පොල් වතුර, දෙළුම්, ඉඟුරු ගුණයෙන් ඉහළයි

පොල් වතුර, දෙළුම්, ඉඟුරු ගුණයෙන් ඉහළයි

තුසිත මලලසේකර

ගුණයි! ගුණයි!

බොහොම ගුණයි !

පොල් වතුරට ඉහළ තැනක්

මෙරට නිවෙස් තුළ හෝටල් සහ ආපනශාලා තුළ පොල්තෙල් හිඳින මෝල් තුළ මෙන්ම මුදලට පොල් ගා දෙන ස්ථානවල මොනතරම් පොල්වතුර ප්‍රමාණයක් අහක යන්නේද? එහෙත් පොල් වතුරේ ගුණදායක බව දැන් වැඩි වැඩියෙන් හෙළිදරව් වෙමින් පවතියි.

පොල්වතුර යනු පොල් ගෙඩිය බිඳීමෙන් පසු එහි මදය ඇතුළත ඇති අවර්ණ පිරිසිදු දියරයයි. එය මේද රහිතය. වෙනත් බොහෝ බීම වර්ගම මෙන් කෘත්‍රිම රසායනිකයන් ගෙන් තොරය. එහෙත් එය විවිධ ක්‍රියා හේතුවෙන් (දහදිය දැමීම, මුත්‍රා කිරීම සහ සිරුර තුළ සිදුවන පරිවෘත්තීය ක්‍රියා) ශරීරයට අහිමි වන ඛනිජ නැවත ශරීරයට ලබා දෙන මා හැඟි පානයක් ලෙස පිළිගැනෙයි.

විශේෂයෙන් අධික ව්‍යායාම ගැනීමෙන් පසු ශරීරයට අහිමි වූ ඛනිජ ද්‍රව්‍ය සැපයීමට ක්‍රීඩා පාන (ස්පෝට්ස් ඩ්‍රින්ක්ස්) වලට වඩා මෙම අගනා පානයන් බව සනාථ වී ඇත. පොල්වතුර තුළ අමුතුවෙන් එකතු කළ සීනි කෘත්‍රිම පැණි රස කාරක හෝ වර්ණක හෝ නොමැත. පොල්වතුර තුළ අඩංගු පොටෑසියම් නම් ඛනිජය රුධිර පීඩනය පහළ දැමීමට සමත් හැකියාවෙන් යුක්ත බව ඇසීම තවත් වාසියකි.

අගුණ නැති ගුණ පිරි පොල්වතුර ඉවත නොදැමීමට මෙම සොයා ගැනීම් ප්‍රමාණවත් නොවන්නේද?

දෙළුම් යුෂේ ගුණ

මිය යමින් සිටින පුද්ගලයකුගේ මුවට වුව අවසාන බලාපොරොත්තු ඇති කරමින් හෙළන දියර වර්ග කිහිපයකි. මවුකිරි බිංදු කිහිපයක්, මිදි හෝ විශේෂයෙන්ම දෙළුම් යුෂ ඒ අතර ප්‍රධානය.

දෙළුම් යුෂවලට මෙම රාජකීයත්වය හිමිව ඇත්තේ එහි අඩංගු ප්‍රති - ඔක්සිකාරක (ඇන්ටි - ඔක්සඩන්ට්) ගුණය නිසාය. මෙම ඇන්ටි - ඔක්සිඩන්ට් වලට සෛල විනාශ කිරීමේ යෙදෙන මුක්ත අංශු (පී‍්‍ර - රැඩිකල්ස්) උද්‍රසීන කළ හැකිය. පිළිකාව, හෘද රෝග සහ තවත් රෝග තත්ත්ව බොහෝ ගණනක් සමඟ සහ සම්බන්ධතාවක් මෙම මුක්ත අංශු සතුය.

මෑතදී සිදු කරන ලද සුළු ප්‍රමාණයේ අධ්‍යයන කිහිපයක් මඟින් ද දෙළුම් යුෂ සතුව පුරස්ථි ග්‍රන්ථි පිළිකා වර්ධනය බාල කරන, මෙන්ම එය නැවත නැවත ඇති කරන හැකියාව බිඳ දමන ගුණයක් මෙන්ම කොලෙස්ටරෝල් මට්ටම පහළ හෙළීමට සහ තන්තු - වාහිනී රෝග (හෘද රෝග) අඩු කිරීමේ ගුණයක් ද පවතින බව හෙළිදරව් කර ඇත.

කෙසේ වෙතත් දෙළුම් යුෂ කෝප්පයක් (අවුන්ස 4 ක්) තුළ කැලරි 70 ක ශක්තියද ග්‍රෑම් 16 ක ස්වාභාවික (පලතුරු, සීනි) සිනි පවතින නිසා බෝතල්වල ඇසුරූ දෙළුම් යුෂ මිලදී ගැනීමේදී සියයට සියයක්ම ස්වභාවික දෙළුම් යුෂ (සීනි අලුතෙන් එක් නොකළ) තෝරා ගැනීම යහපත්ය. හෘදය රෝග ඇතුළු තවත් සමහර රෝගවලට ලබා දෙන “වොර්ෆරින්” ඖෂධය ඇතුළු සමහර ඖෂධ සමඟ දෙළුම් යුෂ අන්තර් ක්‍රියා සිදු කරන බැවින් රෝගයකට බෙහෙත් ගන්නා අය දෙළුම් යුෂ ගැනීම සුදුසු ද යන්න තම වෛද්‍යවරයාගෙන් අසා දැන ගැනීම ප්‍රයෝජනවත්ය.

හරි මහන්සිද? ඇඟ රිදෙනවද? ඉඟුරු කාලා බලන්න

දවසේ කටයුතු කරන අතරතුර අධික වෙහෙසක් මහන්සියක් දැනුනොත් ඉඟුරු ස්වල්පයක් හපා බලන්න.

ඉඟුරු, ඉඟුරු ලෙසම කෑමට නොහැකි නම් ඉඟුරු දෝසි, ඉඟුරු තේ පානය ආදිය මඟින් ද මෙම වාසිය ලද හැකිය. ඉඟුරු යුෂ ලෙස පානය කිරීමට ද බැරිකමක් නැත.

මෙම කතාබහට හේතු වී ඇත්තේ ව්‍යායාමයෙන් පසු ඇතිවන පේශි ඉඳිමුම සියයට 25 කින් පමණ අඩු කිරීමට දිනපතා ඉඟුරු ග්‍රෑම් 2ක් බැගින් ගැනීමෙන් හැකිවන බවට එක් අධ්‍යනයක් හෙළිදරව් කිරීම නිසාය. ඉඟුරු සතු ප්‍රතිප්‍රද්‍රහමය ගුණය වෙහෙසීම කරණකොට පේශි තුළ ඇතිවන මෙම විෂම තත්ත්වය මර්දනය කළ හැකි බව වාර්තා වෙයි.

අයඩීන් ලුණු ගැනීමට අතපසු කරන්න එපා

අපගේ ගෙල ප්‍රදේශයේ පිහිටි තයිරොයිඩ් ග්‍රන්ථියේ නිසි ක්‍රියාකාරීත්වය සඳහා දෛනිකව ඉතා සුළු ප්‍රමාණයක අයඩීන් ලැබීම අවශ්‍ය බව ඔබ දැනටමත් දන්නවා ඇත. මෙසේ අවශ්‍ය අයඩීන් නොලැබීම නිසා උදාවන අයඩීන් ඌනතාවයේ ප්‍රතිඵලය ලෙස මන්ද තයිරොයිඩතාව ඇතිවීම, ගලගණ්ඩය හෙවත් වායුගෙඩි ඇතිවීම සහ සමහර විට වර්ධනය බාලවීම සිදුවීම දැක්විය හැකිය.

කෙසේ වෙතත් අපට දිනකට අවශ්‍ය අයඩීන් සුළු ප්‍රමාණය අයඩීන් මිශි‍්‍රත ලුණු ආහාරයට ගැනීමෙන් නොදැනීම සපයා ගත හැකිය. අයඩීන් මිශි‍්‍රත ලුණු තේ හැඳි කාලක් (1/4) තුළ අයඩීන් මයික්‍රෝ ග්‍රෑම් 99 ක් අඩංගුය. එහෙයින් ඔබ ලුණු මිලදි ගන්නා විට එය සත්‍ය වශ්‍යයෙන්ම අයඩීන් මිශ්‍රිත ලුණුද යන්න සොයා බැලිම වැදගත්ය.