විශේෂඥ වෛද්‍ය හමුව

විශේෂඥ වෛද්‍ය හමුව

වකුගඩු රෝග ආශි‍්‍රත ගැටලු රැසකට පිළිතුරු

ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ

වකුගඩු ආශි‍්‍රත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය

චින්තන ගලහිටියාව

වේදනා නාශක දීර්ඝකාලීන භාවිතය වකුගඩුවලට අහිතකරද?

විවිධ වර්ගයේ වේදනා නාශක තිබෙන අතර පැරසිටමෝල්, ට්‍රැමඩෝල්, ගැබාපෙන්ටීන් වැනි කාණ්ඩවල ඖෂධවලින් වකුගඩුවලට හානියක් ඇති නොවේ. නමුත් බෘෆන් වැනි වඩා ප්‍රබල වේදනා නාශක වලින් වකුගඩු වලට හානි වීමේ අවදානමක් තිබේ. ඒවා මඟින් ඇති කරන බලපෑම දීර්ඝකාලීනව පමණක් නොව කෙටිකාලීනවත් වකුගඩු අකර්මණ්‍ය වීමට බලපානු ලැබේ. ඒ නිසා පොදුවේ සඳහන් කළ හැකි වන්නේ දීර්ඝකාලීන වේදනා නාශක භාවිතය කිසිසේත්ම අනුමත කළ නොහැකි බවයි.

දියවැඩියා රෝගය නිසා වකුගඩු හානි වෙනවාද?

වකුගඩුවලට හානි වීම ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වර්ග වේ. ඒවා කාලික වකුගඩු අකරණිය සහ කෙටිකාලීන වකුගඩු අකර්මණය වීම ලෙස හැඳින්විය හැකියි. ඒ අතරින් කාලික වකුගඩු අකරණිය යනු යම් හේතුවක් මූලික කරගෙන වකුගඩුවල ක්‍රියාකාරීත්වය ක්‍රමයෙන් අඩපණ වී අවසානයේ මුළුමනින්ම එය අකර්මණ්‍ය වීමයි. මේ සඳහා බලපාන හේතු අතර ප්‍රධානතම රෝග හේතුව බවට හඳුනාගෙන ඇත්තේ දියවැඩියා රෝගී තත්ත්වයයි. මෙසේ දීර්ඝකාලීනව පාලනයෙන් තොරව පවතින දියවැඩියා රෝග තත්ත්වය නිසා වකුගඩුවලට හානි සිදු වේ.

මෙට්ෆොමින් භාවිතය වකුගඩුවලට හානිකරද?

මෙට්ෆොමින් යනු වකුගඩුවලට හානිකර ඖෂධයක් නොවන අතර එය දියවැඩියා සඳහා භාවිතා කරන ඉතාම හොඳ ඖෂධයකි. නමුත් වකුගඩු අක්‍රිය වූ රෝගියෙකුට මෙට්ෆොමින් ලබා දීම ශරීරයට විෂ සහිත වේ. ඉන් අදහස් වන්නේ එවැනි රෝගියෙකුට මෙම ඖෂධ ලබා දුන්නොත් ශරීරයේ ලැක්ටික් ඇසිඩෝසිස් නැමති රෝග තත්ත්වය ඇති වීමට ඉඩ තිබෙන බවයි. එවැනි රෝගයක් මඟින් යම් පුද්ගලයකුගේ ජීවිතය හානි වීමේ ඉහළ සම්භාවිතාවක් තිබේ. ඒ නිසා වකුගඩු අක්‍රිය වූ දියවැඩියා රෝගියකුට මෙට්ෆොමින් ලබාදීම සුදුසු නොවේ.

වකුගඩුවල ක්‍රියාකාරි මට්ටම ට්ජ්අ නැමති පරීක්ෂණයක් මඟින් විමසා බැලෙන අතර එහි අගය 30 ට වඩා අඩු අයට මෙට්ෆොමින් ලබා දීමට සුදුසු නොවේ. නමුත් එහි අගය 30 ට වඩා වැඩි අයට මෙට්ෆොමින් ලබාදීම ගැටලුකාරී නොවේ.

අධික රුධිර පීඩනය පාලනය නොකිරීමෙන් වකුගඩුවලට හානි සිදු වෙනාවාද?

පෙර පැහැදිලි කළ ආකාරයට කාලික වකුගඩු අකරණීය සඳහා බලපාන හේතු අතර පාලනයෙන් තොර දියවැඩියා රෝග තත්ත්වය මූලිකත්වයක් ගන්නා අතර ඒ සඳහා බලපාන දෙවන රෝග හේතුව ලෙස අධික රුධිර පීඩන තත්ත්වය පිළිබඳ හඳුන්වාදිය හැකියි. මෙම අධික රුධිර පීඩා තත්ත්වය යටපත් කර නොගන්නා රෝගීන්ගේ වකුගඩුවල ක්‍රියාකාරීත්වය ක්‍රමයෙන් පහත බසිනු ලැබේ. එසේ වකුගඩුවේ ක්‍රියාකාරීත්වය අඩු වනවිට අධික රුධිර පීඩනය නිසා වකුගඩුවේ ප්‍රමාණය ක්‍රමයෙන් කුඩා වී වකුගඩුව හැකිලීමකට ලක් වේ. මෙය කෙතරම් ප්‍රතිකාර කරත් නැවත යථා තත්ත්වයට පත් කර ගැනීමට නොහැකි වේ.

ජලය ප්‍රමාණවත් පරිදි පානය නොකිරීමත් වකුගඩු රෝග ඇති වීමට හේතුවක්ද?

ශ්‍රී ලංකාව වැනි ඝර්මකලාපීය උෂ්ණත්වය අධික රටවල ශරීරයෙන් වාෂ්ප වන ජලය ප්‍රමාණය ඉතා වැඩි වේ. මේ නිසා ශීත දේශගුණයක් සහිත රටවල සිටින අයට වඩා ජලය වැඩි ප්‍රමාණයක් පානය කිරීමට අවශ්‍ය වේ. මීට අමතරව උෂ්ණ අධික රටවල අව් රශ්මියේ, එළිමහනේ කය වෙහෙසා රැකියා කරන අය සාමාන්‍ය අයටත් වඩා වැඩි ජලය ප්‍රමාණයක් පානය කළ යුතුයි. සාමාන්‍යයෙන් පිරිමි අයෙකු ලීටර් 2 1/2 ක් හෝ ඊට වැඩියෙන් ජලය පානය කිරීම අප වැනි රටවල අයට වඩාත් සුදුසුයි. සාමාන්‍යයෙන් ශරීරයට ප්‍රමාණවත් පරිදි ජලය පානය කරන බව මුත්‍රාවල පැහැය අනුව තීරණය කළ හැකි අතර ඉතා හොඳ ජල සැපයුමක් යටතේ මුත්‍රා හොඳින් පහ කිරිමට හැකි වේ. නමුත් ජලය හොඳින් පානය කළත් එසේ මුත්‍රා පිටවීම අඩු නම් එමඟින් ද ජලය ප්‍රමාණවත් පරිදි ශරීරයට නොලැබී ඇති බවත් අදාල තැනැත්තා පානය කළ ජලය දහඩිය සහ වාෂ්ප මඟින් ඉවත් වී මුත්‍රා නිපදවීමට තරම් ප්‍රමාණවත් පරිදි ජලය ඉතිරි වී නොමැති බව ඉන් අදහස් වේ.

සාමාන්‍යයෙන් මුත්‍රාවල වර්ණ ඉතා පැහැදිලි විය යුතු අතර ඊට වඩා දුර්වර්ණ වීම සුදුසු නොවේ. තද කහ හෝ කහට පැහැයට හුරු ලෙස මුත්‍රා පිට වේ නම් ඉන් ජලය ප්‍රමාණවත් පරිදි පානය කර නොමැති බවත් මුත්‍රා අධික සාන්ද්‍රණයෙන් යුතු බවත් ඉන් අදහස් වේ.

කෘෂි රසායන භාවිතයත් වකුගඩු රෝග ඇති වීමට හේතුවක්ද?

ශරීරයට ඇතුළු වන ඕනෑම විෂ ද්‍රව්‍යයක් ශරීරයෙන් පිටවන්නේ වකුගඩු හෝ අක්මාව හරහායි. බොහෝ කෘෂි රසායනික හා රසායනික පොහොර වර්ගවල අඩංගු බැර ලෝහ (ලෙඩ්, කැඩ්මියම්, ආසනික් වැනි) වකුඩගුවලට අහිතකරයි. ඒ නිසා මෙම ද්‍රව්‍ය පරිහරණය කිරීමේදී ඉතා ප්‍රවේසම් විය යුතු අතර ඒ සඳහා අවශ්‍ය ආරක්ෂිත විධික්‍රම අනුගමනය කළ යුතුයි.

මුත්‍රා සමඟ ප්‍රෝටීන් පිටවීම බරපතළ රෝග තත්ත්වයක්ද?

බරපතළ රෝග තත්ත්වයක් නොවුණත් එය වකුගඩු වලට හානි ඇති වූ බවට ඇති එක්තරා රෝග ලක්ෂණයකි. සාමාන්‍යයෙන් වකුගඩුවලින් ප්‍රෝටීන් පිට වුණත් සාමාන්‍ය මුත්‍රා පරීක්ෂණයකින් දැක ගැනීමට තරම් එය විශාල ප්‍රමාණයක් නොවේ. එසේ යම් ආකාරයකින් මුත්‍රා සමඟ ප්‍රෝටීන් පිටවන බව හඳුනාගත හොත් එය අනිවාර්යෙන්ම වකුගඩු වලට හානි ඇති වූ බවට හඳුනාගත හැකි රෝග ලක්ෂණයක්. නමුත් එසේ ප්‍රෝටීන් පිටවීමට බලපාන හේතුව හඳුනා ගැනීමට තවත් පරීක්ෂණ ගණනාවක් සිදු කළ යුතු අතර එමඟින් අදාළ හේතුව නිශ්චිතව හඳුනාගත හැකියි.

පාදවල ඇතිවන තුවාල වකුගඩු රෝගවලට හේතුවක්ද?

පාද ආශි‍්‍රතව ඇතිවන තුවාල මඟින් විසබීජ ශරීර ගත වූවොත් එමඟින් වකුගඩුවලට හානි ඇති වීමේ යම් ඉඩකඩක් තිබේ. එය කුඩා දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ට ද එකසේ අදාළ වූවක්. මෙසේ වකුගඩුවලට හානි වන්නේ එම තුවාල මඟින් ශරීරයට ඇතුළු වන විසබීජ වලට එරෙහිව ශරීරය මඟින් නිපදවන ප්‍රතිදේහ වකුගඩු ආශි‍්‍රත පටක වලට හානි ඇති කරන බැවිනි. ඒ නිසා මෙම තුවාල වලට ඉක්මනින් ප්‍රතිකාර ගෙන හැකි ඉක්මනින් ඒවා සුව කර ගැනීම ඉතාමත් වැදගත්.

ගී‍්‍රන් ටී, කහට තේ අධික භාවිතය අහිතකරද?

ගී‍්‍රන් ටී, කහට තේ වල ඔක්සලේට් නැමති සංඝටකයක් අඩංගු වන අතර මේවා අධික භාවිතය මඟින් වකුගඩු ආශි‍්‍රත ගල් ඇතිවීමේ අවදානමක් තිබේ. මෙසේ වකුගඩුවල ඇතිවන ගල් නිසා පසුකාලීනව වකුගඩු අකර්මන්‍ය විය හැකියි.

වකුගඩු හානි වූ අයෙකුට කරන ප්‍රතිකාර මොනවාද?

වකුගඩු සම්පූර්ණයෙන්ම හානි වූ අයකුට භාවිත කළ හැකි ප්‍රධාන ප්‍රතිකර්ම තුනක් තිබේ. ඒවා නම් රුධිර කාන්දුකරණය (ඩඥථධඤඪචතරඵරඵ), පරිතාන කාන්දුකරණය(ර්‍ථඥපඪබධදඥචත ඤඪචතරඵඪඵ) සහ වකුගඩු බද්ධ කිරීමයි. මෙහිදී රුධිර කාන්දුකරණය යනු වකුගඩුව මඟින් ඉටු කෙරෙන බහිශ්‍රාවීය ද්‍රව්‍ය යන්ත්‍රයක් මඟින් පෙරා ඉවත් කිරීමයි. මෙය සතියකට 2 වරක් හෝ 3 වරක් දිනකට පැය 4 කදී පමණ සිදු කළ යුතුයි. පරිතාන කාන්දුකරණයේදී උදර කුහර තුළට දිනකට දෙවරක් හෝ තුන්වරක් ඇතුල් කරන තරලයක් මඟින් ශරීරයේ ඇති විෂ සහිත බහිස්ස්‍රාවීය අපද්‍රව්‍ය ඉවත් කිරීම සිදු කෙරේ.

එසේ නොමැති නම් සම්පූර්ණයෙන් වකුගඩු අකර්මණ්‍ය වූ අයෙකුට සිදු කළ හැකි වඩාත් සුදුසුම ප්‍රතිකර්මය වන්නේ වකුගඩු බද්ධ කිරීමයි.

වකුගඩු බද්ධ කිරීම කොතරම්දුරට සාර්ථකද?

තමන්ගේ රුධිර ඝනයට හා පටක වර්ගීකරණයට සුදුසු දායකයෙකුගේ වකුගඩුවක් ලබාගෙන බද්ධ කිරිම හරහා යම් රෝගියෙකුගේ ජිවිත කාලය තුළ වසර 10 ක් 20 ක් දක්වා එම වකුගඩුව භාවිතයට ගත හැකියි.

තනි වකුගඩුවකින් කෙනෙකුට ජීවත් වියහැකිද?

යම් පුද්ගලයෙකුට ජිවිතය පවත්වාගෙන යාමට එක් වකුගඩුවක් පමණක් ප්‍රමාණවත්. ඒ නිසාවෙන් අපට වෙනත් වකුගඩුවක් පරිත්‍යාග කිරීමේ අවස්ථාව උදා වී තිබේ. තවද කුඩා කාලයේ සිට මුහුණ දුන් විවිධ සෞඛ්‍ය ගැටලු (මුත්‍රා ගල් මුත්‍රා ආසාදන) නිසා ඇතැම් අයගේ ඔවුන්ටත් නොදැනීම වකුගඩුවක් හානි වී තිබිය හැකියි. නමුත් එවැනි අවස්ථා අහම්බෙන් සොයා ගන්නා විටත් ඔවුන්ට ජීවිතය පවත්වා ගැනීමට තරම් අනෙක් වකුගඩුවට හැකි වී තිබීමෙන් තනි වකුගඩුවක් අයෙකුට ජීවත් වීමට තරම් ප්‍රමාණවත් බව තහවුරු කරනු ලැබේ.

කකුල් ඉදිමීම වකුගඩු රෝගයේ ලක්ෂණයක්ද?

කකුල් ඉදිමීම වකුගඩු රෝගයේ ලක්ෂණයක් විය හැකියි. නමුත් වෙනත් රෝග වලදීත් කකුල් ඉදිමීම් ඇති විය හැකියි. ඒ සඳහා උදාහරණ ලෙස හෘද අකර්මණ්‍යතා, අක්මාවේ දුර්වලතා ආදිය හඳුන්වා දිය හැකියි. එසේ වුවත් වකුගඩු රෝගය හේතුවෙන් යම් අයෙකුගේ බාහිරව දැක ගැනීමට තරම් පැහැදිලි රෝග ලක්ෂණ මුල්කාලීනව දැකගත නොහැකි අතර ඒවාට 80% ක පමණ හානියක් වූ පසුව එම ලක්ෂණ දැකගත හැකි වේ. එසේ රෝග ලක්ෂණ පහළ වනවිට කකුල් ඉදිමීම, ශරීරය කැසීම, රක්තහීනතාව, නින්ද නොයාම, වමනය, කල්පනාව මද ගතිය ආදී රෝග ලක්ෂණ දැකගත හැකියි.

වකුගඩු අකර්මණ්‍ය වූ අය වැළකිය යුතු ආහාර

වකුගඩුවලට හානි වූ අයගේ රුධිරයේ පොටෑසියම් මට්ටම ඉහළ යනු ලැබේ. එවැනි අයට අධික පොටෑසියම් අඩංගු ආහාර සුදුසු නොවේ. එසේ ආහාරයට නොගත යුතු දෑ අතර කෙසෙල්, පොල් වතුර, කොළ පැහැ පලා, තැඹිලි, කොළ කැඳ විශේෂ වේ. අධි ප්‍රෝටීන අඩංගු ආහාර ද වකුගඩු අකර්මණ්‍ය වූ පුද්ගලයන්ට ලබා දුන්නොත් ඉන් තවදුරටත් වකුගඩුවලට හානි සිදු වේ. ඒ නිසා වකුගඩු හානි වූ අයෙකුට ලබා දිය යුත්තේ ප්‍රෝටීන අවම වූ ආහාර වේලකි.

වකුගඩු අකර්මණ්‍ය වීමට බලපාන වෙනත් රෝග හේතු මොනවාද?

වකුගඩු ආශි‍්‍රත ගල් , වකුගඩු ආශි‍්‍රත ආසාදන, බහුකෝෂ්ඨ වකුගඩු රෝගය ර්‍ථධතරජරඵබඪජ ම්ඪඤදඥර ඤඪඵඥචඵඥ වකුගඩු ප්‍රදාහ තත්ත්ව

ව්ඥනඩපඪබඪඵ කාණ්ඩයේ බොහෝ රෝගවලින් වකුගඩු අකර්මණ්‍ය විය හැකියි. මීට අමතරව ප්‍රතිජීවක ඖෂධ (ඇන්ටිබයොටික්) , වේදනා නාශක අනවශ්‍ය ලෙස භාවිතය නිසා ද වකුගඩු අකර්මණ්‍ය විය හැකියි.

දරුවන්ට ඇතිවන වකුගඩු රෝග

මෙම රෝගී තත්ත්වය නෙෆ්රොටික් සින්ඩ්‍රොම් ව්ඥනඩපධබඪජ ඉරදඤපධථඥ ලෙසින් හැඳින්වේ. මෙහිදී සිදු වන්නේ ශරීරයේ තිබෙන ප්‍රෝටීන් මුත්‍රාත් සමඟ අධික ලෙස පිට වීමයි. මෙහිදී ශරීරය අධික ලෙස ඉදිමීම, මුත්‍රා පිටවීම අඩු වීම ආදී ලක්ෂණ දැකගත හැකි වේ. මේ නිසා ශරීරයේ ප්‍රෝටීන් ප්‍රමාණය අධිකව පහළ යනු ලැබේ. කෙසේ වෙතත් කුඩා කාලයේදී මේ තත්ත්වය ඖෂධ පාලනයට ලක් කිරීමෙන් බහුතරයකට වයස අවුරුදු 14, 16 ක් පමණ වනවිට රෝගය ස්වභාවිකවම පාලනයට ලක් වේ. නමුත් ඉතා සුළු පිරිසකට දීර්ඝකාලීනව ජීවිත කාලය පුරාවටම ඖෂධ භාවිත කිරීමට සිදු විය හැකියි. ඇතැම්විට මෙම රෝග තත්ත්වයට නිසි ඖෂධ භාවිතා නොකළ හොත් වකුගඩු අක්‍රිය වී දරුවාගේ වර්ධනය ඇණහිටීමට හැකියි. එබැවින් මෙවන් රෝග ලක්ෂණ පහළ වූ වහාම අදාළ ප්‍රතිකාර නොකඩවා ලබා දීම මෙන්ම නියමිත පරිදි සායනවලට සහභාගී වීමෙන් වෛද්‍ය උපදෙස් වලට අනුව දීර්ඝකාලීනව ලබා දිය යුතුයි.

ලුණු අධික ලෙස භාවිතයත් වකුගඩු වලට අහිතකරයිද?

වකුගඩුවල නිරෝගී පැවැත්මක් සඳහා නියමිත උපදෙස් මාලාවේ මුල්ම පියවර වන්නේ නිසිලෙස ජලය පානය කිරීමයි. දෙවැනි පියවර අධික ලුණු අඩංගු ආහාර භාවිතයෙන් ඉවත් වී ලුණු අඩු ආහාරවලට යොමුවිය හැකියි. දෛනිකව පුද්ගලයෙකුගේ ලුණු අවශ්‍යතාව 5 ඨ පමණ වේ. ඒ නිසා කරවල, ලුණු දෙහි වැනි ලුණු අධික ආහාරවලින් වැළකී සිටීම වඩාත් යෝග්‍යයි.

සර්ප විෂත් වකුගඩු අක්‍රිය වීමට හේතුවක්ද?

සර්ප විෂ ශරීරයට ඇතුළු වීම කෙටිකාලීනව වකුගඩුවලට බලපෑම් ඇති කරනු ලැබේ. එසේ වුවත් ඇතැම් අයට දීර්ඝකාලීනව ද මෙම සර්ප විෂ ක්‍රමයෙන් වකුගඩු වලට හානි ඇති කළ හැකියි. ලංකාවේ සර්ප දෂ්ඨන අතරින් කුණකටුවන් සපා කෑම ඉතා සුලබව දැකගත හැකි වේ. මෙහිදී සිදුවන්නේ කෙටිකාලීනව වකුගඩුවල ක්‍රියාකාරිත්වය අඩපණ වීමයි. නමුත් මුල් අවස්ථාවේදී නියමිත ප්‍රතිකාර ලබා දීමෙන් තත්ත්වය ප්‍රකෘති මට්ටමට පත් කර ගත හැකියි.

මී උණ නිසාත් වකුගඩුවලට හානි සිදු වෙනවාද?

මී උණ රෝගීන්ගේ රෝගය සුවපත් වීමත් සමඟ වකුගඩු නැවත යථා තත්ත්වයට පත් වූවත් ඉන් සුළු ප්‍රතිශතයකට දීර්ඝකාලීනව වකුගඩු අකර්මණ්‍ය වීමට එය හේතු විය හැකියි.