ශ්‍රවණ ආධාරක විවිධත්වයෙන් යුක්තයි

ශ්‍රවණ ආධාරක විවිධත්වයෙන් යුක්තයි

අධ්‍යක්ෂ, වික්‍රමාරච්චි ශ්‍රවණ සහ කථන පුහුණු ආයාතනය

මිහිර වික්‍රමාරච්චි

හාල්, මුණසිංහ, සිසිර එකම කාර්යාලයක සේවයේ නියුතු වැදගත් නිළතල දරණ මහත්වරු. කාර්යාලයේ වැඩ කරනවා වගේම නිවාඩුවක් ලැබුණු දිනවල ඔවුන් තිදෙනා වෙනත් ගමන් බිමන් පවා ගියේ එකට. දවසක් මුණසිංහ මහත්තයාගේ කාර් එකෙන් නිහාල් එකක් සිසිරත් එකතුවෙලා කුරුණෑගල පොල් ඉඩමක් බලන්න ගියා. ඒ ගමනට ප්‍රධානම හේතුව වුණෙ ඉඩම බලන එක වුණත් විනෝද වෙන්න අවශ්‍ය දේවල් නම් මේ ගමනේදී ඔවුන්ට අතපසු වුණේ නම් නැහැ. ගමන යන අතරතුර ඔවුන් තිදෙනා බර කතා බහකට වැටුණා මුණසිංහ රියදුරු අසුනේ ද නිහාල් ඉදිරිපස අනෙක් පැත්තේ ද අසුන් ගත්තා. පසුපස අසුන හිමිවුණේ සිසිරට. කෙසේ වෙතත් මොවුන්ගේ මේ කතාබහේදී ඉදිරිපස අසුනේ සිටින නිහාල්ට සිසිර කියන දේ තේරුම් ගන්න තරමක් අපහසු වුණු නිසා ඔවුන්ගේ කථාබහට වරින්වර බාධා එල්ල වුණා. නිහාල්ට සිසිර කියූ දේ අවබෝධ වුණේ නැත්තේ කුමන ගැටලුවක් නිසාද? එය ඔහුගේ ශ්‍රවණය සම්බන්ධ ගැටලුවක් විය හැකිද?

නිශ්‍රවණ දුර්වලතා පිළිබඳ කතාබහ කරන විට සමාජයේ බොහෝ පිරිසක් සුළු ශබ්ද නොඇසීමේ ශ්‍රවණ ආබාධවලින් පෙළෙයි. මෙම ආබාධ ඇති අය කොටස් කර බැලීමේදී දැඩිලෙස ශ්‍රවණ ඌනතාවලින් පෙළෙන අයට වඩා සුළු වශයෙන් ශ්‍රවණය ආශි‍්‍රත ගැටලු තිබෙන පිරිස සමාජයේ සුලබව දැකගත හැකි වේ. නමුත් එම සුළු ශ්‍රවණ දුර්වලතා තිබෙන අය ඒ බව පිළිගැනීමට එතරම් කැමැත්තක් නොදක්වයි.

ඒ වගේම තවත් සමහර පිරිසක් තමන්ට ඇසෙන ශබ්ද ඉතා අසහනකාරී බවින් යුතු නිසා විවිධ අපහසුතා සඳහා මුහුණ දෙයි. එවැනි විටෙක ශ්‍රවණ පරීක්ෂණයක් මඟින් අදාළ තැනැත්තාට පවතින ශ්‍රවණ දෝෂ පිළිබඳව හඳුනාගනු ලැබේ. කෙසේ වෙතත් ඉහත ගැටලුවට මුල් වූ හේතුව පිළිබඳ විමසා බලනවිට පෙනීයන්නේ යම් ශ්‍රවණ දුර්වලතාවක් නිසා ඔවුන් අතර සංවාදයට බාධා ඇති වී ඇති බවකි.

මෙවැනි දුර්වලතා සඳහා නවීන තාක්ෂණය මඟින් නිපදවා ඇති ශ්‍රවණ ආධාරක විිවිධ පුද්ගලයාගේ දුර්වලතා සඳහා විිවිධ ආකාරයේ නිපදවා තිබේ. එම ශ්‍රවණ ආධාරක නිපදවීමේ නවීන තාක්ෂණය විවිධ පැතිකඩ ඔස්සේ වර්ධනය වී ඇත. ශබ්ද රාශියක් තිබෙන පරිසරයෙන් අපට අවශ්‍ය දිශාවට අනුව අවශ්‍ය ශබ්ද තෝරා බේරා ගත හැකි වන ආකාරයට නිපදවා ඇති නවතම ශ්‍රවණ ආධාරක මේ තාක්ෂණයේ නවතම පෙරළියක්.

ඇතැම් මිල අධික ශ්‍රවණ ආධාරක අදාළ පුද්ගලයාගේ අවශ්‍යතාව අනුව වැඩසටහන් ගත කර නොමැති නම් ඉන් ඇතිවන ප්‍රයෝජන ඉතා අල්පය. ඒ නිසා තමාගේ ශ්‍රවණයේ යම් ගැටලුවක් ඇති වූ වහාම ඊට වඩාත් සුදුසු උපදේශන සේවා වෙත නොයනවා නම් මුදල් වියදම් වනවා පමණක් නොව රෝග තත්ත්වය ද තව තවත් උත්සන්න විය හැකියි.

ඒ වගේම ඔබ මේ වනවිටත් ශ්‍රවණ ආධාරකයක් පළඳිනවා නම් හා එමඟින් ද හරි ආකාරව නො ඇසේ නම් ශ්‍රවණ චිකිත්සකවරයා වෙතට ගොස් තමාගේ දුර්වලතා මඟහරවා ගැනීමට හැකි වන අයුරින් ඒවා සැකසිය යුතුය. නමුත් ශ්‍රවණ චිකිත්සකයා වෙතට යාමට පෙර තමාට නොඇසෙන ශබ්ද හා ශ්‍රවණ ආධාරකය සම්බන්ධව ඇතිවිය හැකි ගැටලු සටහන් තබාගෙන ශ්‍රවණ චිකිත්සක වෙත යාම වඩා වැදගත්.