මං ටික ටික වයසට යනවා පෙනීම - ඇසීම - රස දැනීම - ගඳ සුවඳ දැනීම අඩුවෙලා

මං ටික ටික වයසට යනවා පෙනීම - ඇසීම - රස දැනීම - ගඳ සුවඳ දැනීම අඩුවෙලා

සංවේද ප්‍රශ්නයක්?

අප ලෝකය දකින්නේ සංවේදී ඉන්ද්‍රියගෙන් මඟින් බව කිවහොත් ඔබට එය පිළිගැනීමට සිදුවේවි. පෙනීම, ඇසීම, ගන්ධය දැනීම, රස දැනීම මෙන්ම ස්පර්ශය ද අපව ලෝකයට විවෘත කරන දොරටුය. මෙම පංච සංවේදයන් අප වෙත ගෙන එන ඉන්ද්‍රිය පහකි. පංච සංවේද ඉන්ද්‍රියයන් ලෙස හැඳින්වෙන්නේ ඒවාය. ඇස්, කන. නාසය. දිව හා සම වශයෙන් මේ පංචසංවේදී ඉන්ද්‍රි‍්‍රයන් නම් ලබයි. මෙම ඉන්ද්‍රි‍්‍රයන් කාර්යය නතර කළ හොත් එය අපට ඇතිකරන පීඩනය අති විශාලය. මෙම සංවේද ඉන්ද්‍රියන් ඉහළම ක්‍රියාකාරිත්වයෙන් රැකගැනීමට අප කොතරම් උත්සාහ කළ ද විවිධ හේතුන් නිසා එම උත්සාහ බිඳ වැටෙන බව අප දනිමු. වයසට යාම ඉන් ප්‍රධාන හේතුවයි. පෝෂණය අඩුවීම මෙන්ම පරිසර දුෂණය ද මේ සඳහා දායකවන අනෙකුත් හේතුන් අතර වෙයි.

ඉතා තද රස්නය ඇති ජලයෙන් ඇඟ සේදීමෙන් වළකින්න.

නිතර දෙපා පරීක්ෂා කරගන්න. ඇගිලිකරු අතර තුවාල, යටි පතුලේ ගල් තැළුම් හා සැරව බිබිලි ඇත්නම් වෛද්‍ය උපදෙස් ගන්න. දියවැඩියාව සහිත සහ දියවැඩියා අවදානම ඇති අයට මෙය විශේෂය.

දිව

වයසට යාමත් සමඟ කෙරෙන එක් ප්‍රධාන චෝදනාවක් වන්නේ ආහාර රස නොදැනෙන බවය. මේ නිසා ආහාරයට එකතුකරන කුළුබඩු හා ස්වභාවික රසකාරක ප්‍රමාණය වැඩි කිරීම මඟින් දිවට පි‍්‍රය හා සැර ගුණයක් එක්කරගත හැකිය. කුරුඳු ගොරකා මේ සඳහා සුදුසුය.

ඇස්පෙනීම

වයස වැඩිවත්ම ඇස් පෙනීම දුර්වල වෙයි. කියවීම ඇතුළු ඇසෙන් කරන කාර්යයන්ට හානි වන එය අප කාටත් පොදු ධර්මතාවයකි. හතළිස් ඇඳිරිය ලෙස හැඳින්වෙන්නේ ඇසේ ලෙන්සයට (කාචයට) තමන් දකින රූපයක ඡායාව නිසි ලෙස නාභිගත කළ නොහැකි වූ විමය. අක්ෂි වෛද්‍යවරයකු හමු වී සුදුසු උපැස් යුගලයක් පැළදීම මෙයට ප්‍රතිකර්මයයි.

ඇසේ කාචයේ ඇති පාරදෘශ්‍ය බව පාරාස්ධ වීම නිසා ඇතිවන තිමිරය නොහොත් ඇසේ සුද ඇතිවීමද වයසට යාම සහ දියවැඩියාව වැනි රෝග වල ප්‍රතිඵලයකි. මේවාට බාහිරින් ප්‍රතිකාර කළ නොහැකිය. එය කෘත්‍රීම කාචයක් බද්ධ කිරීමට මඟින් විසදා ගත හැකිය.

වයසට යාම නිසා ඇතිවන පෙනීමේ ගැටලුවලින් සහනය ලැබීමට ඔබට ගත හැකි තවත් පියවර කිහිපයකි.

* බිත්තිවල ආලේපිත තීන්ත වලට වඩා තද පැහැයක් දොරවල් වටේ බිත්තවල ආලේප කිරීම මඟින් පෙනුම අඩු අයට විවෘතව තිබෙන නමුත් පැහැදිලිව දැකිය හැකිවෙයි.

* තද පැහැ මේස රෙද්දක් කෑම මේසය මතට එලා ඔබ භාවිතා කරන පිඟන්බඩු ලා පැහැයෙන් යුක්ත ඒවා බවට වග බලාගන්න.

* නිවෙස තුළ පඩි පෙළ, වැසිකිලියට මාර්ගය හොඳින් ආලෝකමත් කරන්න.

කන

ඇසේ පෙනීම අඩුවීමේ කරදරයන් සමඟම කන් ඇසීමේ ගැටලුවද මතුවිය හැකිය. වෛද්‍යවරයකු හමු වී කන් ඇතුළත පරීක්ෂාකරවා ගන්න. යම් ලෙසකින් කන තුළ කලාදුරු හිර වී ඇත්තම් ඒවා ඉවත් කිරීම මඟින් කනට උදව් කළ හැකිය.

ශාලාවක ඉඳගන්නාවිට කලබලකාරී හා ඝෝෂාකාරී තැනක ඉඳගන්නවා වෙනුවට නිහඬ කෙළවරක් තෝරාගන්න. ආපනශාලාවක ආහාර ගැනීමට කණ්ඩායමක් සමඟ ගිය විට පවා මෙසේ නිහඬ ස්ථානයක වාඩිවීම නිසා කණ්ඩායමේ අනෙක් අය කතා කරන හඬ ඔබට හොඳින් ඇසෙනු ඇත.

කන් ඇසීම ගොඩක්ම දුර්වල වයසක අයට වෛද්‍ය උපදෙස් ලබා සුදුසු ශ්‍රවණාධාරයක් පැලදීම මඟින් යහපත් ආකාරයෙන් සංනිවේදනයේ යෙදිය හැකිය.

දිව

වයසට යාමත් සමඟ කෙරෙන එක් ප්‍රධාන චෝදනාවක් වන්නේ ආහාර රස නොදැනෙන බවය. මේ නිසා ආහාරයට එකතුකරන කුළුබඩු හා ස්වභාවික රසකාරක ප්‍රමාණය වැඩි කිරීම මඟින් දිවට පි‍්‍රය හා සැර ගුණයක් එක්කරගත හැකිය. කුරුඳු ගොරකා මේ සඳහා සුදුසුය.

ආහාර රසය හොඳින් දැනීමට නොහැකි තවත් පියවරක් ලෙස බත්පිඬ එකවර ගිල නොදමා මුඛය තුළ වැඩි වේලාවක් තබාගෙන හොඳින් විකන්න. ඒවිට ආහාර රසනහර සමඟ වැඩි වේලාවක් ගැටෙන අතර ආහාර රසය ද ඉහළ දමයි.

නාසය

ගන්ධයක් දැනීම ඉහළ දැමීමට නම් ඔබ වෙසෙන කාමරයට නිවෙසට හොඳින් වාතාශ්‍රය ලැබීමට සලස්වන්න.

නිවෙස තුළ විවිධ රසායනික (සුවඳකාරක, කෘමිනාශක ආදී) යෙදීම හැකි පමණ අඩු කරන්න.

සම

ඉතා තද රසනයට ඇති ජලයෙන් ඇඟ සේදීමෙන් වළකින්න.

නිතර දෙපා පරීක්ෂා කරගන්න. ඇගිලිකරු අතර තුවාල, යටි පතුලේ ගල් තැළුම් හා සැරව බිබිලි ඇත්නම් වෛද්‍ය උපදෙස් ගන්න. දියවැඩියාව සහිත සහ දියවැඩියා අවදානම ඇති අයට මෙය විශේෂය.

දුම්පානයෙන් වළකින්න

සංවේද ඉන්ද්‍රිය පහටම එකසේ හානිකර පොදු සාධයක් ඇත්තම් එය දුම්පානයයි. යහපත් සෞඛ්‍යයක් සහ මනා සංවේදී පද්ධතියක් අවශ්‍ය නම් ඔබ කළ යුත්තේ දුම්පානයෙන් තොරවීමය.