දැරියගේ මොළය තුළ පටි පණුවෙක් වෛද්‍ය විද්‍යාවේ තවත් හාස්කමක්

දැරියගේ මොළය තුළ පටි පණුවෙක් වෛද්‍ය විද්‍යාවේ තවත් හාස්කමක්

නිටාගේ මොළය තුළට ඇතුළු වූ මෙම පටි පණුවා බොහෝ කාලයක් එහි ගත කිරීම නිසා එය සැරව ගෙඩියක් බව පත් වී ඇත.

සොලන්කි වෛද්‍යවරයා ප්‍රමුඛව ශල්‍ය වෛද්‍ය කණ්ඩායම පැය දෙක හමාරක ශල්‍යකර්මයකින් පසුව ග්‍රෑම් 675 බරැති මෙම විශාල සැරව ගෙඩිය කිසිදු අනතුරක් නොමැතිව ඉවත් කළ බව වාර්තා වේ.

මේ අයුරින් Echinococcus grannlons යන තත්ත්වය බොහෝවිට තණකොළ ආදිය ආහාරයට ගන්නා හරකුන්, බැටලුවන්ට ඇතිවන අතර එම තත්ත්වය බල්ලන් බළලුන්ට කරා යන බවද සොලන්කි වෛද්‍යවරයා පවසයි.

ගුජරාටයේ ගොවියෙකු වූ කිෂෝර් පර්භාත් ජෝගිට මුහුණ දීමට තිබූ ප්‍රශ්නවලින් ඔහුට මහත් පීඩාවක් ගෙන දුන්නේ ඔහුගේ එකම දියණිය 12 හැවිරිදි නිටා ජුග්ගිට වරින් වර ඇතිවන දරුණු හිසේ කැක්කුමයි. එය හිටි හැටියේම සිහිය නැතිවීම ද එසේම ඇයගේ සිරුරේ දකුණු පස පණ නැති වී යාම වැනි රෝග ලක්ෂණ නිසා ඔහු වෛද්‍යවරුන් කිහිපදෙනෙකුම හමු වූ නමුත් ඉන් තම දියණියට සුවයක් ඇති නොවූ නිසා සියළු බලාපොරොත්තු අත්හරින තත්ත්වයට හෙතෙම පත්වී සිටියේය.

දොස්තරවරු කිහිප දෙනෙකුම හමු වුණත් ඔවුන්ට මොළයේ පවතින ආබාධය ගැන දැනුමක් තිබුණේ නෑ. එන්න එන්නම තත්ත්වය බරපතල වුණා. යැයි ජෝගි පැවසීය.

අවසානයේදී ගුජරාටයේ ස්ටර්ලිං රෝහලේ මොළය හා සුසුම්නාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය චිරාග් සොලාන්කි හමුවීමට ජෝගි හා බිරිඳ සරලා ක්‍රියා කළහ.

එහිදී පර්යේෂණ ගණනාවකින් පසු එසේම MRI ස්කෑන් පරීක්ෂණයකින් අනතුරුව ඇයගේ මොළය තුළ විශාල ග්‍රෑම් 675ක් බරැති සැරව ගෙඩියක් පවතින බව හෙළි විය. ඇයගේ මොළයෙන් භාගයක් පමණ විශාලත්වයෙන් යුක්ත වූ මෙම සැරව ගෙඩිය Hydatid cyst ලෙස හඳුන්වා තිබූ අතර පසුගිය 10 වසර තුළදී ක්‍රමයෙන් විශාල වූ අතර එය එන්න එන්නම නිටාගේ සාමාන්‍ය ජීවිතයට මහත් පීඩාවක් ගෙන දුන් බව ජෝගි පැවසීය.

“සැරව ගෙඩිය බැරි වෙලාවත් පිපිරුනා නම් නිටා මැරෙන්නත් තිබුනා. ඒ වගේම කොයි මොහොතේ පිපිරේවිද යන අවදානමත් තිබුණා.” යැයි ජෝගි පැවසීය.

සොලන්කි පැවසූ අන්දමට ජෝගි ඇතුළු පවුල ජීවත්ව සිටියේ ඉතාම අපිරිසිදු වටපිටාවකය. එවැනි පරිසරයක නිසා මෙවැනි රෝගාබාධ වලට මුහුණ දීමට සිදුවන බව ඔහු පවසා සිටියේය.

පටිපණුවා (Tape worm) නිසා ඇතිවන පරිපෝෂිත Hydatid cyst  යනු පොරිපෝෂිතයකු නිසා ඇතිවන තත්ත්වයකි. එයට හේතුව සාමාන්‍යයෙන් බඩවැලේ සිටින පටි පණුව යම් තැනක සිටීමයි. මේ අයුරින් Echinococcus grannlons යන තත්ත්වය බොහෝවිට තණකොළ ආදිය ආහාරයට ගන්නා හරකුන්, බැටලුවන්ට ඇතිවන අතර එම තත්ත්වය බල්ලන් බළලුන්ට කරා යන බවද සොලන්කි වෛද්‍යවරයා පවසයි.

නරක් වූ ආහාර අනුභවය මඟින් මෙම පරිපෝෂිතයා මනුෂ්‍යයා තුළට ද ඒමට හැකි බව හෙතෙම පවසයි.

නිටාගේ මොළය තුළට ඇතුළු වූ මෙම පටි පණුවා බොහෝ කාලයක් එහි ගත කිරීම නිසා එය සැරව ගෙඩියක් බව පත් වී ඇත.

සොලන්කි වෛද්‍යවරයා ප්‍රමුඛව ශල්‍ය වෛද්‍ය කණ්ඩායම පැය දෙක හමාරක ශල්‍යකර්මයකින් පසුව ග්‍රෑම් 675 බරැති මෙම විශාල සැරව ගෙඩිය කිසිදු අනතුරක් නොමැතිව ඉවත් කළ බව වාර්තා වේ.

නිටා සති දෙකක් රෝහලේ ගත කළාට පසුව නිවස බලා ගියාය. “අපි හරි දුප්පත් මේ ශල්‍යකර්මයට අධික වියදමක් නිසා මගේ බිරිඳගේ සියළුම ස්වර්ණාභරණ විකුනා දුවව බේරා ගත්තා.” යැයි ජෝගි පැවසීය.

මෙහිදී සොලන්කි වෛද්‍යවරයා උපදෙසක් දෙමින් පැවසුවේ “ සියළුම හුරතල් සතුන්ට පටි පනු රෝගය පවතී ද යන්න පරීක්ෂා කරවා වහාම ඔවුනට බෙහෙත් ලබා දීම කළ යුතුයි. නැතිනම් නිටා මුහුණ දුන් තත්ත්වය ඇතිවන්න පුළුවනි. පටි පණුවා සතුන්ගෙන් මනුෂ්‍යයාට බෝවීම ඉතාම පහසුවෙන් සිදුවන්නක්. සතුන් සමඟ සෙල්ලම් කළ පසු හොඳින් අත් සෝදා ගැනීම කළ යුතුයි.”