ගං වතුරත් සමඟ යළි හිස ඔසවන මී උණ ගැන අවධානයෙන් ඉන්න

ගං වතුරත් සමඟ යළි හිස ඔසවන මී උණ ගැන අවධානයෙන් ඉන්න

මෙම රෝග කාරක විෂබීජය ශරීරයට ඇතුල් වන්නේ රෝගය වැළඳුණු සතෙකුගේ මුත්‍රා මඟිනි. මෙම තත්ත්වය උදාහරණයක් ලෙසින් මීයා වැනි සතෙකු ආශ්‍රයෙන් වඩාත් සරලව පැහැදිලි කළ හැකියි. ඒ අනුව මීයන්ගේ මුත්‍රාත් සමඟ මිශ්‍රවූ වැසි ජලය හෝ ගොවිතැන් ආශි‍්‍රතව ඇති වැව් සහ කුඹුරු වල පවතින ජලය මඟින් රෝග කාරක බැක්ටීරියා පැතිරී යා හැකියි.

ඇතැම් වසංගත රෝග කාලයෙන් කාලයට අලුත් වනවා පමණක් නොව ඒ නිසා පුද්ගලයන් මරණයට පත්වන්නේ ඉතාමත් කණගාටුදායක අන්දමින්. මීට අමතරව මෙම රෝගය සුලබව ව්‍යාප්ත වීමට බලපාන එක් ප්‍රබල හේතුවක් ලෙස පිළිගැනෙන්නේ වර්ෂාවයි. ඒ වගේම මේ ආකාරයට ව්‍යාප්ත වන රෝග සඳහා නිසි ප්‍රතිකාරයක් නොලැබුණහොත් ඇතැම්විට මාරාන්තික මට්ටම දක්වා රෝග තත්ත්වය උත්සන්න විය හැකියිි. එසේ කලින් කලට මෙවන් රෝග හිස ඔසවනවා සේම ඒ නිසා මිය යන සංඛ්‍යාවද දිනෙන් දින ඉහළ යයි. ඒ නිසාවෙන් එවැනි එක් රෝගයක් වන “මී උණ පිළිබඳව මෙම ලිපිය මඟින් ඔබගේ අවධානය යොමු කරවීමට සිතුවේ, මෑතදී නැවතත් මී උණ හිස ඔසවන ආරංචි ලැබීමත් සමඟයි. ඒ නිසා මෙමඟින් ඔබ එම රෝගයෙන් වැළකී සිටීමට තරම් දැනුමක් ලබා ගනු ඇතැයි අපගේ එකම බලාපොරොත්තුවයි.

මී උණ යනු

මී උණ වෛද්‍ය විද්‍යානුකූලව ඹ්ඥනබධඵනඪපධඵඪඵ යන නමින් හැඳින්වේ. මේ රෝගයට සෑදීමට හේතුවන ලෙප්ටෝස්පයිරා ( ඹ්ඥනබධඵනඪපච) නැමැති බැක්ටීරියාව නිසා මේ රෝගය ඉහත ආකාරයෙන් හඳුන්වනු ලබයි. තවද මෙම රෝග කාරක බැක්ටීරියාව තරමක් වෙනස් ආකාරයෙන් පුද්ගලයාට හානි කරවයි. ඊට හේතුව සතුන් මඟින් මෙය මිනිසාගේ ශරීරය තුළට ඇතුල් වී හානි පැමිණවීම නිසයි. මීයන් මෙහි රෝග වාහකයන් බව බහුලව පිළිගැනීමක් පවතින නිසා ලංකාවේ මෙම රෝග තත්ත්වය මී උණ ලෙසින් හැඳින්වුවද බල්ලන්, මුවන්, සාවුන්, එළහරකුන් හා වෙනත් වල් සතුන් මඟින් ද පැතිරී යා හැකියි.

රෝග ව්‍යාප්තිය සහ මිනිසාට වැළඳෙන ආකාරය

මෙම රෝග කාරක විෂබීජය ශරීරයට ඇතුල් වන්නේ රෝගය වැළඳුණු සතෙකුගේ මුත්‍රා මඟිනි. මෙම තත්ත්වය උදාහරණයක් ලෙසින් මීයා වැනි සතෙකු ආශ්‍රයෙන් වඩාත් සරලව පැහැදිලි කළ හැකියි. ඒ අනුව මීයන්ගේ මුත්‍රාත් සමඟ මිශ්‍රවූ වැසි ජලය හෝ ගොවිතැන් ආශි‍්‍රතව ඇති වැව් සහ කුඹුරු වල පවතින ජලය මඟින් රෝග කාරක බැක්ටීරියා පැතිරී යා හැකියි. යම් ආකාරයකින් මේ ජලය මිනිසාගේ තුවාලයක් සහිත ස්ථානයක එසේත් නැත්නම් ජලය ස්නානය කිරීමේදී ඇසේ සුදු ඉංගිරියාව වටා ඇති සියුම් පටල මත ස්පර්ශ වීමෙන් මෙන්ම මුඛය තුළ පවතින සියුම් ස්ථානයක ගෑවීමෙන්ද බැක්ටීරියාව පහසුවෙන් ශරීර ගත වේ. මීට අමතරව මී මුත්‍රා මඟින් අපිරිසුදු වූ තණ බිමක හෝ පොළොව මත බල්ලෙකු වැනි සතෙකු ලෙවකෑමක් සිදු කළ විටදී මූලික වශයෙන් බල්ලාට රෝගය වැළඳෙන අතර බල්ලාගේ මුත්‍රා මඟින් මිනිසාට වැළදේ.

“මී උණ” රෝග කාරක බැක්ටීරියාව

බහුලව පවතින ස්ථාන

 මඩ වතුර පිරි වලවල්

 කුඹුරුවල ජලය එකතුවන ස්ථාන

 කානු සහ කානු ජලය

 හරක් වැනි සතුන්ගේ ගොවිපොළ වල සතුන් ළඟින මඩ හෝ ජලය පිරි කොටස්

 ඇතැම් වන සතුන් නිතර ගැවසෙන හෝ යන එන මනුෂ්‍ය වාසස්ථාන

රෝගය ශරීරයට ඇතුළත් වූ පසු ඇතිවන රෝග ලක්ෂණ

මී උණ විෂබීජය ශරීරයට ඇතුල් වූ පසුව රෝගය සෑදීමට දින 04ත් 14ත් අතර කාලයක් ගත කරයි. මෙහිදී ඇතිවන රෝග ලක්ෂණ ප්‍රධාන කොටස් දෙකකට වර්ග වේ. මින් පළමු කොටසට අයත් කාලය තුළදී මස් පිඬු වේදනාව, තද හිසරදය, උණ, ශරීරයට දැනෙන සීතල ආදී ලක්ෂණ දැකගත හැකිවේ. මෙම රෝග ලක්ෂණ පහළ වීමෙන් පසුව රෝග ලක්ෂණ ක්‍රමයෙන් අඩුවී ව්‍යාජ සුවයක් ශරීරයට ඇතිවේ.

මින් දෙවන කොටසේදී එසේත් නැත්නම් දෙවන කාලයේදී ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට මෙමඟින් දැඩි බලපෑම් ඇති කරයි. ඒ අතර මොළය අවට ප්‍රදේශයට ඇතිවන හානිය (මෙනින්ජයිටීස්), අක්මා බද්ධය , වකුගඩු ආබාධ හා හෘදයට සිදුවන බලපෑම හඳුන්වා දිය හැකියි. මෙවන් අවස්ථාවක රෝගියා ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වන නිසා මාරාන්තික රෝගයක් වශයෙන් හඳුන්වනු ලැබේ. මෙසේ විවිධ ආකාරය් රෝග ලක්ෂණ විවිධ අවස්ථාවලදී පෙන්නුම් කිරීම නිසා මුල් අවස්ථාවේදී වෛද්‍යවරුන්ට පවා රෝගය හඳුනා ගැනීම අපහසු වේ.

මී උණ තිබෙන බව දැකගත හැකි පොදු රෝග ලක්ෂණ

තද උණ, තද හිසරදය, උණ සමඟ ශීතල දැනීම, තද බල මස්පිඬු වේදනාව, වමනය, ඔක්කාරය, ඇස් කහපාට වීම ( ඇතැම්විට බොරපාට හෝ රතුපාටද විය හැකියි), බඩේ කැක්කුම, පාචන තත්ත්වය, සම මත ආසාදන (පචඵඩ) ඇතිවීම, හා සෙම නරක්වූ නියුමෝනියාව වැනි තත්ත්වයන් ඇතිවීම ආදිය පිළිබඳ අවධානයෙන් සිටිය යුතුයි.

මේ සඳහා යොදා ගතහැකි ප්‍රතිකාර

මීට ප්‍රතිකාර කරනු ලබන්නේ විෂබීජ මර්ධනය කිරීමටත්, අබලන්වූ ශරීර ඉන්ද්‍රියයන් යථා තත්ත්වයට පත් කිරීමටත්ය. ඒ වගේම රෝගයේ මාරාන්තික බව පිළිබඳ සිතා බැලීමේදී වැළඳීමට පෙර රෝගය වළක්වා ගැනීම වඩා බුද්ධිමත්ම ක්‍රියා මාර්ගයකි.

වැළැක්වීමට ගතහැකි ක්‍රියාමාර්ග

මී උණ විෂබීජය එක්රැස්වන ජලය පිරුණු ස්ථාන හා සම්බන්ධ වීමේදී සැලකිලිමත් වීම මූලික වශයෙන් මෙහිදී සිදුකළ යුත්තකි. විශේෂයෙන් සමෙහි තුවාල ඇති විට හා වර්ෂා කාලවලදී මේ පිළිබඳ අවධානයක් යොමුකර ප්‍රවේශම් වීමත් ඉතාම වැදගත්.

නමුත් රැකියාව නිසා මෙවන් ස්ථාන සමඟ නිතර ගැටීමට ලක්වන ගොවි මහතුන්, ගොවිපොළවල ජීවත්වන ජනතාවට මෙහිදී දැඩි බලපෑමක් සිදුවන අතර ඒ සඳහා ච්ධයරජරජතඪදඥ නම් ඖෂධය 200ථඨ ප්‍රමාණයක් සතියකට වරක් ලබා දෙනු ලබයි. එමෙන්ම මෙම ඖෂධ ලබා ගැනීම පිළිබඳ වැඩිදුර තොරතුරු සහාය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී (ර්ර්‍ණඩ්) කාර්යාල හා ක්ෂේත්‍ර ගොවිජන සේවා නිලධාරීන් මඟින් ලබාගත හැකි බවද විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණකි.

සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවති දේශනයක් ඇසුරිනි