අම්මේ තාත්තේ ඔබේ කාර්යබහුලත්වය පසෙකලා දරුවන් වෙනුවෙන් කාලය යොදවන්න

විශේෂඥ මනෝ වෛද්‍ය

අරුණි අබේසිංහ

දරුවන්ගේ ගැටලුවලට විසඳුම් ලබා දීමට තරම් මවුපියන්ට නොහැකි වීම නිසා දරුවන් හා මවුපියන් අතර සබඳතාව දුරස් විය හැකියි. දරුවන් මේ නිසා මෙහෙකරුවන් හෝ දිවා සුරැකුම් මධ්‍යස්ථානවල තමාගේ සිතේ ඇති දහසක් දේ සමඟ තනි වේ.

දරුවන් තමාගේ සිතේ ඇතිවන දේ බොහෝවිට පවසන්නේ තමාගේ මවට මිත්තණියට නැත්නම් පවුලේ වෙනත් අයෙකුටයි. නමුත් ඉතා කාර්යබහුල මවුපියන්ට ගෙදරට පැමිණෙන සුළු විවේකයේදී සිදුවන්නේ දරුවන්ගේ පාසලේ වැඩ කටයුතු විමසා බැලීම පමණි.

දරුවන්ගේ ලෝකය ඉතාමත් පිරිසුදු වූ දෙයක්. මේ ලෝකයේ වෛර, ක්‍රෝධය, බොරු, කේලම්, කැපිලි මේ ආදී වූ කිසිදු කටු අකුලකට ඉඩක් ඇත්තේ නැහැ. නමුත් වැඩිහිටියන්ගේ ලෝකය ඊට හාත් පසින්ම වෙනස් වූ එකකි. මේ වෙනස නිසාම වැඩිහිටියන් තමාගේ ජීවිතය තුළ එක්තරා ආකාරයක ආතතියකින් ජීවත් වේ. කෙසේ වෙතත් එකිනෙකාට වෙනස් මේ ලෝක දෙකක සිටින දෙපිරිස එකට වැඩ කටයුතු කරන විට එකිනෙකා තේරුම් ගැනීමට තරමක් අපහසු අවස්ථා ද ඇතිවිය හැකියි. විශේෂයෙන්ම දරුවන්ගේ ලෝකය දෙමාපියන්ට තේරුම් ගැනීමට හැකියාවක් නොමැති වීම නිසා ඇතිවන ගැටලුකාරී අවස්ථා මේ වනවිට සමාජය තුළ සුලබව දැකගත හැකි වේ. මෙවර මානසික රෝග පිළිබඳ ලිපිය දෙමාපියන් නොඑසේ නම් වැඩිහිටියන් හා දරුවන්ගේ ලෝක අතර අවබෝධයක් නොමැති වීම නිසා ඇතිවන ගැටලුකාරී අවස්ථාවන් පිළිබඳවයි.

මවුපිය දූ දරුවන් අතර ඇතිවන ගැටලුකාරි තත්ත්ව පිළිබඳ විමසා බැලීමේදී විවිධාකාර පැතිකඩ පිළිබඳ කථාබහට ලක් කළ හැකියි. දරුවන්ගේ පැත්තෙන් විමසා බලන කළ අධ්‍යාපනය නිසා ඔවුන් දැඩි පීඩාවකට, ආතතියකට ලක් වී තිබේ. ඒ වගේම වර්තමාන අධ්‍යාපන ක්‍රමය ජීවන රටාව තුළ පවා දරුවන් හුරු වී තිබෙන්නේ තරඟකාරී රටාවක් තුළටයි. මේ නිසා ඔවුන් නිරන්තරව හුරුවන්නේ තමාගේ යහපත සඳහා පමණක්ම කටයුතු කිරිමේ ආත්මාර්ථකාමී හැඟීම් වලට පමණක් කොටු වීමයි. මේ කොටු වීම අධ්‍යාපනයට, ක්‍රීඩාවට, සෞන්දර්යාත්මක කුසලතාවලට පවා අදාළ කරුණක් බවට පත් වී තිබේ. මේ නිසා ඔවුන් යම් යම් මානසික ගැටලුවලට මුහුණ දෙනු ලැබේ.

නමුත් වර්තමානයේදී ඔවුන් පාසැල තුළ මුහුණ දෙන මෙම ගැටලු සහගත බවට විසඳුම් සපයා දීමට සිටින්නේ මවුපියන් පමණයි. එසේ වුවත් ඔවුන්ගේ කාර්ය බහුලත්වය නිසා දරුවන්ගේ ගැටලුවලට විසඳුම් ලබා දීමට තරම් මවුපියන්ට නොහැකි වීම නිසා දරුවන් හා මවුපියයන් අතර සබඳතාව දුරස් විය හැකියි. දරුවන් මේ නිසා මෙහෙකරුවන් හෝ දිවා සුරැකුම් මධ්‍යස්ථානවල තමාගේ සිතේ ඇති දහසක් දේ සමඟ තනි වේ.

දරුවන් තමාගේ සිතේ ඇතිවන දේ බොහෝවිට පවසන්නේ තමාගේ මවට මිත්තණියට නැත්නම් පවුලේ වෙනත් අයෙකුටයි. නමුත් ඉතා කාර්යබහුල මවුපියයන්ට ගෙදරට පැමිණෙන සුළු විවේකයේදී සිදුවන්නේ දරුවන්ගේ පාසැලේ වැඩ කටයුතු විමසා බැලීම පමණයි. මේ හේතුව නිසා දරුවාට තම මව සමඟ පැවසීමට ඇති බොහෝ බාහිර කරුණු මඟහැරී යනු ලැබේ. මේ හේතුව නිසාවෙන් අවම වශයෙන් කෑම කන විවේකයේදී හෝ පවුලේ සියලු දෙනා එකට එක්ව කථාබහ කරමින් ආහාර ගැනීම වැදගත්. එවැනි විටෙක එක එක්කෙනා තමාට දෛනිකව මුහුණ දීමට සිදු වූ ගැටලු පිළිබඳ කථාබහ කරනු ලබන විට දරුවා පවා නිරායාසයෙන් තමාට මුහුණ දීමට සිදු වූ ගැටලු පිළිබඳව අන් අය ඉදිරියේ පැවසීමට නොපැකිළෙයි.

ඒ වගේම මෙහිදී මවුපියන් හොඳ මානසික සෞඛ්‍යයකින් ගත කිරීම ද ඉතා වැදගත් වේ. නමුත් අවාසනාවට මවුපියන්ට පවා මානසික නිදහසක් නොමැති විය හැකියි. ඒ වගේම එසේ තම ගැටලු පිළිබඳ කථාබහ කිරීමට අවස්ථාවක් ලැබෙනවා නම් ඒ හැම විටෙකම දරුවාට නිවැරදි දේ කුමක්ද යන්න පිළිබඳව හා එහිදී තමා හැසිරිය යුතු ආකාරය පිළිබඳ මවුපියන්ට තම දරුවා දැනුවත් කරන්නට හැකි නම් එය ඔවුන් ලබන විශාල ජයග්‍රහණයකි.

ඒ වගේම අන් අයට උපකාර කිරීම, පරාර්ථකාමී වීම, නිරහංකාර බව, වැඩිහිටියන්ට ගරු කිරීම, අරපිරිමැස්ම ආදී ගුණාංග වර්ධනය කරගන්නා ගමන්ම තමාගේ ඉලක්ක ජයගත යුතු ආකාරය ඔවුන්ට වටහා දීමට උත්සාහ කළ යුතුයි. නමුත් වර්තමානය වනවිට හැදියාව නැමැති උතුම් සංකල්පය, පරාර්තකාමී බව ආදී ගුණාංග ක්‍රමයෙන් මෙම තරඟකාරී ජීවන රටාවත් සමඟ ගිලිහෙමින් පවතිනවා.

ලෝකය 100%ක් සාධාරණ වන්නේ නැහැ. එහි ස්වාභාවය වන්නේ එයයි. නමුත් දරුවන්ට ඒ බව වටහා ගැනීමට හැකියාවක් ඇත්තේ නැහැ. මේ නිසා එදිනෙදා ජීවිතයේදී දරුවන් මුහුණ දෙන අභියෝග හමුවේ ඔවුන් මානසික කඩා වැටීම්වලට ලක්විය හැකියි. නමුත් මවුපියන් වශයෙන් දරුවන්ව ඒ පිළිබඳව දැනුවත් කර ආසාධාරණ ලෝකයක් තුළ ඒ දේවල් දරාගෙන ජිවත් වන්නේ කෙසේද එය ඉදිරියට සාර්ථකව මෙහෙය වන්නේ කෙසේ දැයි දරුවාව දැනුමින්, සන්නද්ධ කිරීම අප සතු වගකීමකි.