අසාත්මිකතා නිසා කිවිසුම් යනවා සොටු දියර ගලනවා

අසාත්මිකතා නිසා කිවිසුම් යනවා සොටු දියර ගලනවා

කොළඹ ජාතික රෝහලේ

උගුර කන නාසය පිළිබඳ

විශේෂඥ ශල්‍ය වෛද්‍ය

චන්ද්‍රා ජයසූරිය

අප එදිනෙදා ජීවත්වන පරිසරය තුළ අප නොදැනුවත්වම අපගේ සිරුරට අසාත්මිකතා ඇති කරවන බොහෝ දේ තිබෙන්නට පුළුවන. ඇතැමුන්ට විවිධ වූ ආහාර අසාත්මික වන්නාසේම ඇතැමෙකුට පරිසරය හා බැඳුණු දුමාරය දූවිල්ල, ගෑස් වර්ග, රසායනික ද්‍රව්‍යවලින් නිකුත්වන ගන්ධය යනාදිය අසාත්මික විය හැකියි.

විශේෂයෙන් කෘෂිකර්මාන්තයේ යෙදෙන ගොවින්ට ගොයම් කපා කොළ පාගන කාලයට ද මෙවැනි අසාත්මිකතා ඇතිවිය හැකි වේ.

සුළඟ මඟින් අපගේ ස්වසන පද්ධතියට ඇතිවිය හැකි යම් යම් අසාත්මිකතා හේතුවෙන් අපට නිතරම කිවිසුම් යාමක්, ඇස්, නාසය කැසීමක් නාසයෙන් සොටු දියර ගැලීමක් මෙන්ම නාසයේ අවහිරතාවක් ද ඇතිවීම මෙම අසාත්මිතාවයේ ලක්ෂණයක් ලෙස හඳුන්වාදිය හැකි වේ.

එදිනෙදා ජිවිතයේ අපට අසාත්මිකතා ඇති කරවන සුලබ ප්‍රතිදේහ ජනක ලෙස ගොයම් පෑගීම, පුස් වර්ග, මල්වල පරාග, නිවසේ දූවිලි, මකුළු දැල්, සතුන්ගේ මවිල්, කුරුළු පිහාටු, ඩ්ධභඵඥ ච්භඵබ ථඪබඥ නැමැති ඉතා කුඩා කෘමියා මෙන්ම බොහෝ ආහාරවල ඇති සැලිසිලික් අම්ලය ආදිය දැක්විය හැකියි.

බටහිර රටවල වසන්ත ඍතුවට මල් පිපෙනන විට මල්වල පරාග රෝගීන්ට බොහෝවිට අසාත්මිකතා ඇති කරවන අතර අස්වනු කපන කාලයට ද අසාත්මිකතා බොහෝවිට ඇතිවිය හැකියි.

නමුත් අප රටේ ඍතු විපර්්‍යාසයන් නොමැති බැවින් මෙම අසාත්මික තත්ත්වයන් වසර පුරාම පැවැතිය හැක.

අප රටේ විශේෂයෙන් මකුළු දැල් කඩා නිවසේ පොත්වල පිරිසුදු කරන විටකදී මෙවැනි අසාත්මිකතා ඇති වී නොකඩවා කිවිසුම් යාම සිදු වන්නේ මේ හේතුව නිසාය. එසේම කුකුළන් ඇති කරන ස්ථානවලද මෙවැනි අසාත්මිකතා ඇති වී එම කටයුතුවල නියැලෙන්නනන් රෝගී බවට පත් වේ. තෙතමනය වැඩිපුර රඳා පවතින ස්ථාවල පිහිටා ඇති නිවාසවල ජිවත්වන්නන් හට ද තෙතමනය නිසා බැඳෙන පුස් වර්ග හේතුකොට අසාත්මිකතා ඇතිවිය හැක.

අසාත්මිකතාව ඇතිවන ආකාරය

මෙවැනි තතත්වයන් යටතේ මෙම අසාත්මික වන ද්‍රව්‍ය ස්වසන මාර්ගයට ඇතුල්වීමේදී මෙම ද්‍රව්‍යවලට විරුද්ධව ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ක්‍රියා කිරීම හේතුවෙන් සිරුරේ ඇති කරවන රසායනික ද්‍රව්‍ය නිසා අසාත්මිකතාවය ඇති වේ. මෙයට හේතුව වන්නේ මෙලෙස ආගන්තුකව ශරීරයට ඇතුළු වන විෂට එරෙහිව සිරුරේ සෛලවලින් නිපදවන ප්‍රතිවිෂ නිසාය.

විශේෂයෙන්ම කිව යුත්තේ ඔබට විෂ විය හැකි අසාත්මික දේ කුමක්දැයි ඔබ අත්දැකීමෙන් දන්නා බැවින් එවැනි දේවලින් ඈත් වී සිටීමයි. නමුත් බොහෝවිට එය ප්‍රායෝගික නොවන්නේ ඇතැම් වෘත්තිකයන් හා බැඳුණු රැකියා සඳහා ඔවුන්ට යොමු වීමට සිදුවන බැවින් ඒවා කිසිසේත් මඟහැරිය නොහැකි වීමයි.

විශේෂයෙන් ගොවියෙකුට අස්වනු කපා පෑගීමෙන් මඟහැර සිටිය නොහැක. කාර්මික ශිල්පියකුට තමන් කරන රැකියාවෙන් මිදිය නොහැක. එබැවින් මෙවැනි රෝගීන් මුකවාඩමක් පැළඳ (ථචඵඬ) එම කාර්්‍යයේ නිරත විය යුතු වේ. විශේෂයෙන් ෆාමසිවල ඔසුසල්වල මෙවැනි ථචඵඬ මිලදී ගත හැක. යතුරු පැදි, පා පැදිවල ගමන් කරන්නේ නම් ර්චඵඬ එකක් පැළඳ ගමන් කළ හැකි අතර ජනෙල් දොරවල්, පිරිසුදු කිරීම, මකුළු දැල් කැඩීම ආදියේදී ද මෙවැනි ථචඵඬ එකක් පැළඳ ඒ කටයුත්තේ නිරත විය හැක. පූසන්, බල්ලන් වැනි සුරතල් සතුන් ඇති කිරීමෙන් වැළකිම වැදගත් වේ.

පාපිසි, බුමතුරුණු වෙනුවට රබර් පාපිසි රබර් කාපට් භාවිතය උචිත වේ.

මෙවැනි රෝගීන් වෛද්‍ය උපදෙස් පැතිය යුතු අතර නාසයේ අවහිරතාවය අඩු කිරීමට ලබාදෙන බිංදු වෛද්‍ය අනුමැතියෙන් තොරව භාවිත නොකළ යුතුය. මේවා දීර්ග කාලයක් භාවිත කිරීමට සුදුසු නොවේ. මෙම බිංදු දිගටම දැමීමේදී මුලින් ලැබූ සහනය ක්‍රමයෙන් අඩු වී ගොස් තත්ත්වය තිබුණාටත් වඩා බරපතළ විය හැක. මෙම බිංදු භාවිතය සති 2 කට සීමා කළ යුතු වේ.

නාසය හිරවීම අඩු කරන පෙති වර්ග වෛද්‍ය උපදෙස් මත භාවිත කළ යුතුය.. මෙම ඖෂධ වර්ගවලට නිදිමත ඇතිවීමේ ගැටලුවක් ඇතිවන බැවින් මෙම ඖෂධ ලබා ගැනීමෙන් අනතුරුව රිය පැදවීම නොකළ යුතුය.

නාසයේ සිරවීම අඩු කරන දීර්ඝ කාලීන භාවිතා කළ හැකි ස්ටීරොයිඩ් නාසක ඇති අතර ඒවා ද වෛද්‍ය උපදෙස් මත ලබා ගත යුතු වේ.