කෝපි පානයෙන් අක්මාවේ පිළිකා අවදානම අවමකරගත හැකි බව හෙළි වේ

කෝපි පානයෙන් අක්මාවේ පිළිකා අවදානම අවමකරගත හැකි බව හෙළි වේ

හෙපාටෝසෙලියුලර් පිළිකාව (Hepato cellular cancer) සාමාන්‍යයෙන් අක්මාවේ ඇතිවන පිළිකා තත්ත්වයකි. ඔබ උදෑසන පිබිදී මුලින්ම පානය කරනු ලබන කෝපි කෝප්පය නිසා එම හෙපාටෝසෙලියුලර් පිළිකා තත්ත්වය බොහෝදුරට වළක්වා ගත හැකි යැයි කීවොත් ඔබ සමහර විට පුදුමයට පත් වේවි.

එංගලන්තයේ සදම්ප්ටන් (Southampton) විශ්වවිද්‍යාලයේ ආචාර්්‍ය ඔලිවර් කෙනඩි ප්‍රධාන පර්යේෂකයින් පිරිසක් මඟින් පළ කරනු ලැබූ අධ්‍යයන වාර්තාවකට අනුව කෝපි පානය වැඩියෙන් සිදු කරනු ලබන අයට එනම් දිනකට කෝපි කෝප්ප පහක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ගන්නා අයට ඉහත කී පිළිකා තත්ත්වය ඇති වීම සියයට පනහකින් අඩු වේ.

එසේම කෝපිවල පවතින කැෆේන් ඉවත් කළ පසු පානය කිරීමෙන් ද එම පිළිකා ඇතිවීම අඩු වන නමුත් නියම තත්ත්වයේ, කෝපිවලින් සිදුවන අඩුවීමට තරම් බලපෑමක් ඇති නොවන බවද ඔවුන්ගේ අධ්‍යයන වාර්තාවේ සඳහනන් වී ඇත. දැනට හමු වී ඇති දත්තවලට අනුව අක්මාවේ ඇතිවන පිළිකා අතරින් හෙපාටෝසෙලියුලර් පිළිකාව වැඩිපුරම ඇතිවන පිළිකා තත්ත්වය බවත් හෙළි වී ඇත.

එසේම අක්මාවේ ඇතිවන රෝගී තත්ත්වයන්ට භාජනය වූ අයට මෙම පිළිකාවට ගොදුරු වීම සිදුවන බව දැක්වේ. හෙපටයිටිස් බී හෝ සී නිදන්ගත අක්මාව ඉදිමීම හා ඇල්කොහොල් වැඩිපුර පානයෙන් ඇතිවන සිරෝසිස් තත්ත්වය වැනි කරුණු නිසා අක්මාව රෝගී වූ අයට මෙම පිළිකාවට ගොදුරු වීම සිදු වේ.

හෙපාටෝසෙලියුලර් පිළිකාවට ගොදුරු වීම හඟවන රෝගී ලක්ෂණ අතර ආමාශයේ ඉහළ කොටසේ වේදනාවක් ඇති වීම, ආමාශයේ ඉහළ කොටසේ කැටියක් ගෙඩියක් වැනි තත්ත්වය ඇති බව දැනීම, ආමාශය පුරවා දමනු ලැබ ඇති සේ දැනීම. ආහාර අරුචිය බර අඩුවීම, අප්‍රාණික බව හා මහන්සිය ඇති වීම, වමනය කිරීමේ හැඟීම, ඇස් හා චර්මය කහ වර්ණවිම මුත්‍රා තද පැහැයක් ගැනීම හා උණ ආදිය දැකිය හැකිය.

එවැනි ලක්ෂණ මතු වූ විට ඔබගේ වෛද්‍යවරයා රුධිර සාම්පලයක් පරීක්ෂා කොට ඒජ්ර්‍ථ යනුවෙන් හඳුන්වනු ලබන ප්‍රෝටීනය රුධිරයේ දැකිය හැකිද යන්න බලනු ඇත. එම ප්‍රෝටීන අධික ලෙස පවති නම් ඔබ අක්මා පිළිකාවෙන් පෙළෙන බව කිව හැක.

කෙසේ වෙතත් ආචාර්ය කෙනඩි ඇතුළු පර්යේෂකයින් පවසන අන්දමට වැඩිපුර කෝපි පානයෙන් හෙපාටොසෙලියුලර් පිළිකා ඇති වීම බොහෝදුරට වැළකී යනු ඇත.

ඒ සඳහා පවත්වනු ලැබූ පර්යේෂණය සඳහා සහභාගි වු අය දිනකට කෝපි කෝප්ප කෙතරම් ගණනක් පානය කර තිබේද යන්න සලකා බලා අඩු ගණනේ දිනකට කෝපි කෝප්ප දෙකක් පානය කළ අයට සියයට 35 කින් මෙම පිළිකා තත්ත්වය ඇති වීම වැළකී ගොස් තිබූ බව සනාථ කර ගන්නා ලදී. එසේම කෝපි පානය නොකරන අය මෙම පිළිකාව වැළඳීමේ ප්‍රවණතාව වැඩි බව ඔවුනට හෙළි කරගත හැකි විය.

කෝපි පානය සාමාන්‍යයෙන් සෞඛ්‍යයට හිතකර බව බොහෝදෙනා පිළිගන්නා කරුණක් බව පවසන ආචාර්්‍ය කෙනඩි මෙම අධ්‍යයනයෙන් පසු එය පිළිකා වැළැක්වීමට ද බෙහෙවින් බලපානු ලබන බවද හෙළි වී ඇති බවද පවසයි. එසේම කෝපිවල පවතින ඔක්සිකරණය වළක්වන, ඉදිමීම වළක්වන එසේම පිළිකා වළක්වන ද්‍රව්‍යයන් නිසා ද්‍රව්‍යයන් නිසා කෝපි හේතු කොට ගෙන අක්මාවේ පිළිකා ඇති වීම වැළකී යාම සිදු වනු ඇතැයි එම පර්යේෂකයන් ගේ මතයයි.