X'mas Shopping යන ඔබටයි

X'mas Shopping යන ඔබටයි

දැන් පැමිණ ඇත්තේ ඔබේත්, මගේත් දෑස්වලට විවේකයක් නොදෙන සමයයි. දෑසටත්, සවනටත් විවේකයක් නොදෙන මේ කාලයේ ඔබ වඩාත් ප්‍රවේසම් විය යුතුය. බුද්ධිමත් විය යුතුමය.

දැන්වීම් අපව මුළා කරයි

අවශ්‍යම නැති දෙය, නැතිවම බැරි දෙයක් ලෙස හුවා දක්වන කලාව නම්, දැන්වීම් කලාවයි. සතුට පතා අවශ්‍ය දෙයකැයි සිතා මිලදී ගත් බොහෝ දේ මඟින් අහිමි වී යන්නේ ද සතුටමය.

යමක් දුටු පමණින් නොගන්න

සේල් එකක් ගැන ඇසූ පමණින් බොහෝ දෙනෙකුට අන් සියල්ල මොහොතකට අමතක වේ.

එහෙත් ඔබ සේල් එකට යන්නට පෙර සිතන්නට අවශ්‍යම කරුණු කීපයක් බලමු.

මට මෙය අවශ්‍ය බව දැන් හැඟෙන බව සැබෑය. නමුත් මෙය මට මිලදී ගත් පසු නඩත්තු කිරීමේ හැකියාවක් තිබෙනවාද? ඊට දැරිය යුතු වියදම් සඳහා ප්‍රමාණවත් මුදල් මා සතුද? ආදිය පිළිබඳ මොහොතකට සිතන්න

යමක් දුටු පමණින් නොගන්න

සේල් එකක් ගැන ඇසූ පමණින් බොහෝ දෙනෙකුට අන් සියල්ල මොහොතකට අමතක වේ.

එහෙත් ඔබ සේල් එකට යන්නට පෙර සිතන්නට අවශ්‍යම කරුණු කීපයක් බලමු.

මට මෙය අවශ්‍ය බව දැන් හැඟෙන බව සැබෑය. නමුත් මෙය මට මිලදී ගත් පසු නඩත්තු කිරීමේ හැකියාවක් තිබෙනවාද? ඊට දැරිය යුතු වියදම් සඳහා ප්‍රමාණවත් මුදල් මා සතුද? ආදිය පිළිබඳ මොහොතකට සිතන්න

මින් පෙර ඉක්මන් වී ගත් යමක් පිළිබඳ ඔබ තවමත් පසුතැවිලි වෙනවාද?

මෙවැනි ගැටලු කීපයකින් හෝ ඔබ පසු වනවා නම් සේල් එකට යාමට හදිසි නොවී කල්පනාකාරීව මිලදී ගැනීමට යොමුවන්න.

සාප්පු යන්න කලින් ආදායම හා වියදම ගැන සැලකිලිමත් වෙන්න

ඔබට ඔබේ ආදායම හා වියදම පිළිබඳ පැහැදිළි අවබෝධයක් තිබිය යුතුමය. එසේ නැතිනම් ඔබ පාලනයෙන් තොරව වියදම් කිරීමට පෙළඹෙනු ඇත.

විශේෂයෙන් සාප්පු සමයේදී එදිනෙදා වියදම් පිළිබඳ සැලකිලිමත් වෙන්න. ඔබට ඒ පිළිබඳ වටහා ගෙන කටයුතු කිරීමේ හැකියාවක් නොමැති නම් බුද්ධිමත් හා විශ්වාසනීය අයෙකුගේ සහාය පතන්න.

ඔබ කවුද කියා පෙන්වන්න බඩු මුට්ටු මිලදි ගන්නවාද?

අප බොහෝදෙනෙක් මෙයට ඉතා කැමතිය. අප එකිනෙකාට වෙන්වූ අනන්‍යතාව මෙන්ම කැපී පෙනීමේ මානව ගුණාංගය ද මෙයට අදාළය.

අලෙවිකරුවන් හා නිර්මාණකරුවන් මෙය ඉතා හොඳින් දන්නා බැවින් ඔබ ප්‍රවේසම් වීම වැදගත්ය. තමන් කවුදැයි ලොවට පෙන්වීමේ හොඳම මඟ තමන් මිලදී ගත් දේ ලොවට ප්‍රදර්ශනය කිරීමයි. මෙය සියුම්ව නිරීක්ෂණය කරන ප්‍රචාරකයක් ලොව ප්‍රචලිත වෙළෙඳ නාම ඔබේ අභිමානයට බද්ධ කරමින් ගනුදෙනු කරන්නට නිතරම ඔබ පොළඹවන බැවින් ඔබේ මුදල් පසුම්බියේ ප්‍රමාණය දැන එම මුළාවෙන් ගැලවීමට උත්සාහවත් වන්න.

අප මිලදී ගන්නා බඩු මුට්ටුවලින් කිසිදා අපගේ ගතිගුණ වෙනස් නොවීම ඊට හේතුවය. නුවණ, යහපත්කම වැනි උසස් ගුණාංග අප මිලදි ගන්නා ප්‍රචලිත වෙළෙඳ නාම සහිත බඩු මුට්ටුවලින් අපට ලබාගත නොහැකි අතර ඒවායින් එම අනර්ඝ ගුණාංග වර්ධනයට ද රුකුලක් නොලැබේ.

පාලනයක් සහිතව මිලදී ගන්න

අනවශ්‍ය ලෙස වියදම් කිරීමට වෙළෙඳ දැන්වීම් යම් පමණකට අපට බලපෑම් කළ ද අපගේ සිතත් එමෙන්ම අපගේ පුරුදුත් මේ සඳහා යම් දුරකට බලපායි.

කරදරයක් නැතිව සතුටින් ඉන්න

නිදහස් දිවියකට අප කවුරුත් කැමතිය. නිරෝගිව, පවුලේ අය සමඟින් සතුටින් සිටීම අපගේ ද පැතුමය. වෙළෙඳ දැන්වීම් නිර්මාණය වනුයේ මේ අදහස් පෙරදැරිවය. නමුත් ඒ සඳහා මෙතරම් බඩු මුට්ටු ප්‍රමාණයක් කුමට ද, සතුට වැඩි කරන්නට බඩු මුට්ටුවලට පිළිවන්ද? නැත. මේ අදහස පෙරදැරිව ඔබ කටයුතු කරන්නට ගියහොත් සිදුවනුයේ ඔබේ පීඩනය වැඩිවීම හා ණයකාරයකු වීමේ බරපතළ අගාධයට වැටීම විය හැකිය. එබැවින් මේ පිළිබඳ ගැඹුරින් සිතීමට බුද්ධිමත් වන්න.

මිතුරාත් ඔබත් දෙදෙනෙකි

හොඳම මිතුරන් වුවත් ඔබ එකිනෙකට වෙන් වූ මනුෂ්‍යයන්ය. මිතුරන්ගේ ජීවන රටා හෝ ඔවුන් කතා බහ කරන දේ ඔබට විශාල බලපෑමක් කරයි. මේ බලපෑම මිතුරා මෙන් හැසිරීමට, ජීවත් වීමට ඔබට විශාල පෙළඹවීමක් ද සිදු කරයි. මේ සඳහා ඔබට සමහරවිට බොහෝ වියදම් දැරීමට ද සිදුවනු ඇත. එබැවින් අති විශාල බඩු මුට්ටු මිල මුදල් සඳහා අනවශ්‍ය අවධානයක් නොදෙන මිතුරන් ඔබට ඇත්නම් ඔබ නිදහස්ය.

ක්‍රෙඩිට් කාඩ් පාවිච්චිය ප්‍රවේසමෙන්

බොහෝ දෙනෙකුට ක්‍රෙඩිට් කාඩ් පත නෙතට රසඳුනකි. හදවතට සිසිලකි. එනමුත් හදවත උණුසුම් කරන්නට ක්‍රෙඩිට් කාඩි පතට හැකි බවත් බොහෝ දෙනෙක් හොඳින්ම දන්නා කරුණකි.

මාස්පතා ක්‍රෙඩිට් කාඩ් පතට ගෙවිය යුතු ණය ගෙවා දැමීම බොහෝදෙනෙකුට සැබවින්ම හිසරදයකි. එනමුත් ඔබ ක්‍රෙඩිට් කාඩ් පතක් භාවිතා කරනවා නම් මෙය නිසිලෙස භාවිත කිරීම වැදගත්ය.

විශේෂයෙන් ගෙවිය යුතු පොළිය හා ගාස්තු සොයා බලා නිසි වේලාවට ඒවා පියවීම බොහෝ හිසරදවලින් ඔබව මුදන පියවරකි.. එබැවින් නිතරම ඔබ භාවිත කරන ක්‍රෙඩිට් පත පිළිබඳ සැලකිලිමත් වන්න. විශාල මුදලක් වැයවන දෑ ක්‍රෙඩිට් පත හරහා මිලදී ගන්නවා වෙනුවට හැකිතාක් අත්පිට මුදලට භාණ්ඩ මිලදී ගැනීම නුවණැති පියවරයි.

අන්තර්ජාලයේ තොරතුරු ඇසුරෙන්