර්ථක ලෙස මුහුණ දීමට හැකිවන ලෙස මෙම වෛද්‍ය හාස්කම සිදු කරනු ලැබූ බව දැක්වේ.