නියමිත රාජකාරිය නියමිත වේලාවට කිරීම ආතතිය කළමනාකරණයට කදිම පියවරක්

නියමිත රාජකාරිය නියමිත වේලාවට කිරීම ආතතිය කළමනාකරණයට කදිම පියවරක්

ව්‍යවහාරික මනෝවිද්‍යාඥ

නිමල් ලියනගේ

පරිසරය ස්වයං මානසික කළමනාකරණයට යොදා ගත හැකි තවත් ක්‍රමවේදයකි. නිදහස්, සන්සුන්, ක්‍රමවත්, සංවිධානාත්මක පරිසර වලට ගොස් දවස ගත කිරීම ඉතාම යෝග්‍ය ක්‍රමයකි. තම නිවසේ වටපිටාව, නිවස අභ්‍යන්තර පිරිසිදුව තබා ගැනීම ක්‍රමවත්ව තබා ගැනීම මෙයට යොදාගත හැකිය. මුහුදු , වෙරළ, කැලෑබද පරිසර, ආගමික සිද්ධස්ථාන, කුඩා දරුවන් සෙල්ලම් කරන ස්ථාන, වැනි පරිසරවලට ගොස් පරිසරය නැරඹීම තුළින් මනස සන්සුන් කර ගත හැකිය.

අතීතයේදී එතරම් කතාබහට අවධානයට ලක් නොවුණද මානසික රෝග පිළිබඳව දැන් සුලබවම කතා බහට ලක්වේ. මේ නිසාම බොහෝවිට පුද්ගලයන් සතුව පවතින මානසික අසහනය වැනි තත්ත්වයක් පාලනය කිරීමට හැකි වෙනවා පමණක් නොව පවුල් අවුලෙන් වියවුලට පත්වීමද මඟ හරවා ගැනීමට හැකියාවක් ලැබේ. එපමණක් නොව පුද්ගලයන් අතර සම්බන්ධතා ගොඩනඟා ගන්නවා වගේම ඒවා පවත්වාගෙන යන ආකාරයෙන් ඉතාම වැදගත්. එපමණක් නොව තමාගේ චරිතයද අන් අයට සාපේක්ෂව විවිධාකාරයේ වෙනස්වීම් දක්වනවා නම් ඒවා වෙනස් කර ගැනීමට තමාටම හැකියාවක් තිබිය යුතුයි. එසේ නොවුණහොත් වෛද්‍ය සහාය පවා ඊට ලබා ගැනීමට අනිවාර්යෙන්ම සිදු කළ යුතුයි.

කෙසේ වෙතත් පසුගිය සතියේදී අපි කතා බහට ලක් කළේ මානසික ආතතිය සහ එය කළමනාකරණය කරගන්නේ කෙසේද යන්න පිළිබඳවයි. මේ සඳහා ඔබටම සරලව කරගත හැකි පිළියම් බොහෝමයක් පිළිබඳ කතා බහට ලක් කළත් එහිදී අත පසුවූ යම් කරුණක් හෝ වේ නම් මේ ඒ පිළිබඳවයි.

මානසික ආතති කළමනාකරණය සඳහා තවදුරටත් ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද?

තමන්ට නියමිත රාජකාරිය හෝ වැඩ කොටස නියමිත වේලාවට ඉටු කරමින් වැඩ පැහැර නොහැරීම ආතති කළමනාකරණයේ කදිම පියවරකි. මෙහිදී අන් අයගේ විවේචනයන්ට ලක්වීම තුළින් තම මානසික තත්ත්වය නිසි අයුරින් පවත්වාගෙන යාමට හැකියි. ඒ වගේම තමාට ඇතිවන ලෙඩ රෝග අපහසුතා පිළිබඳව නිවැරදි අවබෝධය දැනුම ලබා ගැනීමට සහ ඒ සඳහා වූ ප්‍රතිකාර ක්‍රම නියමිත අන්දමින් ලබා ගැනීම තවත් එක් ක්‍රමවේදයකි. මීට අමතරව තමන්ට සිදු වූ විවිධාකාර අපහසුතා, ව්‍යසන, පරාජයන්, දුක පිළිබඳව දිගින් දිගටම සිතීම මානසික ආතතියට හේතුවන කරුණක් නිසා ඒ පිළිබඳව ක්‍රියා නොකිරීම ඒ තත්ත්වය කළමණාකරණාත්වය යොදා ගත හැකි ඉතා හොඳ ක්‍රම වේදයකි. බොහෝ අය තමාට මුහුණ දීමට සිදුවූු රෝග පීඩාවන් ව්‍යසන ආදිය පිළිබඳව නිතර නිතර සිතීම පුරුද්දක් වශයෙන් සිදු කරයි. මෙවැනි හේතු මානසික ආතති කළමනාකරණයට බාධාවක් වනු ඇත. කෙසේ වෙතත් මෙම රෝගී තත්ත්වයෙන් මිදී ක්‍රමයෙන් සුවයක් ලබන විටදී තමන් ලද සුවය ගැන සිතීම ඉතාම වැදගත්ය.

එහිදී රෝග ඇතිවූ දිනයේ තත්ත්වය සමඟ සංසන්දනය කරමින් සතුටුවී, ඒ ගැන හිතීම මෙම කළමනාකරණයට ඉතාම වැදගත් දෙයකි. (මෙය ඉතාම ක්‍රමවත්ව හා සංවිධානාත්මකව මානසික ආතතිය කළමනාකරණය සඳහා යොදා ගන්නා මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර ක්‍රමවලදී යොදා ගනී.)

පරිසරය ස්වයං මානසික කළමනාකරණයට යොදා ගත හැකි තවත් ක්‍රමවේදයකි. නිදහස්, සන්සුන්, ක්‍රමවත්, සංවිධානාත්මක පරිසර වලට ගොස් දවස ගත කිරීම ඉතාම යෝග්‍ය ක්‍රමයකි. තම නිවසේ වටපිටාව, නිවස අභ්‍යන්තර පිරිසිදුව තබා ගැනීම ක්‍රමවත්ව තබා ගැනීම මෙයට යොදාගත හැකිය. මුහුදු , වෙරළ, කැලෑබද පරිසර, ආගමික සිද්ධස්ථාන, කුඩා දරුවන් සෙල්ලම් කරන ස්ථාන, වැනි පරිසරවලට ගොස් පරිසරය නැරඹීම තුළින් මනස සංසුන් කර ගත හැකිය. එහිදී කළ යුතු විශේෂිත ක්‍රම ඇත.

එසේම තම හිතට ඇතුළුවන ගැටලු, දුක, අපහසුතා තමන්ට ඉතාම හිතවත් විශ්වාසවන්ත අයකුට ප්‍රකාශ කර ඒ අය සමඟ ඒ පිළිබඳව සාකච්ඡා කිරීමද තවත් ක්‍රමවේදයකි. මෙහිදී සුදුසුම අය තෝරාගත යුතුයි. නොමැතිනම් වෙනත් කරදර අපහසුතා පසුවට ඇතිවිය හැකියි.

තමන්ගේ අපහසුතාවය ලිවීම, සටහන් කිරීම තවත් ක්‍රමයක් ලෙසට යම් අය යොදා ගන්නා අවස්ථාද ඇත.

මේ අන්දමින් තමන්ට ස්වයං ආකාරයට යම් ප්‍රමාණයකින් මානසික ආතතිය කළමනාකරණයකර ගනිමින් ජීවිතය ගත කර ගත හැකිය. ඒ් තුළින් නිරෝගි දිවියක් ගත කළ හැකිය.

මීට ප්‍රතිකාර මොනවාද?

මානසික ආතතිය කළමනාකරණයේදී මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර ක්‍රමයක් වන්නේ පුද්ගලයා රෝග විනිශ්චයට ඉතාම වැදගත්ය. පුද්ගලයකුගේ මානසික තත්ත්වය, ශාරීරිකි රෝගි තත්ත්වය, වයස, අධ්‍යාපනික මට්ටම, රැකියා තත්ත්වය, හැකියාවන්, අවභෝදය, පවුල් පසුබිම, පුද්ගලික ජීවන රටා ආදී තවත් වැදගත් කරුණු රාශියක් වේ. තවද ඒ අයටග් අතීත සෞඛ්‍යයමය ජීවිතය, මානසික තත්ත්වය අත්දැකීම්, පලපුරුද්ද, ආදී කරුණු ගැනද දැඩි සැලකීමක් දැක්විය යුතුව ඇත.

තමන්ට ඇතිවන මානසික ආතති තත්ත්වයන් ස්වයංව කළමනාකරණයට හැකියාවක් නොමැති වුවහොත් නියමිත සුදුසුකම් හා පලපුරුද්ද සහිත මනෝ විද්‍යාඥයින් හෝ ඒ ආශි‍්‍රත සේවා කරන වෘත්තිය වේදින්ගෙන් ප්‍රතිකාර ලබා ගත යුතුය.