දිය නයි විසද?

දිය නයි විසද?

රත්නපුර පළාතේ ආයුර්ෙවිද මහ රෝහලේ

පාරමිපාරික ආයුර්ෙවිද වෛද්‍ය සර්ප විශේෂ

කේ.ඒ. ධර්මසේන

සර්පයෙකු දුටු පමණින් අපට දැනෙන්නේ බියක්. සමහර විට කොතරම් කලබල වී ද කියතොත් කිසිම දෙයක් කර කියාගන්නට පවා බැරිවෙන තත්ත්වයට පත්වේ. එයට හේතුව ඌ ඒ තරම්ම දරුණු යැයි අප සිත තුළ කිඳා බැසගෙන ඇති නිසයි. කෙසේ වෙතත් සර්පයන්ගේ සැහැසි බව නැතහොත් දරුණු බව නිසා “විෂඝෝර සර්පයා දැක නෑර මෝඩයා” යනුවෙන් ගැමි ව්‍යවහාරයේදී පවතින්නේ සර්පයකු නිකරුණේ මඟ හැරිය යුතු නොවන්නේ උගේ විසකුරු බව නිසා හානි වන බැවිනි. අද වන විට මේ දරුණු සර්පයන් නිසා ජීවිත හානි කොතෙකුත් වී ඇද්ද? විශේෂයෙන් මේ තත්ත්වය ගම්බද ආශි‍්‍රතව මෙන්ම ගොවිතැන් කටයුතවලදී ගැමියාට සුලබව අත්විඳින්නට වේ. ලෝකයේ බොහෝ විසකුරු සර්පයන් ඇත. නමුත් මේ සර්ප කුල වල අවිහිංසක, කිසිදු විෂක් නැති සර්ප කොට්ඨාස ද නැතුවා නොවේ. ඒ අතර දියබරි කුලයට අයත් දිය නයා බොහෝ විට අපට හමුවන්නේ දියපහර වල්වල දී හා ඇල දොල ගංගාවලදීය.

කුඩා සතුන්,කුඩා මාළු හා කෘමි සතුන් ඇතුළුව ආහාරයට ගනී. ඒ අනුව හිස්ගෙඩි, ඇටිකිත්තො මෙලෙස ආහාරයට ගන්නා ගොදුරු අතර වේ. මිනිස් වාසය ඇති තැන්වලට ඇලුම්කරයි. ඒ නිසා ගොවිතැන් කටයුතු කරන කුඹුරුවල ගැවසීමට පි‍්‍රයකරයි. එබැවින් ගොවිතැන් කටයුතු කරන ගැමියා සමඟ නිතර නිතර ගැටෙන සර්පයකු ලෙස දිය නයා හඳුන්වා දිය හැකියි. නිතර නිතර ගොවියාට දියනයා පැගීම නිසා දෂ්ට කිරීමට ද ලක් වේ.

දියනයා

ගොඩබිමේ හා දියේ ජීවත්වන සර්පයන් ඇත. දියේ ජීවත්වන විශේෂයක් ලෙස මේ දිය නයා අපට හමුවන්නේ කුඩා දියකඩිත්ත, කුඹුරේ ලියැදි හරහා බැඳ ඇති කුඩා ඇල මාර්ගය වැනි තැන්හිදීය. ඌ අවිහිංසක සතෙකි. කිසිදු විෂක් නැත. නමුත් සපා කෑ හැකියි. ඒ ඌ තුළ ඇතිවන බිය හෝ ආරක්ෂාව පිණිස එසේ කළත් ඉන් විෂක් සිරුරට ඇතුළු නොවේ. ඇත්තේ සපා කෑ තුවාලය පමණි. ඊට ප්‍රතිකාර කළ යුතුයි. බොහෝ කලාතුරකින් මෙවැනි සපාකෑම් සිදු වුවත් දියනයින්ට හිරිහැර කිරීම හෝ තලා පෙළා දැමීම කිසිවෙක් සිදුකරන්නේ නැත.

විෂ කෝෂ නැත

සර්පයෙකු දෂ්ට කිරීම යනු විෂ දල වැදීමයි. එවිට උගේ දලවල ඇති විෂ සිරුරට ඇතුළු වීම සිදුවේ. නමුත් දිය නයාගේ විෂ දත්වල විෂ කෝෂ නැත.

පැරණි මතය

ලාංකීය ජනතාව තුළ ඇතිව පවතින මතයක් වන්නේ දියනයකු හෝ දියබරියෙකු සපා කෑ අයකුව වෙනත් සර්පයකු සපා නොකන බවයි. ඒ මෙවැනි සර්පයන් නීච කුලයේ සතුන් යැයි විශ්වාසයක් පවතින නිසයි. හදිසියේ පැගීමකට ලක්වුණොත් ඇතිවන බිය හා ආරක්ෂාව පතා තම සතුරාට පහරක් එල්ල කිරීම ඕනෑම සතෙකුගේ සිරිතයි. එය මේ දියබරියා / දියනයාට ද පොදුයි. එවැනි අවස්ථාවක මිස විශේෂයෙන් ඔවුන් මිනිසුන්ව ගොදුරු කරන්නේ නැත. බිය විය යුතු නැත.

ජීවන චක්‍රයට උදව් වීම

දිය නයින්, දියබරි වැනි සතුන් මේ පොළෝතලය ලස්සන කරන්නට උරදෙන කුඩා ජීවින් කොටසක්ය. ගහකොළ සතා සීපාවා පොළෝතලයේ වැජඹෙන තරමට ස්වභාව ධර්මයාගේ පැවැත්ම රැඳෙයි. ඊට රුකුල් දෙන පිරිස් අතර මෙවැනි අහිංසක සර්පයින් පරිසරය තව තවත් ලස්සන කරනවා සේම වාලක්කඩියා යන දරුණු ඝණයේ සර්පයින්ද ඒ අතර දියේ වාසය කරයි. මොවුන් සියලු දෙනාගේම ස්පර්ශය මිහිතලයේ පැවැත්මට එකතුවන සාධක වේ. වාලක්කඩියා වැනි විසකුරු සර්පයින් සිටින ජලයේ දියනයා ඉතාමත් බිය ජනක සර්පයෙකි. කුඩා සතුන්,කුඩා මාළු හා කෘමි සතුන් ඇතුළුව ආහාරයට ගනී. ඒ අනුව හිස්ගෙඩි, ඇටිකිත්තො මෙලෙස ආහාරයට ගන්නා ගොදුරු අතර වේ. මිනිස් වාසය ඇති තැන්වලට ඇලුම්කරයි. ඒ නිසා ගොවිතැන් කටයුතු කරන කුඹුරුවල ගැවසීමට පි‍්‍රයකරයි. එබැවින් ගොවිතැන් කටයුතු කරන ගැමියා සමඟ නිතර නිතර ගැටෙන සර්පයකු ලෙස දිය නයා හඳුන්වා දිය හැකියි. නිතර නිතර ගොවියාට දියනයා පැගීම නිසා දෂ්ට කිරීමට ද ලක් වේ. නමුත් එය ගණනකටවත් නොගන්නා ගොවියා තම රාජකාරිය නිසි සේ දිගටම කරගෙන යයි. මෙම සත්ත්ව වර්ගයේ විෂ දරුණු නොවන බැවින් බිය විය යුතු නැත.

දිය නයකු සපා කෑවිට කළ යුතු දේ

රෝගියා බිය නොගැන්විය යුතුයි. ලේ ගලයි නම් එය නවතාලීමට කළ යුතු ප්‍රථමාධාරයක් කළ යුතුව ඇත. පසුව සුදුසු වෛද්‍යවරයෙකු වෙත රැගෙන යාම කළ යුතුයි.